728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-04

    ලග්නය වෘශ්චික නම් වැඩට දක්ෂ වුවත් අවසාන මෙහොත වනතුරු කල් මරයි


    මනාව වැඩුණු ගෝනු­ස්සකු අව­යව විහි­දු­වා­ගෙන සිටින ආකා­ර­යක් දක්වන තාරකා පන්ති­යකි.රාශි මණ්ඩ­ලයේ අට­වැන්නේ ස්ථාපි­තය.එනම් අට­වැනි රාශි­යයි.
    අංශක 210 සිට 240 දක්වා ප්‍රදේ­ශ­යක ව්‍යාප්තව පවතී.

    දහ­වල් කාලයේ බල­වත්ය.සෞම්‍ය, මූඨ­ගති ඇති, තිර රාශි­යකි. ආපෝ ගුණය,කාල වර්ණය ඇති නිශ්ශබ්ද ස්ත්‍රී රාශි­යකි. කුජ හෙවත් අඟ­හරු අධි­ප­තියා වෙයි. නමුත් මූල ත්‍රිකෝණ බලය (කුජගේ වැඩි බලය ඇත්තේ) මේෂ­ය­ටය.

    කුජ වෘශ්චි­කයේ අධි­ප­තියා වුවද සතුරුස්ථා­නය අධි­පති වන හෙයින් ශුභ ග්‍රහ­යෙකු ලෙස සල­කනු නොලැබේ.නමුත් ලග්නා­ධි­පති බැවින් වැඩි අශු­භ­යක් නොදේ.
    සඳු වෘශ්චි­ක­යට පැමිණි කල බල රහිත වන්නේය.නීච ක්ෂේත්‍ර වන බැවින් සියලු සුබ­පල අහෝසි වී අක­ර්මණ්‍ය භාව­යට පත්වේ.

    වෘශ්චි­කයේ භාග්‍ය­ස්ථා­නා­ධි­ප­තියා සඳුය.පුර චන්ද්‍රයා වී නව වැන්නේ සඳු සිටියේ නම් ඒකාන්ත වශ­යෙන් ශුභ ග්‍රහ­යෙක් වන්නේය.
    වෘශ්චික රාශියේ දී කිසිදු ග්‍රහ­යෙක් උච්ච ස්වභා­ව­යට පත්නොවේ.වෘශ්චික අධි­පති කුජ ග්‍රහයා තුන්වැ­න්නට පැමි­ණියේ නම් උච්ච­ක්ෂේ­ත්‍රව හෙවත් රජ බවට පත්ව­න්නේය.මේ ලග්න­යෙන් උප­න්න­වුන්ට බුධ,සිකුරු,කුජ පාපියෝ වන්නේය.

    ගුරු,සඳු දෙදෙනා ශුභයෝ වෙති.නවය හා දහය අධි­පති රවි,සඳු නියම රාජ යෝගය ගෙන දේ.ඔවුන් සියලු සුබ පල ගෙන දේ.අට එකො­ළහ අධි­පති බැවින් බුධ ද මාර­කයා වෙයි. වෘශ්චි­කයේ අෂ්ඨ­මා­ධි­පති බුධය.බුධ මහ දශා කාල­ව­ලදී හා වෙනත් පාපී ග්‍රහ­යෙ­කුගේ මහ දශා­වක බුධ අන්තර් දශාව ලැබුවේ නම් පරි­ස්සම් විය යුතුය.වෘශ්චික හිමියා‍ගේ ජන්ම පත්‍රයේ බුධ පස් වැන්නේ සිට බුධ මහ දශාව ලැබූ විට පිරි­සිදු පිළි­යම් නොයෙ­දෙ­ව්වොත් ඔත්ප­ල­වන රෝග සෑදේ.හත දොලහ අධි­පති බැවින් සිකුරු ශුභ­පල නොදේ.ගුරුට දෙක අධි­ප­ති­කම ලැබු­ණොත් පහ අධි­ප­තිද  සිකුරු බැවින් මාරක නොවේ.ශුභ පල ඇත.
    හත­ර­වන නවාං­ශ­කයේ (අංශක 13 දශම20 හා 16 දශම 40 අතර)උත්ප­ත්තිය ලැබු­වොත් බල­ගතු අයෙකි.වර්ගෝ­ත්තම වෙයි.

    කුජ දෝෂ­යෙන් උපන්නේ නම් විවා­හ­යට තදින් බල­පායි.මේ රාශියේ උපන් අය යහ­පත් සේ වැඩුණු ශක්ති­මත් ඥාන­වන්ත ධෛර්ය­වන්ත කඩි­සර සහජ හැකියා ඇති දක්ෂ­යෝය.දුක සැප එකසේ බාර  ගනී.ගුප්ත කට­යුතු වලට ඇලුම් කරයි.තියුණු නුවන ඇති සියලු කට­යුතු ඉෂ්ට කර ගැනී­මට උත්සහ කරන චරි­ත­යකි. යුක්තිය හඳු­නා­ග­ත්තොත් පම­ණක් යමක් පිළි­ගනී.හිත­වත් වුවොත් පම­ණක් ගරු­ක­රයි.

    'මම වෙලා­වට කර­න්නම් ' කියා කල් දම­මින් පසුවේ. තවත් යමෙ­කුට කරන්න පුළු­වන් නම් තමාට එය බැරි ඇයි යන අද­හස නිසා හැම­වි­ටම ඕනෑම කට­යු­ත්ත­කට අත ගසයි. කෙසේ හෝ එය කරයි.විශ්වා­සය අතින් ඉහළ යයි. කරන දේ හරි­ය­ටම කරයි. රහස් රකී. යමක් දුටු පම­ණින් ග්‍රහ­ණය කර­ගනී.එය කිරී­ම­ටද දක්ෂ වේ. කොයි දේත් හරි­ය­ටම කරන්න බලයි. කෙසේ නමුත් එළි­පි­ටම වැඩ­ක­රන මුහු­ණට දමා ගසන ගති ඇත්තෙකි.ගුණ දහ­මට කැමති ඉක්ම­නින් අව­බෝ­ධ­කර කර ගන්නා ඊට ආශා ඇත්තන්ය.
    ගුප්ත ශාස්ත්‍ර­යට ඇලුම් කරයි.මර­ණය ඉන්පසු වනදේ,භූත ලෝක වැනිදේ සෙවී­මට ප්‍රියය.
    සිරිත් විරිත් වලට ඇළුම් කරයි.සහජ දක්ෂතා නිසා කැපී පෙනේ. ආත්ම විශ්වා­සය ඇත.දෙපා බිම නො අ­තුල්ලා ඇවි­දියි.

    මාය­මක් නැතිව තම අද­හස් අන්‍ය­යන්ට කීම දුර්ව­ල­තා­ව­යකි.තම අද­හස් වලට පට­හැනි වූ විට වහා කිපේ.තරහ ගිය­විට කිසි­වෙක් ගැන නොසි­තයි.වැඩ­කල් දමා නික­රුණේ කල් මරා අව­සාන මොහොතේ එය කෙසේ හෝ සිදු­කි­රීම,තර­මක කුඩු­කේඩු ගති මේ අයගේ දුර්ව­ල­තාය.

    මුත්‍රා­ශය, ගර්භා­ශය,ආශ්‍රිත රෝග ,ඉක්ම­නින් සෑදෙන දරුණු ,බල­වත් වේදනා ඇති රෝග නිතර සෑදේ.
    ජන්ම පත්‍රයේ ග්‍රහ පිහි­ටීම් ,ගොච­රය,ග්‍රහ යෝග,ලබන්නා වූ දශා හා ඒවායේ කාලය ආදී කරුණු අනුව මේ ප්‍රති­පල වෙන­ස් වන බව සිතට ගන්න.

    ප්‍රවීණ ජ්‍යොති­ෂ­වේදී කලා භූෂණ ජ්‍යොතිෂ විද්‍යාරත්න 
    රාජ්‍ය සම්මානලාභී මීපේ ගණි­තගේ චන්ද්‍ර භාරතී

    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ලග්නය වෘශ්චික නම් වැඩට දක්ෂ වුවත් අවසාන මෙහොත වනතුරු කල් මරයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top