728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-25

    ඔබ උපන්නේ හත නැකතින් නම් විවාහයේදී පරෙස්සම් විය යුතුය

    නැකැත් 27න් 13 වන නැකැත වශයෙන් හඳුන්වන්නේ හත නැකැත යි. මේ නැකැත සඳු ග්‍රහයාට අයත්ය.හත නැකැත සිල්වත් යයි කීවොත් වරදක් නැත.මේ නැකැතින් උපදින දරුවා ඉතා ගුණ ගරුකකමින් අගතැන්පත්
    වේ. මනසට යහමඟ පෙන්වන ආදර්ශ ගති ගුණ හත නැකැත ඇති කරයි.'හත' නැකත ඇතිව උත්පත්තිය ලබන අය නීතිගරුකව, හොඳ නරක අවබෝධ කරගෙන ආගමික කටයුතු වලට මුල්තැන දෙයි. කිසිවිටෙක ආගම විවේචනය කරන්නෝ නොවෙති. තම ආගම,භක්තිමත්ව ගරු කරන අතර,පුරාජේරුවට පන්සල්,පල්ලි යන්නෝ නොවෙති.

    ආගම අදහන නමුත් නිවන සත්‍ය සොයා නොයති.
    හත නැකැතෙන් උපන් අය නිතර තම රූසපුව පිළිබද සිතයි. පිරිසිදු චේතනා ඇතිවන්නා සේම මානසික තත්ත්වය ද හොඳින් රැක ගැනීමට සිතයි .‍
    සඳු ග්‍රහයාට අයිතිවන 'හත' නැකැතින් උපදින අයගේ උපතේ දී පිහිටන ග්‍රහ චාරය ඉතා වැදගත් වේ.
    පුර පස කටක රාශියේ සඳු පිහිටා හත නැකැතින් උපත ලබන අය ඉතා පැහැපත් ශරීරයකින් යුතුය.තරමක් මිටිය.

    ගණිතයේ දක්ෂයෝ වෙති. වෙළ හෙළඳාමට උනන්දුය.උගත්කමට වඩා මුඛරි කට මැත දොඩවන සමාජයේ කැපී පෙනෙන ස්වභාවයක් ගනී.
    සඳු ග්‍රහයා දෙවැන්නේ ගුරු සමඟ යෝගවීමෙන් දක්ෂයෝ වෙති.අගහිඟකම් නැතිව මුදල් පාලන කටයුතු නිසි ලෙස ගොනුකර ගනී.අන් අයගේ දොස් දැක්කත් කීමට බිය වේ.මේ යෝගයෙන් ඉපිද පුර පක්ෂයේ චන්ද්‍රයා වී නම් ලේඛන කලාවට දක්ෂය.

    හත නැකැතින් ඉපදුණ අයට ගණ වශයෙන් දේව ගණ වන අතර මීදෙන යෝනි,බාහු රජ්ජු,දිඹුල් වෘක්ෂ,කාක පක්ෂි, තේජෝ භූත,අංගිර ගෝත්‍ර,ස්ත්‍රී ලිංග,බ්‍රාහ්මණ වර්ණ වශයෙන් හඳුන්වයි.මෙය විශේෂ වන්නේ විවාහ ජීවිතයට ඇතුල් වන්නන්ගේ පොරොන්දම් ගැලපීම සම්බන්ධවයි. මෙසේ උපතලබන්නන්ගේ විවාහ ජීවිතය සැපවත් ද? නැතිනම් විවාහයක් සිදුවේද?

    හත නැකැතට අයත් සඳු ග්‍රහයා සිතිවිලි අතර අතරමං කරයි. කෙනෙක් බොහොම ඉක්මනින් විවාහය කරගනීනම් ජීවිතයේ මැද භාගයේ ඉතා දුකට පත්වේ. සඳු ග්‍රහයා 8 වැන්නේ සිටීමේ දී විවාහ වන තැනැත්තා‍ගේ /තැනැත්තියගේ රහස් ඇතිව විවාහ ජීවිතය ගත කරයි.හත නැකැතින් උපත ලබන ඕනෑම කෙනෙක් වයස අවුරුදු 35 ට පෙර රාහු මහ දශාව ලබයි.ඒ කාලයේ විවාහවන අය අවුරුදු 35 න් පසු කලකිරේ.හොඳ මානසිකත්වයක් පෙන්වුවද විවාහ දිවිය අසතු‍ටුදායක වෙයි.
    මේ නිසා හත නැකැතේ අය විවාහයේ දී වඩාත් කල්පනාකාරී වන්න.
    සඳු ග්‍රහයා 10වැන්නේ හො 9 වැන්නේ පිහිටා ,ගුරු-සඳු සමඟ එක්ව සිටීමෙන් විවාහ යුවළ සතුටෙන් සිටී.ආගම දහමට ලැදි වෙයි.

    මේ නැකැතේ ඉපිද සඳු ග්‍රහයා වෘෂභ රාශියේ සිටින විට කුම්භ ලග්න හිමියන්ට ජලයේ ,ජලය ආශ්‍රිත කරන රැකියා වල උසස් තත්ත්වයක් ඇත්වේ. මෙය ධන යෝගයකි.
    සඳු මහ දශා කාලයේ සිත නැකැතින් හෝ දෙනට නැකැතින් මැණික් ගැරීම ආරම්භ කළොත් රතු වර්ණ මැණික් ,පොළව ආශ්‍රිත ‍වස්තු ලැබෙයි.
    හත නැකැත හිමි නම් ධීවර කර්මාන්තයෙන් බලාපොරොත්තු නොවන දියුණුවක් ලබයි.නොසිතූ ධන මාර්ග ඇති කරයි.නමුත් තද බල ඒරාෂ්ඨක (ශනි,කුජ,දශා) ඇති විට ජලයේ වැටී මිය යාමේ අවධානමක් පවතී.
    හත නැකැතට විවාහයේ දී සියාවස,අද නැකැත් විපත් ගණයට වැටේ.මුල,අස්ලිස,මා නැකැත් වධ නැකැත් වෙයි.

    විපත්,වධ නැකැත් ගැනෙන ලග්න විවාහයට ශුභ නැත.විවාහ ජීවිතයේ සමඟිය අඩුකරයි.මේ නැකැතට මීදෙන යෝනි,දිඹුල් වෘක්ෂ,කාක පක්ෂි,තේජෝ භූත,අංගිර ගෝත්‍ර,බ්‍රාහ්මණ වර්ණ ,ස්ත්‍රී ලිංග පූර්ව නාඩි,සහ බාහු රජ්ජු වශයෙන් පොරොන්දම් බැලීමේදී ගණනය කරයි.
    හත නැකැතට වසර 10 කි.මෙය හතරෙන් බෙදා 1,2 3,4 පාද වශයෙන් වෙන්කර ප්‍රථම පාදයට වසර හත හමාර සිට 10 දක්වා ද දෙවන පාදයට වසර 5 සිට හත හමාර දක්වාද, තෙවන පාදයට වසර දෙක හමාර සිට පහ දක්වාද සිවු වන පාදයට වසර දෙකහමාරද පවතී.

    හත නැකැත අයිති වන ඕනෑම කෙනෙකුට ඊළඟට කුජ මහ දශාව ලබයි.
    සඳුගේ මහ දශාවෙන් උපත ලබන අයට වතුරෙන් අගුණය.බොහෝ විට සඳු ග්‍රහයා 8 වැන්නේ සිටීම විශේෂයෙන් ජලයේ ගිලීම වැනි දෑ සිදුවිය හැක.සඳු ග්‍රහයා (තුලා ලග්න හිමිවකුට ) 2 වැන්නේ සිටීමෙන් කුජ ග්‍රහයා සමඟ යෝග වුවොත් ඇස්වල දුර්වලතා ඇති කරයි.
    සඳු වෘශ්චික රාශියේ නීචව ගමන් ගන්නා විට බලාපොරොත්තු නොවන ආකාරයට වියදම් කරයි.ධනය රැස්කර ගැනීම පහසු වුවත් ඉතිරියක් ඇති නොවේ.

    'හත' නැකැතින් උපත ලබන දරුවන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ නායකයින් බවට පත්වේ.හත නැකැතේ සිවු වන පාදයෙන් උපත ලබන දරුවන් කුජ ග්‍රහයාගේ බලවත් වීම මත කුඩා කලම විදේශ ගමන් වලට වාසනාව ලබයි.
    පිටස්තර අයගේ සිත් කලකිරවයි.අන් අයගේ ආදරය තදින් බලාපොරොත්තු වීම දැකිය හැක. හත නැකැතේ ප්‍රථම පාදයෙන් උපදින අයට වයස අවුරුදු 17ට ප්‍රථම අඟහරු මහ දශාව අවසන් වේ.මේ අය තදබල මුරණ්ඩු හිතුවක්කාර ගති ඇත්තන්ය.‍කුඩා කල හොඳින් සිට වයස අවුරුදු අටෙන් පසු මුරණ්ඩුකම් පෙන්වයි.කැපී පෙනෙන්නට අවශ්‍ය වූවිට වඩාත් මුරණ්ඩු වෙයි.

    මේ නැකැත් හිමියන් ක්‍රියා ශීලීය‍.කේන්ති නොයයි.නමුත් වෛර පිරිමසයි.සමාජයේ දී රැවටෙන සුලුය.ළදැරියන් බලාපොරොත්තු නොවන අයට රැවටිය හැක.(හත නැකැතේ ප්‍රථම පාදයෙන් උපන් අය විශේෂයි)කුඩා වියේ දී සමාජයට බියක් දක්වයි.වයස 18න් පසු මනසින් වැටෙන ගතිද පෙන්වයි.මෙය දරු දැරි දෙපිරිසටම බලපාන්නකි.

    වයස අවුරුදු 35 න් පසු බොහොම නිදහස් ජීවිත ගතකරති.සුලුවෙන් හෝ සියලු සැප විඳිති. 'මුතු' ආභරණ පැළඳීමෙන් අපල දුරුවෙයි.හත නැකැතට රෝස පැහැ මුතු වඩාත් සුබයි.හක් ගෙඩි සුදු තිර සුදුනෙළුම් පැන් පූජා කිරීමෙන් අපල දුරුවෙයි.මේ පූජා තබා වාසනාව ලඟකර ගැනීමට හත නැකැත් හිමියන් ට හැකිවනු ඇත.


    ජ්‍යොතිෂවේදිනී සොමී උඩ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඔබ උපන්නේ හත නැකතින් නම් විවාහයේදී පරෙස්සම් විය යුතුය Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top