ඉරිතලා පුපුරා ගිය බිත්ති අවාසනාව කැඳවයි
අත්තිවාරම හොඳ වුවත් බිත්ති හරියට නැත්නම් ඒ ගෙය මළ ගෙයකට සමානය
වහලක් නැති කළ ගෙයක් කොයින්දෝ..... සී. ටී. ප්‍රනාන්දුගේ මේ අනගි ගීතයේ මතු පිටින් පෙනෙන අරුත වඩා ගැඹුරු අදහසක් ඇත. වහලය තනන්නේ බිත්ති මතය. මේ කතාව මුදුන් බිත්ති තුන ගැනය. බලන්න ඔබ කවදාවත් නෙසිතූ තරමේ ඉරණමක් මුදුන් බිත්තියේ සැඟවී පවතින හැටි.
අශුභ කිරණ පිටකර ශුභ කිරණ අද්දවා ගන්න - මැටියෙන් පදම් කර පුළුස්සාගත් ගඩොලින් බිත්ති බඳින්න
නිවෙසේ අත්තිවාරම් බැඳ අවසන් වීමෙන් පසු සිදුකරනු ලබන ඊලඟ කාර්යය වන්නේ බිත්ති බැඳීමයි. වහලයේ සම්පූර්ණ බර පොළව මතට ගෙන ඒමේ ප්‍රධාන මාධ්‍ය බිත්තියයි.
පොදුවේ ගත් කල නිවෙසේ බිත්ති පීතෘ හා මාතෘ ලෙස කොටස් දෙකකි.
පීතෘ බිත්ති (1 රූපය)
නිවෙසේ මුදුන් බිත්ති පීතෘ බිත්ති ලෙසත් අනෙක් බිත්ති මාතෘ බිත්ති ලෙසත්
සැලකේ.මෙයින් නිවෙසේ පියා සහ මව නියෝජනය කරයි.
ගෘහ මූලිකයා වන පියා පවුලේ සියලු බර රඳවා ගන්නා සේ වහලයේ බරද මුදුන් බිත්තිය මත පැටවේ.
නිවෙසක පීතෘ බිත්ති හෙවත් මුදුන් බිත්ති 2 ක් තිබිය යුතුය.මෙසේ වීමෙන් එම නිවෙසේ සතුට සමාදානය ඇති වෙනවා පමණක් නොව පවුලේ ප්‍රධානියා හෙවත් පියා සමාජයේ ප්රියදායක,නිරෝගි පුද්ගලයකු වේ.
සමහර නිවෙස්වල මුදුන් බිත්ති 3ක් දක්නට ඇත.මෙය තද බල අශුභයකි.විශේෂයෙන් පියාට ,නිවෙසේ ප්‍රධානියා ට මෙය තදින් බලපායි.
මුදුන් බිත්ති තුන නිවසකට අශුභ වන ආකාරය
ගෙදර සාමය සමාදානය නැති වී යයි.අඹු සැමි එක් අයෙක් අනියම් සම්බන්ධතාවයකට පැටලේ.නිවෙසේ ප්‍රධානියාගේ සමාජ තත්ත්වය පහත වැටේ.ඔහුගේ ගෞරවය කෙලෙසී යනු ඇත.මාරක විපත්,හදිසි අනතුරු මෙන්ම ලෙඩ රෝග නිතර ඇතිවේ.මෙය නිවෙසකට බරපතල දෝෂයකි.
පිළියම්
යම් නිවෙසක මේ ආකාරයේ මුදුන් බිත්ති තුනක් පිහිටා ඇත්නම් දෙපැත්තේ ඇති මුදුන් බිත්ති දෙක මත මුදුන් යට ලීය රැඳෙන ආකාරයට මැද ඇති මුදුන් බිත්තිය කඩා දැමීම යෝග්‍ය වෙයි.මෙසේ කඩා දැමීමෙන් වහලයේ ඇති බර මුදුන් බිත්තිවලට ඔරොත්තු නොදෙන්නේ නම් කුරුපා තබා හෝ කුළුනක් බැඳ වහලය සමබර කරන්න.මෙහිදී හොඳින් මතක තබා ගතයුතු කරුණක් වන්නේ මුදුන් යටලීයට එක් කුරුපාවක් නුසුදුසු බවය.කුරුපා දෝෂ නැතිකර ගැනීමට මුදුන් යට ලීයේ සමබර බව රැඳෙන්න කුරුපා 2,4 ලෙස තබන්න.මුදුන් බිත්තිය කඩා දැමීමෙන් මුදුන් බිත්ති තුනෙන් ඇතිවන දෝෂය මඟ හැරේ.
මුදුන් බිත්තියට දොර ජනෙල් තැබීම.
මුදුන් බිත්තියේ හරි මැදට දොර ජනෙල් තැබීම ගෘහ මූලිකයාට අපල ගෙන දෙන කරුණකි.මුදුන් බිත්තියේ හරි මැදට උළුවස්සක් තබා ඇත්නම් නිවැසියන් හදිසි අනතුරු ආදියට ලක් වීමේ ඉඩ වැඩිය.ලෙඩ දුක් සතුරු කරදර නඩු හබ ආදියට පැටලේ.හිරේ විලංගුවේ වැටීමටද කරුණු යෙදිය හැක.
වැරදි ආකාරයට උළුවසු තබා ඇති අයුරු
3 රූපය
නිවැරදි ආකාරයට උළුවසු තබා ඇති අයුරු
4 රූපය
වැරදි ආකාරයට ජනේලයක් තබා ඇති අයුරු
5 රූපය
නිවැරදි ආකාරයට ජනෙල් තබා ඇති අයුරු
6 රූපය
මාතෘ බිත්ති
නිවෙසක පැති බිත්ති හඳුන්වන්නේ මේ නමිනි.මවක් තම දරු පවුලට රැකවරණය ලබා දෙන්නාක් මෙන් මේ බිත්ති නිවෙසේ රැකවරණය ලබා දේ.මෙසේ එම නිවෙසේ ශ්‍රියාව,දියුණුව සැලසේ.මාතෘ බිත්ති පුපුරා ගිලා බැස හෝ ප්‍රමිතියක් නැති උසකින් යුක්ත නම් නිවැසියන්ට ඉහත ශුභ පල වෙනුවට අශුභ පල ගෙන දේ.
නිවෙසේ දූ දරුවන්
නිවෙසේ කාමර ආදිය වෙන්කර ඇති බිත්ති අභ්‍යන්තර බිත්ති ලෙස සැලකේ. ශුභ පාදයකින් මේ බිත්ති ආරම්භ වී ඇති නම් ගුණ යහපත් කමින් යුතු නිරෝගි සෞඛ්‍ය සම්පන්න රටට දැයට හිතකාමී දරුවන් එම නිවසේ ඇති වීමට හේතු වේ. අශුභ පාදයෙන් එනම් බද්‍රා, රිට්ටා පාද වලින් මේ බිත්ති ආරම්භ වී නම් දරුවන් නිතර ලෙඩ වේ. අකීකරු වේ. එපමණක් නොව ඉගෙනීමට අදක්ෂය.
අභ්‍යන්තර බිත්තියේ ආරම්භක ස්ථානය අංශක 90 කෝණයෙන් යුතු වීම අවශ්‍යමය.එය වාස්තු විද්‍යාත්මක රීතියක්ද වන්නේය.
අංශක 90 බිත්ති අංශක 90අනුව නැති බිත්ති
(7 රූපය) (8 රූපය)
හතර හන්දි බිත්ති
හතර හන්දි බිත්ති නිවෙසකට අභුභය. මෙහි විද්‍යාත්මක පැත්ත වසුයේ බිත්ති 4කින් සෑදෙන බිත්තිය ශක්තිමත් භාවයෙන් අඩුවීමයි.
අශුභ හතර හන්දි බිත්ති
(9 රූපය)
හතර හන්දි නිවැරදි බිත්ති
(10 රූපය )
මෙසේ අශුභ බිත්ති යම් නිවෙසක සාදා ඇත්නම් එම නිවැසියන්ට කරදර බාධක ලෙඩ දුක්,සතුරු කරදර චිත්ත පීඩා පාඩු අලාභ හානි විවිධාකාර දේට මුහුණ දීමට සිදුවේ.
මංගල බිත්තිය
නිවෙසක බිත්ති ගැන කථාකිරීමේ දී මංගල බිත්තිය අමතක කළ නොහැක.මෙය පිහිටන්නේ නිවෙසේ මැද හරියේය.මේ බිත්තිය මාතෘ බිත්තිය හා පීතෘ බිත්තිය එකට කර පිහිටයි.බොහෝ විට නිවෙසේ සාලය වෙන්වන්නේ මංගල බිත්තියෙනි.මෙය ශුභ පාදයකින් ආරම්භ විය යුතුය.භද්‍රා,රිට්ටා,ආදී අශුභ පාදයකින් ආරම්භ වුවහොත් එම නිවෙසේ වැඩ අවසන් කර ගැනීමට නොහැකිවේ.යම් අයෙකුට සමාජයෙන් නිතර නිතර අවනම්බු විඳීමට සිදු වන්නේ නම් ඒ නිවසේ මංගල බිත්තියට හරි මැදින් උළුවස්සක් හෝ ලෙවල් බෝක්කුවක් තබා අති බව පෙනේ. නිවෙසේ හරි මැදින් බෙදී යන ආකාරයට මංගල බිත්තිය ගමන් කිරීම අශුභදායකය.
බිත්තියේ උස
ඉදි කරන ලද නිවෙසේ සෙවිල්ල අනුව බිත්තියේ උස තීරණය වේ.
සෙවිළි ද්‍රව්‍ය රට උළු නම් වහලයේ බෑවුම
අංශක90 - 45 විය යුතුය.
සෙවිළි ද්‍රව්‍ය සිංහල උළු නම් බෑවුම
අංශක 22 - 30 විය යුතුය.
ඇස්බැස්ටස් , රැලි තහඩු හෝ ටකරන් නම්
බෑවුම අංශක 5 - 15 වේ.
සෙවිළි ද්‍රව්‍ය පොල්අතු නම් බෑවුම
අංශක 45 - 50 විය යුතුය.
උළු සෙවිලි කරන ලද වහලයක නම් පැති බිත්තියේ සිට අඩියට අඟල් 5 - 6 පමණ වන ලෙසටද ,ඇස්බැස්ටස් නම් (රැළි තහඩු)අඩියට අඟල් 2 - 3 වන ආකාරයටද මුදුන් බිත්තිය උස් කිරීම සෑහේ.
බිත්ති උස අනුව වැයවීම් හා ලැබීම්
බිත්තයේ උස රියන් 5, අඩි 12 අඟල් 11නම්
අය8 වැය5කි.
බිත්තියේ උස රියන් 9,අඩි 23අඟල් 3නම්
අය12 වැය5කි.
බිත්තියේ උස රියන් 15,අඩි38අඟල්9නම්
අය 12වැය 5කි.
බිත්තියේ උස රියන් 19,අඩි49අඟල්1නම්
අය 7වැය 5කි.
බිත්ති වලින් ශුභ කිරණ නිවෙස ඇතුලට ගන්න
ගඩොලින් බිත්ති බැඳීම ඉතා ශුබ වෙයි. ශුභ කිරණ ගෙතුලට ගැනීමත් අශුභ කිරණ පිට කිරීමත් ඉන් මනාව සිදුවේ.නිවැසියාගේ නිරෝගි බව මෙන්ම දියුණුව මින් සැලසේ.
සිමෙන්ති බ්ලොක් ගලෙන් බිත්ති බැඳිමේ වරදක් නැතත් සුවදායක බව ගුණාත්මක බව ශුභ කිරණ මෙයින් ඇද ගත නොහැක.
නිවෙසක අශුභ කිරණ පිටකිරීමත් ශුභ කිරණ අද්දවා ගැනීමත් කළ හැක්කේ මැටියෙන් පදම් කර පුළුස්සාගත් ගඩොලින් පමණි.
ජ්‍යොතිෂවේදී ප්‍රේමසිරි කහඳවලආරච්චි
අත්තිවාරම හොඳ වුවත් බිත්ති හරියට නැත්නම් ඒ ගෙය මළ ගෙයකට සමානය
වහලක් නැති කළ ගෙයක් කොයින්දෝ..... සී. ටී. ප්‍රනාන්දුගේ මේ අනගි ගීතයේ මතු පිටින් පෙනෙන අරුත වඩා ගැඹුරු අදහසක් ඇත. වහලය තනන්නේ බිත්ති මතය. මේ කතාව මුදුන් බිත්ති තුන ගැනය. බලන්න ඔබ කවදාවත් නෙසිතූ තරමේ ඉරණමක් මුදුන් බිත්තියේ සැඟවී පවතින හැටි.
අශුභ කිරණ පිටකර ශුභ කිරණ අද්දවා ගන්න - මැටියෙන් පදම් කර පුළුස්සාගත් ගඩොලින් බිත්ති බඳින්න
නිවෙසේ අත්තිවාරම් බැඳ අවසන් වීමෙන් පසු සිදුකරනු ලබන ඊලඟ කාර්යය වන්නේ බිත්ති බැඳීමයි. වහලයේ සම්පූර්ණ බර පොළව මතට ගෙන ඒමේ ප්‍රධාන මාධ්‍ය බිත්තියයි.
පොදුවේ ගත් කල නිවෙසේ බිත්ති පීතෘ හා මාතෘ ලෙස කොටස් දෙකකි.
පීතෘ බිත්ති (1 රූපය)
මාතෘ බිත්ති (2 රූපය)

ගෘහ මූලිකයා වන පියා පවුලේ සියලු බර රඳවා ගන්නා සේ වහලයේ බරද මුදුන් බිත්තිය මත පැටවේ.
නිවෙසක පීතෘ බිත්ති හෙවත් මුදුන් බිත්ති 2 ක් තිබිය යුතුය.මෙසේ වීමෙන් එම නිවෙසේ සතුට සමාදානය ඇති වෙනවා පමණක් නොව පවුලේ ප්‍රධානියා හෙවත් පියා සමාජයේ ප්රියදායක,නිරෝගි පුද්ගලයකු වේ.
සමහර නිවෙස්වල මුදුන් බිත්ති 3ක් දක්නට ඇත.මෙය තද බල අශුභයකි.විශේෂයෙන් පියාට ,නිවෙසේ ප්‍රධානියා ට මෙය තදින් බලපායි.
මුදුන් බිත්ති තුන නිවසකට අශුභ වන ආකාරය
ගෙදර සාමය සමාදානය නැති වී යයි.අඹු සැමි එක් අයෙක් අනියම් සම්බන්ධතාවයකට පැටලේ.නිවෙසේ ප්‍රධානියාගේ සමාජ තත්ත්වය පහත වැටේ.ඔහුගේ ගෞරවය කෙලෙසී යනු ඇත.මාරක විපත්,හදිසි අනතුරු මෙන්ම ලෙඩ රෝග නිතර ඇතිවේ.මෙය නිවෙසකට බරපතල දෝෂයකි.
පිළියම්
යම් නිවෙසක මේ ආකාරයේ මුදුන් බිත්ති තුනක් පිහිටා ඇත්නම් දෙපැත්තේ ඇති මුදුන් බිත්ති දෙක මත මුදුන් යට ලීය රැඳෙන ආකාරයට මැද ඇති මුදුන් බිත්තිය කඩා දැමීම යෝග්‍ය වෙයි.මෙසේ කඩා දැමීමෙන් වහලයේ ඇති බර මුදුන් බිත්තිවලට ඔරොත්තු නොදෙන්නේ නම් කුරුපා තබා හෝ කුළුනක් බැඳ වහලය සමබර කරන්න.මෙහිදී හොඳින් මතක තබා ගතයුතු කරුණක් වන්නේ මුදුන් යටලීයට එක් කුරුපාවක් නුසුදුසු බවය.කුරුපා දෝෂ නැතිකර ගැනීමට මුදුන් යට ලීයේ සමබර බව රැඳෙන්න කුරුපා 2,4 ලෙස තබන්න.මුදුන් බිත්තිය කඩා දැමීමෙන් මුදුන් බිත්ති තුනෙන් ඇතිවන දෝෂය මඟ හැරේ.
මුදුන් බිත්තියට දොර ජනෙල් තැබීම.
මුදුන් බිත්තියේ හරි මැදට දොර ජනෙල් තැබීම ගෘහ මූලිකයාට අපල ගෙන දෙන කරුණකි.මුදුන් බිත්තියේ හරි මැදට උළුවස්සක් තබා ඇත්නම් නිවැසියන් හදිසි අනතුරු ආදියට ලක් වීමේ ඉඩ වැඩිය.ලෙඩ දුක් සතුරු කරදර නඩු හබ ආදියට පැටලේ.හිරේ විලංගුවේ වැටීමටද කරුණු යෙදිය හැක.
වැරදි ආකාරයට උළුවසු තබා ඇති අයුරු
3 රූපය
නිවැරදි ආකාරයට උළුවසු තබා ඇති අයුරු
4 රූපය
වැරදි ආකාරයට ජනේලයක් තබා ඇති අයුරු
5 රූපය
නිවැරදි ආකාරයට ජනෙල් තබා ඇති අයුරු
6 රූපය
මාතෘ බිත්ති
නිවෙසක පැති බිත්ති හඳුන්වන්නේ මේ නමිනි.මවක් තම දරු පවුලට රැකවරණය ලබා දෙන්නාක් මෙන් මේ බිත්ති නිවෙසේ රැකවරණය ලබා දේ.මෙසේ එම නිවෙසේ ශ්‍රියාව,දියුණුව සැලසේ.මාතෘ බිත්ති පුපුරා ගිලා බැස හෝ ප්‍රමිතියක් නැති උසකින් යුක්ත නම් නිවැසියන්ට ඉහත ශුභ පල වෙනුවට අශුභ පල ගෙන දේ.
නිවෙසේ දූ දරුවන්
නිවෙසේ කාමර ආදිය වෙන්කර ඇති බිත්ති අභ්‍යන්තර බිත්ති ලෙස සැලකේ. ශුභ පාදයකින් මේ බිත්ති ආරම්භ වී ඇති නම් ගුණ යහපත් කමින් යුතු නිරෝගි සෞඛ්‍ය සම්පන්න රටට දැයට හිතකාමී දරුවන් එම නිවසේ ඇති වීමට හේතු වේ. අශුභ පාදයෙන් එනම් බද්‍රා, රිට්ටා පාද වලින් මේ බිත්ති ආරම්භ වී නම් දරුවන් නිතර ලෙඩ වේ. අකීකරු වේ. එපමණක් නොව ඉගෙනීමට අදක්ෂය.
අභ්‍යන්තර බිත්තියේ ආරම්භක ස්ථානය අංශක 90 කෝණයෙන් යුතු වීම අවශ්‍යමය.එය වාස්තු විද්‍යාත්මක රීතියක්ද වන්නේය.
අංශක 90 බිත්ති අංශක 90අනුව නැති බිත්ති
(7 රූපය) (8 රූපය)
හතර හන්දි බිත්ති
හතර හන්දි බිත්ති නිවෙසකට අභුභය. මෙහි විද්‍යාත්මක පැත්ත වසුයේ බිත්ති 4කින් සෑදෙන බිත්තිය ශක්තිමත් භාවයෙන් අඩුවීමයි.
අශුභ හතර හන්දි බිත්ති
(9 රූපය)
හතර හන්දි නිවැරදි බිත්ති
(10 රූපය )
මෙසේ අශුභ බිත්ති යම් නිවෙසක සාදා ඇත්නම් එම නිවැසියන්ට කරදර බාධක ලෙඩ දුක්,සතුරු කරදර චිත්ත පීඩා පාඩු අලාභ හානි විවිධාකාර දේට මුහුණ දීමට සිදුවේ.
මංගල බිත්තිය
නිවෙසක බිත්ති ගැන කථාකිරීමේ දී මංගල බිත්තිය අමතක කළ නොහැක.මෙය පිහිටන්නේ නිවෙසේ මැද හරියේය.මේ බිත්තිය මාතෘ බිත්තිය හා පීතෘ බිත්තිය එකට කර පිහිටයි.බොහෝ විට නිවෙසේ සාලය වෙන්වන්නේ මංගල බිත්තියෙනි.මෙය ශුභ පාදයකින් ආරම්භ විය යුතුය.භද්‍රා,රිට්ටා,ආදී අශුභ පාදයකින් ආරම්භ වුවහොත් එම නිවෙසේ වැඩ අවසන් කර ගැනීමට නොහැකිවේ.යම් අයෙකුට සමාජයෙන් නිතර නිතර අවනම්බු විඳීමට සිදු වන්නේ නම් ඒ නිවසේ මංගල බිත්තියට හරි මැදින් උළුවස්සක් හෝ ලෙවල් බෝක්කුවක් තබා අති බව පෙනේ. නිවෙසේ හරි මැදින් බෙදී යන ආකාරයට මංගල බිත්තිය ගමන් කිරීම අශුභදායකය.
බිත්තියේ උස
ඉදි කරන ලද නිවෙසේ සෙවිල්ල අනුව බිත්තියේ උස තීරණය වේ.
සෙවිළි ද්‍රව්‍ය රට උළු නම් වහලයේ බෑවුම
අංශක90 - 45 විය යුතුය.
සෙවිළි ද්‍රව්‍ය සිංහල උළු නම් බෑවුම
අංශක 22 - 30 විය යුතුය.
ඇස්බැස්ටස් , රැලි තහඩු හෝ ටකරන් නම්
බෑවුම අංශක 5 - 15 වේ.
සෙවිළි ද්‍රව්‍ය පොල්අතු නම් බෑවුම
අංශක 45 - 50 විය යුතුය.
උළු සෙවිලි කරන ලද වහලයක නම් පැති බිත්තියේ සිට අඩියට අඟල් 5 - 6 පමණ වන ලෙසටද ,ඇස්බැස්ටස් නම් (රැළි තහඩු)අඩියට අඟල් 2 - 3 වන ආකාරයටද මුදුන් බිත්තිය උස් කිරීම සෑහේ.
බිත්ති උස අනුව වැයවීම් හා ලැබීම්
බිත්තයේ උස රියන් 5, අඩි 12 අඟල් 11නම්
අය8 වැය5කි.
බිත්තියේ උස රියන් 9,අඩි 23අඟල් 3නම්
අය12 වැය5කි.
බිත්තියේ උස රියන් 15,අඩි38අඟල්9නම්
අය 12වැය 5කි.
බිත්තියේ උස රියන් 19,අඩි49අඟල්1නම්
අය 7වැය 5කි.
බිත්ති වලින් ශුභ කිරණ නිවෙස ඇතුලට ගන්න
ගඩොලින් බිත්ති බැඳීම ඉතා ශුබ වෙයි. ශුභ කිරණ ගෙතුලට ගැනීමත් අශුභ කිරණ පිට කිරීමත් ඉන් මනාව සිදුවේ.නිවැසියාගේ නිරෝගි බව මෙන්ම දියුණුව මින් සැලසේ.
සිමෙන්ති බ්ලොක් ගලෙන් බිත්ති බැඳිමේ වරදක් නැතත් සුවදායක බව ගුණාත්මක බව ශුභ කිරණ මෙයින් ඇද ගත නොහැක.
නිවෙසක අශුභ කිරණ පිටකිරීමත් ශුභ කිරණ අද්දවා ගැනීමත් කළ හැක්කේ මැටියෙන් පදම් කර පුළුස්සාගත් ගඩොලින් පමණි.
ජ්‍යොතිෂවේදී ප්‍රේමසිරි කහඳවලආරච්චි
0 comments:
Post a Comment