කතකගේ රවිට හිමි තැන කතිරයක්නම්
ඇය පිරිමින් මුලාවට පත්කරන්නියකි
හස්තයේ ඇඟිලි පහ පිළිබඳ අවබෝධයක් සෙත්මිණ කියවන බුද්ධිමත් ඔබ ලබාගත්තා සේම මීළඟට ඇඟිළිවලට පහළින් පිහිටා ඇති කොටස පිළිබඳ අවබෝධයක් ලබාගනිමු.
ජන්ම කේන්ද්‍රයේ සිටින ග්‍රහයින්ට ද අත්ලෙහි විවිධ ස්ථාන හිමිව ඇත. ග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහයා වන රවි ග්‍රහයාට අත්ලෙහි හිමි වී ඇති ස්ථානය පිළිබඳ මෙවර විමසා බලමු.
වේදැඟිල්ලට පහළින් පිහිටි කොටස රවි ග්‍රහයාට අයත්වේ. මේ කොටස උස්ව පිහිටියේ නම් විවිධ වු හැකියා සහිත තැනැත්තකු වේ. බුධ ගේ කොටස හා සමාන උසකින් ම රවිගේ කොටසත් උසින් යුක්ත නම් එම තැනැත්තාට හොඳ මතක ශක්තියක් ඇත. තර්ක කිරීමේ හැකියාව ඔහු සතුවේ. පුවත්පත් හෝ ග්‍රන්ථ ලිවීමේ මනා හැකියාවක් ද හිමිවේ.
තමන්ගේ ලොකුකම පවසන, තමන් නොකරන ලද දේවල් තමන් කරන ලදැයි පවසමින් කැපී පෙනෙන්න උත්සහ කරන අය ඔබ අනන්තවත් දැක ඇතුවාට සැක නැත.එවැනි පුද්ගලයින්ගේ රවි මණ්ඬළය උස්ව පවතී. අත්ලෙහි සම ඇල්ලු විට දැඩි බවකින් යුක්ත වේ.ඔවුන්ගේ ජීවිතය විවිධ වු කරදරවලින් පිරී පවතිනු ඇත. හැම විටම තමාගේ ලොකුකම පවසන හෙයින් මෙවැනි අය සමඟ ඇසුරට බුද්ධිමත් අය පැමිණෙන්නේ නැත.
රවි මණ්ඩළය සුළැඟිල්ල මුල දෙසට බරව පිහිටා ඇති තැනැත්තා යම් කිසි ආකාරයක ව්‍යාපාරයක් කරයිද තම බුද්ධිය යොදවමින් වෙළඳ උපක්‍රම ද යොදමින් දිනෙන් දින එය දියුණුවට පත්කරගනී .
රවි මණ්ඩළය ප්‍රමාණයටත් වඩා උසින් වැඩි නම් ඒ බුද්ධියෙන් අඩු අයකු වේ.විවිධ වු කටයුතු සඳහා මුදල් නාස්තිකර දමන්නෙකු ද වේ. රවි මණ්ඩලය අසාමාන්‍ය ලෙස පහළට ගිලා බැස ඇත්නම් කම්මැලියකු වේ.
එවැන්නෙකුට කිසියම් වැඩක් පැවරුවොත් අකාර්යක්ෂම වෙයි.
සමහර රැකියා ස්ථානයන්හි වැඩ කරන සේවකයින් එලෙස කටයුතු කරන බව ඔබ වැඩක් කර ගැනීමට යම් ආයතනයකට ගිය විට දකින්නට ඇත.
රවි මණ්ඩළය මැදඟිල්ල දෙසට බරව පවතින්නා වු තැනැත්තා ද ජීවිතයේ විවිධ වු දුෂ්කරතා වලට මුහුණ පා තමන් විසින් කිරීමට බලාපොරොත්තු වන කටයුතු ඉටුකර ගත නොහැකිවද විවිධ කටයුතු හේතුවෙන් සිත් පීඩාවට පත්වීමද සිදුවන නිසා තමා අනිකා ගැන නොසිතා කෙසේ හෝ තම කාර්යය ඉටුකර ගැනීමට උත්සහ දරයි. රවි මණ්ඩලය වෙනත් මණ්ඩල මෙන් පැහැදිලිව පෙනෙන්නට නැත්නම් තමා කොතරම් අධ්‍යාපනයට ලැදි වුවත් තරඟ විභාග වලින් දක්ෂතා පෙන්වීමට නොහැකි වේ.ආත්ම විශ්වාසයද අඩුවේ. ගරු බුහුමන් ලැබීමට ආශාවෙන් සිටියද ලබාගත නොහැකි වේ.
රවි ගේ කොටසේ තාරකාවක සළකුණක් පවතී නම් හෙතෙම ධනවත් භාවයට පත්වන්නා වු අයකුවේ. ගමන් කරන්නා වු කටයුතුවල සාර්ථකත්වයට පත්වනු ඇත.
මේ ස්ථානයේ කතිරයක් ආකාරයේ සලකුණක් පැවතීමද යහපත් වේ. තම ධනය අනවශ්‍ය දේ සඳහා වියදම් නොකරන අතර ක්‍රමයෙන් ධනවත් භාවයට පත්වන්නාවු අයකි. මේ කොටසෙහි කතිරයක් සමඟ රේඛාවක් පවති නම් ඉතා ධනවත් තැනැත්තකු බවට පත්වන සලකුණක්වේ.
රවිගේ කොටසෙහි ත්‍රිකෝණ සලකුණක් වෙයි නම් විවිධ වු කර්මාන්තයන් ඉගෙන ගැනීමටත් ඒවායේ නියැලීමටත් ආශාවක් පවතිනු ඇත.
දැල් සළකුණක් පැවතීම අයහපත් ලක්ෂණයක් වේ. එසේ පිහිටි තැනැත්තා ආදරය සොයා යන කාමුක තැනැත්තකු වනු ඇත. ඔබ විසින් ඇසුරු කරනු ලබන ස්ත්‍රියගේ අත්ලේ රවිගේ කොටසෙහි කතිරයක සලකුණක් පවතී නම් ඔබ ඇයගෙන් පරිස්සම් වන්න. එවිට ඔබ සතු ධනය රැක ගැනීමට ඔබට හැකිවනු ඇත. එලෙස කතිරයක් සහිතව උප්පත්තිය ලබන කාන්තාව පිරිමින් රවටමින් ඔහුන් සතු ධනය ගනිමින් ධනවත් භාවයට පත්වනු ඇත.
ජ්‍යොතිෂවේදි - මෙලාන් වික්‍රමසිංහ

0 comments:
Post a Comment