728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-11

    කම්මැලි වුවද වෙනත් කට­යු­ත්තක් කිසි­වෙකු පැව­රු­වොත් කොත­රම් අමාරු වුවත් එය කෙසේ හෝ ඉටු­ක­රයි

    ඔබ උපන්නේ 08,17,26 යන දින­ක­දීද? එසේ නම් ඔබේ ජිවන අංකය වන්නේ අටය.
    පාසල් අධ්‍යා­ප­නය ලබන කාලයේ ඉගෙ­නීම උන­න්දුව ඔබ තුළ පැව­තු­නත් පාඩම් වැඩ ටික ­වේ­ලා­වක් කරන විට ඔබට කම්මැලි ගති ඇති­වනු ඇත. මේ නිසා ඔබ වැඩි­හි­ටි­යන්ගේ දෝෂා­රෝ­ප­ණ­යට ලක්වනු ඇත. නමුත් පාඩම් කිරී­මට කම්මැලි වුවද වෙනත් කට­යු­ත්තක් කිසි­වෙකු පැව­රු­වොත් කොත­රම් අමාරු වුවත් එය කෙසේ හෝ ඉටු­ක­රයි.

    කල­බ­ලය හේතු­වෙන් ප්‍රශ්න­ව­ලට සප­යන පිළි­තුරු නිවැ­රදි නොවනු ඇත. පාසලේ තම මිතු­රන් අතර ප්‍රධා­නියා ලෙස කැපී පෙනෙන තමා අනෙක් අය තමාගේ අණට යට­ත්කර ගැනී­මට උත්සුක වේ.තමාට එරෙ­හිව නැගී සිටී­මට තමාගේ හොඳම හිත­වතා උත්සහ කරයි. යහ­ළු­කම කෙසේ වෙතත් ඔහුට එරෙ­හිව තම අණ­සක පතු­ර­වයි.
    අධ්‍යා­පන කට­යු­තු­වල නිරත නම් ඔබගේ සැඟ­වුණු හැකි­යා­වන් මතු­ක­ර­ගත හැක.නව නිර්මාණ ඉදි­රි­පත් කිරීමේ හැකි­යා­වද ඔබ සතුවේ.

    මුලින්ම ලබන රැකි­යාවේ තන­තුර කුමක් වුවත් බාර­ගනී.වංචා­ව­කින් තොරව ඍජු තීරණ ගනි­මින් එය කිරී­මට ද මැලි නොවේ.නමුත් ඔබගේ සිතට වේදනා දෙන කරුණු රැකි­යාව ආශ්‍රි­තව වෙයි.
    ගෘහ­ණි­යක් නම් ක්‍රමා­නු­කූල වුවත් වැඩ ප්‍රමා­දය.රෙදි සෝද­මින් සිටි­යදී වෙනත් වැඩක් යෙදු­ණොත් කලින් කළ කට­යුත්ත එතැ­න­මය.බර වැඩට කම්මැලි නැත.
    අත්කම් භාණ්ඩ නිෂ්පා­ද­න­යට යොමු වන්නේ නම් ආදා­යම් ලැබිය හැකි වනාවා මෙන්ම සිය කැමැ­ත්තෙන් සිදු­ක­රන කට­යු­ත්තක් ද වෙයි.

    උදේ පාන්දර අවදි වන්නේ තර­මක් කම්මැලි ගති­යෙන් බැවින් ටිකක් වැඩි­පුර නින්දට කැමති වේ. නැගි­ට­ගත් පසු දවසේ කට­යුතු ආරම්භ කළද අත­ප­සු­වීම් බොහෝය.
    වෙහෙස නොබලා සිය සහ­කරු‍ට/සහ­කා­රි­යට උදව් කර­මින් සාර්ථක පවුල් ජීවි­ත­යක් පව­ත්වා­ගෙන යාමට උත්සාහ කරයි.පවුලේ දියු­ණුව වෙනු­වෙන් වෙහෙසේ.තම දරු­වන්ගේ අව­ශ්‍යතා සොයා බල­මින් අන­වශ්‍ය විය­දම් කපා හරි­මින් ධනය රැක ගැනී­මට ද පෙළඹේ.

    ජීවන අංක 08 ලබා උත්ප­ත්තිය ලබන්නා වූ අය අන් අයට උප­දෙස් දීමට  රුසි­යෝය.තමන්ට යම්කිසි අයකු අරි­යා­දු­වක් හෝ සතු­රු­ක­මක් කළොත් අයු­ක්ති­යට අසා­ධා­ර­ණ­යට එරෙ­හිව පළි­ගනී. මේ පිළි­බඳ අව­බෝධ කර­ගන්නා සතුරෝ ඔබට නොදැ­නෙ­න්නට සමා­ජයේ අන් අය ඉදි­රියේ දී අප­හා­ස­යට හාස්‍ය­යට ලක්ක­රන බැවින් ඒ පිළි­බඳ අව­බෝ­ධ­යෙන් සිටිය යුතුවේ. ජීවන අංක 8 ලබා උපත ලබන ඔබට ජය­ග්‍රාහී දිනය බදා­දාය. සුබ අංක වන්නේ 4 හා 8ය.තද දම් හා නිල් ජය වර්ණ වේ.
    නිල් මැණික් හෝ තෝර­මල්ලි පාෂා­ණය පැළ­ඳී­මෙන් ආක­ර්ෂණ ශක්තිය වැඩිවේ.ඔබට අවු­රුදු 08,17,26,35,44හා 53 වයස් වලදී ජීවි­තයේ වැද­ගත් සිදු­වීම් විය හැක.

    ප්‍රවීණ ජ්‍යොති­ෂ­වේදී රේණුක වික්‍ර­ම­සිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: කම්මැලි වුවද වෙනත් කට­යු­ත්තක් කිසි­වෙකු පැව­රු­වොත් කොත­රම් අමාරු වුවත් එය කෙසේ හෝ ඉටු­ක­රයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top