728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-04

    කුජ සිකුරු එක ළඟ ද? නමයි ගෑනුකමයි දෙකම ඉවරයි!

    ලග්නය දැනගෙන බිරිඳගේ යටි සිත තේරුම් ගන්න
    පිට ඔපයට රැවටී කසාද බැන්ඳොත් ජීවිතේ අනේ අපොයි!

    වෘශ්චික ලග්නය හිමි අයගේ ලග්නාධිපති වශයෙන් කුජ ගණන් ගැනේ. මෙහිදී සිකුරුගේ බලපෑම යහපත් කාන්තාවකට බාධා කරන බව සදහන් කළ යුතුය. කුජ සිකුරු සංයෝගවීමෙන් කාන්තාවකගේ යහපත් චරියාව විනාශ කරන බැවිනි. එසේ නම් වෘශ්චික ලග්නයේ පස්වැන්න හිමිවන ගුරු ලග්නාධිපති කුජ සමග සංයෝගවී ලග්නයේ සිටියේද එම කාන්තාව යහපත් ගුණගරුක එඩිතර අයෙක් වන්නේය. ගුරු නවවැන්නවු කටකයේද නව වැන්න හිමි සදු පස් වැන්නවු මීන රාශියේද යෙදුනේ නම් එම කාන්තාව ඉතා යහපත් පිනැති ගුණ ධර්මවලින් පිරුණ අයෙකි. එසේම සඳු ගුරු සංයෝගය සමග සිකුරු යෙදීමෙන්ද වෘශ්චික ලග්නයේ කාන්තාව ඉතා යහපත් චරිතයකින් යුක්ත වන්නේය. ලග්නාධිපති කුජ සමග රවි ගුරු සංයෝගවීමද ඉතා විශේෂ බලවත් යුක්තිගරුක. පිරිසදු චරිතයකින් යුක්ත කාන්තාවක්වීමට හේතු වේ.

    ධනු ලග්නයේ අධිපති ගුරු කාන්තාවකගේ පිරිසිදු චරිතයකට සිත යොමු කරවයි. ධනු ලග්නයේ කාන්තාව බොහෝ අවස්ථාවල ගුණ ධර්මවලින් පිරි යහපත් අය බව සමාජයේ දක්නට ලැබේ. ඊට ගුරුගේ ක්‍රියාකාරිත්වය මුල්වේ. ලග්නාධිපති ගුරු සමග නවවැන්නාධපති රවි සංයෝගවී ලග්නයේ යෙදුන කාන්තාව බලවත්ය සමාජයේ ගුණධර්ම ආරකෂා කරන යහපත් අයෙකි. පස්වැන්න හිමි කුජ ලග්නාධිපති ගුරු සමග පස්වැන්නේම උපතින් යෙදීමෙන් කාර්යක්ෂමතාවය, එඩිතර භාවය මෙන්ම අවංකභාවය ඇති යහපත් කාන්තාවක් වේ. දසවැන්න හිමි බුධ සිංහයේද රවි කන්‍යාවේද ලග්නාධිපති ගුරු ලග්නයේද යෙදී ඇති කාන්තාව ඉතා ධාර්මික පිනැති අයෙක් බව සදහන් කළ හැකිවේ. ලග්නාධිපති ගුරු සමග දසවැන්න අධිපති බුධ සංයෝගවී දස වැන්නේම උපතින් යෙදුනේනම් එම කාන්තාව සියුම් දර්ශනයක් ඇති යහපත් ගුණ ධර්ම වලින් පිරි අයෙකි.

    මකර ලග්නයේ අධිපති සෙනසුරුද කාන්තාවකගේ ලෞකික ජීවිතය පාලනය කරන ප්‍රධාන ග්‍රහයා වන්නේය. විශේෂයෙන් විවාහය ප්‍රමාද කිරිම සෙනසුරුගේ ප්‍රධාන කාර්යය වේ. නමුත් උපතින් සෙනසුරු සමග 10 අධිපති සිකුරු සංයෝගවී ලග්නයේ යෙදුනේද එම කාන්තාව යහපත් ජීවිතයක් ගත කරන්නියෙකි. ගුණධර්ම ආරක්ෂා කරන කාන්තාවකි. නවවැන්න හිමි බුධ සමග ලග්නාධිපති සෙනසුරු, හා පුර සදු සංයෝගවී ලග්නයේ යෙදුන කාන්තාව ඉතා ගුණවත් යහපත් අයෙකි. පිනැති සීලවන්තියක් වන්වෙය. තවද ලග්නාධිපති සෙනසුරු, සමග බුධ ගුරු සංයෝගවී ලග්නයේ යෙදුන කාන්තාව ඉතා යහපත් ධාර්මික අයෙක් වන්නේය. සෙනසුරු හා ගුරු ලග්නයේ නීච භංග යෝගයක යෙදී ඇති කාන්තාව ඉතා යහපත් කාන්තාවක් වේ.

    කුම්භ ලග්නයේදී අධිපති සෙනසුරු විශේෂ බලයක් ඇති අතර ලග්නයට යෙදුන කාන්තාව ඉතා යහපත් ගුණධර්ම ආරක්ෂා කරන අයෙක් වන්නේය. පස්වැන්න හිමි බුධ සෙනසුරු සමග ලග්නයේ සංයෝගවී සිටීද එම කාන්තාව ඉතා උගත් තීක්ෂණ බුද්ධිය ඇති ගුණ ධර්ම ආරක්ෂා කරන ස්ත්‍රී රත්නයකි. බුධ. ගුරු සෙනසුරු ත්‍රීග්‍රහ සංයෝගය කුම්භ ලග්නයේ යෙදී ඇත්නම් එම කාන්තාව පෙර පින් ඇති යහපත් පැවැත්මකින් කටයුතු කරන ඉතා යහපත් අයෙක් වන්නෙය. මෙම යෝගයම නවවැන්නේ යෙදී ඇති කාන්තාව ලෝකෝත්තර පැවැත්මකින් කටයුතු කරන ඉතා යහපත් අයෙක් වන්නේය. පුර පක්ෂයේ චන්ද්‍රයා සමග ගුරු සිකුරු ත්‍රීග්‍රහ සංයෝගය කුම්භයේ සිව් වැන්නේ යෙදීම යහපත් කාන්තාවකට සුබ සිද්ධියේ දොර විවෘතවීමට ඉතා සුබ දායක වන්නෙය.

    මීන ලග්නයට අධිපති වන්නේ ගුරුය. මීන ලග්නයේ පස්වැන්නේ ගුරු පුර සදු සංයෝගය යෙදී ඇති කාන්තාව ඉතා යහපත් ගුණ ධර්මවලින් පිරුණු අයෙකි. තීක්ෂණ බුද්ධිය උගත්කම මෙවැනි කාන්තාවන්ගේ ඉතා ඉහලින් පිහිටා ඇත. බුධ ගුරු සංයෝග‍ය මීන යේ පස්වැන්නේ උපතින් යෙදුනේද එම කාන්තාව ඉතා බුද්ධිමත් වු යහපත් වු අයෙක් වන්නේය. යහපත් පැවැත්මක් ඇති උතුම් ස්ත්‍රී රත්නයකි. මීන ලග්නයේ නව වැන්නවු පුණ්යය ස්ථානය හිමි කුජ පස්වැන්න වු කටක රාශියේදී ගුරු සමග යෙදී ලග්නයේ පුර සදු යෙදුනේ නම් එය විශිෂ්ඨග්‍රහ යෙදුමකි. උතුම් කාන්තාවකට ගුණ ධර්ම ආරක්ෂා කරන ස්ත්‍රීයකට කදිම පිහිටීමක වන්නෙය.

    මෙතෙක් විස්තර කරන ලද කරුණු යහපත් කාන්තාවක් හදුනාගැනීමට ‍‍‍ ෙජ්‍යාතිෂමය වශයෙන් තිබිය යුතු ග්‍රහ බලපෑම් සමාජයේ කොයි කා හටත් උපයෝගී වේ. මා ලග්න අනුව විස්තර කර ඇති ග්‍රහ බලපෑම් යම් කාන්තාවකගේ කේන්දරයේ උපතින් පිහිටා ඇත්නම් ඇය ඉතා උතුම් යහපත් අයෙක් බව සදහන් කරමි.
    වර්තමාන තරුණ පරපුර බාහිර වශයෙන් කාන්තාවන්ගේ හැඩ රුවට වශී වී අමාරුවේ වැටෙන අය බොහෝය. බාහිර ඔපය ඇති කාන්තාවන් සමහර දෙනා විවාහ වීමෙන් පසුව ඉතා කෲර ගති ඇත්තෝය.

    සමහර කාන්තාවෝ වෙසඟනන්ය. තවත් සමහරු රාගාධික කාමාධික සල්ලාල දුෂ්ඨ, පර පුරුෂ සේවනයට ලැදි ස්ත්‍රී කේන්දරවල උපතින් පිහිටයි. විශේෂයෙන් රවි, කුජ ,සිකුරු ආදී ග්‍රහයින්ගේ අසුබ බලපෑම වීට හේතුවේ. කෙසේ වෙතත් උත්තම ගනයේ යහපත් පුරුෂ යෙක් වීමටත් ඉහත ග්‍රහ බලයම ප්‍රධාන වශයෙන් මුල්වන බව සදහන් කරමි . ඒ අතරම උත්ත්ම යහපත් පුරුෂයෙකුට ඒ හා සමානවම මා ඉහතින් සදහන් කර ඇති ග්‍රහ බල පෑම යහපත් කාන්තාවක් යුග දිවියට සම්බන්ධ වීමෙන් ඉදිරි ජවිතය යහපත් වෙන බව පවසමි.


    ජ්‍යොතිෂවේදී ජේ. ගුණපාල
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: කුජ සිකුරු එක ළඟ ද? නමයි ගෑනුකමයි දෙකම ඉවරයි! Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top