728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-18

    අසරණ ‘සතුරාට’ අනුකම්පා කළ මැන!

    කේන්දරයක හය වැන්නෙන් නිවේදනය වන්නේ රෝග සහ සතුරන් පිළිබඳව යි.මෙය ශත්‍රැ ස්ථානය ලෙස
    නම් කර තිබෙන්නේ සතුරු ස්ථානය යන අරුත දීමට ය.ලෙඩ රෝග හඳුන්වන්නේ ද රෝ සතුරෝ යනුවෙනි.
    පුද්ගලයකුගේ කේන්දරයේ 06 වැනි ස්ථානයෙන් එම පුද්ගලයාට මුහුණ දීමට සිදුවන සතුරන්ගේ ස්වභාවය කෙබඳු ද යන්න දැන ගත හැකිය.එහෙත් එම සතුරන් නසන ආකාරය නම් එක් එක් පුද්ගලයා තම තමා විසින්ම අවබෝධ කොට ගත යුතුය.

    සතුරා කවරෙකු වුවත් ඔහු විනාශ කළ හැකි ප්‍රබලම උපාය වන්නේ එකී සතුරාට දැනෙන්නට අනුකම්පා කිරීම ය. තමන් නසන්නට එන සතුරාට පෙරළා පහර දෙනවා වෙනුවට ඔහුට අනුකම්පාව පෙන්වීම නිවටකමක් නොවේදැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය.නමුත් ඔබට පීඩා කරන සතුරා ඔබට වඩා දුබලය.ඔබට වඩා නුවණින් හීනය. ඔහු ඔබට වඩා හැම අතින්ම බියෙන් ගැහෙමින් සිටී.ඒ බිය නිසාම ඔහු පහර දීමට උත්සාහ ගන්නා බව තේරුම් ගැනීම මැනවි.හේතුවක් ඇතිව හෝ හේතුවක් නැතිව හෝ අනෙකාට රිදවන්නට පෙළඹෙන්නා බරපතළ මනෝ ව්‍යාධියකින් පෙළෙමින් සිටින බව ඔහු කිසිදා වටහා ගන්නේ නැත.මෙවැනි පුද්ගලයකුට අනුකම්පා කරනවා හැරෙන්නට කළ හැකි අන් යමක් තිබේ ද? භින්න පෞරුෂයක් ඇති පුද්ගලයකුට පෙරළා පහර දීමට සවිමත් පෞරුෂයක් ඇති තැනැත්තා කිසිවිටෙක ඉදිරිපත් වන්නේ නැත.පුද්ගල බලය පිළිබඳ විශ්ව නියාමය එසේය.

    අද ඔබට රිදවන දරුණුම සතුරා මොහොතකට මතකයට නඟා ගන්න.ඒ සතුරු රුව සිහිකිරීම පවා ඔබට වදයක් විය හැකිය.එහෙත් මේ අප්‍රසන්න ලෙස දැනෙන්නේ පෙර භවයක තමන්ගේම චරිතයේ ප්‍රතිමූර්තියක් බව බොහෝ දෙනා නො දනිති.වර්තමානයේ ඔබට රිදවන සතුරා අතීතයේ සිට ඔබගේ ම ප්‍රක්ෂේපණයකි.පෙර භවයක ඔබ විසින් තවත් අයෙකුට එරෙහිව භාවිතා කළ සතුරුකම් මේ භවයේ දී ඒ ආකාරයෙන්ම ඔබ කරා ද පැමිණේ.මේ සතුරා කෙතරම් නිර්ලජ්ජිත වියරු මානසිකත්වයකින් ක්‍රියා කරන්නේ ද? අන්න ඒ ආකාරයෙන්ම ඔබ ද පෙර භවයක ක්‍රියාකර ඇති බව තේරුම්ගත යුතුය. එවිට මේ සතුරා අන් කවරකුවත් නොව තමාම බව දැන් ඔබට වැටහී යා යුතුය. කේන්දරයක 06 වැනි භාවය විපාක දෙන්නේ පෙර භවයක ඔබ වැපිරූ හැටියටම ය.කර්ම බලවේගය ක්‍රියාකරන්නේ ඒ ආකාරයෙනි.

    එහෙයින් අද ඔබට රිදවන x හෝ y යන පුද්ගලයා සැබවින්ම ඔබේ සතුරකු නොවේ. අතීත කර්ම විපාකයක් ක්‍රියාත්මක කිරීමට පමණක් ඔහු දෛවයෙන් තෝරාගෙන ඇත. එසේ වී තිබෙන්නේ ඔහුගේ ද 'කරුමයට ය.' මන්ද අද ඔහු කරන දේ වෙනුවෙන් හෙට නිසැකයෙන්ම වන්දි ගෙවන්නට සිදුවන හෙයිනි.ඉතිං මෙවැනි අසරණයකුට අනුකම්පා කිරීම හැර කළ හැකි අන් කිසිවක් ම නැත. මන්ඳ ඔහුගේ දුබල පෞරුෂය සහ බුද්ධි හීන භාවය නිසා අහක යන කරුමයකට අත ගසා ඇති හෙයිනි. මෙවැනි දුබලයන්ට එරෙහිව ප්‍රතිචාර පළ නොකිරීමෙන් ඔබ ඔබගේම අතීත කර්ම ගෙවා දමයි. ඔබට ඒ අවස්ථාව ලබා දෙන්නේ ඔබට පේන්නම බැරි සතුරා ය. එහෙත් ඔහු ඔබට කරන්නේ සාංසාරික උදව්වකි.ඒ උදව්ව වෙනුවෙන් ඔහුට ලැබෙන්නේ නිරා දුකම පමණි. ඉතිං සතුරාට අනුකම්පා‍ කිරීම සාධාරණ නොවේද? මන්ද ඔහු ඔබ නිසාම මතු භවය අඳුරුකර ගන්නා හෙයිනි.

    කෙනෙක් නුඹේ වම් කම්මුලට ගැසුවේ නම් ඔහුට දකුණු කම්මුලත් හරවාපන් යැයි යේසුස් වහන්සේ දේශනා කෙළේ නහී වේරේන වේරාණී යන සම්බුද්ධ දේශනාව ගුරු කොට ගැනීමෙනි. කිසිම කලෙක වෛරය වෛරයෙන් පරාජය කළ නොහැක. මෙය හැම දෙයකටම හැම තැනෙකටම හැම කාලයකටම අදාළය.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: අසරණ ‘සතුරාට’ අනුකම්පා කළ මැන! Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top