මේ යෝගය භංගවන ආකාරයේ ග්‍රහ පිහිටීම් ඉතාම අල්පය
ජන්ම පත්‍රයක් තුළින් මේ කරුණු පැහැදිලිව දැක ගත හැකි සත්‍යයකි. එවන් අශුභ යෝග අතර විෂ කන්‍යා යෝගය ස්ත්‍රී පක්ෂයට පමණක් බලපාන ප්‍රබලම අශුභ යෝගයකි.
අවාසනාව දෝතින් තුරුළු කරගත් ස්ත්‍රීන් විෂ කන්‍යා යෝගයෙන් උපදින බව පෙනේ. යෝග සහිතව උපන් ස්ත්‍රීයකට විවාහයකට ගැලපෙන පුරුෂ කේන්ද්‍ර පිළිබඳව ද ජ්‍යොතිෂයේ පැහැදිලිව පෙන්වා දී නැත.
ස්ත්‍රීයක් උපත ලබන දින, තිථි සහ නැකැත් අනුව විෂ කන්‍යා යෝගය යෙදෙන ආකාරය විමසා බලමු.
12 වෙනි තිථිය යෙදී ඇති ඉරිදා දිනයක අස්ලිස ,කැති, සියාවස යන නැකතකින් ඉපදීම, දෙවන තිථිය යෙදී ඇති අඟහරුවාදාවක සියාවස නැකතින් හෝ 07 වෙනි තිථිය යෙදී ඇති අඟහරුවාදා දිනක සියාවස හෝ පුෂ නැකතින් ඉපදීම,දෙවෙනි තිථිය යෙදී ඇති සෙනසුරුදා දිනක අස්ලිස නැකතින් හෝ 07 වෙනි තිථිය යෙදී ඇති සෙනසුරුදාවක කැති නැකතින් උපත ලැබීම, නිසා විෂ කන්‍යා යෝගය යෙදේ.
විෂ කන්‍යා යෝගය පහසුවෙන් මතක තබා ගැනීමට මේ වගුව ප්‍රයෝජනවත් වේ.
දින තිථි නැකැත්
අඟහරුවාදා 02 සියාවස
අඟහරුවාදා 07 සියාවස,විසා
සෙනසුරාදා 02 අස්ලිස
සෙනසුරාදා 07 කැති
ඉරිදා 12 කැති,අස්ලිස,සියාවස
භාව කුතුහලයෙහි දැක්වෙන්නේ මීට වඩා වෙනස් ආකාරයකිනි.
දින තිථි නැකැත්
ඉරිදා 02 අස්ලිස
ඉරිදා 12 විසා
අඟහරුවාදා 07 සියාවස
අඟහරුවාදා 12 සියාවස
සෙනසුරාදා 02 අස්ලිස
සෙනසුරාදා 07 කැති
මීට අමතරව විෂ කන්‍යා යෝගය යෙදෙන තවත් ක්‍රම කිහිපයක් ජ්‍යොතිෂයෙහි පෙන්වාදී තිබේ.
යම් ස්ත්‍රීයකගේ කේන්ද්‍රයේ ලග්නයේ පාප ග්‍රහයෙක් සිට ශුභ ග්‍රහයන් සතුරු රාශිගතව සිටී නම්, මේෂ ලග්නයෙන් ඉපිද ශනි ලග්නයේත් කුජ කේතු හය වැන්නේ සිටීනම් , මේෂ ලග්නයෙන් ඉපිද කුජ ලග්නයේත් රවි -රාහු හය වැන්නේ සිටී නම්, එම ලග්නයේම රාහු ලග්නයේන් කුජ-ශනි හය වැන්නේත් සිටී නම්, සිංහ ලග්නයෙත් ඉපිද ශනි ලග්නයේත් රවි-කේතු හයේ සිටී නම්,එම ලග්නයේම කුජ-රාහු ලග්න රාශියේත් රවි-ශනි දහවැන්නේත් සිටී නම්, විෂ කන්‍යා යෝගය යෙදෙන බව පෙන්වාදී තිබේ.
මේ යෝගය භංගවන ආකාරයේ ග්‍රහ පිහිටීම් ඉතාම අල්පය. විෂ කන්‍යා යෝගය යෙදී ඇති කේන්දරයක හත්වැන්නාධිපති හතේම තැන්පත්වී සිටියදී ලග්නයේ හෝ චන්ද්‍රයා සමඟ ශුභ ග්‍රහයෙකු සිටීනම් එම දෝෂය භංග වේ.
ලග්නය යුග්ම හෝ ස්ත්‍රී රාශියක්වී බුද-ගුරු- සිකුරු-සඳු බලවත්වීමෙන්ද විෂ කන්‍යා දෝෂය භංගවන බව පෙන්වාදී තිබේ.
අප සමාජය තුළ ජීවත්වන දුක්ඛ දෝමනස්සයන්ගෙත් පීඩිතව කල් ගෙවන ස්ත්‍රීන්ගේ කේන්ද්‍ර පරීක්ෂාවක් සිදු කළ හොත් එය අපට මනාව අවබෝධ කරගත හැකිවේ.
විෂ කන්‍යා යෝගයෙන් ඉපදී ඇති ස්ත්‍රීයට සැප සම්පත් ලැබුවද භුක්ති විඳීමේ පින අඩුය. අලංකාර වස්ත්‍රාභරණ ලැබුවත් එය ඇඳීමට පැළඳීමට අවස්ථාව නොලැබෙයි. ඇඳ පැළද ගත්තද එහි අලංකාර ප්‍රසන්න බවක් නොපෙනේ. කිලිටි අප්‍රසන්න ඇඳුම් ඇඳීමට ඇය මහත් ප්‍රිය බවක් දක්වයි. නොඑසේ නම් ඇඳින ඇඳුම් ඉක්මනින් කිලිටි වේ. ඇය විවාහ කර ගන්නා පුරුෂයාටද මහත් දුක් කරදර කම්කටොලු වලට මුහුණ දීමට සිදුවේ. සමහර විට ස්වාමියා ආබාධිත හෝ බෙලහීන තත්ත්වයට පත්විය හැක. එසේ නොවුනහොත් ස්වාමියා අකාලයේ මිය ගොස් ස්වාමි සෙනෙහස අහිමි වේ.
ඇයට දරු සැපද අහිමිය. දරුවන් ගර්භාෂයේදීම විනාශ වේ. නැතහොත් ඉපදී ටික දිනකින් මිය යයි.
දරුවන්ට, ස්වාමියාට පමණක් නොව මේ යෝගයෙන් උපන් ස්ත්‍රීන්ගේ පවුලේ සහෝදරයින්ටද අපල ඇතිවේ. ඔවුන්ටද බලවත් විවාහ දෝෂ යෙදිය හැකිය. බොහෝ විට එවැනි පවුල්වල පෙලපත පවත්වාගෙන යාමට පිරිමි දරුවෙකු හෝ ඉපදෙන බවද ජ්‍යොතිෂ පර්යේෂණ තුළින් අනාවරණයවී තිබේ. මේ අනුව බලන විට විෂ කන්‍යා යෝගයෙන් උපන් ස්ත්‍රීයක් පෙර භවයේ කෙතරම් බරපතල අකුසල කර්මයන් සිදුකර ඇතිද යන්න ධර්මානුකූලව සිතන විට අපට අවබෝධ වේ.
ජ්‍යොතිෂයේ පෙන්වා දෙන ආකාරයට පුර්ව භවයන්හිදී අන්‍යයන්ගේ ආවාහ විවාහ කටයුතු වලදී ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් අකුල් හෙළීම ඔවුන්ට වද දෙමින් නොයෙකුත් තාඩන පීඩනයන්ට ලක් කිරීම වැනි අකුසල කර්ම සිදුකළ අය විෂ කන්‍යා යෝගයෙන් ඉපදී දුක් විඳිති.
මේ යෝගයෙන් උපන් කාන්තාවන්ට එය අහෝසි කර ගත හැකි ශාන්ති කර්ම ජ්‍යොතිෂයේ කිසිම තැනෙක පෙන්වා දී නැත. අනුන්ගේ සැපතට අකුල් නොහෙලා හදවත් වලින් බැඳුණු දෙදෙනෙකු වෙන් නොකිරීමටත් ඔවුන්ට ආශීර්වාද කිරීමටත් සිත තබා ගන්න. නැතහොත් ස්ත්‍රීත්වයක් ලබා මෙවැනි අවාසනාවන්ත යෝග සහිතව මෙලොවට ජනිත වී නිරා දුක් විඳීමට සිදුවන බව සිහියේ තබාගෙන කටයුතු කිරීම වටී.
ජ්‍යොතිෂවේදී ගංගොඩගම සිරි විතාරණ
සටහන- ධම්මිකා වෙලේගොඩ
0 comments:
Post a Comment