සමාජයේ එක් කොටසක් සුරසැප විඳින කල තවත් කොටසක් අපා දුක් විඳිති. එකම මවු
කුස ඉපදුණු අයෙක් සියලු සැප සම්පත් ගරු බුහුමන් සුර සැප විඳින අතර අනෙකා දුකින් ලත
වෙමින් කාලය ගත කරනුද දැකිය හැක.
මෙයට හේතුව කුමක් දැයි ඇසුවහොත් බුදු දහම අනුව දිය හැකි කෙටිම පිළිතුර කර්මය යන්නයි.
කර්මය යනුවෙන් බුදු දහමේ සඳහන් වන්නේ බොහෝවිට පෙර ආත්මයේ කරන ලද කර්ම විපාක වල ඵලයයි. ඒ කර්ම විපාක අනුව ජන්මියා උපත ලබයි. අද උපදින බිළින්දා අනාගතයේ කුමන ආකාරයෙන් පල දේද යන්න කල්තියා දැන ගත හැකි එකම විද්‍යාව ජ්‍යොතිෂයයි.
කෙනෙකු උපදින විට විශ්වයේ ඇති වන ග්‍රහ යෝග ඔහුගේ කර්ම බලය විදහා දක්වන ග්‍රහ යෝගයයි. මේ අනුව කේන්ද්‍රයක් පරීක්ෂා කර නිවැරදි ඵලාඵල ප්‍රකාශ කිරීමට ග්‍රහයෝග පිළිබඳ සුවිශේෂ දැනුමක් අවශ්‍යයි.
භෞතික අගය වන තාරකා කිහිපයක් සංයෝග වීමෙන් මිනිස් ජීවිතයේ සිදුවීම් ශුභ හෝ අශුභ ලෙස ඵල දීමට උපකාරී වේ.මේවා ග්‍රහ යෝග යනුවෙන් ජ්‍යොතිෂයේදි හඳුන්වයි.
සුබ අසුබ ග්‍රහ යෝග පිළිබඳ මෙතැන් සිට දැන ගනිමු.
ග්‍රහ යෝග ක්‍රම 03ක් පදනම්කරගෙන යෙදේ.
එනම්,
* ඒ ඒ ග්‍රහයින් එකට එක් වීමෙන් පමණක් යෙදෙන ග්‍රහ යෝග.
* ග්‍රහයින් තැන්පත්ව සිටින රාශිය හා ග්‍රහයින් අතර එක්වීමෙන් ඇතිවන ග්‍රහයෝග
* ග්‍රහයින් හා භාව ආශ්‍රිතව ඇතිවන යෝග.
* ශුභ,අශුභ, රාජ, නිර්ධන, ධන, මාරක හා බාධක යෝග වශයෙන් විවිධ ග්‍රහයෝග ඇත.
ඔබේ කේන්ද්‍රයේ මේ ග්‍රහ යෝග කොයි ආකාරයෙන් පිහිටා ඇත්දැයි බලන්න ග්‍රහයෝග අතරින් ඉතා ප්‍රබල පංච මහා පුරුෂ යෝග ගණයට ගැනෙන ශ්‍රේෂ්ඨතම යෝගය හංස යෝගයයි.
හංස යෝගය උදා වන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානතම ග්‍රහ තාරකාව වන 'ගුරු' ගෙනි. ගුරු නොහොත් බ්‍රහස්පති යම් කෙනෙක් උපදින විට ස්වක්ෂේත්‍රව හෝ උච්චව කේන්ද්‍රගතව සිටි විට හංස යෝගය උදා වෙයි.
මේ අනුව
* මේෂ ලග්න හිමියන්ට ගුරු සිවු වැන්නේ උච්ච වීමෙන්ද
* මිථුන ලග්න හිමියන්ට හත් වැන්නේ හෝ දහ වැන්නේ ස්වක්ෂේත්‍ර වීමෙන්ද
* කටක ලග්න හිමියන්ට ලග්නයේ උච්ච වීමෙන්ද
* කන්‍යා ලග්න හිමියන්ට සිවු වැන්නේ හෝ හත් වැන්නේ ස්වක්ෂේත්‍ර වීමෙන්ද
* තුලා ලග්න හිමියන්ට දහ වැන්නේ උච්ච වීමෙන්ද
* ධනු ලග්න හිමියන්ට ලග්නයේ හෝ හත් වැන්නේ පිහිටිමෙන්ද
* මකර ලග්න හිමි අයට හත් වැන්න උච්ච වීමෙන්ද
* මීන ලග්න හිමියන්ට ලග්නයේ හෝ දහ වැන්නේ ස්වක්ෂේත්‍ර වීමෙන්ද හංස යෝගය යෙදේ.
වෘෂභ , සිංහ , වෘෂ්චික , කුම්භ ලග්න හිමියන්ට ගුරු හංස යෝගය යෙදෙන්නේ නැත.
ගුරු හංස යෝගය ධනය, කීර්තිය ,බුද්ධිය, හා නිරෝගී සුවය, පිරිස් බලය උදා කරන ශුභ ඵල ග්‍රහ යෝගයෙකි. මේ යෝගය දහ වැන්නේ යෙදුණු විට ඉතා ප්‍රබල පාලකයෙකු,නායකයෙකු,බලවෙතෙකු වීමට සමත් වේ.
ලග්නයේ යෙදුණු විට ඉතා ප්‍රබල දාර්ශනිකයෙකු,ප්‍රභූ වරයෙකු මෙන්ම දේහ ලක්ෂණ වලින් පිරිපුන් අයෙකු වීමට භාග්‍ය ඇති වේ.
හත් වැන්නේ යෙදුණු විට ප්‍රබල පුද්ගලයෙකු සහකරු හෝ සහකාරිය ලෙස හිමි වේ.
හතර වැන්නේ යෙදුණු විට යාන වාහන ගෙවල් දොරවල් වතු පිටි වලට හිමිකම් කියයි.
පොදු වශයෙන් හංස යෝගයෙන් උපත ලද අය මනා කඩවසම් අය වන අතර අන්‍යයන් ප්‍රිය කරන දැකුම් කළු අය වෙති. කුමන ආකාරයකින් හෝ අන්‍යයන් අතර කැපී පෙනේ. පාලකයින් හෝ නායකයින් දේශකයින් මේ යෝගයෙන් උපත ලබයි. පිරිසිදු සිතුවිලි වලින් යුත් නිසා නීතියට ගරු කරයි. සාමයට ප්‍රිය වෙයි. කුමන බාධක ආවත් ඒවා මැඩගෙන දිර්ඝායුෂ විඳිය හැකි යෝගයෙකි.
(ලබන සතියේ තවත් කොටසක්)
ජ්‍යොතිෂවේදිනී දේශබන්දු මාලනී සතරසිංහ

0 comments:
Post a Comment