නොබෙදු ඉඩමක ගෙවල් කීපයක් සෑදීම තදබල දෝස සහිතය. එයින් වන්නා වු අශුභ ඵල බොහෝය.
පදිංචි පුද්ගලයන්ට ඉන් වන්නේ විපතක් බව ජ්‍යොතිෂය පෙන්වා දෙයි.
දරුවන් දෙමාපියන්ට අවනත නොවිම,දරුවන් දඩබ්බර විම,හිතුමතේ විවාහ සිදුකර
ගැනීම, අනියම් සබඳතා ඇති විම,ආර්ථික අමාරු කම් ඇති වීම මෙන්ම නිතර රණ්ඩු සරුවල්
වීම ද මේ නිසා සිදුවන පල විපාක අතර ප්‍රධාන වෙයි.දෙමාපියන් විසින් තමාගේ ඉඩම් නිසි කාලයේදී තම දරුවන් අතර බෙදා නොදීම නිසා මෙවැනි තත්ත්වයන් උදාවීමට ප්‍රධාන තම හේතුව වේ. මෙහිදී නොබෙදූ ඉඩමක නිවාස ඉදිකිරීමට යෑමෙන් අශුභ පාදයක හෝ මර්මස්ථානයක නිවස ඉදිවීමට ඉඩ ඇත.එවැනි නිවෙසක දියුණුවක් ඇති වන්නේ නැත. ' සෙත්මිණ ' පාඨකයින්ගේ පහසුව සඳහා අපි මෙසේ විස්තර කරමු. වාස්තු විද්‍යානුකූල ඉඩමක් ලෙස සැළකෙන්නේ වැටකින්, තාප්පයකින් වට වූ බිම් කොටසකි. ඔබගේ පහසුව සඳහා අපි සරලව ඉඩමක පාද බෙදමු.

මෙහි ප්‍රේත පාද, මනුෂ්‍ය පාද, දේව පාද හා බ්‍රහ්ම පාද යනුවෙන් පාද 4පිහිටා ඇත. ප්‍රේත පාදය අතහැර මනුෂ්‍ය පාදයෙන් නිවසක් සෑදිය යුතු බවත්, සම්පුර්ණයෙන්ම බ්‍රහ්ම පාදයට යටවන කොටසේ නිවාස ඉදි නොකළ යුතු බවත් වාස්තු විද්‍යාවේ පෙන්වා දී තිබේ.
(02 රූප සටහන)
02 රූප සටහන බලන්න. මෙහි එකම ඉඩමක ගෙවල් කීපයක් සාදා ඇත.
මේ ඉඩමේ ගෙවල් කීපයක් සෑදීම නිසා ඇති වී ඇති දෝෂ මොනවාද යන්න අප මදක් විමසා බලමු. ඒ, බි, සී නිවාස තුනම ප්‍රේත පාදයට අසුවී ඇත. දෝෂ සහිතයි. ඩී, නිවස බ්‍රහ්ම පාදයට අසුවි ඇත. දෝෂ සහිතයි .ළිඳ වැසිකිළිය ඉඩමේ ප්‍රධාන මර්මස්ථා වලට අසුවී ඇත. මෙයද තද බල අශුභයි.

එසේම මෙවැනි ඉඩම් බෙදා වෙන් කර ගැනීමට බූදල් නඩු කීමට සිදුවේ . එහිදී ඉඩම් කට්ටි කිරිමේදී වැට මායිම් නිවස මැදින් යන අවස්ථා උදාවේ. මෙවිට සිදු වන්නේ නිවස කඩා නැවත සෑදීමටයි. එසේ නැතිනම් බිත්ති බැඳ නිවස දෙකට වෙන් කර ගැනීමට සිදුවේ. මෙහිදී බොහෝ දුරට සිදු වන්නේ වැසිකිළි මුළුතැන්ගේ නාන කාමර ආදී ස්ථාන බ්‍රහ්ම පාදයට අසුවීමයි. මෙය නිවැසියන්ට තදබල අශුභ ඵල ගෙන දෙන කරුණකි.
එකම ඉඩමක ගෙවල් කීපයක් තැනීමේදී බොහෝ විට නිවසේ හැඩය විකෘති වේ. මෙසේ වීමට හේතු වන්නේවැසිකිළි,ළිඳ ආදිය සඳහා අන් අයට ඉඩකඩ සැලසීමයි. මෙය දෝෂ සහිතය. එසේම සමහර අවස්ථාවල හැඩ ඉඩම්වල නිවාස ඒ ආකාරයෙන්ම සෑදීමට හේතුවේ. මෙය එතරම් ශුභ දායක නැත.

එකම ඉඩමේ ගෙවල් කීපයක් නිසා නිවසේ හැඩය වෙනස් වීම.
(4රූපය)
L හැඩයේ නිවසක් නිර්මාණය වීම.
මේ නිවසේ වාස්තු පුරුෂයාගේ හිස කොටස නැත. මෙය දෝෂ සහිතයි. ඒ තුළින් නිවැසියන්ට ආර්ථික අමාරුකම් , නිතර අසනීප මෙන්න ළමයින්ගේ අධ්‍යාපන තත්ත්වයන්ද දුර්වල වේ.

තම නිවසේ දෝස නැති වුවද මේ අනුව අසල නිවෙස්වල දෝෂ තමන්ට ඇතිවේ.
එකම ඉඩමක ගෙවල් කිහිපයක් සෑදීමට අදහස් කරන්නේනම් පළමුව එම ඉඩමේ කොටස් කරුවන් සමඟ ඉඩම තමන්ගේ අයිතිය ඇති ආකාරයට බෙදා ගන්න. වැට මායිම් දමා ගන්න. ඉන් අනතුරුව ඒ ඒ ඉඩම් වල පාද බෙදා නිවාස සෑදීමෙන් කිසි කලෙකත් දෝෂ ඇති නොවේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
ප්‍රේමසිරි කහඳවලආරච්චි
0 comments:
Post a Comment