කාල යනු කේතු වන අතර සර්ප යන රාහුවේ
ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ හඳුන්වා දී ඇති යෝග අතර බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇති ඇසූ පමණින් තැති ගන්නා යෝගයක්වු කාලසර්ප යෝගය ඔබටත් යෙදී තිබේද?
එය යෙදී ඇති ආකාරය හඳුනා ගෙන ඉන් යම් විපාකයක් වෙයි නම් එයින් මිදීමට හැකි වත්පිළිවෙත් තිබේ.
යම් අවස්ථාවක රාශි චක්‍රයේ සියලුම ග්‍රහයින් රාහු කේතු දෙදෙනාට මැදිවී එක් පසෙකටවී සිටී නම් කාල සර්ප යෝගය යෙදේ. මේ අවස්ථාවේ මෙලොවට ජනිත වන්නෝ කාල සර්ප යෝගය සහිතව උපදී.
කාල යනු කේතු වන අතර සර්ප යන රාහුවේ. මෙය සර්ප ශාපයකි. පෙර භවයන්හිදී කරන ලද අකුසල හේතුවෙන් මේ ආත්මයේ ඵල දීමක් ලෙස කිව හැක.
මේ යෝගය යෙදී ඇති ජන්ම පත්‍රයේ අර්ධයක් හිස්වී ඇති බව දැකිය හැක. එසේ වු විට විශ්ව ශක්තියේ සමබරතාවය නැතිවී ගොස් එක් පසෙකට බරවේ. මේ සමබරතාවය ගිලිහී ගිය විට ජන්මියාගේ ජීවිතයේ පැවැත්මට යම් යම් අහිතකර බලපෑම් ඇතිවේ එය පිහිටන රාශි යුගල අනුව එම රාශීන්ගේ දුබලතා ඇතිවේ. ඉතාමත් අයහපත් ආකාරයෙන් කාල සර්ප යෝගය යෙදී ඇති පුද්ගලයෙකුට බලපෑම් ඇතිවන කාල වකවානුවක් තිබේ.
මේ යෝගයට විශ්වයේ හරි අඩක් නියෝජනය වන නිසා කාලසර්ප යෝගයෙන් උපන් ජන්මියෙකුගේ ජීවිතයට බලපෑම් කළ හැක්කේ ජීවිත කාලයෙන් හරි අඩකට පමණි. ජීවිතයේ මුල් කාලය කාල සර්පයාගේ ශාපයට හසු වුවොත් අවසාන කාලය නියත වශයෙන්ම යහපත් වෙයි.
ජ්‍යොතිෂයට අනුව ජන්මියෙකුට කාලසර්ප යෝගය බලපාන අවම කාලසීමාව වසර 27කි. උපරිමය වසර 54කි. මේ කාලසීමාවන් තීරණය කෙරෙනුයේ යම් කේන්ද්‍රයක කාලසර්ප යෝගය ස්ථානගනවී ඇති ආකාරය අනුවය. එය ස්ථානගතවන ආකාර 06කි. රාහු -කේතු අක්ෂය කේන්ද්‍රයේ පිහිටා ඇති ආකාරය මත මෙය තීරණය වේ. කේන්ද්‍රයේ සප්තම යුගල වන 1-7, 2-8, 3-9, 4-10, 5-11, 6-12 මීට අයත්ය.
මේ භාව යුගල හරහා ඇතිවන අශුභ විපාක පෙන්වාදී ඇත්තේ ඒ ඒ භාව වලින් නිවේදනය කරන කරුණු අනුව විපාක ඇතිකරන බවයි. 1-7 යුගලයෙහි රාහු -කේතු සිටීමෙන් ජන්මියාගේ පෞරුෂය සහ සෞඛ්‍ය නිවේදනය කරයි. ලග්නයක් , විවාහ ජනක ශක්තිය සහ බාහිර සබඳතා ආදිය නිවේදනය කරන සත්වැන්න ආශ්‍රිතව ගැටලු ඇති කරයි.
2-8 අතර කාලසර්පයෝගය යෙදී ඇත්නම් දෙවැන්නෙන් නිවේදනය කරන ධනය, පෝෂණය , වචනය, පවුල ආදිය පිළිබඳවත් 8වැන්නෙත් ප්‍රකාශ කරන මරණය, ගුප්ත ක්‍රියා ආදිය සම්බන්ධවත් ගැටලු ඇති කරයි.
එය 3-9 යුගලයෙහි වේ නම් ඥාණය, දැනුම, වික්‍රමය, උසස් අධ්‍යාපනය ,මතක ශක්තිය , පියා සහෝදරයින් .භාග්‍ය ආදී කරුණු වලට හානි පමුණුවයි.
4-10 යුගලයෙහි නම් මව, නිවාස, යාන වාහන රැකියාව ආදී කරුණු සම්බන්ධයෙන් ගැටලු ඇති කෙරේ.
5-11 අතර නම් අධ්‍යාපනය, බුද්ධිය, දරුඵල, ආර්ථික ලැබීම්. නිරෝගී බව ආදී දේ පෙන්වන මේ රාශි යුගලට අදාල කරුණුවලට හානි ගෙනදේ.
6-12 රාශි යුගලයෙහි රාහු කේතු වෙයි නම් ශුක්‍ර රෝග, සෙම්රෝග.වැයවීම් ආදියෙන් ජන්මියා පිඩාවට පත්කරන අතර ඔවුන් බොහෝ දරුණු සැර පරුෂ පුද්ගලයින් බවට පත්විය හැක.
මේ යුගලයන්ට අදාලව කාලසර්ප යෝගය බල පවත්වන්නාවු වර්ෂ ප්‍රමාණය
1-7 - වර්ෂ 27යි.
2-8 - වර්ෂ 33යි.
3-9 - වර්ෂ 36යි.
4-10 - වර්ෂ 42යි.
5-11 - වර්ෂ 48යි.
6-12 - වර්ෂ 54යි.
යම් කේන්ද්‍රයක කාල සර්ප යෝගය යෙදී තිබෙන අයුරු මතු පිටින් පෙනුනද එය භාංගවන යෝගද යෙදී ඇත්නම් ඊට බිය විය යුතු නොවේ. කේන්ද්‍රයක මහා ප්‍රබල ශුභ යෝග යෙදී තිබේ නම් පාප යෝගවල බලය හීනවේ. නැතිනම් එම පාප බලය භංගවේ.
නිදසුනක් ලෙස කාලසර්ප යෝගය යෙදී ඇති කේන්ද්‍රයක පංච මහා පුරුෂ යෝගය පැවතීම පෙන්වා දිය හැක.
පංච මහා පුරුෂ යෝගය යනු වචනාර්ථයෙන්ම ප්‍රබල ග්‍රහයෝගයකි. එවැනි ග්‍රහ යෝගයක් ප්‍රබලව යෙදී තිබේනම් අනෙකුත් පාප ග්‍රහයෝග බලය ද හීනවේ.
කාලසර්ප කේන්ද්‍රයෙහි රවි-සඳු යන ග්‍රහයින් උච්චව හෝ සවක්ෂේත්‍ර තත්ත්වයෙන් සිටී නම් එහි පාප බලය හීනවේ. එවැනි කේන්ද්‍රයක යෝග කාරකයා ප්‍රබලවීමෙන්ද අනිටු බලය දුරුවේ. ලග්නාධිපති බලවත්වීම මෙහිදී වඩාත් වැදගත්ය.
රාහු තැන්පත්ව සිටින රාශිය බලවත් ගුරුගේ දෘෂ්ඨියට ලක්වන්නේද රාහු සිටි නැකත සර්වතෝභද්‍ර නියමයෙන් ගුරුගෙ දෘෂ්ටියට ලක්වන්නේ ද කාල සර්ප දෝෂය සම්පුර්ණයෙන්ම භංගවන බව ජ්‍යොතියේ ඉගැන්වේ. මින් එකක් පමණක් වේ නම් අශුභ විපාක අවම කරයි.
හිරු- සඳු- ලග්නාධිපති- යෝගකාරකාදීන් බලවත්ව යෙදී ඇති පංච මහා පුරුෂ යෝගයෙන් බලවත්වු කාල සර්ප යෝගය යෙදී ඇති කේන්ද්‍ර හිමියන් ඉතා වාසනාවන්ත අයුරින් දීර්ඝායුෂ විඳිමින් දිවි ගෙවන අයුරු අප දැක ඇත.
අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායක,ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ,ශ්‍රේෂ්ඨ කලාකරුවෙකු මෙන්ම දේශපාලනඥයකු වු විජය කුමාරණතුංග, රටක් හෙල්ලු සුර සරදියෙල් වැන්නවුන් බිහිවී ඇත්තේ කාල සර්ප යෝගයෙනි .
කාල සර්ප යෝගයේ පාප බල අහෝසිකර ගන්නා අයුරු
ඔබ කාලසර්ප යෝගයට බිය විය යුතු නැත. පෙර ඉසිවරු පෙන්වාදී ඇති ආකාරයට ශාන්ති කර්මවල නියැලී උවදුරු මඟ හරවා ගනිමු. මීට නොවරදින ප්‍රතිකාරය ලෙස නක්ෂත්‍ර, වෘක්ෂ වන්දනාව සහ ග්‍රහ ස්නානය පෙන්වා දිය හැක.
බෞද්ධයන් සධහා තෙරුවන් පෙරටු කොට නිතර 'කඳ පිරිත' සජ්ඣායනා කිරීම ඉතාම යෝග්‍යය. ඉන් සර්ප ශාප බොහොමයක් දුබල වන බව පිළිගැනීමයි.
සර්ප ශාප දුරුවේයැයි විශ්වාස කරනු ලබන පහසුවෙන් සිදුකළ හැකි ශාන්ති කර්මයක් ජ්‍යොතිෂයේ පෙන්වා දෙයි.
හිස් පහක් හෝ එක හිසක් ඇති නාගරූපයක් ගෙන එය කට පළල් බඳුනක බහාලන්න. සතියක් පුරා දිනපතාම තෝරගත් එකම වේලාවක උදේ සහ සවස තලතෙල් තේ හැන්දකින් එම නාග රූපය නාවන්න. දින හතකින් බඳුනට එකතුවන තෙල් රැගෙන බෝධීන් වහන්සේ වෙත ගොස් එම තෙල් වලින් පහන් දල්වා බෝධි පුජාවක් පවත්වා දෙවියන්ට පින් දී සහනය ඉල්ලන්න.
මෙසේ සතියෙන් සතිය එකතුවන තලතෙල් රැගෙන ගොස් සති 03 හෝ සති 07 ක් බෝධි පුජා පවත්වන්න. ඉන්පසු එම නාග රූපය විෂ්ණු හෝ සුනියම් දෙවොලකට පුජා කරන්න.
ඔබත් කාලසර්ප යෝගයෙන් ඉපදී ඇත්නම් මේ ශාන්ති කර්මය අත්හදා බලන්න.
ධම්මිකා වෙලේගොඩ

0 comments:
Post a Comment