728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-18

    විවාහ වන යුවතියට ලැබෙන නෑදෑයන් කලින්ම හඳුනා ගනිමු


    තරුණියකගේ කේන්ද්‍රයේ 7 වැන්නෙන් තෙවැන්න, එනම් නව වැන්නෙන් ඇයට ලැබෙන සහෝදරයන් හඳුනාගත හැක

    රාහු කුජ ශනි කේතුගේ යම් සම්බන්ධයක් ඇත්තම් නිතර නැන්දම්මා, ලේලි අතර ගැටුම් හට ගනී

    උපන්දා සිට දෙමාපිය රැකවරණය යටතේ  සිටින යුවතියක විවාහ වු පසු ඇයට බොහෝ විට තම උපන්ගම,දෙමාපියන්, මෙතෙක් කල් ඇසුරු කළ නෑදැ හිත මිතුරන්ගෙන් දුරස්වී අලුත්ම නෑදැ හිතවතුන් පිරිසක්  ඇසුරු කිරීමට සිදුවේවි. මෙහේ විවාහයෙන් පසු ලැබෙන නෑදැයන්, හිතවතුන් පිළිබඳ කලින් අවබෝධයක් ලබා ගත හැකිනම් කෙතරම් අගනේද?

    යමකු සමඟ අවබෝධයෙන් තොරව කටයුතු කිරීම ගැටලු වලට හේතුවේ. විශේෂයෙන්ම නැන්දම්මා, ලේලි නෑනලා අතර  ගැටලු ඇතිවේ. මෙය වළක්වා ගැනීමට කලින්ම අවබෝධ කරගැනීම වඩාත් යහපත් නොවන්නේද?

     ජන්ම පත්‍ර පරික්ෂා කර බලා තමාට ලැබෙන බිරිඳ, ස්වාමියා.නෑදැයන් කොයි වගේද කියා අවබෝධ කරගත හැක. ස්වාමියා ගැන ස්ත්‍රී කේන්දරයක 7 වැන්න සැලකිය යුතුය. හත්වැන්නට ලැබෙන ග්‍රහ දෘෂ්ටි.බල දුබලතා මත ස්වාමියාගේ ගති ලක්ෂණ පෙන්වයි.  යම් ජන්ම පත්‍රයක හත්වැන්නේ කිසිවකු නොසිටින්න ඉඩ ඇත. එවිට හත අධිපතියා සිටින රාශිය බලා එතනට ලැබෙන දෘෂ්ටි සංයෝග පරීක්ෂා කර ලැබෙන ස්වාමියා පිළිබඳ තීරණය කළ හැකි.

    මේෂ , වෘශ්චික ලග්නවලට හත අධිපතියා සිකුරුය. වෘෂභ. තුලා ලග්න වලට හත අධිපතියා කුජ ය . මිථුන , කන්‍ය ගුරුය. කටක සිංහ ලග්නවලට හත අධිපති  ශනිය. ධනු, මීන , ලග්න දෙකට බුධ මකර රාශියට චන්ද්‍රයාද චන්ද්‍රයා කුම්භයට රවි හත අධිපතියා වේ.

    හත්වැන්නාධිපතියාට විවිධ ග්‍රහ සංයෝග ඇතිවිය හැකිය. රවි - කුජ, කුජ-ශනි , රාහු - කුජ, රවි - රාහු වැනි සංයෝග විවාහයට එතරම් ශුභ නොවේ. එය ස්වාමියාගේ චරිතයට ,අදහස් වලට සෘජුවම බලපෑම් කරයි.
    තරුණියකගේ කේන්ද්‍රයේ7 වැන්නෙන් තෙවැන්න, එනම් නව වැන්නෙන් ඇයට ලැබෙන සහෝදරයන් ගැන හඳුනාගතහැක. ලැබෙන නෑනලා මස්සිනාලා ගැන  කියැවේ.

     යම් ලෙසකින් ඇගේ 9 වැන්නේ පාපි ග්‍රහයන් පිහිටීමෙන් දෘෂ්ටි ලැබීම ගැටුම්වලට හේතුවේ නම් වැන්නේ කේතු සිටීම නිසා ලැබෙන මස්සිනාලා කිසිඳු ප්‍රයෝජනයක් නැති අය වෙති.
     රවී සඳු ,බුධ,සිකුරු, ගුරු වැනි ග්‍රහයකුගේ දෘෂ්ටියක් ලැබීම හෝ නවවැන්නේ වීම ඇයට උසස් රැකියා කරන නෑනලා , මස්සිනාලා ලැබේ.

    නැන්දම්මා පිළිබඳ  6 වැන්න කියයි. රාහු කුජ ශනි කේතුගේ යම් සම්බන්ධයන් ඇත්තම් නිතර නැන්දම්මා, ලේලි අතර ගැටුම් වෙති. 6 අධිපතියා 10 අධිපතියා සමඟ පරිවර්ථනය වී ඇත්නම් ලැබෙන  නැන්දම්මා ඉතා යහපත් වනු  ඇත.

    හත අධිපතියාට අනුව විවාහයට ලැබෙන සහකරු කුමන දිසාවකදැයි තීරණය කළ හැකිය. ජන්ම පත්‍රයේ 7 වැන්නාධිපති. හෝ තැන්පත් ග්‍රහයා හෝ 7 වැන්නාට දෘෂ්ටි හෙලන ග්‍රහයන්ගේ බලවත් කාලයේදී විවාහය සිදුවෙයි.
    ඉතා නිවැරදිව කාල නිර්ණය කර ගැනීමට මහ දශාව, අතුරු දශාව, විදශාව, දශාව දක්වා පරීක්ෂා කළ යුතුය.7 වැන්න අධිපතියා මෙන්ම එහි ඇති අනෙක් ග්‍රහයන් හා ලැබෙන දෘෂ්ටි ආදිය සලකා බලා විවාහය සිදු වන කාලය සොයා ගත හැකිය.

    ලග්න අනුව විවාහ වන  කාලය 

    මේෂ -සිකුරුගේ දශාව, අතුරු දශාව හෝ
    කුජගේ සිකුරු අතුරු දශාව.

    වෘෂභ -කුජ මහ දශාව,අතුරු දශාව හෝ
    සිකුරුගේ කුජ අතුරු දශාව

    මිථුන-කන්‍යා - ගුරු දශාව හෝ අතුරු හෝ
     ගුරුගේ සිකුරු අතුරු දශාව.

    කටක- සෙනසුරු මහ දශාව හෝ අතුරු දශාව
     හෝ ශනිගේ සිකුරු අතුරු දශාව.

    සිංහ -ශනිගේ දශාව හෝ අතුරු හෝ
    ශනිගේ සිකුරු අතුරු දශාව .

    තුලා- කුජ දශාව හෝ අතුරු දශාව ‍හෝ
    රවිගේ සිකුරු හෝ කුජ අතුරු දශාව

    වෘශ්චික සිකුරු දශාව හෝ අතුරු ‍හෝ
    කුජගේ සඳු හෝ සිකුරු අතුරු දශාව.

    ධනු,මීන -බුධගේ දශාව හෝ අතුරු දශාව තුළ හෝ  ගුරුගේ බුධ අතුරු දශාව

    මකර- සඳු මහ දශාව හෝ අතුරු දශාව හෝ
     සෙනසුරුගේ රවි අතුරු දශා කාලයයි.

    මේ කාලවලදී විවාහයට සුබ වෙයි.

     සෑම ලග්න හිමියෙකු‍‍ගේම 7 සිටින ග්‍රහයාගේ දශාව හෝ අතුරු දශාවේ විවාහය සුදුසු වෙයි.
     හතෙහි ග්‍රහයන් කිහිප දෙනෙකු සිටි විට කවර ග්‍රහයාගේ කාලයේ විවාහය සිදුවේද යන්න සැලකිලි යුතුය. එහි  වඩා  බලවත් ග්‍රහයාගේ කාලයේදි විවාහය සිදුවෙයි. හත්වැන්නේ ග්‍රහයන් නොමැති කල 7 වැන්න අධිපති සිටින තැන හා ලැබෙන දෘෂ්ටි ආදිය සලකා තීරණයක් ගත හැක.

    ශනි, කේතු , රවි .ගුරු වැනි ග්‍රහයන් 7 වැන්න සම්බන්ධ වීම විවාහය ප්‍රමාදවීමට හේතු වෙයි .බුධ, කුජ ශුක්‍ර, රාහු යන ග්‍රහයන් සම්බන්ධ වු විට විවාහය ඉක්මන් වේ.
    යමෙකුට විවාහය ප්‍රමාද වන්නේ නම් ඒ සඳහා ජ්‍යොතිෂයේ පිළියම්ද ඇත්තේය. එමෙන්ම කෙනෙකුගේ ජන්ම පත්‍රය මැනවින් හඳුනාගත යුතුය. ඒඅනුව යම් ගැටලු ඇත්නම් එයට පිළියම් කර ගැනීම සාර්ථක විවාහයක පදනම වනු ඇත.

    ජ්‍යොතිෂවේදී 
    උඩුනුවර ඩී.එම් . නිලන්ත කුමාර ධනසේකර

    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: විවාහ වන යුවතියට ලැබෙන නෑදෑයන් කලින්ම හඳුනා ගනිමු Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top