728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-04

    මේෂ
    කැපී පෙනෙන සමාජ ආශ්‍රයක් ඇතිවේ. නොසන්සුන් ගති ඇති කරයි. කටමැත දෙඩවීමට ගොස් බිරිඳගෙන් චෝදනා ලබයි.තමන්ගේ නිර්මාණ කටයුත්තක් එලි දැක්වීමට ශුභ කාලයකි. තද තීරණ මත වැඩ කිරීමේදී අතරමැදි ප්‍රශ්න ඇතිවේ. ජලය සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වීමෙන් අසල් වැසියන් සමඟ ප්‍රශ්න ඇති කරයි. ලේඛන කලාව මෙන්ම ජන මාධ්‍ය කටයුතු වලදී කැපී පෙනෙන ස්වභාවයක් පෙන්නුම් කරයි. උදරයේ පිත්තාශයේ රෝග ඇති කරයි.
    ජය අංක- 5,1,3,4 ජය වර්ණය-තදරතු,සුදු

    වෘෂභ
    තම නම විකුණා ලාභ ලබන පුද්ගලයන්ද හමුවේ. පාසැ
    ලේ ඇති  වු ප්‍රශ්නයකට තමන්ටද මුහුණ දීමට සිදුවේ. විවාහ ප්‍රශ්න පවුල් ජීවිතය අවුල් කිරීමට ඥාතියකුගේ කරදර ඇතිවේ. තැන්පත් ධනය වැය කර ව්‍යාපාර කටයුතු වලට ශුභ නැත. මුදල් අයෝජනය කිරීමේදී පාඩු ඇති වීමට පුළුවන. උගුරේ ඇතිවන අසනීප නිසා වචන වල උච්චාරණය වෙනස් වේ. ස්ථාන මාරු කිරීමෙන් දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු වලට සහනයක් ඇතිවේ.
    ජය අංක-9,2,5,1 ජය වර්ණ-නිල්  -රන්වන් පාට

    මිථුන
    සේවක ප්‍රශ්න හේතුවෙන් වැඩ පිළිවෙල වෙනස් කිරිමට සිදුවේ. දේපළ ප්‍රශ්න නීතිමය ගැටලු ආදියට මුහුණ දීමට සිදුවේ. වගා කටයුතු ගැන කලකිරීමක් ඇති කරයි. අලුත් කර්මන්ත ආදිය පටන් ගැනීමට සිතුවක් ස්ථාන ප්‍රශ්න හරස් වේ. බහු ජාතික සමාගම් හා එක්ව කටයුතු කරයි. ශනි ග්‍රහයා සතුරු ස්ථානයේ ගමන් කිරීම නිසා පිටස්තර. අයගෙන් ලැබෙන සහයෝගය අඩු කරයි. තම ආගම දහම පවා එපා වන අවස්ථාද යෙදේ. හදිසි අනතුරුවලට ලක්විය හැකි සතියකි. කකුල්වල ආබාධවලට ශල්‍යකර්ම කිරීමට සිදුවේ.
    ජය අංක- 6,1,5,4 ජය වර්ණ-රෝස, කහ

    කටක
    සුරතල් සතුන් සම්බන්ධ ව්‍යාපාරයක් පටන් ගැනීමට සහ වෙනත් රටවල් සමඟ ගනු දෙනු කිරීමට පුළුවන. දේපල සම්බන්ධ  තිබු ගනු දෙනුවක් ලැබේ. විදේශ ගමන් වලට හේතු පවති. බර වාහන පැදවීමේදී ඉතා පරිස්සම් වන්න. ළමයින්ගේ හිතුවක්කාර ගති නිසා විශාල  ධන හානි මෙන්ම නීතිමය ගැටලු ඇති කිරීමට හේතුවේ. විවාහය තීන්දු කරගැනීමට යයි. ‍වැඩිහිටි නිවාසයට දාන පිංකම් කිරීමට  සිතයි. ඥාතියෙකගේ පැමිණීම නිවසේ උත්සවයක් කරගනී. අධ්‍යාපන කටයුතු ගැන වැඩි උනන්දුවක් ඇති නොවේ. ජය අංක-4,1,2,8  ජය වර්ණ-තැඹිලි, දලුපාට

    සිංහ
    අධ්‍යාපන කටයුතු සම්බන්ධ තේරීමක් කළද මනස නිරවුල් නැත. අවිවේකීව වැඩ කිරීමට සිදුවේ.සතුන්ගෙන් පීඩා ඇතිකරයි. උණ ආදී අසනීප ඇති කරයි. සිත, කය වෙහෙසා උනන්දුව ඇතිවීමෙන් රාජකාරි කටයුතුවලට සහන ඇතිවේ. වගා කටයුතු සඳහා දෙබිඩි තීරණ ගනී. ගුවන් යානා සම්බන්ධව වැඩ කරන අතර දක්ෂ ක්‍රියාකාරකම් පෙන්වයි. වචනයක් වැරදීම නිසා. සමූහයක් අතර නොසන්සුන් ගති ඇතිවේ. විධිමත් වැඩ පිළිවෙලක් අනුගමනය කිරීමෙන් දේශපාලන කටයුතු සම්බන්ධ  මෙන්ම වෙහෙර විහාර ආදී කටයුතු වලදී වැඩි උනන්දුවක් පෙන්නුම් කරයි. ආගම් භේදයකින් තොරව වැඩ කරයි.
    ජය අංක-7,2,8,1 ජය වර්ණ- රතු, දලුපාට

    කන්‍යා
    අන් අයගේ ලියකියවිලි වලට අත්සන් තැබීම නිසා කරදර ඇතිවිය හැක. සොර සතුරු කරදරයක් ඇති වීමට ඉඩ ඇත. අඟහරු මහ දශාව හෝ බුධ මහ දශාව ගත කරන අයට අන්සතු ලාභ ලැබීමටත් කථිකත්වය අනුව ජයග්‍රහණය කිරීමටත් හැකියාව ඇත.
    හෘද රෝග ඇතිවිය හැක .අත්්හැර යාමට හෝ රැකියාව නිසා හෝ අඹු සැමි දෙදෙනා පළාත් දෙකක විසීමට සිදුවේ.අපල ඇතිවන බැවින් නිතර ආගමික වතාවත් කිරීමෙන්ද විෂ්ණු දෙවියන්ට පුද පුජා පැවැත්වීමෙන් ද අපල දුරු කරගැනීමට පුළුවන. ඉඩකඩම් ගැනීමට ශුභ සතියකි.
    ජය අංක-6,2,5,9 ජය වර්ණ-කහ ,දම්

    තුලා
    රැකියාවේදී අන් අය වශී කරගන්නා ගති ඇති කරයි.උසස් නිලතල ලැබුවත් රැකියාව කිරීමේ යම් අපහසුතාවලට ලක්වේ. වෙළඳ ආයතනවල විදුලිය ගින්දර සොර සතුරු කරදරවලින් පාඩු ඇතිකරයි. ඉක්මන් තීරණ ගැනීම නිසා වෘත්තීය කටයුතුවල වෙනසක් සිදුවේ. කලා කටයුතු කරන අයට ප්‍රසිද්ධියට වඩා ආදායම සරුවේ. ගුරු මහ දශාව ගත කරන අයට මේ සතිය හොඳ ආර්ථික තත්ත්වයක් ඇති කරයි. රැවටීම්වලට ඉඩ ඇති බැවින් කල්පනා කාරීවන්න. ණය ගනු දෙනුවක් නිසා සිත් අමනාප වීමක් ඇතිවේ. හදිසි කැඳවීමක් මත විදේශ ගමනකට හේතුව ඇත.
    ජයඅංක-5,9,2.6 ජය වර්ණ-මිශ්‍ර වර්ණ

    වෘශ්චික
    ස්ථිර තීරණ ගැනීමට මේ සතිය ශුභයි නිවසේ වැඩ කටයුතු පටන් ගැනීමට මෙන්ම නොහඳුනන පුද්ගලයකුට රැවටීමට ඉඩ ඇත. තම චරිතයට අපහාස වන චෝදනාවක් එල්ලවේ. ලේඛන කලාව කරන ඔබට රජයෙන් කීර්ති නාම, සහතික ලැබෙන අතර රැකියා උසස් වීමද ඇති කරයි. අධ්‍යාපන ප්‍රථිඵල ශුභවේ උසස් අධ්‍යාපනයකට පාසැල් මාරුවක් පෙන්නුම් කරයි. වකුගඩු සම්බන්ධ ප්‍රශ්න ආදියට ඉඩ ඇත. විශේෂයෙන් සිකුරු මහ දශාව ගත කරන අය  නිර්ණාමික දුරකථන ඇමතුම් ගැන ‍නොසිතන්න.
    ජය අංක -4,7,1,8 ජය වර්ණ -සුදු,දුඹුරු

    ධනු
    විවිධ පලාත්වල අය මුණ ගැසීමටත් රැකියා වෙනස් කිරීමටත් ඉඩ ඇත. නිලතල වල හොඳ තත්ත්වයේ වෙනස් වීමක් පෙන්නුම් කරයි. හමුදාවේ රැකියා කරයි නම් තනතුරු උසස් වීමක් වෙයි. වාහන ගැනීමට ශුභ සතියකි. පදිංචි ස්ථානමාරු කිරීමට සිතේ එකඟතාවයක් නැත.
    ජයඅංක-3,8.6,4 ජය වර්ණ-කහ, තද නිල්

    මකර
    අලුත් රැකියා ලැබීම්, විභාග වලින් විශිෂ්ට සමර්ථයක්  ලැබීම ආදියට හේතු වේ. විදුලි කාර්මික අංශයෙන්අධ්‍යාප කටයුතු වලට ශුභයි. සහෝදරියකගේ මංගල කටයුතු ස්ථිරවේ.ඥාතිවරයකුගෙන් මුදල් සහන ලැබේ.  ආගම දහමට යොමු වීමට සිතයි. නර්ථනය සංගීතය ආදී කටයුතු වලදී කැපීපෙනේ. නීතිය සම්බන්ධ වැඩ වලින් ලාභ ලබයි. උදරාබාධ උගුරේ අසනීප, කකුල් වල ආබාධ ඇතිවීමට පුළුවන. කුඩා ළමයි ඇස් රෝගවලින් පරිස්සම් කරන්න.
    ජය අංක-2,6,9,5 ජය වර්ණ- කහ, තැඹිලි වර්ණ

    කුම්භ
    පැවති ප්‍රශ්න  අඩු වී අලුත් රැකියාවට මුහුණ දෙයි. ලේඛකයින්ට පිට අයගේ දිරිගැන්වීම් ඉදිරි ආදායමට ශුභවේ. ශනි ග්‍රහයාගේ ‍ගෝචර ගමන ඔබට යම් යම් සහන දෙන අතර,ශනි මහ දශාව ගත කරන අයට තද වර්ණයෙන් යුත් මැණික් ලැබේ.  පුරා. විද්‍යා කටයුතු වල නිරත වන අයට ආර්ථික තත්ත්වය සුබයි. ගෙවීමට තිබු මුදල් ගනු දෙනු වලින් ‍නිදහස් කෙරේ. ප්‍රභුන්ගෙන් ප්‍රසංශා ලැබේ.
    ජය අංක-2.4,7,3 ජය වර්ණ -නිල් සහ සුදු

    මීන
    යථාර්ථය තේරුම්ගෙන වැඩ කිරීමෙන් වීමට තිබු ‍අවනම්බුවක් මග හැරීයයි. රැකියා බලාපොරොත්තුව වෙනස්කර වෙළඳ ව්‍යාපාර පටන් ගැනීමට සිතයි. සතුන්ගෙන් කරදර ඇති වන අතර කුඩා ළමයි සතුන්ගෙන් පරිස්සම් කරන්න.
    ප්‍රභු නාමයට සතුරු කරදරයක් ඇත. සමිති සමාගම් වලදී අතුරු ප්‍රශ්න ඇති වීමෙන් සිත් වේදනා ඇතිවේ .ගුප්ත කටයුතු වලට මුලාවී මුදල් හානියක් ඇති කරයි. කෘෂි කාර්මික කටයුතු වලට සතුන්ගෙන් පීඩා ඇතිවේ. ස්නායු සම්බන්ධ අසනීප ඇති කරයි.
    ජය අංක-8,3.1.6
    ජය වර්ණ-දම්, රෝස

    ප්‍රවීණ   ජ්‍යොති­ෂ­වේදීනි
    සොමී  උඩවත්ත
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top