විශේෂ දේව පුජාවක් සඳහා යොදා ගත යුතු දේවල් ගැන හරි හැටි අවබෝධයක් බොහෝ දෙනාට නැත.
මුරුතැන් දානය, නවග්‍රහ පුජාව, විෂ්ණු පුජාව, කාළි පුජාව, ගණපති පුජාව වගේ දේව පුජාවන් සඳහා යොදා ගත යුතු පුජා ද්‍රව්‍යයන් සම්බන්ධයෙන් දැනුම අවබෝධය ලබා ගැනීම බොහෝ වටී. සමහර කපු මහත්වරු හිතෙන හිතෙන දේවල් නියම කරති. මේ හේතුවෙන් බැතිමතුන් අපහසුතාවට පත්වන අවස්ථා බොහෝය. පුජා සඳහා යොදා ගත යුතු ද්‍රව්‍ය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමෙන් නොරැවටී තමන්ටම පුජාව සකස් කර ගැනීමට පුළුවන.
මුරුතැන් දානය
සෑම ප්‍රධාන පෙලේ දේවාලයකම මුරුතැන් දානය සකස් කර දෙවියන්ට පුජා කරත්. මේ සඳහා බැතිමතුන් දායකත්වය සපයයි .දෙවියන් උදෙසා මුරුතැන් දානය පුජා කිරීමෙන් මහත් සෙතක් ශාන්තියක් අත් වන බවටත් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය නිවැරදිව ලැබෙන බවත් විශ්වාසයක් පවතී.
මුරුතැන් දානය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
කැකුළු හාල් -කිලෝ 04යි / කිතුල් හකුරු -කිලෝ 04යි / කජුමද -කිලෝ 04යි
වියළි මිදි ග්‍රෑම්-500යි / මුං ඇට ග්‍රෑම් -500යි
එනසාල්- කරල් 50ක් පමණ / බටර්- 1/2යි / පොල් -ගෙඩි 08යි
දානය පිළියෙල කිරීම.
පොල් සිහින්ව ගා මිරිකා කිරි භාජනයකට දමා ලිප තබා සෝදා ගත් කැකුළු හාල් පැසෙන කිරට දමන්න. බත ඉදීගෙන එන විට තම්බා ගත් මුං ඇට එයට එක් කරන්න. කජු මද කැබලිකර හකුරු සිහින්ව කපාගෙන ඒවා වියළි මුද්දරප්පලම් සමඟ කිරිබතට එක්කර කලවම් කරන්න. බටර් අවශ්‍ය ප්‍රමාණයට කිරි බතට මිශ්‍ර කරන්න. දානය නිවුණාට පසු කොටසක් දේව පුජාවට තබන්න
.
දානය පිළියෙල්කිරීමේදි හිස සහ මුඛය රෙදිවලින් බැඳ ගැනීම නිවැරදි පිළිවෙතයි. මුරුතැන් දානය පිරිමින් විසින්ම පිළියෙල කළ යුතු යැයි විශ්වාසයක්ද පවතී. මුරුතැන් දානයෙන් කොටසක් දෙවියන්ට පුජා කර ඉතිරිය බැතිමතුන් අතර බෙදා දිය යුතුය. මුරුතැන් බත් සතුන්ට කෑමට දිම නුදුසුසු බවටද මතයක් පවති.
(දෙවියන් නමින් දෙන දේව පූජා සකසන පිළිවෙල ලබන සතියේ...)
ජ්‍යෙතිෂවේදිනී
දේශබන්ධු මාලනී සතරසිංහ
0 comments:
Post a Comment