දෙකන පිහටා ඇති ආකාරය විග්රහයක යෙදුණු ඉසිවරු කාන්තාවකගේ පිටත අලංකාරය අභිබවා අපට නොපෙනෙන ගති සොබා මනාව පැහැදිලි කර තිබේ.
සවන්පත් අපට උපකාරීවන්නේ අවට ශබ්ද ග්‍රහණය කර ගැනීමටය.එමඟින් අවබෝධය ලබා ගැනීමටය.නමුත් එහි පිහිටීමේ හැඩය ඇගේ චරිතය පිළිබඳ කැඩපතක් බව මීට පෙර අසා නැතුවා විය හැක.
කාන්තාවකට මහත් ලොකු කන් පිහිටියේ නම් පතිදම් රකිනා මහත් ගුණයෙන් සපිරුණු උතුම් දරුවන් ලබන්නියක ලෙස පඬිවරු පෙන්වා දී තිබේ.
සවන්පෙති එල්ලෙන ආකාරයට පිහිටියේ නම් යහගුණයෙන් පිරිපුන් පිනැත්තියකි.අන්‍යයන්ට ඔවදන් දෙන්නීය. ගතසිත දෙකම දහමට බරය. රසවත් වදන් පවසයි.ජනතාව නව සිතිවිලි වෙත නැඹුරු කරවීමට මෙවැන්නියන් දක්ෂය.
වැහැරී ගිය නහර මතුව ඇති කන් පිහිටි කත පාප සිතිවිලිවලින් ජීවිතයම අඳුරුකර ගනී.
මටසිලිටි දිගු සවන් ඇත්තිය සියුම් දෙයෙහි දක්ෂ ගුණවත් මෙන්ම නැණවත් ඉසුරින් පිරුණු කුල කතකි.සාමය,සතුට රැගෙන එන සිරිකතකි.දරු සැපයෙන් නිවෙස එළිය කරනු ඇත.
කන් පෙතිවල කෙස් ඇති ළඳ නපුරු අවගුණවලින් යුතු කාන්තාවක් බව සෘෂි මතයයි.දරුඵල අහිමි ඇය සැමියාට දසවද දෙන දිළිඳු අවාසනාව ගෙනෙන කතක් බව මතය වේ.
සවන්පෙති මත කුඩා ඉන්නෙකු සිටින සිනාසෙන විට මල් පොහොට්ටුවක් දසන් ඇති කත ඥාතීන්ටත් හිතමිතුරන්ටත් එකසේ පිනැති ළඳකි. කීකරුය.තියුණු ගුණ නැණ ඇති ඇය පතිවත පනමෙන් සුරකින සිරිකතකි.
සසර සරණා සතට ඉඳුරන් පිනවමින් යන නොතිර ගමනට
දෙවෙනි තැන දෙන පසිඳු ඉඳුරෙකි සවන් පත ගැන කියයි මෙලෙසට
වසර දෙදහස් ගණනකට පෙර පොරණ ඉසිවරු පැවසු විදිහට
ගතේ සළකුණු බලා හරියට කියා ඇත මේ ලෙසට සතහට
සොඳුරු යහගුණ දමින් සපිරුණු දිගැසියක සතු සවන් පෙති ගැන
පොරණ ඉසිවරු කනේ සලකුණු වලින් පවසයි ඇගේ යහගුණ
මහඟු පතිදම් ගුණෙන් සපිරුණු උතුම් දරුවන් ලොවට ගෙන දෙන
වාසනාගති ගුණය පෙන්වයි මහත් ලොකු කන් ඇතොත් සපිරුන
පිනැති යහගුණ දමින් හොබවන අනඟ ඔවදන් දෙමින් සතහට
සුවැති හරබර වදන් පවසා ඇගේ ගත සිත යොදන දහමට
මවිත කරවා ලොවේ දනහැම නවක සිතුවිලි සදන දිනකට
හිතැති බවමය පළකරන්නේ එල්බෙනා කන් ඇතොත් ළඳකට
කුරිරු අදමිටු පාප සිතුවිලි වලින් තම දිවි අඳුරු කරවන
නපුරු දිගැසිය සතුව ඇත කන් වඩා වැහැරී නහර මතුවන
ඉසුරු ගුණකඳ නිතර විහිදන සියුම් ගුණ නැණ වලින් සපිරුණ
මහරු වට මට සිලිටි දිගුකන් වලින් පැවසේ ඇගේ යහගුණ
සතුට සොම්නස සැපත සාමය රැගෙන සිරිකත ගෙටම කැන්දන
මහඟු සම්පත තබා දරු සැප ඇතොත් නිවසට එළිය විහිදන
දිළිඳු බව ලැබ නොලැබ දරුපල හිමිට දසවද දෙන සැම දින
ඇතොත් කන් පෙති අරා කෙහෙරැළි කියයි ළඳකගෙ නපුරු අවගුණ
සුපිපි කොඳවන් දසන් පෙන්නා හිතැති නෑසිය මිතුරු කැලවෙත
සුවච කීකරු පිනැති අඟනක් වෙතොත් ගෙන එයි ලඟට සිරිකත
තියුණු ගුණ නැන බෙලෙන් හිමි සඳ පතා සුරකින ඇගේ පතිවත
ඇතොත් ඉන්නෙකු සොඳුරු අඟනක් කරයි ඇයගේ සවන් පෙතිමත
දන්ඕවිට බී.ආර්.දයානන්ද
0 comments:
Post a Comment