728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-11

    වෙදැඟිල්ලෙන් කියන රාජකීය බලය

    මැද පුරුක අනෙක් පුරුක් දෙකට වඩා දිගින් වැඩිනම් එම තැනැත්තා නිර්මාණශීලීය
    අග පුරුකේ තාරකාවක සටහනක් පවතී නම් තම පියාගේ දේපළවල උරුමකරුවා වේ

    රණගිල්ල,මුදු ඇඟිල්ල,වෙදැඟිල්ල යන නම්වලින් හඳුන්වන රවිට අයත් අතේ සිවු වන ඇඟිල්ලේ ඔබේ තොරතුරු ලියැවී ඇති බව දන්නවාද?
    එහි ඇති රේඛා වෙනත් සළකුණු මෙන්ම හැඩය අනුව චරිතය හඳුනාගැනීමේ හැකියාව පවතී.
    මිතුරා පෙම්වතිය,පෙම්වතා පිළිබඳ කලින්ම දැනගන්න මෙයින් හැකි වේවි.

    දබර ඇඟිල්ලත් වෙදැඟිල්ලත් මැදඟිල්ලත් ප්‍රථම පුරුක් රේඛාවට වඩා උසින් පිහිටා තිබේ නම් සැප සම්පත් ලබයි.එවැනිඅයට තම කටයුතු ඉටුකර ගැනීමේ හැකියාව හිමිවනු ඇත.වෙදැඟිල්ලේ අග පුරුක මහතින් යුක්තව ද අනෙක් පුරුක්වලට වඩා ගොරෝසුවද පිහිටියේ නම් විවිධ වූ විෂයන් ඉගෙනීමට ප්‍රියවේ.
    අග පුරුක අනෙක් පුරුක් දෙකට වඩා දිගින් වැඩි නම් විශේෂ දක්ෂතා ඇත්තෙකි. වෙදැඟිල්ල සාමාන්‍ය රවුම් ආකාරයෙන් තොරව සතරැස් ආකාරයට පිහිටියේ නම් කාර්යයක් කිරීමට පෙර ඒ පිළිබඳ හොඳින් සොයා බලයි.මේ ඇඟිල්ලේ මුල් පුරුකෙන් පටන් ගත් රේඛාවක් දෙවන පුරුක දක්වා ගමන්කර තිබේ නම් තමාගේ උත්සාහය මහන්සිය මත දියුණුව සුර සැප විඳී.

    අනෙක් ඇඟිලිවලට වඩා වෙදැඟිල්ල මහතින් යුක්ත නම් ඔබට නීතිය ඉගෙනීමටත් තර්ක බුද්ධියටත් අනෙක් අයට ඒවා තේරුම් යන ආකාරයෙන් පෙන්වා දීමටත් හැකියාව ඇත.
    වෙදැඟිල්ලේ මුල් පුරුකේ ඍජු රේඛා දෙක තුනක් වෙයි නම් එම තැනැත්තා බුද්ධිමත් අ‍යකුවේ.වෙදගිල්ල ද දබරැඟිල්ල හා සමාන දිගින් යුක්ත නම් විවිධ ශාස්ත්‍රයන් ප්‍රගුණ කරයි.
    වෙදැඟිල්ලෙ මුල් පුරුකේ කුරුසයක ආකාරයක හැඩයක් ඇති සළකුණක් වේ නම් තම සන්තකයේ පවතින්නා වූ ධනය රැක ගැනීමට නොහැකි වේ.කොතරම් ධනය හරි හම්බකලත් අනවශ්‍ය දේ‍ට ධනය නාස්තිකරයි.

    මුල් පුරුකේ අඩ සඳක් ආකාරයේ හැඩ ඇති සළකුණක් වේ නම් තම ඒ තැනැත්තා තම ජීවිත කාලය පුරාම සැපයක් නොලබයි.මුල් පුරුකෙන් පටන් ගෙන අග පුරුක දක්වා ඍජු නොවූ රේඛා දෙක තුනක් පිහිටා තිබේ නම් අයහපත්ය.සන්තකයේ ඇති ධනය අනවශ්‍ය ලෙස නාස්ති කරයි.
    වෙදැඟිල්ල හා මැදඟිල්ල සමානව එක තරමට දිගින් යුක්ත නම් ඔට්ටුවට මුදල් ගණුදෙණු කරයි.මුල් පුරුකේ නැමුණු රේඛාවක් පිහිටි‍යේ නම් විවිධ කරදරවලට ලක්ව ගැලවුණු අයෙකි.

    මේ ඇඟිල්ලේ මැද පුරුක අනෙක් පුරුක් දෙකට වඩා දිගින් වැඩිනම් එම තැනැත්තා නිර්මාණශීලී ය. තමා ප්‍රිය කරන කටයුතු නවතාවයකට අනුව කාගේත් සිත් ඇදීයන ආකාරයට කරයි.
    ව්‍යාපාර කටයුතුවල නිරතවන තැනැත්තකුගේ මුල් පුරුකෙහි සිට අග පුරුක දක්වා ඍජු රේඛාවක් පිහිටයි නම් තම උත්සාහය මතම ව්‍යාපාර කටයුතු වලින් දියුණුවට පත්වන්නෙකි. වෙදැඟිල්ලේ මුල් පුරුකෙන් පටන්ගත් රේඛා කිහිපයක් ජීවන රේඛාව දෙසට යොමුව එම රේඛා කැඩී හෝ කිපීමට ලක්වෙමින් පවතී ද එසේ උත්පත්තිය ලබන්නා වූ තැනැත්තාගේ දියුණුව අඩාල වන අතර තම නම සමාජය ඉදිරියේ අපකීර්තියට ලක්වන්නා වූ අයකු වේ.

    වෙදැඟිල්ලේ අග පුරුකේ තාරකාවක සටහනක් පවතී නම් තම පියාගේ දේපළවල උරුමකරුවකු වේ.මේ ඇඟිල්ලේ ප්‍රථම පුරුක රවුම් ආකාරයට බෝලයක් සේ පිහිටා තිබේ නම් එම තැනැත්තා සමඟ ඇසුරට යාම කාන්තා පක්ෂයට අයහපත් වනු ඇත.එසේ පිහිටි තැනැත්තා කාන්තාවන් රැවටීමට දක්ෂ පුද්ගලයෙකි.


    ප්‍රවීණ ජ්‍යොතිෂවේදී මෙලාන් වික්‍රමසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: වෙදැඟිල්ලෙන් කියන රාජකීය බලය Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top