නීච ග්‍රහයා හැමවිටම අසුබ ඵල ම නොදෙයි
*එක් එක් ග්‍රහයා උච්චවන රාශි
මේ සටහන නිරීක්ෂණය කරන විට ඔබට පෙනෙනු ඇත්තේ, සිංහ- වෘශ්චික හා කුම්භ යන රාශි තුනේ කිසිම ග්‍රහයකු උච්ච නොවන බවයි. වෛදික ජ්‍යොතිෂයේ ඉගැන්වෙන නව ග්‍රහයන්ට අමතරව පසුව සොයා ගත් යුරේනස්. නැප්චුන් යන ග්‍රහයන් පිළිවෙළින් වෘශ්චික සහ මීන- මේෂ රාශින් හි උච්චවන බවට පිළිගැනීමක් තිබේ. සිංහ රාශිය ග්‍රහ ලොව රජුවන රවිගේ ස්වක්ෂේත්ර රාශිය වන හෙයින් එතැන තවත් ග්රහයෙකුට උච්ච වීමට ඉඩක් නැත. කුම්භය සෙනසුරුගේ මුල ත්‍රිකෝණ රාශිය නිසා එතැනද තවත් ග්රහයෙකුට බල පරාක්‍රමය විහිදුවීමට ඉඩ නැත. වෘශ්චික රාශියේද කිසිම ග්‍රහයෙක් උච්ච වන්නේ නැත. ඒ මන්දැයි ඔබ සිතා බලන්න. පිළිතුර පසුව ලබා දෙමි.
මේ ග්‍රහ නීච රාශි චක්‍රය පරිදි වෘෂභ රාශියේ කිසිම ග්‍රහයෙක් නීච වන්නේ නැත. ඒ මන්දැයි පසුව විස්තර කෙරේ .නවග්‍රහයන්ට අමතරව එන නැප්චුන් මකර රාශියේද. යුරේනස් වෘෂභ රාශියේද නීච වන බවට යම් පිළිගැනීමක් තිබේ.
මෙසේ ග්‍රහයන් උච්ච නීච වන ආකාරය ඉතා විමසිල්ලෙන් අධ්‍යයනය කළහොත් ,ඔබට අපුරු රටාවක් පෙනීයනු ඇත. එනම් සෑම ග්‍රහයෙක්ම තමාගේ උච්ච් රාශියේ සිට සත්වැනි රාශියට ගෝචරයෙන් පැමිණි විට නීච වේ.සෑම ග්‍රහයෙක්ම තම නීච රාශියේ සිට රාශි හතක් ගමන් කළ විට උච්ච තත්ත්වයට පත් වේ.
නියමාකාරයෙන් ගණනය කළ විට සෑම ග්‍රහයෙක්ම අති උච්ච සහ අති නීච යන තත්ත්වයට පත්වන අංශක ගණනක් වේ . එයද පසුව විස්තර කෙරේ.
කටක රාශියේ උච්ච වන ගුරු ග්‍රහයා එම රාශියේ තම අති උච්ච අංශකය පසුකළ සැණින් තම අවරෝහණ ගමන පටන් ගනී. එම ග්‍රහයා ක්‍රමයෙන් බලයෙන් හීන වෙමින් යයි. මකර රාශියේ අති නීච අංශකය පසුකළ සැණින් ගුරු ග්‍රහයා තම ආරෝහණ ගමන පටන් ගනී, එය ග්‍රහයා ක්‍රමයෙන් බලවත්වන අවස්ථාවකි. ඔබේ කේන්ද්‍රයේ ග්‍රහයන් පිහිටා සිටින උච්ච - නීච රාශි හඳුනා ගෙන ඔවුන් නැත්පත්ව සිටින්නේ ආරෝහණ/ අවරෝහණ යන කුමන අවස්ථාවක ද යන්න හඳුනා ගන්න. නීච රාශිය පසු කර සිටින ග්‍රහයා ආරෝහණ ගමනක යෙදෙන හෙයින් ඔහු බලවත්ය. උච්ච රාශිය පසු කර තැන්පත්ව සිටින ග්‍රහයා යන්නේ අවරෝහණ ගමනකි. ඔහුගේ බලය හීනය.
නිදසුනකට ඔබේ කේන්දරයේ සඳු පිහිටා සිටින්නේ මේෂ රාශියේ යැයි සිතමු. එවිට දෙවැනි රාශිය වන වෘෂභයේ සඳු උච්ච වේ. එවිට සඳු බලවත්ව ආරෝහණ අවස්ථාවක සිටින බව තේරුම් ගන්න. යම් හෙයකින් සඳු තැන්පත් වන්නේ කටක රාශියේ යැයි සිතමු. වෘෂභය (උච්ච රාශිය) පසු කර සඳු ගමන් කර ඇති නිසා යන්නේ අවරෝහණ ගමනකය. කටකට සඳුගේ ස්වක්ෂේත්ර රාශිය වන නමුත් එතැන තැන්පත් වන්නේ බලයෙන් පිරිහී යන ග්‍රහයෙක් බව තේරුම් ගන්න. අනෙකුත් ග්‍රහයන්ද මෙසේමය . එය මතක තබා ගන්න.
0 comments:
Post a Comment