728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-25

    මේෂ
    සත්‍ය අවබෝධකරගන වැඩ කරන නිසා රැකියාවේ කරදර අඩුවේ. දේශපාලන කටයුතු වලදී මුල්තැන ගැනීම ශුභනැත සමිති සමාගම් වලදී වැරදී වැටහීම් ඇති වීමෙන් හිතවතුන් හා ප්‍රශ්න ඇතිවේ. චෝදනා නින්දා අපහාස වලට ලක්වේ. ව්‍යාපාර කටයුතු වල දියුණුවක් ඇතිවේ. මැහුම් කටයුතු සම්බන්ධව හෝ රූප ලාවන්‍ය සම්බන්ධව නව ව්‍යාපාර ආරම්භ කරයි. ගොනු කරගත් වැඩ පිළිවෙලක් සම්බන්ධ පිටස්තර අයගෙන් ප්‍රශ්න ඇති වුවත් තමන් නිසි පරිදි වැඩ කටයුතු කරයි.
    ජයඅංක-3,7,5,1 ජය වර්ණ -රෝස, කළු

    වෘෂභ
    සෙනසුරු මහ දශාව ගත කරන අයට නීතිමය ගැටලු ඇතිවේ. රැකියාවේ සුරක්ෂිත භාවය රැක ගැනීමට බොහොම වෙහෙසක් දැරීමට සිදුවේ. ආගම් භේදයක් මතුකර පවුලේ එකමුතු භාවය අඩුවේ. විශ්වාසවන්තව සිටි කෙනෙක් සතුරු කරදරයක් කරයි. ආර්ථික මට්ටම තරමක් පහත වැටීමෙන් මානසික පීඩාවට ලක්වේ. අලුත් ප්‍රේම සබඳතාවයක් ගොඩ නැඟේ. ජලයෙන් ඉතා අපලයි. හදිසි ලොතරැයි ලාභ පෙන්නුම් ‍කරයි. නිවාස ප්‍රශ්නයක් නිසා පදිංචිය වෙනස් කිරීමට සිදු වේ.
    ජය අංක -4,3,2,5 ජය වර්ණ - නිල්, දුඹුරු

    මිථුන
    ආර්ථික තත්ත්වය ‍හොඳවන අතර කලක් පැවති සතුරු කරදරයක් මඟ හැරී යයි. විනෝද ගමනක් සඳහා විදේශ ගමනක යෙදේ. රැකියාවේ උසස් වීමකට ඉගෙනීමට සුදානම් වේ. ලිපි හුවමාරුවක් නිසා අසල් වාසීන් සමඟ ප්‍රශ්නයක් ඇතිවේ . නේවාසික පහසුකම් අඩු වීමෙන් අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවේ.
    ගම් වාසින් අතර සහයෝගී තත්ත්වය වැඩිවේ. දත්වල ආබාධයක් නිසා පාසැල් ගමනට බාධා ඇති වේ.
    ජය අංක -9,1,7,5 ජය වර්ණ - තැඹිලි ,කොළ

    කටක
    දුර බැහැර ගමන් යාමේදී පරිස්සම් වන්න. රැකියා කටයුතු නිසා වරින් වර ස්ථානමාරු ඇති කරයි. දැනට රවි මහ දශාතේ බුධ මහ දශාවත් ගතකරන අයට විශේෂ වරප්‍රසාද තානාන්තර ලැබේ. මේ සතිය විභාගවලට එතරම් ශුභ නැත. මනස අවුල්වන තත්ත්වයක් ඇතිවේ. ආමාශ ගත රෝග, ක්ලන්ත ගති .ඇති කරයි. ගින්දරෙන්, විදුලියෙන් වැඩ කරන්නේ නම් පරිස්සම් වන්න.
    ජය අංක -3,8,4,1 ජය වර්ණ -මිශ්‍ර වර්ණ

    සිංහ
    යටි සිතේ සැඟව තිබු අදහසක් පළකිරීමෙන් වාසි දායක තත්ත්වයක් උදාවේ. බලා පොරොත්තු වු ලිය කියවිලි තමන් අතට පත්වන අතර ඒ නිසා මුදල් ලාභයක් ද ඇතිවේ. දේපළ ගැනී‍ම් විකිණීම් ආදියට ශුභ සතියකි. බුධ මහ දශාව සහ සිකුරු මහ දශාව ගත කරන අයට වාසිදායක තත්ත්වයක් උදාවේ. වන්දනා මාන කටයුත්නක් සදහා දුර බැහැර ග‍මනක් යෙදේ . කුඩා ළමයි අධ්‍යාපන කටයුතු මඟහැරිමට සිතයි. සෙම් රෝග, කන්වල ආබාධ ඇති වීමට ඉඩ ඇත.
    ජය අංක -2,7,9,6 ජය වර්ණ- තද නිල් පැහැය

    කන්‍යා
    වාසි දායක තත්ත්වයක් මගහැරී යයි. දරුවකුගේ හැසිරීම් රටාව නිසා තමන්ටද පීඩා විඳීමට සිදුවේ. වාහන ගැනීමට ශුභයි. අන්‍ය ජාතීන් හා ඇසුරු කිරීමෙන් තමන්ට වාසි දායක වෙයි. කුජ සිකුරු යෝගය හොඳ මානසිකත්වය පලුදු කරයි. තමන්ගේ දුර්වලතා ‍මඟ හැර ගැනීමට දහමට යොමුවේ. ගුප්ත ශාස්ත්‍රීය කටයුතු වලින්ද පිහිට පතයි. හදිසි අනතුරු ලිස්සා වැටීම් වලින් පාදයේ ආබාධ විය හැක. සහෝදරයින්ගේ ‍භේද වීමක් පෙන්නුම් කරයි.
    ජය අංක-8,3,7,5 ජය වර්ණ- කහ පැහැය

    තුලා
    ආර්ථික මට්ටම වරින් වර පහත වැටේ. ණය ලබා ගැනීමට බැංකු සහන සොයයි. නිවසේ දොස් නිසා තමන්ට පාඩු ලැබිමට සිදුවේ . පවුලේ තිබූ එකමුතු භාවය මඟ හැරී යයි. ශරීරික දුබලතා ඇති වන අතර ,උදාසීන භාවයක් ඇති වේ. වෛද්‍යවරුන්ගේ නිශ්චිත නිගමනයකට නොපැමිණීම නිසා ‍යටි සිතේ බයක් ඇතිවේ .සිංහල බෙහෙත් කිරීමට සිතුවත් එතරම් ශූභ නැත. කාන්තාවන්ට තරමක් අපල ගෙනෙන සතියකි. කලාකාමීන්ට ජනප්‍රිය තාවය එළිදැක්වීමට හැකිවේ.
    ජය අංක 7,3,2,1 ජය වර්ණ -රෝස ,සුදු

    වෘශ්චික
    තමන්ගේ නමට තිබු ලිපි ලේඛන කටයුතු වෙනස් කිරීමට සිතයි. අලුත් ව්‍යාපාර කටයුත්තක් සඳහා උනන්දුව ඇත. අභියෝගයකින් ජයගන්නා මේ සතියේ ඉදිරිපත්වීට එතරම් ශුභ නැත. දෙබිඩි හිතක් නිසා අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවේ. ගායන කුසලතා , කලා කටයුතු සඳහා වැඩි උනන්දුවක් ඇතිවේ. හිතුවක්කාර විවාහයක් නිසා මනස අවුල්කර ගනී. රැකියාවේ දුර බැහැර ස්ථාන මාරු ඇතිවිය හැක. දණහිස් වල ආබාධ ,ලේ ගමන දුර්වලතා ඇති විය හැක. තම උත්සාහයෙන් කරන කටයුතු වලින් ආර්ථික තත්ත්වය හොඳ අතට හැරේ. ගුරු දශා ගත කරන අයට විශේෂ වාසි ලැබේ.
    ජය අංක- 7, 6, 8, 2. ජය වර්ණ- රක්ත වර්ණ

    ධනු
    ඉතා ශුභ සතියකි. තමන්ගේ නිර්දෝෂි භාවය ඔප්පු කිරීමට වඩා අන් අය දැකීමෙන් පිළිගනී. අන්‍ය ජාතින් ඇසුරු කිරීමට කැමැති වේ. අන්අය ගැන වැඩි සැලකිළිමත් භාවයක් ඇතිකිරීමට ඉඩ ඇත. . සතිය තමන්ගේ පක්ෂියා රජ කරන වේලාවක් මුල්කර ගනු දෙනුවක් හෝ යම් කිසි වැඩක නිරත වන්නෙ නම් හොඳ ලාභයක් ලැබිය හැක. ජාති භේදයකින් තොරව වැඩ කිරීමෙන් ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසංශා ලැබේ. කලින් තිබුණ උරහිසේ වේදනා ගති මේ සතියේද බලපායි.
    ජයඅංක-7,2,8.1 ජය වර්ණ- දම් සුදු

    මකර
    සිතා මතා කළ වරදක් නොවුනත් නීතිමය ගැටලු ඇතිවේ. සාධාරණය ගැන කථා කිරීමට ගොස් හිස අවුල් වේ .දෝෂාරෝපන ආවත් කිවයුතු දේ මුහුණටම කීමෙන් රැකියාව ආරක්ෂා වේ. පවුලේ දියුණුවට ද බාධා වෙයි ඔට්ටු‍ හා තරඟ වලින් ජය ග්‍රහණ ඇත. ඉඩ කඩම් ගැනීමට සිතයි. අධ්‍යාපන කටයුතුවලට වඩා උනන්දුවක් නොදැක්වුවත් ප්‍රථිඵල ශුභයි.
    ජයඅංක -9,3,8,1 ජය වර්ණ-කහ .දම්

    කුම්භ
    කරදර මධ්‍යයේ ප්‍රථිලාභ ලැබීමේ වාසනාව ඇත. කෘෂි කාර්මික කටයුතු සඳහා අමතර භූමි ලාභයක් ලැබේ.
    ක්‍රීඩා කටයුතුවලට වැඩි උනන්දුවක් ඇත. විවාහය සඳහා දෙපාර්ශවයේ මුණ ගැසීමක් ඇතිවේ. . ගෘහ නිර්මාණ ශිල්පය ගැන ඉගෙනීම සඳහා ශිෂ්‍යත්ව ලැබේ . ජලාශ ආශ්‍රයේ වැඩ කරන අයට මෙන්ම නාවිකයන්ට අපල ඇත.
    ජය අංක -4,6,7 ජය වර්ණ-පච්ච ,ලා නිල්

    මීන
    පාඩු ලැබු ව්‍යාපාර වල සුබ වෙනසක් ඇතිවේ. වාහන මාරු කිරීමක් සිදුවේ. මංගල යෝග කීපයක් මඟ හැරී තිබුණත් මේ සතියේ යෝජනා ස්ථිර වේ. අන් අයගේ ආවතේවකම්වලට යාමට සිදුවනු ඇත. හෘද රෝග, ඇස්වල දුර්වලතා ඇති විය හැක. අසල්වාසීන් සමඟ ආරවුලක් ඇතිවේ. කුඩා ළමයි වැටීම් ආදියෙන් ඉතා පරිස්සම් කරන්න . විජාතික අයගෙන් ගුරු උපදෙස් ලැබේ. අනවශ්‍ය වියදම් කිරීම නිසා දෙමා පියන් ගෙන් චෝදනා ඇතිවේ. ලද දෙයින් සතුටු විය හැකි සතියකි.
    ජය අංක-7,3,2.6 ජයවර්ණ- රන්වන් පාට, තැඹිලි

    ප්‍රවීණ ජ්‍යොතිෂවේදීනි සොමී උඩවත්ත
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top