මේෂ
රැකියාව කරන ස්ථානය හෝ වාසස්ථානය වෙනස් කරයි. හොඳ මිතුරකුගෙන් ඇත් වීමට සිදුවේ. අඹු සැමියන් අතර වාද භේද ඇති කරයි. සහෝදරියකගේ මංගල උත්සවයකට කාලය වැයවේ. බෙහෙත් විෂ වීමකින් ස්නායුවල දුර්වල තාවයක් ඇතිවේ. හඳුනාගැනීමට නොහැකි අසනීප ඇතිවීමට ඉඩ ඇත. සුරා,සුදුවට එක්කර ගැනීමට යහළුවන් උත්සාහ කරයි. අධ්‍යාපන කටයුතු වලට බාධා විය හැක. ගුරුවරුන්ගේ තරවටු නිසා මානසික තත්ත්වය දුර්වල කරගනී.
ජය අංක -4,1,3,8
ජය වර්ණ- සුදු .දුඹුරු
වෘෂභ
ලෞකික සැපට වඩා ලෝකෝත්තර සැප ශුභ යයි සිතේ. නිවසින් ඈත් වීමට සිතයි. ගුප්ත ශාස්ත්‍රීය හා සිංහල බෙහෙත් ඹෞෂධ පිළිබඳ නව සොයා ගැනීමක් කිරීම උනන්දුවේ. කොන්ත්‍රාත්,වෙළඳ ව්‍යාපාර ආදී කටයුතු වලදී වැඩි ආදායම් තත්ත්වයක් ඇතිවේ. ලොතරැයි වාසනාව ඇත. පිට අය නිසා අධ්‍යාපනයට ඇති උනන්දුව පහත වැටේ. සතුරු කුමන්ත්‍රණ පාසැලේ පෙන්නුම් කරයි. තමන් ඉක්මන් තීරණ ගන්නා අතර සමහර විට ඒ නිසා පාඩුවක්ද ඇතිවේ. නොගැලපෙන ප්‍රේම සබඳතා ඇති කරගනී.
ජය අංක- 2,8,3,5.
ජය වර්ණ-රෝස, කහ
මිථුන
ඉඩම් හා වැවිලි කර්මාන්ත වලින් පාඩු. කෘෂි කාර්මික කටයුතු වලදී හිතවත් අය දුරස්වේ. රජයේ රැකියා කරන අය නිල තල බලාපොරොත්තු වුවත් එහි ජය ලැබීමට අපහසුය. සියුම් බුද්ධියෙන් මෙන්ම නුවණ මෙහෙයවා කරන වැඩ වලදී අන් අය අතරේ ප්‍රසිද්ධි වියහැක. ප්‍රභු නාම ලැබේ. සිකුරු මහ දශාව ගත කරන කෙනෙක් නම් කාන්තා පක්ෂයෙන් වැඩි වාසි ඇති කරයි. ජලක්‍රීඩා වලදී මෙන් ක්‍රීඩා කටයුතු වලදී ඉතා පරිස්සම් වන්න.
ජයඅංක-3.4,9.2 ජය වර්ණ- රන්වන්, දම්
කටක
තම සේවකයින්ගෙන් මෙන්ම හිතවතුන්ගෙන් උදව් උපකාර ලබයි.රහස් සතුරු බලවේග ඇති වේ. ලියකියවිලි අත්සන් තැබීමේදී ඉතා කල්පනාකාරි වන්න. දේපළක් විකිණීම සම්බන්ධ කටයුතු සාර්ථක නොවේ. ව්‍යාපාර කටයුතු අඩු පාඩු ඇති කරයි . සේවක ප්‍රශ්න ඇතිවේ. ගුරු මහ දශාවේ ශනි අතුරු දශාව ලබා ඇත්නම් ප්‍රභුන් මුණ ගැසීමට ශුභ සතියකි. අන්ජාතින් ගෙන් උදව් උපකාර ලැබේ.
ජය අංක -5,8.1.6.
ජය වර්ණ - දලුපාට.කහ
සිංහ
බොහොම ලඟින් ඇසුරු කළ ප්‍රේමවන්තිය මගහැරීයයි. බලාපොරොත්තු වු දුර බැහැර ගමන නවතා දැමීමට සිදුවේ. ශරීරික අභ්‍යාසවලින් උසස් ලෙස සමත්වේ. ඉදිරි ජුනි මාසයේ බලාපොරොත්තු වන විභාගයට දැනටම බාධා ඇතිවේ.
විදේශ ගමනට මුදල් ප්‍රශ්නයක් වේ. ප්‍රභුන්ගේ ඇසුර වැඩිවේ.පාසැලේ පැවති සමිති සමාගම් වලින් ප්‍රධාන තනතුරු ලැබේ. වගකීම් කටයුතු අමතක වීමට ඉඩ ඇත. වීර වරයකු වශයෙන් නමක් තබා ගත් තමන් ඒනම රැකගත යුතුවේ. සත්ත්ව ගොවිපලෙන් පාඩු ඇතිවේ .
ජය අංක-1,4,6.3
ජය වර්ණ-රතු රෝස
කන්‍යා
ගමන් බිමන් අධිකය. තමන්ගෙන් ලාභ ප්‍රයෝජන සඳහා පිරිත් බලය වැඩි කරගනී. පැරණි කෝන්තර මතු වීමෙන් මත භේද හට ගැනේ. කලා ශිල්පීන්ට ශුභ සතියකි. අධ්‍යාපනයේ නිරත දරුවන්ට විදේශ ගත වීමට වාසනාව උදාවේ. රැකියාවේ අවුල්ගති ඇති වුවත් වෙනසක් සිදු නොවේ. ගෘහ නිර්මාණ ශිල්පින්ට රජයෙන් සහන ලැබේ. නිවසේ වැඩ කටයුතු අවසන් නොවේ.
ජය අංක-9,3.7.1
ජය වර්ණ-මිශ්‍ර වර්ණ
තුලා
සතියේ මුල් භාගයේ දුර බැහැර ගමන් ඇති වේ . දානමය පිංකම් වන්දනා ගමන් ආදිය සිදුවේ. ගුරු,කුජ,සඳු,දශා ගත කරන අයටද සෙනසුරු ඒරාෂ්ඨක අපල ඇති බැවින්ද හදිසි අනතුරු වස විෂ ආදියෙන් පරිස්සම වන්න. මිතුරු හබයක් බේරීමට ගොස් නරක නාමයක් ඇතිවේ. දරු සම්පත් බලා පොරොත්තු වු අයට දරුවන් ලැබේ. තුනටිය ආශ්‍රිත රෝග ඇතිවන අතර දිය වැඩියාව උත්සන්න වේ. දරුවකුගේ නොමනා ගති නිසා නිවසින් මගහැර යාමට සිතයි. සමිති සමාගම්වල වැඩ කිරීමේදී ඉවසිලිවන්ත වන්න.
ජය අංක -4,8,2,9
ජය වර්ණ -රෝස .නිල්
වෘශ්චික
අවබෝධයට වඩා අවධානය යොමු වීමෙන් මුදල් ප්‍රශ්නයක් විසඳාගත හැක. මුලික ධනය යොදවා හවුල් ව්‍යාපාරයක් කිරීමට සිතුවත් යටි සිතේ සැකයක් ඇති කරයි. ප්‍රසිද්ධිය මෙන්ම අලුත් හිතවතුන් මුන ගැසේ. දේශපාලන කටයුතු වලින් සම්පුර්ණ ඈත් වීමට සිතයි. රැකියාව අහිමි වීමට ඉඩ ඇත. කලා කටයුතු වලදී නව නිර්මාණ එළි දැක්විමට සතියේ අගභාගය යොදා ගනී අධ්‍යාපන කටයුතු වලට උනන්දුව අඩුයි. අමතක වන ගති ඇතිවේ.
ජය අංක-9,5.1,4
ජය වර්ණ-තැඹිලි. රතු
ධනු
සතිය ආරම්භයේ අලුත් රැකියාවකට ආරාධනා ලැබේ .අමනාප වී සිටි හිතවතකු ලංවේ. නීතිමය ගැටලුවක් විසඳීමෙන් දේපළ ලාභයක් ඇතිවේ. සත්ත්ව ආහාර හේතුවෙන් දුර්වලතා ඇති වීමට පුළුවන. නිවසේ උත්සව කටයුත්තක් ඇතිවේ. පවුලේ ප්‍රීතිය වර්ධනය වේ. ලොතරැයි ලාභ ලැබීමට හේතුව ඇත.ශාස්ත්‍රීය කටයුතු වලට මුල්තැන ලැබේ. ප්‍රභු සම්මාන ලැබේ.උගුරේ අසනීප සම්බන්ධ ප්‍රථිකාර කිරීමට සිදුවනු ඇත.
ජය අංක- 7,1,4,8 ජය
වර්ණ -කහ ලා නිල්
මකර
සත්‍ය අවබෝධ කරගැනීමට සඳහා ආගමික කටයුතු වලට උනන්දුව ඇති වේ. උදර ශල්‍ය කර්මයක් උරහිසේ අසනීප ඇති වීමට හැක. ශරීර සෞඛ්‍ය එතරම් ශුභ නැත . ඉගෙනීමට කලින් පැවති අලස ගති අඩු වී වැඩි උනන්දුව ආශාව ඇතිවේ. සහෝදරයකුට සතුරු කරදර පෙන්වයි.
මුදල් ගනු දෙනු වලදී පාඩු පෙන්නුම් කරයි. බැංකු අංශයේත් ව්‍යාපාර අංශයේත් ඉගෙනිම් කටයුතු කරන අයට වැඩි දුර අධ්‍යාපන සඳහා විදේශගත වීමට හැක. මුදල් ප්‍රශ්න ඇති වුවත් ගමන් ස්ථිරවේ.
ජය අංක-7,2.4.9
ජය වර්ණ-අළු. කහ
කුම්භ
රාජකාරී කටයුතු වලට වඩා ක්‍රීඩා කටයුතු වලදී මුල්තැන ලැබේ. අඩු ලාබ ලැබුනත් මේ සතියේ වැඩි දියුණුවක් ඇතිවේ.ව්‍යාපාර කටයුතු වලින් පැහැදිලි ලාභයක් පෙන්වයි. සතිය අග භාගයේ සතුරු බියක් ඇති කරයි. රාජ්‍ය සම්මාන ලැබීමට දක්ෂ නිර්මාණ කටයුත්තක් එළිදැක්වේ. මවට සුබ අපල ඇති කරන අතර ගෙදර නොසන් සුන්තාවයක් උදා කරයි. කම්කරු සේවය ස්ථිර වේ.
ජය අංක-6,3,9,1
ජය වර්ණ- කොල,කහ
මීන
මනස අවුල් වීමෙන් රැකියාවට පාඩු සිදුවේ .ණය ගනුදෙනුවක් පිළිබඳ බලාපොරොත්තුව සතියේ අග ඉටුවේ. අධ්‍යාපන කටයුතු කෙරෙහි එතරම් ඇල්මක් නොදක්වයි. දරුවකුගේ දියුණුවක් සඳහා මුදල් වියදම් කිරීමට සිදුවේ. .උදව් කිරීමට ගොස් තම නමට අවනම්බු වීමටත් පාඩුවක් ඇති වීමට ඉඩ ඇත. නිවාස කුලියට දීමේදී දෙවරක් සිතන්න.කෘෂි කාර්මික කටයුතු සඳහා දුර බැහැර ඉඩම් ගැනීමට හේතුව ඇත. පියාගෙන් උදව් ලැබේ.
ජය අංක-4,1,6.8
ජය වර්ණ-ලා රෝස,රතු.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදීනි සොමී උඩවත්ත

0 comments:
Post a Comment