මේ සතියේ උපන් ඔබේ දරුවා මේ වගේම දැයි බලන්න
සෙත්මිණ පාඨකයන් වෙනුවෙන් හොඳම දේ තිළිණ කිරීමට අප හැම විටෙකම සූදානම්ය. ජාතියේ හෙට දවස ආලෝකමත් කිරීම පිණිස අද උපදින වාසනාවන්ත දූ-පුතුන්ට ජීවිත කාලයටම පවතින හොඳම තිළිණය අපි ලබා දෙන්නෙමු.
අලුත උපන් බිළිඳාට නමක් දීම, සුබ අකුරු තෝරා දීම ලෙහෙසි-පහසු කටයුත්තක් නොවේ. ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කිරින්දේ ඩී. ඒ. වික්‍රමසිංහ සූරීන් සතියක් පාසා ඒ ඒ දිනයේ ජන්ම නැකත අනුව සුබම සුබ නාමාක්ෂර ලබා දෙනු ඇත.
ඊට අමතරව මේ සූදානම් වන්නේ, ඒ ඒ දිනයන්හි උපදින දූ-පුතුන්ගේ දේහ ලක්ෂණ, මූලික ගතිගුණ සහ ශරීරයේ පිහිටන සුවිශේෂ ලකුණු පිළිබඳ කල් තබා ඔබ දැනුවත් කිරීමට ය. ඒවා කොතරම් සත්‍ය දැයි ඔබම නිරීක්ෂණය කරන්න. මෙහි සදහන් කෙරෙන අනාවැකිය එලෙසම දකින්නට ලැබේ නම් ඒ ගෞරවය අත් විය යුත්තේ අපට නොව මීට වසර දහස් ගණනකට පෙර ජීවත් වූ මහා ඉසිවරුන්ටමය. අප අනුගමනය කරන්නේ එතුමන් ලොවට දායාද කළ ඉපැරණි නක්ෂත්‍ර ගණිත සිද්ධාන්තයන්ය.
2015. පෙබරවාරි 19දා බදාදා
පෙරවරු 06:27 සිට රාත්‍රී 03:25 දක්වා උපදින දූ-පුතුන් ජන සමාජයේ ප්‍රසිද්ධියට සහ ගෞරවයට පාත්‍රවන ග්‍රහ බලයකින් පොහොසත් වේ. දීර්ඝායුෂ සහ සංයමයෙන් යුත් බුද්ධි ප්‍රභාවකටද උරුම කියයි. මොවුහු දක්ෂ කථිකයෝය. රාක්ෂ ගණය, වෙළඹ යෝනි, බාහු රජ්ජු, කොලොං වෘක්ෂ, මයුර පක්ෂී ආකාශ භූත සංකර වර්ණ සහ පූර්ව නාඩි මොවුන්ට අයත් වේ.
2015 පෙබරවාරි 19දා පාන්දර 03.25න් පසුව
(එනම් 20 දා බ්‍රහස්පතින්දාට එළිවන්නට) උපදින සහ 20දා මධ්‍යම රාත්‍රී 12.33 දක්වා මෙලොව ජන්ම ලාබය ලබන කුමර කුමරියන්ගේ මුහුණ හෝ රහස් ප්‍රදේශයේ හෝ එම ස්ථාන දෙකෙහිම හෝ උපන් ලප පිහිටන්නේය.
මොවුන්ට මනුෂ්‍ය ගණ- සිංහ යෝනි- නාභි රජිජු-මී අඹ වෘක්ෂ - මයුර පක්ෂී- ආකාශ භූත- කෘතු ගෝත්‍ර- බ්‍රාහ්මණ වර්ණ- පුරුෂ ලිංග- පූර්ව නාඩි උරුම වන්නේය. මොවුහු ශිෂ්ට ගති ඇති ඥානවන්තයෝ වෙති. ධන ධාන්‍ය වස්තු සම්පත්තියෙන් පොහොසත් වන අතර ආගම දහමට ලැදි වේ.
2015 පෙබරවාරි 20දා බ්‍රහස්පතින්දා
(හෙවත් 21දා සිකුරාදාට එළිවන්නට)
මධ්‍යම රාත්‍රී 12:34න් පසුව සහ පෙබරවාරි 21දා රාත්‍රී10:02 දක්වා උපදින දූ-පුතුන්ගේ ශරීරයේ දකුණු අර්ධයේ උපන් ලප පිහිටන්නේය.
මොවුන්ට මනුෂ්‍ය ගණ- ගොන් යෝනි- ඌරු රජ්ජු- කොහොඹ වෘක්ෂ- මයුර පක්ෂී- ආකාශ භූත-කෘතු ගෝත්‍ර- ක්ෂත්‍රීය වර්ණ- පුරුෂ ලිංග- මධ්‍ය නාඩි අයත් වේ. මොවුහු ධෛර්යවන්තයෝ වෙති. වාද-විවාදයේ දක්ෂ වන අතර සතුරන් පරාජය කරන දිරිමත් ජන්මීහු වෙති.
2015 පෙබරවාරි 21දා රාත්‍රී 10:03න් පසුව සහ පෙබරවාරි 22දා ඉරිදා රාත්‍රී 08:00 දක්වා උපදින කුමර කුමරියන්
මනා සිරුරකට සහ රූපශ්‍රීයකට උරුමකම් කියයි. ඔබ පින්වන්ත-ලස්සන දරුවෙක් බලාපොරොත්තු වූයේ නම් ඒ අපේක්ෂාව සපලවනු ඇත. වයස යෑමත් සමඟම තරමක් තරබාරු විය හැකිය. මොවුන් ධනය උපයන්නා සේ ඒවා දීමටද නොපැකිළේ. කල්පනා ශක්තියෙන් සහ උගත්කමින්ද පොහොසත්ය.
දේව ගණ- අශ්ව යෝනි- පාද රජ්ජු- ගොඩක වෘක්ෂ- භේරූඬ පක්ෂ- පඨවි භූත- මරිචි ගෝත්‍ර- බ්‍රාහ්මණ වර්ණ- පුරුෂ ලිංග- පූර්ව නාඩි උරුම වේ.
2015 පෙබරවාරි 22 දා ඉරිදා රාත්‍රී 08:01 න් පසුව සහ - පෙබරවාරි 23 සදුදා පස්වරු 06:34 දක්වා
උපත ලබන දූ-දරුවන් ගේ ඉන / ඉඟටිය ආසන්නයේ උපන් ලප පිහිටන්නේය. සිරුරෙන් වර්ධනය වන විට දිගු දෑත් ඔවුන්ට පිහිටයි. දක්ෂය එමෙන්ම බුද්ධිමත් ය. රජයෙන් ගෞරව ලබන්නේය. සමාජයේ ජනප්‍රියත්වයට පත්වේ.
රන් ආභරණ ආදියට තදින් ඇළුම් කරයි. දේව ගණ- අශ්ව යෝනි- රජ්ජු පාද- ගොඩක වෘක්ෂ- භේරූඬ පක්ෂී- පඨවි භූත- මරිචි ගෝත්‍ර- බ්‍රාහ්මණ වර්ණ- පුරුෂ ලිංග- පූර්ව නාඩි මොවුන්ට උරුම වේ.
වයස අවුරුදු 07 පසුවන තුරු මොවුන්ගේ ශරීර සෞඛ්‍යය කෙරෙහි දැඩි අවධානය යොමු කිරීම මැනවි.
2015 පෙබරවාරි 23 දා සදුදා පස්වරු 06:35 න් පසුව සහ 2015 පෙබරවාරි 24 දා පස්වරු 05:49 දක්වා
උපදින පින්වත් කුමර කුමරියන් මනුෂ්‍ය ගණ- ඇත් යෝනි- ඌරු රජ්ජු- නෙල්ලි වෘක්ෂ- භේරූඬ පක්ෂී- පඨවි භූත- මරිචි ගෝත්‍ර- ක්ෂත්‍රීය වර්ණ- පුරුෂ ලිංග- මධ්‍ය නාඩි ආදී වශයෙන් උරුමකම් කියයි.
2015 පෙබරවාරි 24දා පස්වරු 05:50න් පසුව සහ පෙබරවාරි 25 දා පස්වරු 05:45 දක්වා
මෙලොව ජන්ම ලාබය ලත් කුමරාගේ හෝ කුමරියගේ ගෙල ප්‍රදේශයේ කැළලක් දැක ගන්නට ලැබේ.සමාජයේ ජනප්‍රිය තත්ත්වයට පත්වන අතර බුද්ධිමතකු ලෙස ප්‍රකට වේ.ක්‍රීඩාවට තදින් ඇළුම් කරන අතර ස්වෝත්සාහයෙන් ධනය උපයයි.ඥාති හිත මිත්‍රාදී පරිවාර සම්පත්තියෙන්ද පොෙහාසත්ය. මොවුන්ට රාක්ෂ ගණ - එළු දෙන යෝනි - -නාභි රජ්ජු - අත්තික්කා වෘක්ෂ - භේරූඬ පක්ෂි -පඨවි භූත - මරිචි ගෝත්‍ර - වෛශ්‍ය වර්ණ - ස්ත්‍රී ලිංග සහ අන්ත්‍ය නාඩි උරුම වන්නේය.
(සැලකිය යුතුය - මෙහි දිනය ලෙස ගණනය කර ඇත්තේ දවස රාත්‍රී 12.00න් පසු ව අවසන් වන ලෙස නොවේ. ඉර උදාවේ සිට පසු දා ඉර උදාව දක්වා කාලය එක් දිනයක් ලෙස සළකා ඇත.වේලාව සළකා තිබෙන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට උපරිම වශයෙන් මිනිත්තු 08 කට අඩු කාලයක් වෙනස් විය හැකිය.)
0 comments:
Post a Comment