728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-18

    දත් දෙපලේ සිදුරක් ඇතිව ජූලි මාසයේ උපන්නොත් ........ ?


    ස්ත්‍රියකගේ රූප ලක්ෂණ අතරින් වැදගත් ස්ථානයක් මුහුණට  ලැබේ. මුහුණෙ පවතින ඇස් .කන් .නාසය .මුඛය ඒ අතර  කැපි පෙනේ. කාන්තාවන්ගේ සිනාහව කෙනෙකු වශීකර ගැනීමට තරම් ප්‍රබලවන අවස්ථා පවතී. ඇය හිනැහෙන විට දත් දෙස ඉතා වුවමනාවෙන් බලන්න.

    උඩු ඇන්දේ ඉදිරි දත් දෙපලේ  ඉදිරි මැද දත් දෙක අතර සිදුරක් පවතී නම් එම ස්ත්‍රිය උපන් මාසය අනුව ඇයට යම් යම් වු ආකාරයේ බලපෑම් ඇති කරනු ඇත. එම බලපෑම් කෙසේ වේවිද යන වග විමසා බලමු.
    ජනවාරි මාසයේ උපන් ස්ත්‍රියකගේ ඉදිරි පස  දත් දෙපලෙහි සිදුරක් පැහැදිලිව පිහිටා තිබුනේ නම් එසේ උපන් ඇයගේ ජීවිත කාලය විවිධ වු කරදර ප්‍රශ්න හේතුවෙන් බොහෝ දුක් විඳිමට සිදුවනු ඇත.
     උඩු ඇන්දේ ඉදිරි දත් දෙක අතර  සිදුරක් පැවතීම යහපත් නොවනු ඇත. තම ජීවිත කාලයම යම් කිසි ශරීර අපහසුතාවයකින් පීඩා විඳී. විවාහ ජීවිතය ද එතරම් සාර්ථක නොවේ. තම සහකරු සමඟ නිතර අනවශ්‍ය කථාබහ දුරදිග යාම නිසා ආරවුල් ඇතිකර ගනී. සිතින් වේදනා විඳින තැනැත්තියකි.

    මාර්තු මාසයේදී උත්පත්තිය ලබා මෙලෙස දත් සිදුරක් සහිතව උත්පත්තිය ලද අයකු සමඟ ආදර සම්බන්ධතාවයක් ඇති කරගැනීමට පෙර ඇය පිළිබඳ තොරතුරු සොයා බැලීම වැදගත් වනු ඇත.
    විවාහ යෝජනාවකින් තමාට සහකාරියක් සෙව්වද ඇයගේ උඩු ඇන්දේ  ඉදිරි මැද දත් දෙපලේ සිදුරක් තිබුනේ නම් ඇය පිළිබඳ කලින් තොරතුරු විමසා බැලිය යුතුවේ..

    කලා ක්ෂේත්‍රයෙන් තම හැකියාවන් පෙන්වමින්ද ජනප්‍රිය රංගන ශිල්පිනියක් වීමේ වරම් හිමිකර ගැනීමේ භාග්‍ය අප්‍රේල් මාසයේ උපන් තැනැත්තියට හිමිවේ,ඇයගේ ඉදිරිපත් වීමේ ශක්තිය ප්‍රසංශනිය වෙයි. සමාජය ඉදිරියේ නොබියව අති දක්ෂ අයුරින් කතා කිරීමේ හැකියාව පවතී.අන් අයගේ සිත් වශී කරවන රූප සම්පත්තියකින් හෙබි මෙවැනි කත විවාහ කර ගැනීම සුබ වෙයි.

    මැයි මාසයේ උත්පත්තිය ලැබූ එවැනි පිහිටීම ඇති කාන්තාවට  ජීවිතයේ මුල් කාලය අයහපත් ලෙස ගෙවීමට සිදුවේ. ජීවිතයේ මුල් කාලයේදි විවිධ වු රෝගාබාධ මෙන්ම කරදර වලට ද ලක් වීමෙන් සිතින් දුක් විඳිමින් කල් ගෙවයි.මැදි ‍වයසෙන් පසු  කරදරකාරී තත්ත්වය අවම වුවද රෝග වලින් නම් අඩුවක් නොවේ.
    වැඩිපුර ඕපාදුප සොයන අයකුගේ දත් දෙපලෙහි එවන් සිදුරක් පවතින්නේද ඇය ඒකාන්තයෙන්ම ජුනි මාසයහි උත්පත්තිය ලැබු තැනැත්තියකි. කුඩා කල සිටම ගෙදර අය සමඟ හෝ පිටස්තර අය සමඟ හෝ රණ්ඩු ඇතිකර ගනී.

    ජුලි මාසයේදි මෙවැනි සිදුරුක් සහිතව උත්පත්තිය ලැබු ස්ත්‍රිය වාසනාවන්තියකි.කුඩා කල සිටම කලා කටයුතු සඳහා දක්ෂතා පෙන්නුම් කරයි. ජනප්‍රිය සංගීත ගුරුවරියක් වීමේ භාග්‍ය ලබා ගත හැක.
    අගෝස්තු මාසයේ මෙසේ උපන්නිය  අයහපත් බවට පිළිගැනේ. කල් පවතින රෝගාබාධ ගෙන දීමටත් රෝගී ස්වභාවය හේතුවෙන් එක් තැන් වීමටත් සිදුවිය හැක.

    දරුවන් සම්බන්ධ ගැටලු ද දරුවන් අහිමිවීම්ද සිදුවන්නේ  ඉදිරිපය දත් දෙපලේ උඩු ඇන්දේ සිදුරක් සහිතව සැප්තැම්බර් උත්පත්තිය ලැබු තැනැත්තියටය.
    ඔක්තොබර් මාසයේ  උපන් කාන්තාව ඉතා වාසනාවන්ත ය. ඇයගේ දියුණුව  දිනෙන් දින ඉහළ යයි.
    දරුවන් සම්බන්ධ ගැටලු දරුවන් අහිමි වීම් සිදුවිය හැකි බැවින් නොවැම්බර් මාසය ද මෙවන් කාන්තාවට අයහපත් වේ.

    ඉදිරිපස දත් දෙපලේ සිදුරක් සහිතව දෙසැම්බරයේ උත්පත්තිය ලැබීම ඉතා යහපත් වනු ඇත. ඉඩකඩම් යාන වාහන ලැබීමටත් හදිසි ධන ලාබ ලැබීමටත් වාසනා ශක්තිය ඇයට හිමිවේ.

    ප්‍රවීණ ජ්‍යොතිෂවේදී 
    මෙලාන් වික්‍රමසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: දත් දෙපලේ සිදුරක් ඇතිව ජූලි මාසයේ උපන්නොත් ........ ? Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top