සෙත් දෙන සෙත්කවි හදන්නෙ මෙහෙමයි
ශබ්ද විද්‍යාවේ අති සුක්ෂ්ම නිමැවුම වන සෙත් කවිය ඉතා යහපත් ප්‍රතිඵල ලබා දෙන විශ්මිත නිර්මාණයකි. එබදු සෙත් කවි ශාස්ත්‍රානුකූලව ම නිර්මාණය කරන්නාද ශබ්ද විද්‍යාව මැනවින් ප්‍රගුණ කළ අයෙකි.
සෙත්කවි රචකයා සුපේශල ශික්ෂාකාමී අයෙකු විය යුතු අතර අවම වශයෙන් පන්සිල් පද හෝ ආරක්ෂා කරන අයෙකු විය යුතුය. එවිට එකී පුද්ගලයා කෙරෙහි දෙවි දේවතාවන්ගේ ඇල්ම හා බැල්ම යොමුවේ.එබඳු පුද්ගලයන් සෙත්කවියක් මගින් දෙවියන් වර්ණනා කොට ඉල්ලා සිටිනු ලබන සහනය ශාන්තිය හෝ දියුණුව ලබා දීමට මහේශාඛ්‍ය දෙවිවරු පවා පසුබට නොවේ.
ගුණ ගරුක ධාර්මික සෙත්කවි රචකයා විසින් ම ඉතා නිවැරදිව වචන උච්චාරණය කරමින් සෙත්කවිය ගායනා කරන්නේ නම් අනුපමේය ප්‍රතිඵලයක් ලද හැකි බවද සඳහන් කළ යුතුය. සෙත්කවියේ බලමහිමය එය රචනා කරන්නාගේ බෝධිසත්ව ගුණය හා ගායනා කරන්නාගේ නිවැරදි උච්චාරණය සමඟ යහපත් ලෙස බැඳෙන බවද සඳහන් කළ යුතුය.
සෙත්කවි රචනය බෝධිසත්ව ගුණෝපේත සත්පුරුෂයන් විසින් පමණක් සිදු කරනු ලබන කාර්යයකි. වස් කවිය මෙහි ප්‍රතිවිරුද්ධ සංකල්පය වන අතර උතුම් වු සෙත්කවි රචකයෙකු කිසිම හේතුවක් නිසා හෝ වස්කවි රචනා කරන්නේ නැත.
සෙත්කවියක් මගින් ඉල්ලා සිටිනු ලබනුයේ කිසියම් ව්‍යසනයකට පැමිණ සිටින අයෙකු එයින් මුදාගෙන සුගතියකට රැගෙන යන ලෙසයි. කිසියම් ග්‍රහ අපලයක් හේතු කොට ගෙන පුද්ගලයකු වෙනුවෙන් සෙත්කවියක් රචනා කරන්නේ නම් එකී අපලය දුරු කරන්නට වඩාත්ම සමත්කම් දක්වන දෙවියන් උදෙසා සෙත්කවිය ලිවිය යුතුය.
අපල වලට පිහිටවන දෙවිවරු
රවි අපලයට ඊශ්වර දෙවියන්ටද, සඳුගේ අපල සඳහා සමන්, පත්තිනි දෙවිවරුන්ටද ,කුජ අපලයට කතරගම ශ්‍රී ස්කනධකුමාර දෙවිවරුන්ටද, බුධ අපලයට දැඬිමුණ්ඩ,විෂ්ණු දෙවිවරුන්ටද ,ගුරු අපලයට විෂ්ණු, බ්‍රහ්ම දෙවිවරුන්ටද .සිකුරු අපලයට පත්තිනි දෙවියන්ටද,සෙනසුරු අපලයට විෂ්ණු දෙවියන්ටද රාහු අපලයට සුනියම් දෙවියන්ටද කේතු අපලයට කතරගම ශ්‍රී ස්කන්ධ කුමාර දෙවියන්ටද කන්නලවු කරමින් සෙත් කවි රචනා කළ යුතුය.
ලෙඩදුක් සුවකර ගැනීම, ග්‍රහ අපල දුරුකර ගැනීම .සෙත් ශාන්ති ඇතිකර ගැනීම, වෙළෙඳ ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීම, ප්‍රමාද වු විවාහය ඉක්මන් කර ගැනීම, දරුසම්පත් ඉල්ලා සිටීම,විභාග ජය ලබාගැනීම , තම දියණියගේ හෝ පුතාගේ විවාහ දිවියට දේවාශීර්වාද ඉල්ලා සිටීම වැනි කාර්යයන් සඳහා සෙත්කවි රචනා කරවාගෙන ගායනා කිරීම ශ්‍රී ලාංකික සංස්කෘතියෙහි දක්නට ලැබෙන සුවිශේෂී අනන්‍යතාවක් වන අතර සිංහල භාෂාවෙන් හැර ලෝකයේ වෙනත් කිසිදු භාෂාවකින් සෙත්කවි රචනා නො කෙරේ.
සෙත්කවි රචනා කිරීම හදිසියේ කළ හැක්කක්ද නො වේ.එබැවින් ඔබ කල්වෙලා ඇතිව ඔබේ සෙත්කවි අවශ්‍යතාව සෙත්කවි රචකයාට දැනුම්දිය යුතුය. සෙත්කවියෙන් සෙතක් ශාන්තියක් අපේක්ෂා කරන්නා හෙවත් කාව්‍ය නායකයාගේ නිවැරදි, පැහැදිලි ජන්ම පත්‍ර පිටපතක් සෙත්කවි රචකයා වෙත රැගෙනයාම අත්‍යවශ්‍ය වේ. කාව්‍යනායකයාගේ සම්පුර්ණ නමද, නිතර භාවිතා කරන නමද සෙත්කවි රචකයාට පැවසිය යුතුය.
සෙත්කවි රචනා කරන්නා හෙවත් කාව්‍ය කර්තෘ සෙත්කවියක් රචනා කිරීමට සැරසෙන අසිරිමත් ක්‍රමවේදය හා සෙත්කවියක් රචනා කිරීමට යාමේදී සම්පුර්ණ කර ගත යුතු නැකත් ශුද්ධිය, දින ශුද්ධිය හා තිථි ශුද්ධිය පිළිබඳ තොරතුරු රැසක් මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
ඔබ දැනටමත් සෙත්කවියක් රචනා කරවාගෙන තිබේ නම් එම සෙත්කවිය ගායනයෙන් උපරිම ඵල ලබා ගැනීම සඳහා පුර්ව සුදානම කෙසේ විය යුතුද යන්නත් ඒ හා බැඳි වතාවත් මොනවාදැයි දැන කටයුතු කරන්න. නැතිනම් ඵල නොලැබේ. නිසිවතාවත් හා පිළිවෙත්වලින් තොර සෙත්කවි ගායනය ඵල රහිත බවද අවධාරණය කරන්නට කැමැත්තෙමි.
(තව කොටසක් ලබන සතියේ......)
ඒ.එන්.විජයසේකර

0 comments:
Post a Comment