ගිනි ගෙඩි දුන්නොත් ගිනි බෝල වමාරන්න වෙනවාමයි
කවර කාලයක මේ සම්මතය ජ්‍යොතිෂයට ඇතුල් වුවාද යන්න නොදනිමු. මහ දශා කාලවල එකතුව ගණනය කිරීමේදී මේ අගය වසර 120 බව පැහැදිලිවෙයි.
ඒ අනුව සැලකීමේදී ජ්‍යොතිෂය නිර්මාණයවී ඇත්තේ අවුරුදු 120ක ආයු කාලය ඇති පුද්ගලයෙක් මුල්කරගෙන බව පැහැදිලිවේ.
ඒ කෙසේ වුවද වසර 80ක් පමණ ජීවත්වන වර්තමාන පුද්ගලයන්ට සමහර මහ දශාවලට මුහුණ දීමට සිදු නොවේ.
මහ දශා කාලය ගණනය කිරීමේදී ශනිට වසර 19යි. ගුරුට- 16යි ආදී වශයෙන් බව සලකන්න. එසේ මඟහැරෙන දශා කාලය අසුබ ග්‍රහයකුගේ නම් වඩාත් යහපත්වේ. විශේෂයෙන්ම ජීවිත කාලයේ උදානොවන මහ දශාව සෙනසුරුගේ නම් එය මහඟු භාග්‍යයක් ලෙස ජ්‍යොතිෂයේ දැක්වේ. මෙසේ හැඳින්වීමට හේතුව සෙනසුරු දුකට අධිපති ග්‍රහයා ලෙස හඳුන් වන නිසාය.
ග්‍රහලොව මහලු අබ්බගාත පුද්ගලයකුගේ ස්වරූපය දැක්වෙන ශනි ලෝකෝන්තර ගති ඇති පාප ග්‍රහයකු ලෙස හැඳින්වේ. පුෂ ,අනුර ,සහ උත්‍රපුටුප යන නැකැත් තුනට අධිපති වු සෙනසුරු මේෂ රාශිය මුල් කරගත් විශ්ව කේන්ද්‍රයේ මකර රාශිය වු දහ වැන්නටත් කුම්භ රාශිය එකොළොස් වැන්නටත් අධිපතිකම දරයි.සෙනසුරුගේ වාහනය ලෙස සැලකෙන්නේ කපුටාය. සෙනසුරු කෲර ගති ඇති නපුංශක ග්‍රහයකු ලෙස හැඳින්වේ.
සෙනසුරු දුකට, මරණයට , දිළිඳුකමට අලස ගතියට ප්‍රධානවන අතර ශරීරයේ අස්ථි බිඳීමට කාරක ග්‍රහයා වන්නේය.
සෙනසුරු තුලා රාශියේදී උච්ච වන අතර මේෂ රාශියේදී නීචවෙයි. සෙනසුරු ස්වක්ෂේත්‍ර වන්නේ කුම්භ රාශියේදීය.
බුධ හා සිකුරු සෙනසුරුගේ මිත්‍ර ග්‍රහයන්වේ.
කුජ හා සඳු සතුරු ග්‍රහයන් ලෙස හැඳින්වේ. රවී ග්‍රහයා ශනිගේ අති සතුරා ලෙස හැඳින්වේ.
ග්‍රහතාරක තත්ත්වය පිළිබඳ සැලකීමේද වෘෂභ තුලා ලග්නවලට ශුභ ග්‍රහයන් ලෙසත් මේෂ, කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, ධනු මීන ලග්නවලට තදබල පාපියාත් වන්නේය. භාව පිළිබඳ සැලකීමේදී හත් වන භාවයට දිග් බලවන ශනි මහ දශා කාලය වසර 19කි.
ශනි දශාවේ ශනි අන්තරය -වර්ෂ 03 මාස දින 03
හොඳ නම කැළැල්වීමට කරුණු යෙදේ. විශේෂයෙන්ම රෝග පිඩා ඇති වන කාලයකි. උදර රෝග, කටී වායුව, ස්නායු රෝගවලින් දුක් විඳීමට සිදුවේ. සොර සතුරු උවදුරුවලට මුහුණදීමට සිදුවේ.
අත් පාවල අස්ථි බිඳීම වැනි කරදර ඇතිවන කාලයකි. ශරීරය කෘශවීම, මුදල් නැතිවීම, වැනිදේ සිදුවේ. හිතේ කරදර ඇති කරයි .දරුවන්ට කරදර ලෙඩදුක් ඇතිවේ. සෑම කටයුත්තක්ම කඩාකප්පල් වෙයි. කෝපය ඇවිස්සේ.
සෙනසුරු යහපත්ව පිහිටිවිට මේ කරදර බාධා මඟහැරේ. සමහර ජන්ම කේන්ද්‍රවල පිහිටීම අනුව සුබපල උදාවෙන අවස්ථාද ඇත.
ශනි දශාවේ බුධ අන්තරය . (අවුරුදු 02 මාස 08 දින11)
වෙෙළඳාමෙන් ලාභ ලැබෙන කාලයකි. ඒවා වැඩි දියුණු වෙයි. අලුත් දේපළ මිලදී ගැනීම හා තමා සන්තක දේපළවල වටිනාකම වැඩිවනු ඇත. සුඛෝපභෝගී භාණ්ඩ හිමිවේ. ධනය ලැබෙන මාර්ග වර්ධනය වෙයි. ආගමික කටයුතු සඳහා වැඩි නැඹුරුවක් ඇතිවේ. බුධ අන්තරය ජන්මියාට යහපත් කාලයක් වුවත් දරුවන්ට ලෙඩ රෝග ඇති වීමට ඉඩ ඇත. දරු සම්පත් හිමිවන කාලයකි.
ශනි දශාවේ කේතු අන්තරය - (අවුරුදු .01 මාස .01 දින. 09)
ආහාර නිසා රෝග ඇති වීමට ඉඩ ඇත. විශේෂයෙන් ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ රෝග ඇතිවේ. උණ රෝග සහ ලේ විෂ වීමේ රෝග ඇති වෙයි. විවිධ කටයුතු නිසා නිකරුණේ මුදල් නාස්ති වෙයි. හිතේ කරදර , ආසහන ගතිය ජිවිතේ කලකීරිම ඇතිවීමට හේතුවේ. නිවසේ අය සමඟ දබර වෙයි. වාහනවලින් අනතුරු ඇතිවේ.
කේතු යහපත්ව පිහිටා ඇත්නම් අධ්‍යාපන කටයුතුවල දියුණුවක් ලැබේ. වියදම් අඩුවේ.
ශනි දශාවේ සිකුරු අන්තරය - (අවුරුදු 03 මාස 02)
යහපත් කාලයකි. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. අලුත් නිවසක් සාදා පදිංචි වීමට අවස්ථාව සැලසේ. පරණ කෝන්තර අමතක වී ඥාතීන් සමඟ හොඳ හිත ඇතිවේ. තරඟවලින් ජය හිමිවීමට , ත්‍යාග ප්‍රධාන හිමිවීමට අවස්ථාව සැලසේ. විවාහයට යහපත්ය. බිරිඳගේ පාර්ශවයෙන් මුදල් ,ඉඩම් හිමිවේ. ප්‍රීති වීමට කටයුතු යෙදේ. සමෘධිය,සෞභාග්‍ය හිමිවේ. ගොවිතැන් කටයුතු වලින් ලාභ ලැබේ. සුව පහසුවෙන් ජිවත් වීමට අවශ්‍ය දේ ලැබේ. වානාවන්ත කාලයකි.
ශනීගේ රවි අන්තරය - ( මාස 11 දින 12)
යහපත් පිහිටීමක් ඇතිවිට රජයේ සම්මාන ගෞරව හිමි වේ. එහෙත් අසුබ පිහිටීමක් ඇති විට කරදර ඇතිවෙයි. සොර සතුරු උපද්‍රව මෙන්ම රජයේ විවිධ ක්‍රියාකාරකම් තමන්ට කරදර ඇති කරයි. පදිංචි ස්ථානයේ වෙනසක හෝ ඉවත්වීමක් සිදුවේ. ආමාශගත රෝග ඇතිවිය හැක. හිත කලකීරිමට කරුණු යෙදිය හැක. දරුවන්ය භාර්යාව සැමියාට අපල ගෙනදේ.
ශනිගේ චන්ද්‍ර අන්තරය (වර්ෂ 01)
ආගම දහම කෙරේ වෙනදා නොමැති නැඹුරුවක් ඇතිවේ. පවුලේ අය සමඟ ගැටීම් ඇතිවිය හැක. ධනය ඉඩකඩම් හානි වීමට ඉඩ ඇත. එහෙත් නැතිවු දේපළ වස්තුව නැවත ලැබිමට ඉඩ සැලසේ. උකසට තැබු රන්භාණ්ඩ , ඉඩම් දේපළ නැවත ලැබේ. ශන්ගේ චන්ද්‍ර අන්තරයේදී කරදර බාධක අඩුවුවද ස්ථාන මාරු, දරුවන්ට කරදර ඇතිවේ.
ශනිගේ කුජ අන්තරය - (අවුරුදු 01 මාස 01 දින 09)
විරුද්ධ ලිංගිකයන් නිසා වියදම් ඇතිවේ. අන් අයගේ දෝෂාරෝපනයට ලක්වීම, හදිසි අනතුරුවලට ලක්වීම, සහෝදරයන්ට කරදරවීම , ව්‍යාපාරවලින් පාඩු වීම. වැනි කරදරවලට ලක්වේ. උෂ්ණ රෝග, ඇස් රෝග, වාත රෝග ආදිය ඇතිවිය හැක.
කුජ යහපත්ව පිහිටියේ නම් ව්‍යාපාරවලින් ලාභ . මිතුරන්ගේ උදව් ලැබීමට හේතුවේ.
ශනිගේ රාහු අන්තරය - වර්ෂ 02 මාස 10 දින 06
විදේශ ගමන් හෝ තම රටේ ඈත ප්‍රදේශවලට හෝ යාමට සිදුවේ .ආදායම අඩු වීම, උණ රෝග , වාත රෝග කරදර බාධා ආදිය ඇතිවිම විය හැක.
සොර සතුරන් ඇතිවීම, රජයෙන් කරදර බාධා ගෙන ඒමටද මේ කාලයේ සිදුවිය හැක. එහෙත් යහපත් පිහිටීම් ඇති විට මේ කරදර බාධක එතරම් තදින් ක්‍රියාත්මක නොවේ.
ශනිගේ ගුරු අන්තරය - වර්ෂ 02 මස 06 දින12
දුක් කරදරවලින් මිදී යහපත් ජිවිතයක් උදාවීමට මේ කාලයේදී සිදුවේ. ත්‍යාග .ප්‍රධාන අන් අයට ලබාදීමට කටයුතු කරයි. සතුරන් මිතුරුවීම හෝ සතුරන්ගෙන් කරදර නැති වීම හෝ වෙයි. මැණික් ,රත්ත්‍රන් ආදිය ලැබේ. වස්තුව ලැබීමට බලවත් මිතුරන්ගෙන් උදව් ලැබීමට හැකි කාලයකි. මේ කාලයේ ද උසස් තත්ත්වයක් ලැබේ. කලින් පැවති රෝග සුව වී ශරීර සෞඛ්‍ය යහපත්වේ. කීර්තිය පැතිර යයි.
ලිව්වේ -ලක්ෂ්මි වික්‍රමසිංහ
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ඇල්බට් සුදසිංහ
0 comments:
Post a Comment