728x90 AdSpace

  • නවතම පුවත්

    2015-03-04

    පොරොන්දම් පරීක්ෂාව 02

    තොරතුරු රැසක් අපි පසුගිය ලිපියකින් ඔබ වෙත ඉදිරිපත් කළෙමු. පොරොන්දම් පරීක්ෂාව සඳහා අවශ්‍ය දත්ත ලබාගැනීමට නැකැත්, ගන යෝනි චක්‍රය ද පලකර ඇත.

    අපි අද උදාහරණ සහිතව පො‍රොන්දම් පරීක්ෂාවක් කරමු. එවිට ඔබටම ඔබගේ ගැටලු නිරාකරණය කරගත හැකිවෙයි.

    කේන්ද්‍ර සටහන්වලට අදාළ තොරතුරු අනුව පොරොන්දම් පරීක්ෂාවක් කරමු.

    1987 මාර්තු 11 ප.ව 6.55 කන්‍යා/පුෂ 3
    (රූපය 1 )


    1986 පෙබ 17 රාත්‍රී 7.00 රෙහෙන
    (රූපය 2 )


    අපි මෙතෙක් උගත් කරුණු පිළිවෙලින් විමසා බලමු. ඉහත උදාහරණය අනුව ස්ත්‍රිය පුෂ නැකතේ වන අතර පුරුෂයා රෙහෙන නැකතේය. නැකැත් පොරොන්දම නැකතින් පුරුෂ නැකතට 2,4,6,8,9,11,13,15,17,18,20,22,24,26,27 නැකතක් නම් ශුභ වේ. පුෂ නැකතේ සිට රෙහෙන නැකතට නැකැත් 24කි. එනම් තෙවන පර්යායේ සාධක නැකතයි.

    ස්ත්‍රියගේ නැකතින් පුරුෂ නැකතට ශුභ වූ විට පුරුෂ නැකතේ සිට පරීක්ෂා කිරීම අවශ්‍ය නොවේ. මෙහිදී රෙහෙන නැකතේ සිට පරීක්ෂා කළහොත් පුෂ නැකත ප්‍රත්‍යාරි නැකතයි. දෙපසටම ශුභ නැකැත් වනුයේ සම්පත් හා පරම මෛත්‍රී නැකත් පමණක් වේ.

    දෙපසටම අශුභ නැකැත් නොමැත. එලෙස පවතිනුයේ ජන්ම නැකැත් පමණි. අනෙක් නැකැත් එක පසෙකට ශුභ වේ. ඒ අනුව ස්ත්‍රියගෙන් පුරුෂයාට අශුභ වූ විට පුරුෂයාගෙන් ස්ත්‍රියට ශුභව මධ්‍යස්ථ වේ. මේ අනුව ඉහත උදාහරණයේ 24 වන නැකත ශුභ වේ.

    දෙවන පොරොන්දම ද අපි උදාහරණයකින්ම පරීක්ෂා කරමු. පුෂ නැකත දේව ගණ වන අතර රෙහෙන නැකත මනුෂ්‍ය ගණ බැවින් මේ පොරොන්දම මධ්‍යස්තය. මෙහිදී එකම ගණ වීම යහපත් වන අතර මනුෂ්‍ය දේව මධ්‍යස්ථ වේ. මනුෂ්‍ය රාක්ෂ හෝ රාක්ෂ ගණය සඳහා දේව ගණ අශුභ වේ. රාශි රාශිපති පොරොන්දම් ශුභ වීමෙන් මේ දෝශ භංග වේ.

    (ඉසිකර කර්තෘ ඩබ්ලිව්.ඒ.ඩී.ඒ.වික්‍රමසිංහ මහතාට ස්තුතිය.)
    කිරින්දේ ඩී.ඒ.වික්‍රමසිංහ

    ඉතිරිය . . . . .

    මාර්තු 04 වෙනිදා සෙත්මිණ කියවන්න
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: පොරොන්දම් පරීක්ෂාව 02 Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top