728x90 AdSpace

  • නවතම පුවත්

    2015-03-18

    මාර්තු 20 සූර්යග්‍රහණයක්

    මාර්තු 17 දා සිට මාර්තු 23 පසුවන තුරු සුබ කටයුතු උචිත නොවේ

    යුරෝපා සංගමය මේ වන විට තම බල ශක්ති ඉල්ලුමෙන් ගිගා වොට්ස් 90 ක් සපුරා ගන්නේ සූර්ය ශක්තියෙනි.සූර්ය ග්‍රහණය පවතින කාලයේදී එය ගිගා වොට්ස් 34 දක්වා පහත බසිනු ඇතැයි බල ශක්ති විශාරදයෝ අනාවැකි පළ කරති. ඒ බලපෑම එතෙකින් සීමා වේද.....?

    ජල රාශීන් පීඩාවීම උගතුන්ට , ජ්‍යෙතිෂවේදීන්ට සහ ආධ්‍යාත්මික යහ පැවැත්මට තර්ජනයකි. වියරු ප්‍රචණ්ඩ හැඟීම්, සංවිධානාත්මක අපරාධ, කැරලි කෝලාහළ, සහ විශේෂයෙන්ම ආගමික අන්තවාදී ගැටුම් උත්සන්න වීමට හේතු විය හැක. ඉදිරි වසර හතරක කාලයේදී උන් හිටි ගමන් මේ තර්ජනය බිහිසුණු ස්වරූපයකින් හිස ඔසවනු ඇති නමුත් 2020 වන විට සියලු ආකාරයේ ආගමික උම්මත්තක ත්‍රස්තවාදී කල්ලි සම්පූර්ණයෙන් පරාජය කීරීමට ශිෂ්ට සම්පන්න ලෝකය සමත් වන්නේය. අවි ගත් වුන් දරුණු පරාජයකට පත් වේ.

    මේ වසරේ පළමු වැනි පූර්ණ සූර්ය ග්‍රහණය මාර්තු 20 දා සිදු වේ. නෝර්වේජියන් මුහුදු සීමාව සහ උතුරු අත්ලාන්තික් සාගරය අතර පිහිටි ෆොරොයි දූපතට ඉහළින් එය එක එල්ලේ දර්ශනය වන්නේ ය.නෝර්වේ රට සහ අයිස්ලන්තය මැද කිලෝ මීටර 320 ක් දුරින් මේ සූර්ය ග්‍රහණය අහසේ මුදුන් වන ෆොරොයි දිවයින පිහිටා ඈත.යුරෝපයේ රටවල් විශාල ගණනකට මෙය හොදින් දර්ශනය වන අතර එහි බලපෑමද එයාකාරයෙන්ම සිදු වේ.

    සූර්ය ග්‍රහණයේ අති මහත් ගොදුරු ප්‍රදේශය උතුරු අත්ලාන්තික් සාගරය මත විහිදී පවතී.පින්ලන්තය එංගලන්තය,නෝර්වේ,ස්වීඩනය,අයිස්ලන්තය,අයර්ලන්තය යන රටවලට දෑඩි බලපෑමක් ගෙන දෙන අතර සමස්තයක් වශයෙන් යුරෝපයට මහ දවාලේ රාත්‍රිය උදාවනු ඈත.රුසියාවට ද මෙයින් ගැලවුමක් නැත.
    ශ්‍රී ලංකාවට සහ ආසියාවට මේ සූර්ය ග්‍රහණය දර්ශනය වන්නේ නැත.

    ශ්‍රී ලංකාවේ ඔරලෝසු වේලාවෙන් සූර්ය ග්‍රහණයේ සිදුවීම් පෙළ ගැසෙන්නේ මෙසේය.
    # පස්වරු 01.11 ට යුරෝපයට අර්ධ සූර්ය ග්‍රහණය දිස්වනු ඇත.
    # පස්වරු 02.39 ට යුරෝපයට පූර්ණ සූර්ය ග්‍රහණය විද්‍යාමාන වේ.
    # පස්වරු 03.15 ට සූර්ය ග්‍රහණයේ උච්ච අවස්ථාව උදා වී සමස්ත යූරෝපයම අඳුරු වන අතර එවිට පවතින යූ.ටී.සී. කාලය පෙරවරු 09.45 ලෙස පෙන්නුම් කරයි.
    ‪#‎යුරෝපයේ‬ කුමන රටක සිට හෝ සූර්ය ග්‍රහණයේ පූර්ණ/උච්ච අවස්ථාව දැක ගන්නට ලැබෙන්නේ සවස 3.52 දක්වා පමණි.

    # එසේම ලෝකයේ කුමන තැනෙක හෝ සිට සූර්ය ග්‍රහණයේ අර්ධ/ අවසන් අවස්ථාව දැක බලා ගන්නට ලැබෙන්නේ සවස 05.20 දක්වා පමණි.යූ.ටී.සී. කාලය අනුව පෙරවරු 11. 20 ට සූර්ය ග්‍රහණය අවසන් වී නැවත දීප්තිමත් හිරු රැස් යුරෝපයට පතිත වනු ඇත.
    ඉහත කාල සටහන අනුව සූර්ය ග්‍රහණය පැය 4 කුත් මිනිත්තු 9 ක කාලයක් පවතින බව පෙනේ.
    එසේම සූර්ය ග්‍රහණයේ උච්චතම කාලය මිනිත්තු ගණනක් බවත් මතක තබා ගන්න.පැය 4 කුත් මිනිත්තු 9 ක් යුරෝපයට හිරු රැස් අහිමිවන බවක් එයින් අදහස් නොවේ.සම්පූර්ණයෙන්ම හිරු නොපෙනී යන්නේ මිනිත්තු 2 යි තත්පර 47 ක කාලයකටය.

    # ක්‍රිස්තු වර්ෂ 2026. අගෝස්තු 12 දා වනතුරුම නැවත යුරෝපයට පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්නට ලැබෙන්නේ නැත. එහෙයින් යුරෝපයේ ජීවත්වන කිසියම් ප්‍රතිශතයකට මේ ඔවුන් දකින අවසන් පූර්ණ සූර්ය ග්‍රහණය වනු ඇත.

    මේ පූර්ණ සූර්ය ග්‍රහණය නිසා යුරෝපයට/ලෝකයට කුමන බලපෑමක් සිදුවේද?

    යුරෝපා සංගමය මේ වන විට තම බල ශක්ති ඉල්ලුමෙන් ගිගා වොට්ස් 90 ක් සපුරා ගන්නේ සූර්ය ශක්තියෙනි.සූර්ය ග්‍රහණය පවතින කාලයේදී එය ගිගා වොට්ස් 34 දක්වා පහත බසිනු ඇතැයි බල ශක්ති විශාරදයෝ අනාවැකි පළ කරති.ඒ බලපෑම එතෙකින් සීමා වේද.....?

    ඇස්ට්‍රොනොමි-තාරකා විද්‍යාව අනුව සූර්ය ග්‍රහණයක් යනු සාමාන්‍ය සංසිද්ධියකි.ඇස්ට්‍රොලොජි-ජ්‍යොතිෂය අනුව නම් සූර්ය ග්‍රහණයක් යනු බරපතල කාරණයකි.ඉංග්‍රීසියෙන් කියන ඇස්ට්‍රොනොමියට වඩා ඇස්ට්‍රොලොජිය සූර්ය ග්‍රහණයක බලපෑම තරමක් සංකීර්ණ ලෙස දකී.දැන් ඒ පැත්ත බලමු.

    බටහිර/යුරෝපීය ශායන ජ්‍යොතිෂ ගණන් බැලීම් පරිදි සූර්ය ග්‍රහණය සිදු වන්නේ මීන රාශියේ අංශක 29 දීය.පෙර දිග වෛදික ජ්‍යොතිෂ ගණනය කිරීම් අනුව එය සිදු වන්නේ මීන රාශියේ අංශක 5 දීය.කෙසේ නමුත් වැදගත් කාරණය වන්නේ මේ දෙපාර්ශ්වයම පෙන්වා දෙන්නේ මීන රාශිය සූර්ය ග්‍රහණයේ ගොදුරු බිම වී ඇති බවයි.ලෝකායතන ජ්‍යොතිෂයේ ඉතා වැදගත් සිද්ධාන්තයක් මෙහිදී සිහිපත් කරමු.කිසියම් රාශියක් මත සූර්ය ග්‍රහණයක් සිදු වන්නේද...ඊට පෙර දින 7 ක් සහ ග්‍රහණය සිදු වී දින 7ක් යනතුරු එම රාශිය සහ පැවති නැකත කිසිම සුබ කටයුත්තකට නොගත යුතුය.සූර්යා ග්‍රහණයට ලක්ව සිටියදී නිකුත් කෙරෙන උග්‍ර විෂ කිරණ හේතුවෙන් එම රාශියත් නැකත් බල ප්‍රදේශයත් දූශිත වන බව විශ්වාශ කෙරේ.

    මේ අනුව 2015 මාර්තු 12 දා සිට 27 දා දක්වා මීන රාශියත් සූර්ය ග්‍රහණය අවස්ථාවේ පවතින උත්‍රපුටුප නැකතත් කිසිදු සුබ කටයුත්තකට යොදා ගත නොහැක.දෙවැනි සිද්ධාන්තයත් මේ සමඟම විමසමු.සූර්ය ග්‍රහණයකට පෙර පවතින දින 3 ක් සහ සූර්ය ග්‍රහණයට පසුව උදාවන දින 3 ක් ද පසුවන තුරු කිසිම සුබ කටයුත්තක් ආරම්භ නොකළ යුතුය.ඒ අනුව මාර්තු 17 දා සිට මාර්තු 23 පසුවන තුරු සුබ කටයුතු උචිත නොවේ.

    සූර්ය ග්‍රහණය සිදුවන්නේ මීන රාශියේදීය. එය ගුරුට අයත් ජල රාශියකි. ගුරු තම උච්ච රාශියේ සිටින නමුත් උච්ච අංශකය පසුකොට සිටියදී ත්‍රිකෝණ දෘෂ්ටියෙන් ග්‍රහණ භූමිය දකී.ස්වක්ෂේත්‍ර බලයෙන් යුත් රාහු ග්‍රහ/රාශී දෘෂ්ටියෙන් මීන රාශිය පීඩාවට පත් කරමින් සිටී.ඒ සමඟම රවි හා සඳු ග්‍රහණ අවස්ථාවේ ගමන් ගන්නේ සතුරු සෙනසුරු තමාගේම අනුර නැකතේ වක්‍ර ගමනක යෙදෙමින් සිටියදීය.සෙන්සුරු තැන්පත්ව සිටින වෘශ්චිකය ද ජල රාශියකි.මෙහි අන්තර්ගත වන්නේ උග්‍ර විෂ රසායනික දියරයන්ය.නැවත මේ සෙනසුරු සහ රාහුගේ නැකතක සිටින බුද ග්‍රහයාද ගුරු තැන්පත් කටක රාශිය රාශී දෘෂ්ටියෙන් පීඩාවට පත් කරයි.ගුරු ග්‍රහයා ගමන් ගන්නේද තමාට නොරුස්සන බුධ ගේ නැකතකය.මේ අනුව ජල රාශීන් ත්‍රිත්වයම පීඩනයකට පත්ව සිටියදී සූර්ය ග්‍රහණය සිදුවන බව පෙනේ.සූර්ය ග්‍රහණ මගින් අයහපත් විපාක පමණක් ගෙන දෙන බව කීම අශාස්ත්‍රීය මතයකි. ඒවායින් ඉතා සුබ පල දානය කරන අවස්ථාවන් ද ඇත.එහෙත් 2015 මාර්තු 20 සූර්ය ග්‍රහණය වඩාත් වැඩි බර තබා ඇත්තේ නරක පැත්තටය.

    ජල රාශීන් පීඩාවීම උගතුන්ට , ජ්‍යෙතිෂවේදීන්ට සහ ආධ්‍යාත්මික යහ පැවැත්මට තර්ජනයකි. වියරු ප්‍රචණ්ඩ හැඟීම්, සංවිධානාත්මක අපරාධ, කැරලි කෝලාහළ, සහ විශේෂයෙන්ම ආගමික අන්තවාදී ගැටුම් උත්සන්න වීමට හේතු විය හැක. ඉදිරි වසර හතරක කාලයේදී උන් හිටි ගමන් මේ තර්ජනය බිහිසුණු ස්වරූපයකින් හිස ඔසවනු ඇති නමුත් 2020 වන විට සියලු ආකාරයේ ආගමික උම්මත්තක ත්‍රස්තවාදී කල්ලි සම්පූර්ණයෙන් පරාජය කීරීමට ශිෂ්ට සම්පන්න ලෝකය සමත් වන්නේය.අවි ගත් වුන් දරුණු පරාජයකට පත් වේ.

    සූර්ය ග්‍රහණයේ දැඩි බලපැමට හසුවන්නේ නෝර්වේ, ස්වීඩනය,පින්ලන්තය,අයිස්ලන්තය,අයර්ලන්තය, එංගලන්තය,ඇතුලු යුරෝපීය රටවල්ය.රුසියාවට ද මෙයින් ගැලවීමක් නැති අතර සමස්ත යුරෝපයට , උතුරු අත්ලාන්තික් සාගරයට සහ ඒ ආශ්‍රිත රටවලට සැනසුම හීන වී යනු ඇත.යුරෝපයේ ජීවත්වන සම්භාවනීය චරිතයක් වියෝවනු ඇති අතර එයින් පසුව මතුව එන අනුප්‍රාප්තිකයන් පරපුරක අවසානය ඉදිරි වසර 4 කුත් මාස 9 ක් ඇතුලත සනිටුහන් කිරීමට නියමිතය.. යුරෝපීය දේශපාලන වල රටාවද අංශක 180කි්න් වෙනස් වී අලුත් මුහුණු- අලුත් පෙරමුණු බලයට පත්වනු ඇත.

    ඉතිරිය කියවන්න . . . . .
    මාර්තු 18 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.

    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: මාර්තු 20 සූර්යග්‍රහණයක් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top