දෙදහස් පහළොවේ මාර්තු 20 දා සිදුවන සූර්ය ග්‍රහණයේ මධ්‍යය ජල රාශි කටකයේ තුන්වෙනි දෙර්කාණයේ දී සූර්යයා ග්‍රහණයට හසුවන විට එය බටහිර දිග් භාගයෙහි ක්‍රියාත්මක වෙයි.
මාර්තු සූර්ය ග්‍රහණය නිසා ඇති කෙරෙන අනිටු ප්‍රති විපාක මාසයක් දෙකක් වැනි කෙටි කාලයක දී මෙන්ම මාස අටක් දොළහක් වැනි දිගු කාලයක් පුරා ද ක්‍රියාත්මක විය හැක. සූර්ය ග්‍රහණයේ ප්‍රබල දුර්විපාකයන් ස්කොට්ලන්තය,මුරිසියස් දූපත්,උතුරු හා බටහිර අප්‍රිකාව,පැරගුවේ,ඇල්ජීරියාව,නෝර්වේ,උතුරු සිරියාව,ස්වීඩනය,බ්‍රසීලය,ක්වීන්ස්ලන්තය,එංගලන්තය,ජර්මනිය,ඩෙන්මාර්කය යන රටවලට එල්ලවීමට නියමිත ය. ඒවායේ ගිනි විපත් ,ගොඩනැගිලි කඩා වැටීම්,පිපිරීම්,ත්‍රස්ත ක්‍රියා ආදිය කලඑළි බසිනු ඇත.මේ රටවල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත් නම් තම ආරක්ෂාව සඳහා කල්තියා සැළසුම් සකසා ගැනීම වටී.
ලෝකයේ බොහෝ රටවල් හි ක්‍රියාත්මක වන විවිධාකාර ආණ්ඩු ක්රමයන් පිළිබඳ ජනතා අප්‍රසාදය මතුවෙයි. හමුදා ආණ්ඩු ක්රමයන් කෙරෙහි පෙරළිවලට පසුබිම සැකසෙනු ඇත.
ඒ අනුව ලොව බොහෝ රටවල දේශපාලන ක්ෂේත්රයට හමුදා නායකයින් ද,විනිසුරුවරුන් ද,විවිධ ආගම්වල ඉහළ පෙළේ පසුවන පූජ්‍ය පක්ෂ උතුමන් ද ඇතුලත්වීමට උත්සාහ දරනු ඇත. විපරීත කාලගුණික තත්ත්වයක් ඇතිවෙයි.ජල උල්පත් සිඳී යන්නේය.ගහකොළ වියළෙයි.විපත් බහුල වෙයි.දේපළ ද සතා සිවුපාවෝ ද පිළිස්සෙති.මේ තත්ත්වය මත ව්‍යාප්ත වන දුර්භික්ෂයන් සමඟ මනුෂ්‍යයා විසින්ම විවිධාකර වූ අපචාර දූෂිත ක්‍රියා මවා ගන්නේය.වසංගත,බෝවන රෝග ව්‍යාප්ත වෙයි. කාන්තාවන්ගේ විවිධ දුර්වලතා හේතුවෙන් පවුල් සංස්ථා දෙදරයි. මෙසේ ඇතිවන උපද්‍රවවලින් මිදීමට ගන්නා ක්‍රියා මාර්ග ද අකාර්යක්ෂම වෙයි.මේ නිසා ජනතාව තම ආගමට නැඹුරු වී කුසල් ක්‍රියාවල යෙදීම ඉතාම සුදුසුය. සූර්යයාගේ විපරීත බව පෘථිවියට එක සේ බලපායි.සෑම ජීවියෙකුටම මෙයින් යම් ප්‍රතිඵලයකට මුහුණ දීමට සිදු වේ.ආනන්තරිය පාප කර්මවලට දඬුවම් ලැබෙන කාලයකි.ඇස්පනාපිටම විඳවමින් දඬුවම් ලබයි.දිට්ඨධම්මවේදනීය අයුරින් ද මනු සතාට දානය කරන්නට සූර්ය ග්රයණයේ විෂ ශක්තිය බලසම්පන්න වන්නේය.
දේශයන් වටා ඇති සාගර මෙන්ම දේශයන් අභ්‍යන්තරයේ පිහිටි සාගරයන් ඇසුරුකර ගෙන භූමිකම්පා ක්‍රියාත්මක වනවා ඇත.ජලජ ජීවීන් විනාශවීම් මෙන්ම පරිසර හානි ගෙන දෙනු ඇත.ජලාශ මෙන්ම දිය ඇලි ආසන්නයේ දිවිගෙවන සියලු ජන කොටස් කල්පනාකාරී විය යුතුව ඇත.
අවදානම්කාරී කාලසීමාව 2016 මාර්තු මාසය දක්වා පමණක්ම විහිදී යා හැකි බැවින් ඔබේ ලග්නය හරහා ගෙන එනු ලබන උපදෙස් පිළිබඳ සැලකිළිමත් වී ජීවිත යාත්‍රාව අභිවෘද්ධිය කරා පදවාගෙන යාමට උනන්දු විය යුතුය.මෙකී සූර්ය ග්රහණයෙන් පසුව ඔබගේ ලග්නය හරහා ගෙන දෙන පලාඵල-උපදෙස් මෙන්ම සිදුකර ගත යුතු පිළිවෙත් ආදිය කෙරෙහි 2016 මාර්තු දක්වා අවදානය යොමුකර කිරීම වටී. පොදුවේ සියලු දෙනා සූර්ය පිරිත භාවිතා කිරීම අපල අවම වන මාර්ගයකි.
මේෂ
ඔබේ ලග්න කුණ්ඩලියේ දොළොස්වැන්නේ දී සූර්ය ග්‍රහණය සිදු වෙයි.රජයේ කොන්ත්‍රාත් පදනම මත කටයුතු කරනු ලබන කෙනෙකු නම් විවිධ දුෂ්කරතා මෙන්ම ආර්ථික අපහසුතා ද මතු කරනු ලබන්නේය.ව්‍යාපාරික කටයුතුවල යෙදෙන කෙනෙකු නම් ඉක්මනින් විනාශ විය හැකි,ගුල්ලන් ගසා විනාශ විය හැකි දෑ අවම තොගයටත් වඩා අඩුවෙන් ගබඩාකර ගත යුතුව පවතී. කරන කියන කටයුතුවලට පරිබාහිරව,කොන්ත්‍රාත් කටයුතුවල යෙදීමට ද බ්‍රෝකර් කටයුතු- ජංගම ව්‍යාපාරික කටයුතු ආදීයේ යෙදීමට ද සිතෙයි.තාවකාලික සහනයක් ඇති වුවද එතෙක් කරගෙන ආ ධනෝපාය මාර්ගවලට පවා අභියෝගයක් එල්ලවන කරුණක් උද්ගත විය හැකි බැවින් තීන්දු තීරණ ගැනීම බොහොම කල්පනාවෙන්ම සිදුකළ යුතුයි.පිත ඇවිස්සීම,උණ,අක්ෂි,දත් රෝග ආදියෙන් පීඩා ඇති වේ.සතුරු උපක්‍රමයකට ගොදුරු වෙයි. සේවකයින් සිටී නම් සේවක විරෝධයක් ඇති විය හැක.පැරණි වාහනයක් ගත හොත් ධන හානි ඇතිවෙයි.රූපයට රූපයක් තබා කතරගම දෙවිඳුන්ට පූජාවක් තබා ආරක්ෂාව පතන්න.
වෘෂභ
පදිංචිය වෙනස්වීමේ ප්රවනතාවක් ඇත. නිවෙසේ දී අනෙක් තැන්වලට වඩා මානසික අවුලක් ගෙන දිය හැක. තුන් සූත්‍රයෙන් පිරිත් කළ කොහොඹ තෙල් ස්වල්පයක් ගිනි අඟුරු කබලකට දමා උදේ සවස නිවෙස වටා දුම් අල්ලන්න. නෑදෑයින් අතර සිටින සංසාරගත සතුරන් ඔබට කීර්ති නාම හානියක් ද මිල මුදලක් හෝ දේපළක් වංචා කරමින් ඔබෙන් වෙන් වී යනු ඇත. ෆේස් බුක් හරහා ඔබේ චරිතය ඝාතනය විය හැකි පින්තූර පලවිය හැක. විදේශ ගත වීමට අවස්ථාවක් ලැබුණොත් ඊට උත්සාහ කළාට වරදක් නැත. ගම හැරදා වෙනත් ප්‍රදේශයක පදිංචිය ඔබේ දියුණුවට හේතුවනු ඇත .නෑනා මස්සිනා ගේ ක්‍රියාකලාපය නිසා අවැඩක් විය හැකි බැවින් අනවශ්‍ය ක්‍රියාවලට මැදි නොවන්න.
මිථුන
යම් ලාභ ප්‍රයෝජනයක් ලැබෙනු ඇත.නමුත් එය දැහැමි හරිහම්බ කිරීමක් නොවනු ඇත.කුමක් වුවත් භූමිය සම්බන්ධ කාර්යයක නියැළී සිටී නම් ප්‍රතිඵලදායක වනු ඇත.පාප මිත්‍ර සේවනය නිසා යහපත් කල්ක්රියාවන්ට බාධා පැමිණේ.තමා සන්තක දේ ආරක්ෂා කරගන්න. රාජ්‍ය අංශවල රැකියාවේ නියුතු නිලධාරීන් සමඟ පැටලීම් ඇතිකර ගැනීමෙන් වලකින්න.රාජකාරී බලතල යොදා ඔබ කළ දෙයකින් අසාධාරණයට ලක් වූ අයෙක් ඔබට එරෙහිව ක්‍රියාත්මක වෙයි.සියලු කටයුතු ඉවසීමෙන් කළොත් සැනසීමක් ලැබේ.
කිසියම් මාර්ග කටයුත්තකට මැදිහත්වීමෙන් විරුද්ධවාදීන් රැසක් මතුවනවා මෙන්ම නීති ගැටලුවක් ද මතුවිය හැකි බැවින් එය වලකා ගැනීමට කල්තියාම කටයුතු කරන්න.සසරේ සිදුකළ බරපතල වරදකට දඬුවමක් ලෙස ශාරීරික හා මානසික පීඩාවවක් ගෙන දෙන බැවින්,දැනුවත් හෝ නොදැනුවත්ව සිදු කළ වරදට සමාව ඉල්ලීමේ කන්නලව්වක් සහිත සම්පූර්ණ පූජාවක් ශ්‍රී විෂ්ණු දෙවියන් වෙනුවෙන් තබන්නේ නම් මැනවි.
කටක
ඔබට ගෙදරින් පැන යාමට තරම් දැඩි සිතක් පහළවනු ඇත.තමාට තිබූ හිමිකම් බලවත්කම් ධනවත්කම් අහිමිවීමේ තර්ජනයක් පැන නගින බව පෙනේ.ඔබට කෙනෙකු පලි ගැසීමට හෝ සාප කිරීමට පෙළඹේ.එනිසා එවැනි දෙයින් වලකින්න. ශරීරයේ ගෙඩි හෝ අර්ශස් මතු කළ හැකි බැවින් රෝග මර්දන ආහාර දැන් සිටම ගන්න.මේ සියලු කරදර මැද දරු ලාබයක් ද ඇති විය හැක.නමුත් වේදනා කරදර ඇතිවෙයි.මේ කුමක් වුවත් සුළු හෝ වරදක් කරන්න එපා.බලාපොරොත්තු රහිත ලොකු දඬුවම් නොසිතන අයගෙන් ලැබීමේ අවදානමක් ඇත.ශරීර ශක්තිය පිරිහීමෙන් අමුතු තාලයේ ලෙඩ සෑදීමට හැක.බොහෝ ක්‍රියාකාරකම්වල යෙදීම යහපත් නොවේ.නොතේරුම්කම නිසා ජීවිත කාලයටම බලපාන වැරදි සිදුවිය හැක.පත්තිනි මෑණියන්ගෙන් ආශිර්වාද ගැනීමට කටයුතු කරන්න.
සිංහ
ලේ දෝෂ ඇතිවිය හැක. රුධිර පරීක්ෂාවක් කර ගැනීම හොඳයි.ලේ හිඟවීමේ රෝගයක් ද ඇතිවිය හැකි බැවින් රුධිරය වඩන ආහාර ගන්න.අවි ආයුධ භාවිතයෙන් හා ගින්නෙන් පරිස්සම් වන්න.තම දේපළ උගස් තැබීම අවදානම් සහගත වෙයි.ලද දෙයින් සතුටු වන්න.උගුරේ යමක් හිරවිය හැක මාළු කටු පාන් කැබැල්ලක් වුවද විය හැක.ඒවා ඇදීමට උත්සාහ නොකර ජලය පානය කර හෝ උගුරෙන් පහළට යවන්න වග බලා ගන්න.ජලයෙන් අනතුරු හදිසි අනතුරු විය හැක.සිවුපාවුන්ගෙන් ද ආරක්ෂා වීමට වගබලා ගන්න.ඊශ්වර දෙවියන්ගේ ආශිර්වාද හා ආරක්ෂාව පතන්න.
අක්මීමණ තලගහ විශ්වකීර්ති ඡ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමනී සුරා ශ්‍රී ගුණවර්ධන
ඉතිරිය කියවන්න . . . . .
මාර්තු 18 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
0 comments:
Post a Comment