728x90 AdSpace

  • නවතම පුවත්

    2015-03-18

    ස්ත්‍රීයක සතු ගමන් විලාශ 7කි ඔබේ කොහොමද?

    යුවතියකගේ බැල්ම, සිනහව, කතාව සේම ගමනද සුවිශේෂීය. ඉඟ සුඟ ලෙලවා බඳ නලවා යන කෝමල
    ලාලිත්‍ය ගමන් විලාශය ආකර්ෂණීය ය. දැකුම්කළු ය.වනිතාවන්ගේ මන බඳින ගමනට වශී වන පිරිමින් අනන්ත ය. අප්‍රමාණ ය.

    ස්වභාවයෙන්ම කාන්තාවන්ගේ උකුල පළල්ය. කලවා අස්ථි ද එකිනෙකට ඈතින් පිහිටා ඇත. මේ නිසාම ලලනා ගමන පැද්දෙන නැලවෙන සුළු ය.
    දේහ ලක්ෂණ විද්‍යාවට අනුව මනා ලෙස පාද පිහිටීම යටි පතුල් හොඳින් පොළවේ ස්පර්ශ වීම හේතුවෙන් ස්ත්‍රීන්ට ඉතාම හැඩට පාද තබා ගමන් කළ හැකි වන්නේ ය.

    පූර්වාචාර්යවරුන් හංසයන්, මුවන්, මොණරුන්, ඇතුන්, ගවයන් හා බළලුන් යන සතුන්ගේ ගමන් රටා අනුව ගමන් කරන ස්ත්‍රීන් ඉතා වාසනාවන්ත යැයි ද බකමූණන්, සිවලුන්, මැඬියන්, කටුස්සන්, වටුවන්, කොකුන් හා වඳුරන් යන සතුන්ගේ ගමන් රටා අනුව ගමන් කරන ස්ත්‍රීන් ඉතා අවාසනාවන්ත යැයි ද දක්වා තිබේ.

    ස්ත්‍රී ගමන පරීක්ෂණාත්මකව නිරීක්ෂණය කරන කල එකිනෙකට වෙනස් ගමන් විලාශ 7ක් හඳුනා ගත හැක. එසේම ගමනේදී පැද්දෙන නැලවෙන යුවතියකගේ ගමන් විලාශය අනුව ඇගේ චරිත ලක්ෂණ අනාවරණය වන බව දේහ ලක්ෂණ විද්‍යාවේ සඳහන් වේ.

    ස්ත්‍රියකගේ ගමන් විලාශ 7ක් අනුව ඇය කෙබඳු ද යන්න හඳුනාගත හැකි බව සඳහන් වේ. ස‍ළෙළු ගමන, ලැසි ගමන, නුරා ගමන, සසල ගමන, නිසල ගමන, රහස් ගමන හා පාවෙන ගමන ඒ ගමන් විලාශයන්ය. එක් එක් ගමන හඳුනා ගන්නා ආකාරයෙන් ඒ ඒ ගමන හිමි තැනැත්තිය තුළින් ප්‍රකට වන චරිත ලක්ෂණයන් සවිස්තරව විමසා බලමු.

    * සළෙල ගමන
    දිගු පියවර තබමින් ඉදිරිය බලාගෙන හිස කෙලින් තබාගෙන කඩිනමින් දෑත දෙපය රිද්මයකට හසුරුවමින් පැද්දි පැද්දි යන ගමන යි. ගමනේ දී තට්ටම් යම් රිද්මයකට චලනය වනු දැකිය හැක. මේ විලාශයෙන් ගමන් කරන වනිතාවෝ කෙතරම් ඉඳුරන් පින වූවද සෑහීමකට පත් නොවන පරදාර කර්මය සිදු කරන චරිතය අයහපත් අය ය. ‍මොවුන්ගේ ජීවිතය ආශාවන්ගෙන් පිරි එකකි. එසේම මොවුන් අහංකාරය, පණ්ඩිතය, හිතුවක්කාරය.

    * ලැසි ගමන
    ලාලිත්‍යයකට,විනීතව,රිද්මයකට,ලැජ්ජාශීලීව,සෙමෙන් දෙපය තබමින් යන ගමනයි. මෙවන් ගමන් ඇති වනිතාවෝ විනීත ගති ඇති සිත පිරිසිදු කාම ආශාව අඩු ස්ථීර ප්‍රේමයට ගරු කරන අවංකව ආදරය කිරීමට හා ආදරය ලැබීමට ආශා කරන තැනැත්තියෝ වෙති. ‍මොවුන් බොළඳය, කෙළිලොල්ය, කරුණාවන්තය, දයාවෙන් පිරි මෘදු වචන කතා කරයි.

    * නුරා ගමන
    උකුල දෙපස යම් තාලයකට නටව නටවා කඩිනමින් තාලයකට ගමන් කිරීමයි. පපු පෙදෙස, පිටුපස සෙලවෙන අයුරින් ගමන් කරයි. මේ ගමන බොහෝ විට කිසියම් නැටුමකට සමානය. මොවුන්ගේ කලවා යුග්මය එකිනෙක ගැටෙන සේ ගමනේ යෙදේ. මේ ගමනින් යන කාන්තාවෝ සරාගී අය ය. අවස්ථාව ලද තැන වරදෙහි බැඳේ. සත්‍ය ප්‍රේමය අගය නො කරයි. බටහිර සංස්කෘතිය අගය යි. ඇඳුම පැළඳුම මෙන්ම චරිතය ද සදාචාරවත් නැත.

    * සසල ගමන
    පාද දෙපසට තබා ගමන් කරන දුටු දුටු අය සමඟ නැවති නැවතී අල්ලාප සල්ලාපයේ යෙදෙන නිතර පාරේ එහා මෙහා මාරුවන ගමනේදී වරින් වර විවිධ ගමන් විලාස මවන පියවර වේගවත් තැනැත්තියන්ය. මේ ගමනින් යන වනිතාවෝ කිසිදු දෙයක් ගැන දෙවරක් සිතා නොබලයි. හොඳ හෝ නරක වේවා ක්ෂණික තීරණ ගනී. කවට බස් කීමෙහි අති දක්ෂය. එහෙත් ආත්ම ගෞරවය රැක ගන්නා ළඳුන් ය.

    ජ්‍යෙතිෂවේදී -මහේන්ද්‍ර පල්ලේබැද්ද

    ඉතිරිය කියවන්න . . . . .

    මාර්තු 18 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ස්ත්‍රීයක සතු ගමන් විලාශ 7කි ඔබේ කොහොමද? Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top