එය කල්තබා හඳුනා ගන්නේ මෙහෙමයි
අප රටේ විදේශ විනිමය ලැබීම් වලින් 60% කට වඩා ලැබෙන්නේ විදේශ රැකියා සහ ව්‍යාපර වලිනි. නමුත් විදේශ රැකියා වලට ගොස් නොයෙක් වද විඳ අසරණව සිය රට බලා පැමිණෙන අය සිටති.කුමක් වුවත් තම රටට නැවත ඒමට ලැබීමත් එක්තරා වාසනාවකි.
පසු ගිය කාලයේ දී බොහෝ අය සිරගතව සිටින බවත්,රිසානා වැනි සමහර අය මරණයට පත් වීමත් සිදු විය. ගුවන් අනතුරු වලින්, නාවික අනතුරු වලින් , අදියෙන්ද ජීවිත හානි වීම් අසන්නට ලැබේ. ආසන්නම සිද්ධිය වශයෙන් මැලේසියා ගුවන් යානය මගීන් දෙසිය ගණනක් සමඟ විපතට පත් වීමත්, නැවක් ගිලීමත් සඳහන් කළ හැකිය. මෙවැනි විපත්වලින් මරණය වීම කේන්දරයෙන්හඳුනාගත හැකි බව ඔබ පිළිගන්නේද? එවැනි දෙයින් වැළකීමට හැකියාව ද ඇත. යම් යම් පුද්ගලයන්ගේ 3 වැන්න. 9වැන්න සහ 12 වැන්න පිළිබඳ අවධාන යොමු කළ යුතුය. තුන්වැන්න කෙටි හා දුර ගමන්ද 9වැන්න හා 12 වැන්නවිදේශ ගමන් ද පෙන්නුම් කරයි.
යමෙකුගේ සතර වැන්න අධිපති පීඩාවීම මත උපන් දේශයේ ජීවත්වීමේ අයිතිය අහිමි කරයි. මෙයින් පිළිබිඹු වන්නේ දියුණු වීම අපහසු බවය. මේ අයට විදේශ ගත වීම සුදුසුය.
රාහුගේ පිහිටීම ඉතාම වැදගත්ය.
රාහු 12 නම් ඔහුගේ දශා තුළ විදේශ ගත වීමට හැකියාව ඇත. 12 අධිපති 1, 4,5,7,9,10 ස්ථානයේ වීමද විදේශගත වීමට හේතුවකි. යමෙකුගේ අට වැන්නට වඩා නව වැන්න බලවත් නම් ඔහුට විදේශයකදී සාර්ථක ජීවිතයක් ගොඩනැගිය හැකිය.
යමෙකුගේ ලග්නාධිපතියා සිටින රාශියේ 12 වැන්න අධිපතියා කේන්ද්‍ර ස්ථානයක හෝ ත්‍රිකෝණයක බලවත් වීම සංවර්ධිත රටකට යෑමේ හැකියාව අත්වේ. එමෙන්ම ලග්නාධිපති සමඟ 9 අධිපති 4 වැන්නේ සිටී නම් විදේශයකදී ඉතා සැපෙන් ජීවිත් විය හැකිය. මේ අතර විදේශ ගත වීමේ යෝග බොහොමයක් ඇත. නමුත් යමෙකු විදේශ ගතව අනතුරුවලට ලක්වීම පිළිබඳ සලකා බලමු.
යමෙකුගේ සෙනසුරු බලවත්ව සිටියදී රවි හෝ සඳු ඔහු දුටුවහොත් ඔහු විදේශ ගත නොවිය යුතුය. පාප ග්‍රහයන් නව වැන්නේ සිටීම හෝ රවි- සඳු දෙදෙනා එහි සිටියදී අසුබ දෘෂ්ටිවලට ලක්වීම විදේශ වලදී කරදර , අනතුරුවලට ලක්වීමට හේතුවකි.
මිථුන, තුලා කුම්භ යන වායෝ රාශි වල පාපයින් පිහිටා නවවැන්නේ රවි හෝ සඳු පාප දෘෂ්ටියකින් පීඩා විඳීම නිසා ඔහු හෝ ඇය විදේශයකදී උසකින් වැටීම, ගුවන් අනතුරකින් මරණයට පත් වීම වැනි මාරක අනතුරු විය හැක. නැප්චුන් මිථුන රාශිය හැර වෙනත් රාශියක් නම් එහි තැන්පත් වී නම් ඔහු හෝ ඇය විදේශයකදී රෝගීවීමට හෝ ගුවන් යානා අනතුරුකට ලක් වීම විය හැකිය. මෙහිදී නැප්චුන්ට සුබ දෘෂ්ටි ලැබේ නම් මේ කරදරවලින් ගැලවෙනු ඇත.
පඨවි රාශි වන කන්‍යා- මකරවල පාප ග්‍රහයන් පිහිටා රවි හෝ සඳු නව වැන්නේ අසුබ දෘෂ්ටි ලබයි නම් ඔවු හෝ ඇය භුමි කම්පා හෝ වැඩ බිමක සිදුවන අනතුරෙන් විපතට පත් වෙනු ඇත. මේෂ - සිංහ යන තේජෝ රාශියක පාපින් පිහිටා රවි හෝ සඳු 9 වැන්නේ පාප දෘෂ්ටි වලට ලක්වීම ගින්නෙන් , විදුලියෙන් , ගෑස්වලින් , කැපීම් , පිලිස්සීම්වලින් අනතුරට පත් වීමට හේතු වේ.
ජල රාශියක (කටක, වෘශ්චික, මීන) වැනි පාපින් රවී හෝ සඳු නව වැන්නේ පීඩා විඳී නම් දියේ ගිලීමෙන්, ගංවතුරෙන් , අයිස්වලට යටවීමෙන්, අධින සීතලෙන් මරණයට පත් විය හැකිය.
මේ කරුණු සාරාංශය කරගත් කල ජන්ම පත්‍රයක තෙවැන්න, නවවැන්න පාප ග්‍රහයන්ගෙන් යුක්ත නම් එම භාවාධිපති පාපි දෘෂ්ටි ලැබීම හෝ රවි හෝ සඳු පීඩා විඳී නම් විදේශ ගමන් හෝ රැකියා සඳහා නොයා යුතුය.
ජ්‍යොතිෂවේදී උඩුනුවර ඩී එම්. නිලන්ත කුමාර ධනසේකර
ඉතිරිය . . . . .
මාර්තු 04 වෙනිදා සෙත්මිණ කියවන්න
0 comments:
Post a Comment