දෙදහස් පහළොවේ මාර්තු මස පහළොස් වෙනි ඉරිදා අළුයම පහයි දහ අටට(5.18ට)පමණ සූර්යයා මීන රාශියට සම්ප්‍රාප්ත වන්නේය.
මේ වසරේ මීන රවිය අපූර්වත්වයක් ගනු ලබයි.එයට පෙර ග්‍රහ යුද්ධයක් ක්‍රියාත්මක වන්නේය. ඒ කුජ - යුරේනස් යුද්ධය මාර්තු එකොළොස් වෙනිදා විශ්වගත වීමයි.
මීන- රවිය සිදුවීමෙන් පසු සූර්යග්රයණයක් ද සිදුවෙයි.ඒ මාර්තු 20 දාය.යුද්ධයෙන් යුරේනස් පරාජය වී දුර්වලවීමත්,ග්රහණයෙන් සූර්යයා දුර්වලවීමත් මැදිවන දිනයකදී සූර්යයා මීන රාශියට ඇතුළුවීම නිසා මුළු ලොවම කම්පනයට පත් කෙරෙන ඛේදවාචක රැසක් දස දෙසින් වාර්තා වෙයි.
මිනිස් සහ දේපළ විනාශයක් සිදුකරමින් ලොව පුරා ස්ථාන කීපයක දී භූ කම්පන මතුකරනු ලබන්නේය.මේ අවදානම සැප්තැම්බර් පමණ දක්වාම විද්‍යාමාන වන්නේය.
මේ අනුව මිනිස් පීඩන අවම කර ගැනීමට සෑම සියලු දෙනාම කල්තියා සූදානම් වී සිටීම සුදුසුය.
සාගරයේ පවතින ජලාශවලදී ජල යාත්‍රා ඛේදවාචක මතුවිය හැක.සියලු කටයුතු නිසි ප්‍රමිතියකින් සිදුකළොත් මෙය වලකා ගැනීමට හැකිවනු ඇත.
විනෝද චාරිකා වන්දනා ගමන් යන නඩ නිරතුරුවම ඉතා ඉවසිලිවන්තව සන්සුන්ව තමාගේ කාර්යයේ නියැලීමට වගබලා ගතයුතු ය.
මත්ස්‍යයන් විනාශවන වෛරසයක් ජලයේ ක්‍රියාත්ම වෙයි.මේ මියගිය සතුන් ආහාරයට ගැනීමට පෙළඹෙන මිනිසා හා සතුන් රෝගී විය හැකි බැවින් කලින් ම ඒ ගැන පිළියම් යෙදිය යුතු වෙයි.
මේ සියලු ග්‍රහ පිහිටීම් මධ්‍යයේ වසවර්ති මාර බලයද ක්‍රියාත්මකක වෙයි.මනුෂ්‍යයින් පැවිදි බිමෙන් ඉවත් කරන ග්‍රහ බලයක් මතුව මිනිසා ලවාම නින්දා අපහාස පහරදීම් ඝාතනය කිරීම් වලින් පැවිදි උතුමන්ලාට පීඩා ඇතිවන බැවින් ග්‍රහ බලවේගයට කොටු නොවී ඒවා වැලකීමට මිනිසා විසින්ම පියවර ගැනීම මැනවි.
රවි මාරු තත්කාල මීන ලග්නයේ ධර්මස්ථානය සෙනසුරු තැන්පත්වීමෙන් ද වක්‍ර ගුරුගේ දෘෂ්ටියෙන්ද පීඩාවට ලක් වෙයි.මෙය නීති ක්ෂේත්රයටද මහත් ව්‍යසනයක් ගෙන දෙන ස්වභාවයකි. නීති ක්ෂේත්රයේ නියැළී සිටින සියලුම ජීවීන් බුද්ධිමත්ව කටයුතුකර සමාජ යාන්ත්‍රණය රැක ගැනීමට කාලය එළඹ ඇත.
මිනිස් ජීවිත විපතට හෙලන්නට ග්‍රහ ක්‍රියාකාරීත්වය උපරිම ලෙස සිදුවනු ඇත.විවිධ ප්‍රතිකාර ක්‍රම ආන්දෝලනයට ලක්වේ.බෙහෙත් කුප්පියේ දමා ඇති වර්ගයට අදාල නොවන ලේබල් ඇලවීමේ වරද නිශ්පාදන ආයතනවලින් ම සිදුවීමෙන් අපහසුතා රැසකට මුහුණ දීමට සිදුවේ.දේශීය මෙන්ම විදේශිය වශයෙන්ද මේ වරද සිදුවනු ඇත.බලධාරීන් විමසිලිමත් නොවුනොත් ජීවිත රැසක් විනාශවනු ඇත.
ග්‍රහ බලය පුදුමය.විනාශ කරන්නේ විනාශ විය යුතු අයවයි.ඒ දඬුවමකි.ජීවත්වන අයට යහපත්ව ජීවත් වීමට අත්දැකීමක් ග්‍රහ බලය මගින්ම මෙසේ සකසා දෙයි.වැඩිවන මනුෂ්‍ය ප්‍රජාව හෝ සත්ව ප්‍රජාව පාලනය කිරීමට ග්‍රහ බලය විවිධ උපක්‍රම යොදා ගනී.එකී ධර්මතාවයෙන් මිදීමට කිසිවෙකුට නුපුළුවන.ඛේදවාචකයට ගොදුරකළ යුතු කණ්ඩායම එකී ඛේදවාචකය සිදුවන ස්ථානයට රැගෙන යාමද ග්‍රහ ශක්තියට ලැබී ඇති වරමකි.
අවදානම් කාල වකවානුවකදී වුවද ඒ ඒ ලග්න හිමියන්ට ආරක්ෂා වීමට ගතහැකි විවිධ ක්‍රම පවතී.ඒ අනුව ක්‍රියාකර අභිවෘද්ධිය සළසා ගැනීමට ඔබේ ලග්නය හරහා ගෙන එන උපදෙස් පිළිපැද බලන්න.
මේෂ - සතුන්ගෙන් පීඩා
ඔබේ ලග්නයේ ආපෝ ත්‍රිත්වය වක්‍ර ගුරුගෙන්ද පාපී ශනිගෙන් ද කෲර රවි-කුජ-යුරේනස්-කේතු ගෙන් ද පීඩා කෙරේ.ඔබ ජලාශ-මුහුද -දියඇලි ආදී ස්ථානවල ගැවසීමද ජල යාත්‍රාවල කටයුතු කිරීමේ දී ද පරිස්සම් වන්න.සැප්තැම්බර් දක්වාම සතුන් මිලදී ගැනීමෙන් වළකින්න.පෙර සංසාරයේ සතුරෙකු ලෙස ක්‍රියාකළ අයෙක් තිරිසන් සතෙකු ලෙස මේ කාලයේ හමුවිය හැකි බැවින් නැති කරදර ඇතිවීමෙන් මිදීමට සිතට ගන්න.ශිෂ්‍යයෙක් නම් රසායන විද්‍යාව පිළිබඳ දැනුම ප්රගුණකර ගැනීමට හොඳම කාලයයි.නොදැනුවත්වම ගුප්ත ශාස්ත්‍රය,ජ්‍යොතිෂය ආදී බුද්ධියට ගෝචර විශ්ව ශාස්ත්‍ර අවබෝධවනු ඇත.මෙකී ඍෂි දැනුමක් පහළ වීමට භාවනා කිරීමට සිතෙයි. සිත දියුණු කිරීම එලොව මෙලොව දෙකටම වැඩදායක බව සිතන්න.වංචාවකට ද ගොදුරු විය හැකි බැවින් කල්පනාවෙන් සිටින්න.පිත ඇවිස්සීමෙන් රෝගී විය හැක.උෂ්ණ ආහාරයෙන් වළකින්න. ව්‍යාපාරිකයෙක් නම් ඥාතියෙක් හෝ හොඳම මිතුරෙක් අයිතිවාසිකම් ඉල්ලනු ඇත.ඔහු සමඟ පැටලුනොත් අවාසි විය හැකි බැවින් හොඳ හිත තියාගෙන ඔහුට ඉඩදී ඔබ වෙන අතක් බලාගන්න.
වෘෂභ - ඥානය තියුණු වේ
පෙර ආත්ම භාව වල අත්දැකීම් චිත්තවේග සමඟ බැඳී මතුවන කාලයකි.අනුන්ට උපදෙස් දීමේ ශක්තියක් ඔප් නැංවේ.විශේෂයෙන් ගුරුවන්ට සියුම් ඥාන ශක්තියක් ඇතිවෙනු ඇත. සරල ගණිත ක්‍රමවේද පැරණි ක්‍රම පොත පත හෝ ලැබීමේ භාග්‍ය උදාවෙයි.තමා අදහන පොත්පත් ද තමා අතට ලැබෙනු ඇත. ධර්ම දානයක් ලෙස ධර්මයට අදාල පොත් ලියවිලි බෙදා හැරීමට අවස්ථාව උදාවෙයි. ඒවාට තම නම ඇතුල් කිරීම නිසා ගැටලුවක් ද විය හැකියි. ලියවිල්ලක් අස්ථාන ගත කිරීම හෝ විනාශ කිරීම පිළිබඳ චෝදනාවක් ද එල්ල විය හැක.සැප්තැම්බර් දක්වාම මේ තත්ත්වය ඇති බැවින් කඩෙන් යමක් ඔතා ගෙනෙන කොලයක් වත් පිළිස්සීමෙන් වලකින්න.ඉඩමක් හෝ වාහනයක් මිලදී ගැනීමට අවස්ථාවක් උදාවිය හැකි බැවින් කල්පනාකාරීව ඉන් ප්‍රයෝජන ගන්න.
මිථුන - අදිසි සතුරන්
ඔබට එරෙහි සතුරු බලවේග කාටත් හොරා ක්‍රියාත්මක වෙයි.ආගමික කටයුත්තකට නිග්‍රහයක් කළායැයි ව්‍යාජ චෝදනාවක් එල්ලවීමෙන් නීති කරදරයකට පැටලිය හැක.ආගන්තුක භෝජන සංග්රහකදී ආහාරයට ගන්නා මාංශයක් අපත්‍ය විය හැකි බැවින් එවැනි ආහාරවලින් වලකින්න.හිතුවක්කාර තීරණ නිසා ඉගෙනීමට බාධා විය හැක.ප්‍රේම සම්බන්ධයකට පැටලිය හැක. කල්පනාකාරි වන්න.තම නිදහස උපරිමයෙන් ලබා ගැනීමට ගොස් මාධ්‍යවේදියෙකු නම් තම උපකරණ වලට හානිකර ගනී.යකඩ,වෙඩි බෙහෙත් හෝ ගිනිගන්නා දේ වෙෙළඳාමේ යෙදෙන්නෙක් නම් බලාපොරොත්තු රහිත දියුණුවක් ලබයි.අලුත් තොග ඇණවුම් කිරීමටත් අවස්ථාව ලැබේ.අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.
කටක - ඕපා දූප පැතිරේ
ස්ත්‍රී පක්ෂය ඔබ සමඟ සතුටු වීමට උනන්දු වෙයි.සතුටින් කටයුතු කිරීමට අවස්ථාව ලැබේ.කලාකරුවෙක්/කලාකාරියක් නම් විරුද්ධ ලිංගික ඇසුරක් දඩමීමා කරගෙන කීර්ති නාමයට හානියක් ඇති වෙයි.විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඔබේ ඕපාදූප පැතිර යනු ඇත.ඔබට ඇති ගෞරව අවම වීමට හැකි බැවින් පරිස්සම් වන්න.පින් දහම් කිරීමට තදින් සිතට ගන්න.අසාධාරණය නිසා පරිත්‍යාගයක් නොකිරීමට සිතක් පහළවනු ඇත.එසේ නොකිරීමට වග බලා ගන්න.ඉතා සුළු සිද්ධියක් නිසා අසල්වැසියෙකු සමඟ බරපතල ගැටලුවක් මතුවීමේ අවදානමක් පවතින බැවින් සුළු සිද්ධියකටවති පැටලීමෙන් වලකින්න.සිත් තැවුලක් මෙන්ම මුදල් ආයෝජනයක දී ඇතිවන පීඩාකාරීත්වයක් දුරදිග යා හැකි බැවින් කල්පනාකාරී වන්න.පහර දීමකට මෙන්ම පහර කෑමකට ද ලක්විය හැකි බැවින් එවැනි දෙයින් වළෙකිය යුතු මානසිකත්වයක් සකසා ගන්න වගබලාගන්න.දරවන් සිටී නම් ඔවුන්ගේ දියුණුව දැක සතුටුවිය හැක.
අක්මීමණ තලගහ විශ්වකීර්ති ඡ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමනී සුරා ශ්‍රී ගුණවර්ධන
ඉතිරිය කියවන්න . . . . .
මාර්තු 11 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
0 comments:
Post a Comment