ඔබේ ඉටු දෙවියන් හරි හැටි හඳුනාගන්න
තමන්ට හිමි ඉටු දෙවියා හෝ දේවතාවිය නිවැරදිව හැඳින දිනපතා රාත්‍රී කාලයේ පහන් තබා ඉතාමත් ගෞරවයෙන් භක්තියෙන් යුතුව පින්දීම ඉතාම ප්‍රතිඵලදායකය. එවිට ජන්මියාට අවැසි රැකවරණය නිතැතින්ම ලැබේ. ඉටු දෙවියන් හෝ දේවතාවිය සඳහා ද පහන් තැබිය යුතු වන්නේ ඊසාන දිශාවේය. ඇතැම් ජ්‍යෙතිෂ පොත පතේ සඳහන් වන ලෙසට මේ සඳහා පහන් පැල ඉදිකළ යුතු වන්නේ නිවෙසේ සිට අඩි 42ක් දුරින් ඊසාන දිශාවේය. පහන් පැලේ මුහුණ උතුරු දිශා ගත විය යුතු වන්නේ පහනින් නිකුත් වන ආලෝකය උතුරු දිශාවට වැටිය යුතු බැවිනි. ඊට හේතුව වනුයේ උතුරු දිශාවේ දේව බැල්ම වැඩි වීමයි.
ඉටු දෙවියා හෝ දේවතාවිය සොයාගන්න ක්‍රම 2ක් ජ්‍යෙතිෂ පොතපතේ සඳහන් වේ. ඉන් එක් ක්‍රමයක් ඉතා සරල වන අතර අනෙක් ක්‍රමය තරමක් සංකීර්ණය. මේ ක්‍රම දෙකෙන් තරමක් සංකීර්ණ ක්‍රමය වඩා නිවැරදි ක්‍රමය බව බොහෝ ජ්‍යොතිෂවේදීන්ගේ පිළිගැනීමයි.
ඉෂ්ඨ දේවතාවා හෝ දේවතාවිය සොයා ගැනීම සඳහා නිවැරදි ලග්න කේන්දරයක් නිවැරදි නවාංශක කේන්දරයක් අවශ්‍ය වේ. මෙහිදී මුලින්ම ලග්න කේන්දරය ආධාරයෙන් ආත්මකාරක ග්‍රහයා හෙවත් අධික ග්‍රහයා සොයා ගත යුතුය. ඒ සාමාන්‍ය ජ්‍යෙතිෂ ව්‍යවහාරයේ සඳහන් වන ආත්ම කාරක ග්‍රහයා වන රවි නොවේ.
නියම ආත්මකාරක ග්‍රහයා යනු ලග්න කේන්දරයේ වැඩිම අංශක ගණනක් ගමන් කළ ග්‍රහයාය. දැන් මේ ආත්මකාරක ග්‍රහයා හෙවත් අධික ග්‍රහයා නවාංශක කේන්දරයේ සිටින ස්ථානය සොයා ගන්න. එම ග්‍රහයා සිටින ස්ථානයෙන් 12වැන්නට අදාළ රාශියේ සිටින ග්‍රහයාට අදාළ දේවතාවා හෝ දේවතාවිය එම ජන්මියාගේ ඉෂ්ඨ දේවතාවා හෝ දේවතාවිය වේ.
යම් ලෙසකින් ඉහත කී 12 වැන්නට අදාළ රාශීයේ ග්‍රහයෙකු නොසිටී නම් එම රාශි අධිපතියාට හිමි දේවතාවා හෝ දේවතාවිය ඉහත කී 12 වැන්නේ ග්‍රහයන් කිහිප දෙනෙකු සිටින විට ඉන් වඩා බලවත්ම ග්‍රහයාට හිමි දේවතාවා හෝ දේවතාවිය ඉටු දෙවියා හෝ දේවතාවිය ලෙස සැලකේ.
මේ ඉෂ්ඨ දේවතාවා හෝ දේවතාවිය සෙවීම උදාහරණ කේන්ද්‍ර සටහනක් අනුසාරයෙන් විමසා බලමු.
(1 රූපය) ලග්න කේන්දර සටහන
(2 රූපය ) නවාංශක කේන්දර සටහන
මේ ජන්මියාගේ ආත්මකාරක ග්‍රහයා වනුයේ ලග්නයේම අංශක 29ක දුරක් ගමන් කළ ගුරු ග්‍රහයාය. එම ගුරු ග්‍රහයා නවාංශක කේන්දරයේ 4 වැන්නේ සිටී. නවාංශක කේන්දරයේ 4 වැන්නේ සිට 12 වැන්න වනුයේ 3 වැන්නයි. එහි රවි ග්‍රහයා තැන්පත්ව සිටී. එම රවි ග්‍රහයාට අදාළ දේවතාවා මේ කේන්දර හිමියාගේ ඉෂ්ඨ දේවතාවා හෙවත් ඉටු දෙවියා වේ. මේ අනුව අදාළ රාශියේ තැන්පත් ග්‍රහයාට හෝ අදාළ රාශියේ ග්‍රහයෙකු නොවේ නම් රාශි අධිපතියාට හිමි දේවි දේවතාවිය මෙසේය.
රවි - ඊශ්වර දෙවියන්
සඳු - පත්තිනි දේවිය
කුජ - කතරගම දෙවියන්
බුධ - විෂ්ණු දෙවියන්
ඉතිරිය කියවන්න . . . . .
මාර්තු 11 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම ඇති වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
0 comments:
Post a Comment