ලෝකය විනාශය කරා යමින් පවතී.මිනිසා තුළ මිථ්‍යා දෘෂ්ටිය,අසීමිත තණ්හාව හා විෂම ලෝභය උත්සන්න වීම නිසා මේ පරිහානිය හා විනාශය සිදුවෙයි.පරිසරය දූෂණය වී සත්ත්ව සංහතිය වඳ වී යන තත්ත්වයක් උදා වී ඇත.ආහාර හා ඖෂධවල ගුණය හීන වී ඇත.වෛද්‍ය විද්‍යාවට සොයා ගත නොහැකි ලෙඩ රෝග පැතිරෙමින් ඇත.
ප්‍රතිකාර සොයා ගෙන නැති ලෙඩ රෝග බහුලය.රෝහල්වල ෆාමසිවල පෝලිම් දෙස බලන විට එය මැනවින් පැහැදිලිය.ඒ මදිවාට අසීමිත තණ්හාව හා විෂම ලෝකය නිසා වංචාව,අල්ලස, දූෂණය රජ වී ඇත. උනුන් ඇන කොටා ගනිති. මරා ගනිති. ප්‍රධාන හේතුව මෝහයයි.මිථ්‍යාවයි.
මිථ්‍යාවේ කරවටක් එරුණ අය මිථ්‍යාව ගැන කතා කරති.නොදන්නා මිථ්‍යාවක් ගැන කතා කරමින් සමාජය නොමඟ යවමින් බොහෝ දේ සොයා ගෙන ඇත.එහෙත් ලෙඩ රෝගවලට නිසි ප්‍රතිකාර නැත.ජීවිත කාලයම පෙති ගිලිමින්,ලක්ෂ ගණන් වැයකරමින් සීග්‍රයෙන් මරණය කරා යති.නව නිපැයුම් වලින් මිනිසාට බොහෝ භෞතික සම්පත් ලබා දී ඇත.
එහෙත් අධ්‍යාත්මික දියුණුවක් නැති මිනිසා ඒ නව නිපැයුම්වලින් ද අකුසල හේතුම වර්ධනය කර ගනිති.අද නාසා ආයතනයට සම්බන්ධ මහා විද්වතුන් පවා සියයට අනූ නවයක්ම බුදු දහම පිළිගෙන ඇති බව (ඇදහීම නොවේ.) නාසා විද්‍යාඥ මාහාචාර්ය රංජන් ගම්ලත් මහතා පවසයි.පිරිසිදු බුදු දහම ඇතැයි කියන ලංකාවේ මිථ්‍යාවෙන් අන්ධ වූවෝ මිථ්‍යාව ගැන විකාර කරති. ලෝකයේ සත්‍ය දෙකක් පවතී.ඒ සම්මුති සත්‍යය හා පරමාර්ථ සත්‍යයයි. එයින් ලෝකයේ යථාර්ථය හෙවත් ඇත්ත ඇති සැටියෙන් නො දන්නාකම මිථ්‍යාවයි.
නාමල් පෙරේරා තිස් එක් හැවරිදි ගිටාර් වාදකයෙකි. කැරළි ගැසුණු කොණ්ඩය දිගට වවා ඇත.ඔහු රැකියාව වශයෙන් කළේ හෝටල්වල ගිටාරය වාදනය කරමින් ගීත ගායනයයි. ඔහුගේ ගායනයටත් වාදනයටත් වශී වූ පෝලන්ත ජාතික තරුණියක් සමඟ විවාහ වී සිටී.දැනට මාස තුනක පමණ සිට නාමල් ගේ හැසිරීම් රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත.ඔහුට නින්ද යන්නේ නැත.හරිහැටි කෑමක් නැත.
මහ රෑ ජාමයටත් ගිටාරය වයමින් ගීත ගයයි.නාමල් කිසිවෙකු සමඟ කතා කරන්නේ ද නැත. නාමල් ගේ බිරිඳ ඔහු මනෝ වෛද්‍යවරයෙක් වෙත රැගෙන ගියාය.එහෙත් කිසිදු සුවයක් නැත."සෙත්මිණ" පත්‍රයේ නොපෙනෙන ලෝකය විශේෂාංගය කියවන මිත්‍රයෙක් නාමල්ගේ බිරිය දැනුවත් කොට රෝගියා ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත කැඳවාගෙන ගියේය.අධ්‍යාත්මික උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසී තත්ත්වය පැහැදිලි කෙළේය.
වත් පිළිවෙත් හා අභිචාර විධි පිළිබඳ නොදන්නා පෝලන්ත ජාතික තරුණිය මනෝ වෛද්‍ය ප්රතිකාරවලින් නාමල්ට කිසිදු සුවයක් නොවුණු බැවින් මේ දේශීය හා බෞද්ධ පිළිවෙත් පිළිබඳ විමසුම් ඇසින් බලමින් සිටියාය. රෝගියා පරීක්ෂා කොට ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ලකරන විට නාමල් ගැහෙන්නටත් පැද්දෙන්නටත් විය.එහෙත් කතා කරන්නට නොහැකිව සිටියේය. දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස ගවේෂකවරයා උපදෙස් දුන් අතර විශේෂයෙන්ම ඒ පිළිබඳ මේ විදේශීය බිරිඳට ද පැහැදිලි කිරීමක් කෙළේය.
බෝධි පූජාව දින පහළොවක් පවත්වන විට නාමල් ගේ තත්ත්වය තවත් දරුණු විය.ඔහු කෑ ගසන්නටත් හූ කියමින් කලබල කරන්නටත් වූයෙන් වහාම නැවතත් ප්‍රතිකාර මධ්‍යස්ථානය කරාගෙන ආහ.
ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට නාමල් ප්‍රලය වූයේය.ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
'කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?'
'මම කෙල්ලක්'යැයි භූතාත්මය පිළිතුරු දුන්නේය.
නම මොකක් ද?
'මට මගේ නම මතක නෑ'
'මෙයාගෙ ඇඟට රිංගුවේ කොහේ ඉඳලා'
'මුහුද අයිනේ වෙරළේ ඉඳලා'
'ඇයි තමුන්ට ගෙදරක් නැද්ද?'
'ඒවා කිසි දෙයක් මතක නෑ'
'තමුන් මොනවා වෙලාද මැරුණේ?'
'මම සංගීත පන්තියට ගිහින් එනකොට කොල්ලො වගයක් මාව බලෙන් වාහනයක දාගෙන ඇවිත් මුහුදු වෙරළෙදි දූෂණය කළා. මම කෑගහනකොට මගෙ බෙල්ල මිරිකලා මැරුවා.එදා ඒ වෙලාවේ තැති ගැනීමත් එක්ක සිහි නැති වුණා.මගේ මතකය අඩු වුණා.'
'ඉතින් මුහුදු වෙරළට වෙලා මොනවාද කරන්නේ?.
'අර තිරිසන් මිනිස්සු ආයෙත් ආවොත් මරන්න බලාගෙන ඉන්නවා'
'ඉතින් මෙයාගෙ ඇඟට රිංගුවේ මොකද?'
'මෙයා රෑට වෙරළට ඇවිත් ගිටාර් එක වාදනය කරන කොට ඒ මිහිරි හඬට,මෙයාගෙ ගායනයට මෙයාගෙ පස්සෙන් ආවා.මෙයා දවසක් අරක්කු බීලා සිහිය නැතිව දුර්වලව වැටුණා. අන්න ඒ වෙලාවෙ ඇඟට රිංගුවා'යි භූතාත්මය කීවාය.
ගවේෂකවරයා නාමල්ගේ බිරිඳගෙන් හා ඔහුගේ මිතුරාගෙන් මේ පිළිබඳ තොරතුරු ඇසීය.
'නාමල් රෑ දොළහ විතර වෙනකම් හෝටලේ සින්දු කියනවා.පාන්දර එකට විතර බියර් බෝතලයකුත් රැගෙන මුහුදු වෙරළට ගිහින් පැයක් විතර තනියම සින්දු කියමින් ගිටාර් එක වාදනය කරනවා.ඒ වෙලාවක තමයි ඔය භූතාත්මය නාමල්ගේ පස්සෙන් එන්න ඇත්තේ'යි මිතුරා කීවේය.
'රෑට නාමල්ගෙ පස්සෙන් කෙල්ලෙක් එනවා වගේ දැනෙනවා'යි දවසක් තමා සමඟ පැවැසූ බව ඔහුගේ බිරිඳ කීවාය.
ගවේෂකවරයා යළිත් භූතාත්මයෙන් ප්‍රශ්න කෙළේය.
'තමන්ගෙ නම මතක නෑ කිව්වා නේද?'
'ඔව්'
'මෙයාගෙ නම මොකක්ද?'
'නාමල්'
'ඒ නම දන්නේ කොහොමද?'
'මෙයාගෙ අවට ඉන්න අය මෙයාට නාමල් කියලා කතාකරන කොට මම දැන ගත්තා'
'තමුන් නාමල්ට ආසද?'
'නැහැ'
'එහෙනම් පස්සෙන් ආවෙ?'
'මම මෙයාට ආස නෑ.ඒත් මෙයාගෙ වාදනයට ආසයි.'
'මෙයාව අඳුනනවාදැ'යි නාමල්ගේ බිරිඳ පෙන්වා ඇසීය.
'ඔව් නාමල්ගෙ නෝනා'
'ඔබ නාමල්ගෙ නෝනා එක්ක තරහද?'
'නැහැ මම තරහ නැහැ'
'තමන්ට නාමල්ව ඕනැද?
'මට නාමල්ව එපා.මට ඕනැ මේ මිහිරි හඬ අහන්න විතරයි.ඒ හඬ ඇහෙනකොට මට පුදුම සතුටක් සනීපයක් දැනෙනවා.'
'තමුන් නිසා මේ මිහිරි හඬ නැතිවෙලා යන බව දන්නවාද?
'නැහැ . ඒ කොහොමද එහෙම වෙන්නේ,'
'දැන් තමුන් නිසා නාමල් අසනීප වෙලා'
'එයා දැන් කතා කරන්නෙත් නෑ.මේ අසනීපෙන් නාමල් මැරිලා ගියොත් ඔය හඬ සදහටම නැතිවෙලා යාවි.'
'අනේ දෙවියනේ ...........භූතාත්මය හඬන්නට වූවාය.
'මේ නාමල්ගෙ හඬ තවත් කාලයක් පවතිනවාට කැමති නම් මෙයාගෙ ශරීරයෙන් ඉවත්වෙලා යන්න.'
'ම්...........ම්.................මම යන්න කැමතියි.හැබැයි මගේ ඉල්ලීමක් තියනවා.'
'ඒ මොකක්ද?
'ටික කාලයක් මුහුදු වෙරළේ එතනම ඉඳගෙන රෑට නාමල්ට ගිටාර් එක වාදනය කරන්න කියන්න.'
'මොකක්ද එතෙන තියෙන විශේෂත්වය'
'ඒ මම මරුණ තැන'
'එහෙම දවස් ගණනක් කාලයක් දෙන්න බැහැ.දින තුනක් එහෙම ඉඩ සලස්වා දෙන්නම්'
'මොනවා කරන්නද ?එහෙනම් ඒ දවස් තුනවත් වාදනය කරන්න කියන්න'යි භූතාත්මය කීවාය.
කලින් සිදුකළ ආකාරයටම නාමල් සමඟ ඒ ස්ථානයට ගොස් දින තුනක් ගිටාරය වාදනය කරවන ලෙසත් ඔහුගේ ආරක්ෂාවට ඔහු ළඟම සිටින ලෙසත් නාමල් ගේ මිත්‍රයාට උපදෙස් දී නාමල්ට ආධ්‍යාත්මීය ආරක්ෂාවක් ද යෙදුවේය.
එදින නාමල්ට පියවි සිහිය ලැබුණු අතර ඔහු කතා කරන්නටද විය.හෙට සිටම රැකියාවට යන බව ද කීවේය.දින තුනක් රාත්‍රී මුහුදු වෙරළේ ගිටාරය වාදනය කළ ඔහු නැවතත් ආවේය.එදින ද ඔහු දිෂ්ටි ගැන්වූ විට භූතාත්මය ප්‍රලය වූවාය.
'කොහොමද දැන්'යැයි ගවේශකවරයා ඇසීය.'
'මට හරිම සතුටුයි'භූතාත්මය කීවාය.
'එහෙනම් දැන් කරුණාකර ඉවත්වී යන්න'
'හොඳයි මහත්මයා මම ආයෙත් කරදර කරන්නේ නෑ'යි පොරොන්දු වී භූතාත්මය ඉවත්ව ගියාය.
නාමල් එතැන් සිට රාත්‍රී වෙරළේ දී ගිටාරය වාදනය කරන පුරුද්ද අත්හැරියේය.
මිනිස්සු මරණින් පසු කර්මානුරූපීව දුගතිගාමීව උපදිති.එවැනි අමනුෂ්‍යයින්ගේ පෙර භවෙය් ගති ලක්ෂණ මතු වී ඊළඟ භවයේ ද ක්‍රියාත්මක වන අවස්ථා ඇත.අධ්‍යාත්මය දියුණුකළ අය සුගතිගාමීව උපදිති.කර්මය හා කර්ම විපාකය පිළිබඳ නොදන්නාකම මෝහය යි. අවිද්‍යාව යි. මිථ්‍යාව යි.
මතුගම මහින්ද විජේතිලක
0 comments:
Post a Comment