728x90 AdSpace

  • නවතම පුවත්

    2015-03-25

    සෙන්පති ගෙදර එයි - සීරුවෙන් සිටින්


    මාර්තු 23 වෙනි දා රාත්‍රී 10.47ට ග්‍රහ ලොව සෙන්පතියා වන අඟහරු ග්‍රහයා තමාගේම තේජෝ රාශි මේෂයට සම්ප්‍රාප්ත විය. එවිට තමාගේම අනෙක් භාවය වන ජල රාශි වෘශ්චිකය ද කුජ දෘෂ්ටි එල්ල කරයි.
    මේ මොහොතේදී එකී වෘශ්චිකයට තත්කාල ලග්නය ද වීම දෛවෝපගත සිදුවීමක් වන්නේ ය. එම තත්කාල ලග්නයේ සිටින සෙනසුරුට ද දෘෂ්ඨි හෙලන්නට අඟහරු සැරසී සිටී.

    අලුතින් බෝ වී ව්‍යාප්ත වන උණ වෛරසයක් පැතිර යයි. වායු සමනය කර ඇති ස්ථානයක සිට පරිසරයට පිවිසීමේ දී සිදුවන ශාරීරික ප්‍රති ක්‍රියා හේතුවෙන් මෙකී උණ වෛරසය ශරීර ගත වීමෙන් ප්‍රවණතාවය අධික වෙයි. වවුලන්, වඳුරන් වැනි සතුන් මඟින් ද මේ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇත. මේ අවදානම් තත්ත්වය මඟහරවා ගැනීමට සියලු දෙනාම වගබලා ගත යුතුය.

    ශීර්ෂ පීඩාවට ගොදුරුවන පිරිස වැඩි වෙයි. හිස බර ගතිය, නිදිමත ගතිය, ක්ලාන්ත ගතිය මෙන්ම අප්‍රාණික ගති ආදිය නිසා බොහෝ දෙනා අපහසුතාවයට පත් වේ. මේ රෝගී තත්ත්වයන් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු කල්තියාම අවධානය යොමු කිරීමෙන් අපහසුතාවයට ලක් වන්නන් අවම කරගත හැකි වේ.හිරු රශ්මියට වැඩියෙන් නිරාවරණය වීමෙන් ද අපහසුතා ඇති වන බැවින් හැකි තරම් ඉන් වැලකීමට කටයුතු කරන්න.
    නාට්‍ය, චිත්‍ර ශිල්පය, ගුප්ත ශාස්ත්‍රය, ජ්‍යොතිෂය ආදී අංශවල නියැලී සිටින්නන්ට ප්‍රබල අපල ගෙන දෙයි. එවැනි අය අශුභ දශා ගත කරන්නේ නම් අතිශයින් පරිස්සම් විය යුතු ය.

    මිනිස් සිත ආවේගශීලී වන පසුබිමක් සැකසේ. ආරක්ෂක හමුදා පවා කුපිත වීමේ පසුබිමක් නිර්මාණය වේ. නමුත් සේනාධිනායක කුජගේ බලවත් වීම නිසා ආරක්ෂක අංශ බලවත් වන කාලයක් බැවින් කුපිත වූ මනස ඇති අයට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක වේ. මෙහිදී ජනතාව සන්සුන් වීම ඉතා සුදුසු ය.
    කුජ මාරු තත්කාල දෙවැන්නාධිපතියා ද පස්වැන්නාධිපතියා ද වන ගුරු නව වැන්න වූ ත්‍රිකෝණස්ථානයෙහි තැන්පත් වීම ඉතා සුබ ය. එකී නව වැන්නාධිපතියා හවුල් බන්ධන මෙන්ම විදේශ කටයුතු පිළිබඳ නිවේදක සිකුරු සමඟ සංයෝග වීම ආයාත නිර්යාත වෙළෙඳාම් කටයුතු සාර්ථක වීමට හේතු වේ. රට අභ්‍යන්තරයේ ව්‍යාපාර කටයුතු දියුණු වීමට ද පසුබිම සැකසේ.

    මහා පරිමාණ සූදූ හා ගණිකා ඇතුළු නීති විරෝධී ස්ථාන නීතියේ රැහැනට කොටු වනු ඇත. පොදුවේ ගත් කළ සමාජ සුබ සාධනයට බලපාන ක්‍රියාකාරීත්වය ඉස්මතු වනු ඇත. ආවේගශීලී කුජ බලවත් වීමෙන් සියලු දෙනා ඉක්මනින් කෝප වී කරදරයට පත්වේ. ඔබේ ලග්නය හරහා ගෙනෙන උපදෙස් අනුව කටයුතු කර සෙත සලසා ගත යුතුව පවතී.

    මේෂ - විනෝද ගමන්
    හිතවතුන් පවුලේ අය සමඟ විනෝද වෙමින් ගමන් බිමන් යාමට හැකි පසුබිමක් නිර්මාණය වේ. එකී ගමන් බිමන්වල දී විදුලිය, ගින්දර, අවි ආයුධ, හදිසි අනතුරු ආදියෙන් පරිස්සම් විය යුතුයි. පුද්ගලයන් සමඟ බහින් බස් වීමට යාමෙන් වළකින්න. සුළු වශයෙන් හෝ සතුරු පීඩාවක් මතුවිය හැක. අනවශ්‍ය ඇසුරු කිරීම්, නන්නාඳුනන අය සමඟ ඇසුර නොහොබී. තැන්පත් ධනය වියදම් වනු ඇත. වැඩි වශයෙන් රථ වාහන නිවාස යකඩ දොරවල් ගේට්ටු දැමීම වෙනුවෙන් වියදම් විය හැක. එහිදී බලාපොරොත්තු රහිත කොමිස් මුදලක් වැය වීමට ඉඩ ඇති බැවින් අතරමැදියන් යොදා ගැනීමෙන් වලකින්න. තම අත්‍යවශ්‍ය කටයුතු පසෙකලා අනුන්ගේ කටයුතු කිරීමට පෙ‍ළඹීමෙන් දියුණුව අඩු වේ. පරාර්ථකාමී වීමේදී දුරදිග හිතන්න.

    වෘෂභ - ස්ත්‍රී පීඩා
    ස්ත්‍රී විරෝධතා මතු විය හැකි බැවින් කාන්තාවන් සමඟ කලහ කිරීමෙන් වලකින්න. පාපකාරී සිතිවිලි මතුවන බැවින් සිහි කල්පනාවෙන් ධර්මානුකූලව කටයුතු කරන්න. තම අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීමට පවා උත්සාහයෙන් හා මුදල් වියදම් කර කටයුතු යෙදීමට සිදු වන කාලයකි. මැයි මස 03 වැනිදා දක්වාම රණ්ඩු කෝලාහල වලට මැදිහත් වීමෙන් වලකින්න. එසේ වුවොත් පරාජයට පත්වේ. ශරීරික අප්‍රාණිකතා විය හැකි බැවින් උස් තැන්වලට, අනාරක්ෂිත තැන්වලට යාමෙන් වලකින්න. කම්මැලි ගතියක් දැනෙන බැවින් ව්‍යායාම් පුරුදු පුහුණු වීමට සුදුසු කාලයකි.

    මිථුන - කීර්ති නාමය පැතිරේ
    සීවලී මහ රහතන් වහන්සේට පුද පූජා පවත්වා තමාගේ සියලු පැතුම් ඉටු කර දෙන ලෙසට යදින්න. ඔබේ වෙළ හෙළඳාම් දියුණු වී අමතර ආදායමක් උපයා ගැනීමට ලබන මැයි 03 දා දක්වා ශක්තියක් උපදවා ගත හැක. ප්‍රවේණි දේපලවල හිමිකම තහවුරු වෙයි. ඔබේ කීර්ති නාමය ඉහළ යන බැවින් ඉන් නිසි පල ලබාගන්න. සියලු කටයුතු සඳහා උනන්දු වන්න. ඔබ ක්‍රීඩකයෙක් නම් බලාපොරොත්තු වන ක්‍රීඩා භාණ්ඩ ලැබෙනු ඇත. එමෙන්ම ඔබ සතු අතිරික්ත ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාග කිරීමෙන් හොඳ මිතුරු සම්බන්ධතා ගොඩනැඟෙනු ඇත. සතුරන් යටපත්වනු ඇත. රජයෙන් යහපත් ප්‍රතිචාර ලැබේ. බොහෝ තරුණ තරුණියන් ද උදව් කිරීමට පෙ‍ළඹේ. සමාජ සේවා හෝ දේශපාලනයේ නිරත වන්නේ නම් බලාපොරොත්තු නොවූ ජයග්‍රහණ අත්වනු ඇත. ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.

    කටක - ණය ගෙවන්න ධනය ලැබේ
    මානසික පීඩාවට පත්ව ඇති ණය ගෙවා ගන්නට ඔබට හැකි වනු ඇත. කුජ මාරුව සිදුවන ආරම්භක අවස්ථාවේදීම කතරගම දෙවියන්ට පුද පූජා තබා බාර හාර වීමෙන් අමතර ශක්තියක් ලැබෙනු ඇත. ගෑස්,යකඩ මෙන්ම ගොඩනැගිලි ද්‍රව්‍ය සම්බන්ධ ව්‍යාපාර කරන්නේ නම් දෙවියන්ට පුජා තබා ව්‍යාපාර කටයුතුවල යෙදීමෙන් ලාබ වැඩි වනු ඇත. ඔබ සේවා ප්‍රධානියෙක් නම් පහළ නිලයන්ගෙන් වැඩ කරවා ගන්නා විට ළඟම සිට කටයුතු කරන්න. නැතිනම් ඔබට අවශ්‍ය දේ වෙනත් ආකාරයකට තේරුම් ගෙන අනවශ්‍ය අයුරින් කටයුතු කරාවි. ඉන් ලබන පාඩුව චෝදනාව නරක නාමය තමාට එල්ල වන බැවින් නිරන්තර අවදියෙන් සිටින්න.

    සිංහ - රැකියා මාරුවකට හිත
    මෙතෙක් කළ කටයුතුවලට අමතරව වෙනත් ක්‍රියාකාරකම්වල යෙදීමට සිතෙනු ඇත. රැකියා මාරුවකට සුදුසු කාලයකි. කරගෙන යන ව්‍යාපාරවලට අමතරව වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඇති බලාපොරොත්තුව ක්‍රියාත්මක කිරීම සුදුසුය. තමන් දිගටම කරගෙන ආ දෙයකට වෙනත් කෙනෙකු අයිතිවාසිකම් කියන්නේ නම් ඊට ඉඩ දී ඉවත් වන්න. නැතිනම් පරාජයක් අත් වේවි. අවි ආයුධ ඉතා පරිස්සමින් පරිහරණය කරන්න. යන්ත්‍ර සූත්‍ර භාවිතයේ දී ඇඟිලි අත් පිළිබඳ ආරක්ෂා වන අන්දමින් කටයුතු කරන්න. බලාපොරොත්තු රහිතව යෙදෙන ගමන් බිමන් රහසිගතව ‍නොයන්න. ආරක්ෂක සේවයේ යෙදෙන්නේ නම් නිසි ලෙස පොත් පත්වල සටහන් තැබීමකින් තොරව කටයුතු නොකරන්න නිවාඩු ලබන්නේ නම් නිසි අවසර පත්‍රය අතට නොගෙන රාජකාරි ස්ථානයෙන් බැහැර නොවන්න.

    කන්‍යා - උෂ්ණ ආහාර එපා
    ණය තුරුස්වීමට සිදුවන කාලයකි. ලීසිං පහසුකම් ලබා ගන්නට හැක. වැඩි පොළියක් ගෙවිය යුතු ආයතනවලට හෝ පුද්ගලයන්ට ගොදුරු විය හැකි බැවින් හොඳින් සැළසුම් කර ණය මුදල් ලබා ගන්න. ආමාෂ ප්‍රදේශයේ උෂ්ණත්වය දැඩි විය හැකි බැවින් උෂ්ණ අධික ආහාර පාන ගැනීම අඩු කරන්න. මත්පැන් ගැනීම ඉතාම නුසුදුසුය. අර්ෂස් මතුවී රුධිර ගලනයක්ද සිදුවිය හැකි බැවින් වඩාත් පරිස්සම් වන්න. ආහාර උගුරේ සිර විය හැකි බැවින් කලබලයකදී හෝ ආහාර ගිල දැමීමෙන් වලකින්න. තම හොඳ නමට කැළැල් ඇති විය හැකි බැවින් ඉවසිලිවන්තව කටයුතු කරන්න. නැතහොත් සතුරු බලවේග ඉස්මතු විය හැක. සුළු කටයුත්තකදී පවා අධික මහන්සියක් දැනිය හැකි බැවින් විවේකය පිළිබඳ අවධානය යොමු කරන්න.

    තුලා - විවාහක නම් කම් සැප ඉහලට
    කුමන වයසේ වුවත් විවාහක නම් තම කාලත්‍රයා සමඟ උපරිම කම් සැප විඳී. ජීවන ගමනේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට ශක්තිය ධෛර්යය ඇති වෙයි. බලාපොරොත්තු නොවන දියුණුවක් අත් වනු ඇත. ඊර්ෂ්‍යාකාර පිරිස්ද ඉස්මතු වී විවිධ බාධක ඇති කරයි. සතුරු බලවේගවලට කෙලින්ම මුහුණ නොදී හිතවතෙකු මාර්ගයෙන් කටයුතු නොකළහොත් තමන්ට අවාසි සහගත තත්ත්වයක් උදා වෙයි. වයස්ගත ඥාතීන් සමඟ වැඩිපුර කාලය ගෙවීමට අවස්ථාවක් උදාවන අතර ඒ නිසාම පවුල්වල ඥාතීන් බොහෝ දෙනා සමඟ සම්බන්ධතා අලුත්කර ගැනීමට අවස්ථාවක් උදාවෙයිත.නඩුහබ ආදියට පැටලීමෙන් වලකින්න.නොසිතූ ලෙස තමාට අවාසි ගෙනදේ.පරිහරණය කරන දේ මේන්ම ශරීර අවයව කැඩී බිඳී යාමට ඉඩ ඇති බැවින් දෛනික කටයුතුවලදී කල්පනාකාරී වන්න.

    වෘශ්චික - එඩිතර සිත
    අන්‍යයන්ට යටත් නොවී එඩිතරව කටයුතු කළහැකි පසුබිමක් නිර්මාණය වෙයි.සිත සැහැල්ලු තත්ත්වයට පත්වනු ඇත.බඩගිනි නොදැනෙන තත්ත්වය පහව ගොස් හොඳින් බඩගිනි ඇති වෙයි.ප්‍රියසම්භාෂණ ආදියට එක්ව විනෝදයෙන් මත්වීමේ තත්ත්වයක් ඇති වෙයි.දෛනික කටයුතුවලදී නිර්මාණය වී සිටි සතුරුබලවේග ක්‍රමයෙන් අඩු වී ගොස් සතුරන් පරාජය කිරීමේ හැකියාවක් ගොඩනැගෙයි.සුළු සීරිමක් ඇති වුවද ශරීරයට විෂ බීජයක් ඇතුල්වීමේ අවධානමක් ඇති බැවින් සීරීමක්වත් කර නොගන්න.ඔබ ඇතිකරන සුරතල් සතුන් විසිතුරු මසුන් ආදීන්ට යම් රෝගී තත්ත්වයක් ඇතිවිය හැක.ස්පර්ෂකිරීමෙන් හෝ වැලකී වහා වෛද්‍ය උපදෙස් පතන්න.

    අක්මීමණ තලගහ විශ්වකීර්ති ඡ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමනී සුරා ශ්‍රී ගුණවර්ධන

    ඉතිරිය කියවන්න . . . . .
    මාර්තු 25 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
      
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සෙන්පති ගෙදර එයි - සීරුවෙන් සිටින් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top