මේෂ රාශියේ කුජ හෝ සිකුරු තැන්පත් ස්ත්‍රී පුරුෂයන් උණුසුම්ය, ප්‍රබෝධමත්ය, ක්‍රියාශීලීය ඉක්මන්ය. හැඟීම් පාලනයෙහි දුබලය ඕනෑම පුද්ගලයකුගේ ලිංගික ජීවිතය පාලනය කරන්නේ කුජ සහ සිකුරු (ශුක්‍ර) යන ග්‍රහයන් දෙදෙනාය. කේන්දරයේ මේ ග්‍රහයන් සඳහන් වන්නේ කුජ (කු) හා සිකුරු (ශු) යනුවෙනි. මේ ග්‍රහයන් දෙදෙනා කේන්දරයේ තැන්පත්ව සිටින රාශිය අනුව ඔහුගේ ඇයගේ ලිංගික ජීවිතය හා රුචි අරුචිකම් මොනවාදැයි වටහා ගත හැකිය. පළමුව ඔබ ඔබගේ කේන්දරයේ කුජ හෝ සිකුරු ග්‍රහයන් තැන්පත්ව සිටින්නේ කුමන රාශියේ දැයි බලන්න. එමඟින් ඔබ රහසිගත සිතිවිලි පෙන්නුම් කරන කැඩපතක් ඉදිරියට ගියා සේ ඔබේ රහස් ඔබටම පෙනෙන්නට ගනී. දෙවැනිව ඔබ ඇසුරු කරන අනෙකාගේ ලිංගික රුචි අරුචිකම් හඳුනා ගැනීමට එම කේන්දරයේ කුජ හෝ සිකුරු තැන්පත්ව සිටින රාශිය හඳුනා ගන්න.
මේ තොරතුරු කෙතරම් නිවැරදිද යනු බලන්න. එකිනෙකා කාටවත් නොකියන මේ රහස් දැන ගැනීම ශක්තිමත් සබඳතාවකට මහඟු පිටිවහලකි. මේ ලිපියෙන් අනාවරණය වන්නේ මේශ රාශියේ කුජ හෝ සිකුරු තැන්පත්ව සිටින ස්ත්‍රී පුරුෂයන්ගේ ලිංගික ජීවිතය පිළිබඳවයි.
කේන්දරයේ කොටු දොළොසකි. එයින් ඔබ උපන් ලග්නය අනුව මේෂ රාශිය අයත් වන්නේ කුමන කොටුවට දැයි පහත චක්‍රයෙන් බලාගන්න.
මේෂ රාශියේ කුජ හෝ සිකුරු තැන්පත්ව සිටියදී උපන් ස්ත්‍රී / පුරුෂයන්ගේ පොදු ලක්ෂණ
මේෂ තේජෝ ගුණය අධික උණුසුම් රාශියකි. අධි ක්‍රියාකාරීත්වයෙන් යුත් චර රාශියකි. මේෂ රාශියේ කුජ හෝ සිකුරු තැන්පත්ව සිටියදී උපන් ස්ත්‍රී /පුරුෂයන් ලිංගික ජීවිතයේ දී ඉතා උණුසුම් සිරුරින් යුතුව වේගයෙන් ක්‍රියාකාරී වේ. මොවුන් සහජයෙන්ම කාමාශක්ත පුද්ගලයන් ලෙස ඇවින්සෙන සුළුය. කායිකව හා මානසිකව නිරෝගී ලිංගික ජීවිතයකට උරුමකම් කියයි. සම්භෝග සුවය ජීවිතයේ අනිවාර්ය අංගයක් ලෙස දකී. සිරුරේ අධි සංවේදී ප්‍රදේශ සහ කාම නිල මැනවින් හඳනා ගැනීමට දක්ෂය.
ලිංගික ජීවිතයේ දී ආක්‍රමණශීලීය. තමා වහා ඇවින්සෙන සුළු ගුණයෙන් යුක්තවන අතර අනෙකාද එසේ අවුස්සා ගැනීමට සමත්ය. ප්‍රබෝධමත්ය. නිරෝගීය. එමෙන්ම පිරිසිදුය. විශේෂයෙන්ම ප්‍රජනක ඉන්ද්‍රීයයන්ගේ නිරෝගී බව මෙන්ම පිරිසිදු බව දැඩිව පවත්වා ගනී.
එය අනෙකාගෙන්ද අනිවාර්යෙන් බලාපොරොත්තු වේ. එකිනෙකාගේ සිරුරු දැකීමට සහ ස්පර්ෂයට දැඩි කැමැත්තක් දක්වයි. ස්වෙච්ඡාවෙන් ක්‍රියාකාරී වන අතර වේගවත්ය. අනෙකා කුමක් සිතන්නේද යන්න නොසළකා හරී. එහෙත් සියල්ල කලාවට මනාවට සිදු කිරීමට දක්ෂය. ලිංගික ජීවිතයට තදින් ඇබ්බැහි වේ. පූර්ව ලිංගික ක්‍රියාවන් ප්‍රිය කරන නමුත් එය දරා ගන්නේ මධ්‍යස්ථ ප්‍රමාණයකටය. තමා මෙන්ම අනෙකාද සතුටු විය යුතුය යන සාධාරණ ප්‍රතිපත්තිය අනුගමනය කරයි. පරිත්‍යාගශීලීය. කැපකිරීම්වලට සූදානම් ය.
සීමා රහිතව ඕනෑම භූමිකාවකට වහා අනුවර්ථනය වේ. අවංකය. මොවුහු ඉතා හොඳ ලිංගික සහකරුවෝ වෙති. ජීවිතයේ සැඳෑ සමයේ දී පවා රාගාන්විතය. වයස අවුරුදු 23ත් 49ත් අතර කාලය ඉතා පලබරය. එයින්ද වයස අවුරුදු 23 හා 29 අතර කාලය උච්ච සමය වේ. ලිංගික ජීවිතයේ දී සපුරාම අනෙකා කෙරෙහි පරිත්‍යාගශීලී වන නමුත් මොවුන් අතරින් යම් සැලකිය යුතු ප්‍රතිශතයක් දෙවැනි තුන්වැනි ලිංගික සහකරුවන් සොයා යන ප්‍රවණතාවක් පළ කරයි. අනෙකාගේ උදාසීන සෘණ ප්‍රතික්‍රියා මත නොසන්සුන් බවට පත් වේ. තමා අගය කරනු ලැබීමට හා හිස පිරිමැදීම් යනාදිය තදින්ම අපේක්ෂා කරයි.
* පොදු දුබලතා
ඉක්මන්කාරීය. නොසන්සුන්ය. ඇතැම්විට ආත්මාර්ථකාමීය. ලැබූ වින්දනය ඉක්මනින් අමතක කොට වෙනත්ම දෙයකට සිත යොමු කරයි. වහා වෙනස්වන සුළුය. තම සිතැඟි ඉටු නොවුණහොත් පමණ ඉක්මවා ප්‍රචණ්ඩ විය හැක. එහෙත් මේ දුබලකම් ද ඉතාම කෙටි කාල පරාශයකදී වෙනස් වේ. තැන නොතැන නොබලා ක්‍රියාකාරීවද බලවත් දුබලකමකි.
* සිරුරේ අධි සංවේදී ස්ථාන
හිස - හිසකෙස්, මුහුණ සහ දෙතොල් (හිස පිරිමැදීම, සම්භාහනය ආදියට දැඩි ලෙස ප්‍රිය කරයි.)
* මේෂ රාශියේ සිකුරු තැන්පත් පුරුෂයා සතු විශේෂ ලක්ෂණ
මොහු අතිශයින්ම රොමෑන්ටින් සිතිවිලි අධික තැනැත්තෙකි. නම්‍යශීලීය. ඕනෑම භූමිකාවකට වහා අනුවර්ථනය වේ. ද්වි ස්වභාවයෙන් යුක්තය. වරෙක අතිශයින්ම පිරිමි භූමිකාවකට පිවිසෙන අතර වරෙක ස්ත්‍රී ගති ඇතිව සිටී. තම සහකාරිය තමාට වඩා පිරිමි ගති සහ ක්‍රියාවන්ගෙන් යුක්ත විය යුතු බව සිතයි. තවත් වරෙක ඔහු සිතන්නේ තම සහකාරිය සපුරාම තමාට අවනත විය යුතු බවයි. සිප වැළඳ ගැනීම් තදින් ප්‍රිය කරයි. පූර්ව ලිංගික ක්‍රියාකාරකම් ප්‍රමුඛ කොට සිතයි. ඇතැම් විට එයින්ම සෑහීමට පත් වේ. සමස්ථයක් වශයෙන් ගත් කළ ඉතා හොඳ පෙම්වතෙකි. අනෙකාගේ සතුට මූලික කොට සිතන සහකරුවෙකි. ස්වපීඩා කාමුක ගති මඳ වශයෙන් පළ කරයි.
* මේෂ රාශියේ කුජ තැන්පත් පුරුෂයා සතු විශේෂ ලක්ෂණ
ලිංගික ජීවිතයේ දී මොහු ජෙනරාල්වරයෙකි. සියල්ල තමාට වුවමනා ලෙසටම පාලනය කරයි. නිදියහන සංග්‍රාම භූමියක් ලෙස සිතා කටයුතු කරන්නේය. තම සහකාරිය ඔහුගේ සතුරාය. සතුරා පරාජය කරන්නට මොහු ජවය - බලය උපරිමයෙන් යොදවයි. සාම්ප්‍රදායක සටනකදී සතුරා මරණයට හෝ තුවාල කර හෝ ජයග්‍රහණය සොයන මුත් මෙහිදී තත්ත්වය තරමක් වෙනස්ය. තම සහකාරිය උපරිම ලෙස සතුටට පත් කර බෙලහීන බවට පත්කරවීම ඔහුගේ අරමුණය. තම පුරුෂ බල පරාක්‍රමය හැකි හැම ලෙසම විදහා පෙන්වීමට මොහු උත්සාහ දරයි. සමස්තයක් වශයෙන් ගත් කළ ආධිපත්‍යධාරී (Dominant) ලිංගික චරිතයකි. තරමක පරපීඩික කාමුක ගති (Sadism) පළ කරයි.
මාරියා සැන්ටෝස් ඇමෙරිකාවේ සිට අනුවාදය kcj
ඉතිරිය කියවන්න . . . . .
මාර්තු 18 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
0 comments:
Post a Comment