වෘෂභ රාශියේ කුජ හෝ සිකුරු තැන්පත් ස්ත්‍රී පුරුෂයන් අංග
ඕනෑම පුද්ගලයකුගේ ලිංගික ජීවිතය පාලනය කරන්නේ කුජ සහ සිකුරු (ශුක්‍ර) යන ග්‍රහයන් දෙදෙනාය. කේන්දරයේ මේ ග්‍රහයන් සඳහන් වන්නේ කුජ (කු) හා සිකුරු (ශු) යනුවෙනි. මේ ග්‍රහයන් දෙදෙනා කේන්දරයේ තැන්පත්ව සිටින රාශිය අනුව ඔහුගේ ඇයගේ ලිංගික ජීවිතය හා රුචි අරුචිකම් මොනවාදැයි වටහා ගත හැකිය. පළමුව ඔබ ඔබගේ කේන්දරයේ කුජ හෝ සිකුරු ග්‍රහයන් තැන්පත්ව සිටින්නේ කුමන රාශියේ දැයි බලන්න. එමඟින් ඔබ රහසිගත සිතිවිලි පෙන්නුම් කරන කැඩපතක් ඉදිරියට ගියා සේ ඔබේ රහස් ඔබටම පෙනෙන්නට ගනී. දෙවැනිව ඔබ ඇසුරු කරන අනෙකාගේ ලිංගික රුචි අරුචිකම් හඳුනා ගැනීමට එම කේන්දරයේ කුජ හෝ සිකුරු තැන්පත්ව සිටින රාශිය හඳුනා ගන්න.
මේ තොරතුරු කෙතරම් නිවැරදිද යනු බලන්න. එකිනෙකා කාටවත් නොකියන මේ රහස් දැන ගැනීම ශක්තිමත් සබඳතාවකට මහඟු පිටිවහලකි. මේ ලිපියෙන් අනාවරණය වන්නේ වෘෂභ රාශියේ කුජ හෝ සිකුරු තැන්පත්ව සිටින ස්ත්‍රී පුරුෂයන්ගේ ලිංගික ජීවිතය පිළිබඳවයි.
කේන්දරයේ කොටු දොළොසකි. එයින් ඔබ උපන් ලග්නය අනුව වෘෂභ රාශිය අයත් වන්නේ කුමන කොටුවට දැයි පහත චක්‍රයෙන් බලාගන්න.
වෘෂභ රාශියේ කුජ හෝ සිකුරු තැන්පත්වී සිටිය දී උපන් ස්ත්‍රී පුරුෂයනේ ගේ පොදු ලක්ෂණ
වෘෂභය සිකුරුට අයත් ස්ත්‍රී රාශියකි.පඨවි ගුණය අධිකය . එහෙයින් ස්ත්‍රී පුරුෂ සබඳතා බොහෝ විට ස්ථාවර තත්ත්වයක පවතී. මොවුහු එතරම්ම උණුසුම් චරිත නොවෙති.මේ වෘෂභ රාශියේ සිකුරු හෝ කුජ තැන්පත්ව සිටිය දී උපන් ස්ත්‍රී පුරුෂයන්ගේ ලිංගික ජීවිතය බොහෝ විට කායික පක්ෂයටම බරවේ. අතිශයින්ම රොමැන්ටික් වීම හෝ භාවමය ඒකාත්මික වීමක් අපේක්ෂා නොකරන තරම් ය.මුළුමනින්ම ඉන්ද්‍රිය ප්‍රීනනය මතම ඔවුන්ගේ ලිංගික ආශාවන් පවතී. ශබ්ද,ගන්ධ රස ස්පර්ශ ආදී වූ සියලුම කායිකමය සංවේදී තාවන් කෙරෙහි දැඩිලෙස ලොල් වේ.
ඔවුන් අංග සම්පූර්ණ කායිකමය පක්ෂයටම පමණක් නැඹුරු වූ තෘප්තිය අරමුණු කරයි.තව ලෙසකට කිවහොත් අතිශය සියුම් මනෝභාවයන් හෝ හැඟීම්බර අවස්ථාවන් ට පත්වීමක් දක්නට නැත.මේ ස්ත්‍රී පුරුෂයන් දෙපාර්ශවයම ලිංගිකත්වය දකින්නේ කායිකමය පැතිමානයකිනි.
තම සහකරුගේ හෝ සහකාරියගේ අඟ පසඟ මනාකොට පිහිටිය යුතුය.එමෙන්ම සිරුර විවිධ සුවඳින් සහ වත්සුණු ආලේපන ආදිය හැඩ වැඩ විය යුතුය. දෙදෙනා එකතුවීමේ දී එකිනෙකාගේ හඬ ඇසීමට ද මොවුහු ප්‍රිය කරති. ඒ සියල්ලටත් වඩා අංග සම්පූර්ණ ශාරීරික ස්පර්ශය මොවුනට ඉතා වැදගත්වේ.
කිසියම් ආකාරයේ ඒකාකාරී රාමුවකට සහ ගිවිසගත් පරිදි ආරම්භය සහ අවසානය සිදුවන ව්‍යාපෘතියක් ලෙස මොවුන් සම්භෝග ක්‍රියාව සැළසුම් කරයි. එහෙත් එකිනෙකා කෙරෙහි ගරු කිරීමක් හෝ අනෙකා වෙනුවෙන් කැපකිරීමක් හෝ සිදුවන්නේ කලාතුරකිනි. ඉතාම සරළ භෞතිකමය අවශ්‍යතා පූර්ණ කිරීමක් මිස ලබන්නා වූ වින්දනය මනෝමය සැපතක් ලෙස දිගුවක් බවට පත්කර ගැනීමේ හැකියාව ඉතා අඩුය. එහෙත් ඔවුන් හැම විටම එක් සහකරුවෙක් හෝ සහකාරියක් මත දිගු කලක් යැපෙන ස්වභාවයේ පවතී.ඍජු දැඩි සහ ස්ථාවර ලිංගිකමය බැඳීම් පවත්වා ගැනීමට හැම විටම උත්සාහ ගනී.
පොදු දුබලතා
ඒකාකාරීය.ආත්මාර්ථකාමීය.භාවමය රස වින්දනය දුප්පත්ය. අතිශය සරළ රාමුවකට සියල්ල කොටු කිරීම විවිධත්වයෙන් තොර වීම සාම්ප්‍රදායික චර්යාවන් මත පමණක් පදනම් වීම සහ තමාගේ සහකරුහෝ සහකාරියට අනුගත වීමක් හෝ නම්‍යශීලීත්වයක් නොමැතිවීම.
සිරුරේ අධි සංවේදී ස්ථාන
කන් පෙති
ගෙල දෙපස
වෘෂභ රාශියේ කුජ තැන්පත් පුරුෂය සතු විශේෂ ලක්ෂණ
අතිශයින්ම සරල සාම්ප්‍රදායික ගති ලක්ෂණයන් ගෙන් සමන්විතය.ලිංගික ක්‍රියාවලියේ දී ස්ත්‍රී ස්වරූපය ප්‍රිය කරයි. තම සහකරුට හෝ සහකාරියට සාපේක්ෂව ක්‍රියාකාරීත්වයෙන් දෙවැනි වන්නට වුවමනාවෙන්ම උත්සාහ කරයි.ලැජ්ජාශීලීත්වය ඔහුගේ ආවේනික ගතියකි.
තරමක් ලාමකය.තම සහකරු හෝ සහකාරිය විසින් තමා තෘප්තිමත් කරනු ලැබිය යුතුයැයි අපේක්ෂා කරයි. එහෙත් තමාගෙන් අනෙක් පාර්ශ්වය එවැන්නක් අපේක්ෂා කරන බව නොදන්නා ලෙස හැසිරෙයි. විවිධත්වය අලුත් අත්දැකීම් විඳීමට යටි සිත තදින් වුවමනාව ඵලකළත් එය ප්‍රකිශයට පත් කිරීමේ මැලිකමක් ඵල කරයි. පැසිව් මූඩ් හෙවත් ක්‍රියාවට භාජනය වීමේ ක්‍රමය තෘප්තියට පත් වීමේ පොදු උපාය ලෙස භාවිත කරයි.
වෘෂභ රාශියේ කුජ තැන්පත් පුරුෂය සතු විශේෂ ලක්ෂණ
වෘෂභ රාශියේ සිකුරු තැන්පත් පුද්ගලයාට හාත්පසින්ම වෙනස් ගති ලක්ෂණ සහ රුචි අරුචිකම් මොහු සතුව පවතී. හැම විටම තමා පෙරමුණ ගැනීමට ඉක්මන් වේ. එහෙත් අවසානය අනෙක් පාර්ශ්වයට පවරා උදාසීන ගතියක් පලකරයි.කිසිදු ක්‍රියාවකට පැකිලීමක් හෝ ලැජ්ජාශීලී භාවයක් ඵල නොකිරීමට පරිස්සම් වෙයි. තරමක් ආක්‍රමණශීලීය. තමාගේ මතයටම සියල්ල අවසන් විය යුතු යැයි සිතයි. සහකරු හො සහකාරිය තමා මෙන්ම සමාන්තරව සුරතාන්තයට පත්විය යුතු යැයි වාචික ප්‍රකාශයක් මත පිහිටන නමුත් ප්‍රායෝගිකය එය එතරම්ම සලකන්නේ නැත.
මාරියා සැන්ටෝස් ඇමෙරිකාවේ සිට
අනුවාදය kcj
ඉතිරිය කියවන්න . . . . .
මාර්තු 25 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
0 comments:
Post a Comment