728x90 AdSpace

  • නවතම පුවත්

    2015-03-04

    ජීවිතයේ තුන් කාලයට චරිත තුනක් රඟන මීන ලග්න

    රාශි චක්‍රයේ අවසාන රාශිය මීනය. මත්ස්‍යයන් දෙදෙනකු දෙපැත්තට සිටින සේ අංශක 330ත් 360ත් අතර ප්‍රදේශයක පැතිර ඇති තරු පන්තියකි.

    ස්ත්‍රී ලිංගය , ජල රාශියකි. ( ආපෝ ගුණය ඇත) දක්ෂිණාර්ථයේ පිහිටි ඵලදායි රාශියකි. උභය, නිශ්ශබ්ද රාශියකි. සම ස්වභාවයෙන් යුත් සෞම්‍ය එකකි. ලා දුඹුරු පැහැතිය.

    අධිපති ග්‍රහයා ගුරුය. මීනයේ පළමු රාශි අර්ධ හෝරාව සඳුට අයත්ය. දෙවන රාශි අර්ධය හිමිවන්නේ රවිටය පළමු තෙර්කාණය ගුරු හිමී මීනයටම හිමිවේ. දෙවන තෙර්කාණය සඳු හිමි කටකයටද තෙවන තෙර්කාණය කුජ හිමි වෘශ්චිකයට ද අයත්ය. නවාංශක නවය ගැනීමේදී කටකයෙන් ඇරඹේ. ඒ අනුව කටක .සිංහ .කන්‍යා. තුලා, වෘශ්චික, ධනු ,මකර, කුම්භ,මීන වෙයි.

    ‍යමෙක් මීන රාශියේ ජන්ම ලාභය ලබා නවාංශකයද මීන වුවොත් වර්ගෝත්ථම වෙයි. මෙලෙසම සිකුරු ග්‍රහයා මීන රාශියේ ගමන්කරන කාලයේ දී හෝ උච්චක්ෂේත්‍ර භාවයට පත්වේ.
    බුධ ග්‍රහයා මීන රාශිය මතින් ගමන්කරන විට නීචක්ෂේත්‍ර භාවයට (බලහීන) පත්වේ.
    ගුරු මීන මතින් ගමන් ගන්නා කාලයේද ස්වක්ෂේත්‍ර(බලවත්) වන්නේ.

    මීනය ලග්නය වී උපත ලබන අයගේ නව වැන්නාධිපති හෙවත් භාග්‍යස්ථානාධිපති වන්නේ කුජය ඔහු ශුභපල ගෙනෙයි. සඳු ද මීනයට සුබය නමුත් සඳුගේ පිහිටීම අනුව සුබ අසුබ වෙනස් වෙයි.
    මීනයට සිකුරු අසුබකාරකයාය. ඔහු ආකාර දෙකකට අසුබ වෙයි.

    ග්‍රහ මණ්ඩලයේ නෛසර්ගික සතුරු ග්‍රහයින් පිළිබඳ සැලකීමේදී. ගුරු ග්‍රහයාගේ පළමු සතුරා සිකුරුය.එය පළමු කරුණයි.දෙවැන්න වනුයේ මීනයේ අෂ්ඨමාධිපතියා සිකුරු වීමය. එහිදී අටවැන්න වනුයේ තුලාවයි. මේ අනුව සිකුරු ග්‍රහයා පළමු සතුරා වෙයි. මීනයේ හයවැන්නා ශාස්තෘස්ථානාධිපතියා සිංහ අධිපති ස්ථානය ලැබු නෛසර්ගික බලය අනුව සතුරු බව අ‍ඩු වැඩි වේ.මෙහි දී මතක තබාගත යුතුම වන්නේ නෛසර්ගික සතුරන් තත්කාලීන සතුරන් වුවොත් සතුරු ඵල වැඩි බවයි.

    තත්කාලීන සතුරන් වීමට නම් ජන්ම පත්‍රයේ 1.5,6.7,8.9 ස්ථානවල සිටිය යුතුය. 2,3,4.10.11.12 ස්ථානවල සිටියේ නම් තත්කාලීන මිතුරන්ය. මෙහිදී ජන්ම පත්‍රයේ භාව අනුව නොව අවශ්‍ය ග්‍රහයා සිටි ස්ථානයේ සිට ගණන් ගන්නා බව මතක තබාගන්න

    අපෝ ත්‍රිත්වය වශයෙන් කටක වෘශ්චික හා මීන ගණන් ගැනේ. මුල කේන්ද්‍රයෙහි 4, 8, 12 ස්ථාන හිමිවෙයි. මෙයින් ත්‍රිකෝණයක් සෑදෙයි. සත්ත්ව ශරීරයේ . පපුව , රහස් ප්‍රදේශය හා පාද මේ තිදෙනාට අයිතිය. සත් හෙවත් ආධ්‍යත්මික භාවය මීනයට හිමි වේ. මීනය මෙලොවට වඩා පරලොවට බර වේ.

    ඉතිරිය . . . . .

    මාර්තු 04 වෙනිදා සෙත්මිණ කියවන්න
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ජීවිතයේ තුන් කාලයට චරිත තුනක් රඟන මීන ලග්න Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top