කාන්තාවකගේ නාරි දේහයේ පිහිටීම අනුව අතීතයේ දී ඉසිවර බොහෝ කරුණු ගෙනහැර පෑහ. ඒවා කිසිදින බොරු වූයේ නැත.
නෙත බැල්ම , ඇහි බැම, නළල, කෙහෙරැළි අඟිලි තුඩු ආදී දසුනට හසුවන දෑ පිහිටීම අනුව කාන්තාවකගේ ගතිගුණ හෝ නරක කියන්නට සත්‍ය වශයෙන්ම එදා දැන සිටි උගතුන් බුද්ධිමතුන් සිටියහ. එදා ගෙනහැර දැක්වූ කරුණු අදට ද සැබෑවක් බව නිසි ලෙස හඳුනාගතහොත් ඔබට සිතෙනු නොඅනුමානය.
ලියකගේ නිකටේ පිහිටීම අනුව කියන ලද ගති සොබාවය අද අපි හඳුනා ගනිමු.
හොඳින් පිරී ඇති වටකුරු නිකට ඇත්තිය තියුණු නුවණින් යුතු වාසනා ගුණයෙන් පිරිපුන්ය. නෙරා ඇති උල් නිකට පිහිටියේ නම් මිහිරි වදනින් සිත් නොරිදවා කතා කරයි. කරුණාගුණයෙන් පිරිපුන්ය. හොඳින් අධ්‍යාපනය ලබා සිය අදහස් සපලකර ගැනීමේ සමත්කම් ඇත්තියකි.
තලඇටයක් වැනි උපන් ලපයක් නිකටේ මුවට ආසන්නයේ දකුණු පැත්තේ පිහිටියේ නම් පරම පිවිතුරු සෙනෙහෙවන්ත කතකි. සියලු සතුන්ට කරුණාවෙන් සලකයි. නිතර සතුටින් කල්ගෙවයි. යුගදිවිය සියලු සැපකින් ගෙවීමේ වනු ඇත.
තියුණු උල් නිකට ඇත්තිය නිතර සසලය. රැවටිලි බසින් මවාගත් සිනහවෙන් ලොවම රවටයි. චපල සිතැත්තිය. නිකට අග වල ගැසුණු කත ඉතා අගනේය. සිතට ගතට සැනසුම් සුවය සදයි. මෙත් සිත පතුරුවයි. තම ස්වාමි පුරුෂයාට නිති ගරුසරු ඇත්තීය. රටට දැයට යහපත සලසන්නීය. පිනට දහමට ඉතා ලැදි නිවසට සිරිකතකි.
ඉතිරිය . . . . .
මාර්තු 04 වෙනිදා සෙත්මිණ කියවන්න
0 comments:
Post a Comment