728x90 AdSpace

  • නවතම පුවත්

    2015-03-11

    සාප්පුවෙන් ගෙදර ගෙනා මාරක කඹය

    සුළු සුළු සොරකම් කිරීමෙන් තම ජීවිතය ගැටගසා ගසා ගත්ජෝර්ජ් ගැෆ්නි ඔහුගේ ජීවිත කාලයේ දී කළ

    සියලුම සුළු අපරාධ හැරුණු කොට එක් අතිභිහිසුණු අපරාධයකට සම්බන්ධ විය. එය ඔහුගේ ජීවිතය අඳුරෙන් අඳුරට ඇද දැමීමට සමත් වූ අපරාධයක් විය.

    1910 වසරේ මාර්තු මාසයේ පළමු දිනයේ මහ මඟ ඇවිද යමින් සිටි ගැෆ්නිට අඩි තුනක් පමණ දිගැති සිල්ක් රෙදිවලින් තැනුණු කඹයක් දැක එය එල්ලා තුබූ කුඩා සාප්පුවෙන් මිලදී ගත්තේය.එය ‍ඉතාම ශක්තිමත් එකක් විය. මැදපෙරදිග මිනීමරු අපරාධකාරයින් විසින් ගෙලහිර කොට කෙනෙකු මරා දැමීමට යොදාගනු ලබන කඹයක් බව ඔහු හඳුනා ගත්තේය.

    මිලදී ගෙන සති දෙකක් යාමට පෙර හෙතෙම එම කඹය පාවිච්චි කෙළේය.
    ඔහු ඒ කඹය ආධාර කරගෙන තමා අතින් ගැබ් ගෙන සිටි බෙසි ග්‍රේව්ස් නමැති තරුණ කාන්තාවගේ ගෙල සිර කොට මරා දැමීම සිදු කෙළේය.ඔහු වෙනත් නමකින් ඇය සමඟ හාද වී ඉන් පසුව ගැබ් ගැනීම නිසා එයින් මිදීමට හෙතෙම ඇය මරා දැමීය.

    ඔහු ඒ අතර ධනවත් කනවැන්දුම් කාන්තාවක් වූ ස්ටෙලා ‍ෆොට්නි සමඟ සම්බන්ධ වී සිටීම ද මේ අපරාධය සිදුකිරීමට තවත් හේතුවක් විය.
    කෙසේ හෝ බෙසීගේ මළසිරුර හමුවූ කාන්තාවක් විසින් ස්කොට්ලන්ඩ්යාඩ් රහස් පරීක්ෂකයින්ට දැන්වූ අතර එහි පැමිණි නිලධාරීන්ට බෙසීගේ මළසිරුර අසල ඇයගේ ගෙල සිරකිරීම සඳහා උපයෝගි කරගත් සිල්ක් කඹයද දැක ගත හැකි විය.
    මේ අභිරහස් මිනීමැරුම පිණිබඳව රහස් පරීක්ෂකයින් පරීක්ෂණ පවත්වන අතරතුරදී ගැෆ්නි ඔහුගේ නව පෙම්වතිය සමඟ පැවැති සම්බන්ධය දිගටම කරගෙන ගියේය.

    දිනක් ස්ටෙලා සමඟ රවුමක් ‍යාම සඳහා ඇය හමුවීමට පැමිණි ගැෆ්නිට අති භයානක අවස්ථාවකට මුහුණ දීමට සිදු විය.ඔහු ගෙනා කැබ් රථයේ පසුපස අසුනට ගොඩවී ඒ මේ අත බලද්දී කවුදෝ ආගන්තුක කෙනෙකු ඔහු සමඟ එම අසුනේ සිටින අන්දම දැනිණි.වහා ඇය හඳුනාගත් ගැෆ්නි මර හඬ දී රථයෙන් එළියට පැන්නේය.ඔහු සමඟ ඒ අසුනේ සිටියේ ගිනි පුපුරු වැනි ඇස්ගෙඩි වලින් ඔහු දෙස රවා සිටින බෙසී ග්‍රේව්ස්ය. ඇයගේ ඉදිමුණු දිව මුඛයෙන් එළියට පැන තිබිණි.ඇය යක්ෂණියක් ලෙස දුටු ගැෆ්නි වහා මරහඬ නඟමින් රථයෙන් බිමට පැන මර බයේ හිස හැරුණු අතේ දුවන්නට විය.

    බියට පත් ඔහු සති දෙකක කාලයක් තම කාමරයෙන් එළියට ආවේ නැත.බිය තුරන්වන තුරු මත්පැන් වල පිහිට සෙව්වේය.සිතට යම් සහනයක් ලැබුණු පසු ඔහු නැවතත් ස්ටෙලා හමුවීමට ගියේය.
    සියලුම අභාග්‍ය සම්පන්න සිදුවීම් අමතක කළ ගැෆ්නි ස්ටෙලා සමඟ යළි මිතුරු වීම සඳහා ඔහු විසින් සොරකම් කළ දියමන්ති මුදුවක් ඇයට දුන්නේය.ඇය තුළ කෝපයක් පැවැතිය ද මුද්ද නිසා කෝපය තුනී වී ගොස් ඔහු සමඟ වයින් පානය කරමින් පෙම්බස් දොඩවන්නට වූවාය.ඔවුන්දෙදෙනා එතෙක් පානය කළ වයින් බෝතලය අවසන් වූ නිසා වයින් බෝතල් තිබූ ගුහාව අඳුරු බැවින් භූමිතෙල් ලාම්පුවක් ගෙන පඩිපෙළ බසින්නට විය. ලාම්පුවේ එළිය ඝනඳුර කපා දැමීමට ආයාසයක් දරන බව පෙනින.

    ඉතිරිය කියවන්න . . . . .

    මාර්තු 11 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සාප්පුවෙන් ගෙදර ගෙනා මාරක කඹය Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top