මෙලොවට බිහිවන ජන්මියා සිය ක්‍රියාකාරකම් පෙර භවයේ එක්රැස් කරගත් කුසල් අකුසල් අනුව මේ භවයට රැගෙන එයි.
කේන්දරය අනුව උපන් මොහොතේම මිනිසා අනාගතයේ දී සිදුකරන කටයුතු පිළිබඳ යම් දැන්මක් අවබෝධයක් ලබාගත හැක. නිවැරදිව සැකසූ කේන්දරයකින් මේ බව හඳුනා ගැනීමට හැකියාව ඇත.
ඔබේ ජන්ම පත්‍රයේ සඳු සිටින ස්ථානය හා සඳු සමඟ සංයෝග වන ග්‍රහයන් අනුව ඔබ කවරෙක්දැයි හඳනා ගත හැක. ඔබගේ ජන්ම පත්‍රයේ සඳ කොතැනද? ඒ අනුව ඔබගේ ගති ස්වභාවය ඔබම හඳුනා ගන්න.
පුර සඳු බ්‍රහස්පති සමඟ හෝ බ්‍රහස්පතිට ත්‍රිකෝණගතව සිටින විට උපන් අය ධනය, විශ්වාසවන්ත භාවය, අවංකභාවය, චිත්ත විවේකය යනාදියෙන් යුක්ත වේ.
පුර සඳු ශනි සමඟ හෝ සප්තම දෘෂ්ටිගතව සිටින විට උපන් අයගේ මව කණවැන්දුම් වීමට හේතුයි. එසේම මහළු භාර්යාවන් ලැබීමට ද, දරුවන් අඩු වීමට ද, පවට හිතද,ප්‍රථම විවාහය සාර්ථක නොවීම ද වේ.
සඳු ග්‍රහයා කුජ සමඟ හෝ කුජගෙන් දෘෂ්ටි ලැබ සිටි විට ශූර කර්කෂ භය ජනක තැනැත්තකු ඇති කෙරේ. ඔහු රැවටිලි වලින් ද පීඩා ලබයි. සඳු ග්‍රහයා දුබලව දවල් උපතක් ලැබ කුජ ග්‍රහයා බලවත් නම් කෘෂවූ දුර්වල තැනැත්තකු ඇති කෙරේ. බොක්කේ හා ඇස්වල ඇතිවන රෝගාබාධ වලට ද භාජනය වේ.
පුර චන්ද්‍රයා සිකුරු සමඟ හෝ සිකුරු කෙරෙන් හත් වැන්නේ සිටීම ශුභයි. මවුපියන්ගේ තත්ත්වය උසස් බව හෝ උසස්වන බවට පූර්ව නිමිත්තකි. නමුත් එසේ උපන් අය මවුපියන්ගෙන් වෙන්වීම හෝ ඔවුන්ගේ ආදරයෙන් තුරන් වීමට හේතුයි. අව සඳු නම් තරුණ කාලයේ දී වාසනාව ද බලයද ඇති කරයි. නමුත් කල් ක්‍රියාව සම්බන්ධයෙන් චෝදනාවලට හසුවෙයි. එසේ සිටි සිකුරු ගුරුගෙන් කිසිම බලයක් නොලැබ කුජගෙන් ද දෘෂ්ටි ලබයි නම් කාම ආශාව නිසා අවමන් ලබයි. චන්ද්‍රයා ඉරු සමඟ හෝ හිරුට සප්තම දෘෂ්ටි ගතව සිටින විට වාසනාවද, ශරීර සනීපයද නැති කරයි. හිරු ග්‍රහයා බලවත්ව සිටි දුබල සඳුගේ සංයෝග ආදියත් යෙදී තිබේ නම් සැපවත් ජීවිතයකට හිමිකම් කියයි. වාහන ලාභ, රජුගෙන් කරුණාව ලැබීම, මෙන්ම වසුතුව ලැබීමට ද වාසනාව ඇත. සේනාධිපති වැනි තනතුරු යන්ත්‍ර සූත්‍ර සෑදීමේ දක්ෂ අයෙකු ද වනු ඇත සඳු ග්‍රහයා ශනි ග්‍රහයාගේ සම්බන්ධතාවයකින් මෙන්ම රවිගේ සම්බන්ධතාවයකට ගියේ නම් මහත් අවාසනාවකි. කරදර බහුල වෙයි. අමාශගත පීඩාවලට හේතුයි.
සඳු ශනිගේ සම්බන්ධතාවයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී, සිකුරු හා සම්බන්ධ වූයේ නම් උතුම් ගතිගුණ ඇත්තෙක් වෙයි. වාසනාවන්ත වෙයි. ධනවතකුගේ පිහිටීමකි.නමුත් වියදම් වැඩි කාමුක ස්වභාවයට භාජනය වීමටද නියම බව ජ්‍යෙතිෂය පෙන්වා දෙයි. චන්ද්‍රයා දුර්වලව පිහිටියහොත් දෝෂ බහුලය.
පුර චන්ද්‍රයා ශනි ග්‍රහයාගේ සම්බන්ධතාවකින් මෙන්ම බුධගේ සම්බන්ධතාවකින් යුක්ත වුණි නම් තත්ත්වය හඳුනාගත නොහැකි ගැඹුරු තැනැත්තකු වෙයි. අනුන්ට අපහාස කිරීමට ප්‍රිය කරයි. අපහාසාත්මක වචන පාවිච්චියට බොහෝ කැමතිය.
කොස්ගොඩ - ජේ.පී.ද සොයිසා
ඉතිරිය කියවන්න . . . . .
මාර්තු 25 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
0 comments:
Post a Comment