"අශ්ව ප්ලූතං වෘක්ෂණ ගර්ජිතංවෙත්
ද්යාද් වර්ෂණං වාප්‍යථ වර්ෂණාවා
ස්ත්‍රී තාංච චිත්තං පුරුෂය්යා භාග්‍යං
දේවෝ නජානාතී කුතෝ මනුෂ්යඃ"
ඉහත ශ්ලෝකයෙන් කියැවෙන්නේ මනුෂ්‍යයෙකුට තබා දෙවියෙකුටවත් අනාවැකි පලකළ නොහැකි කරුණු හයකි.අශ්වයන් රංචුවක් පෙළකට සිටුවා ධාවන තරගයකට යෙදවුවහොත් එයින් දිනන්නේ කුමන අශ්වයා දැයි කිව නොහැක.කොයි මොහොතක අහස ගොරවයිද?අකුණු සැර විහිදේද? කුමන මොහොතක වර්ෂාව ඇද හැලේ ද? ඇද හැලෙන වර්ෂාව කොයි මොහොතක නවතී ද? යම් කෙනෙකුට මහා වාසනාවක් කොයි මොහොතේ පෑදේවි ද? සහ ස්ත්රීන්ගේ සිතිවිලි කුමන ආකාරයක් ගනී ද?යන මේ කරුණු හය කීමට දෙවියෙක් වත් නොදනී.එසේ නම් මේවා ගැන මිනිසුන් අනාවැකි පළකරන්නේ කෙසේද?
මේ තත්ත්වය ජ්‍යොතිෂයට හොඳටම අදාළය.එහෙත් තත්ත්වාකරයෙන් කරුණු නොදත් සාමාන්‍ය මිනිසුන් ජ්‍යොතිෂවේදීන්ගෙන් අරුම පුදුම මැජික් බලාපොරොත්තුවේ. ඊට හේතුව වී තිබෙන්නේ ඇතැම් ජ්‍යොතිෂවේදීන් ද තමා සියල්ල දත් ලෙස හැසිරීමය.සාමාන්‍ය මිනිසුන් අතර ඇති එක් මතයක් වන්නේ උපන් වේලාව අනුව සකසන කේන්දරයෙන් ඒ උපන්නේ මනුෂ්‍යයෙක් ද? නැතිනම් තිරිසනෙක් ද? නැතහොත් උපන්නේ දුවෙක්ද? පුතෙක්ද? ආදී වශයෙන් කිව හැකි බවයි.එවැනි මැජික් පෙන්වන්නට ජ්‍යොතිෂ සිද්ධාන්ත නැත.
දිනක් අපගේ ජ්‍යොතිෂ ආචාර්යවරයා වෙත උපන් වේලාවක් රැගෙන පැමිණි පුද්ගලයෙකු "ගුරුතුමා මේ වේලාවට ඉපදී තිබෙන්නේ දුවෙක් ද? පුතෙක්ද" යැයි විමසීය. එම වේලාව අතටවත් නොගත් ආචාර්යතුමා ඔහුගෙන් ගත් කටටම ඇසුවේ ඇයි මිනිහෝ නුඹේ ඇස් පේන්නේ නැද්ද? කියාය.ඉපදී තිබෙන්නේ දුවෙක්ද? පුතෙක්ද යන්න තම දෑසින්ම බලාගන්නට තිබෙද්දී ලිංගය සොයන්නට කේන්දරය අතපත ගෑම අමනකමක් බවත් ඔහු තව දුරටත් කීවේය.
මේ විලම්බීත පුරුද්ද සාමාන්‍ය මිනිසුන්ට බෝවී තිබෙන්නේ එක්තරා ජ්‍යොතිෂ ගුරු කුලයක් විසින් පවත්වාගෙන යන සෛද්ධාන්තික නොවන භාවිතයක් නිසාය.ඔවුන්ට අනුව ස්ත්‍රියක් උපන්නොත් ස්ත්‍රී නවාංශයත් පුරුෂයකු උපන්නොත් පුරුෂ නවාංශයත් යෙදිය යුතුයි.යම් කෙනෙකු උපන් වේලාවට හදන කේන්දරයේ ස්වභාවයෙන්ම ස්ත්‍රී නවාංශයක් උදාවී තිබුණහොත් එවිට ඉපදී තිබෙන්නේ පුරුෂයෙක් නම් උපන් වේලාව අඩු වැඩි කොට පුරුෂ නවාංශයක් යෙදීම මේ උදවියගේ පුරුද්ද ය. ඔවුන්ගේ තර්කය වන්නේ ස්ත්‍රී නවාංශයේ පුරුෂයෙකුත් පුරුෂ නවාංශයේ ස්ත්රියකුත් ඉපදිය නොහැකි බවයි.වෛදික ජ්‍යොතිෂයේ කිසිම මූල ග්‍රන්ථයක මෙවැනි විලම්භීත සිද්ධාන්තයක් නැත.
මේ කිසිවක් නොදන්නා සාමාන්‍ය පුද්ගලයන් සිතන්නේ ද උපන් වේලාව අනුව ගැහැණු පිරිමි බව පමණක් නොව ඒ වේලාවට ඉපදී තිබෙන්නේ වසු පැටියෙක් ද නැතිනම් මිනිස් පැටියෙක් ද යන කාරණා කීමට ජ්‍යොතිෂවේදියාට හැකියාව තිබිය යුතුය යනුවෙනි. මේ විකාර අදහස් ජ්‍යොතිෂ සිද්ධාන්ත වලටත් එය පදනම් වන මූලික විශ්ව න්යායන්ටද ඉඳුරාම පටහැනිය.මේ විශ්වයේ කොතැනකවත් තනි පිරිසිදු අමිශ්‍ර අනු ,පරමානු,පදාර්ථ සොයාගත නොහැක.

0 comments:
Post a Comment