728x90 AdSpace

  • නවතම පුවත්

    2015-03-11

    දිය­මන්ති මැණි­කක් පැළඳ විවාහ ජීවි­තයේ සතුට, උද්යෝ­ගය වර්ධ­නය කර ගන්න


    පොළො­වෙන් ලැබෙන වටි­නාම වස්තුව ලෙස මැණික් නම් කළ හැක. එම මැණික් විවිධ වර්ණ වලින් මෙන්ම විවිධ වටි­නා­කම් වලින් ද යුක්තය. විවිධ වර්ගයේ වටිනා මැණික් අතර දිය­මන්ති මැණික හෙවත් බෙර­ලි­යන්තු මැණික ඉතා ඉහළ වටි­නා­ක­මින් යුක්තය.

    ලොව පව­තින මැණික් විශේෂ අතර මිලෙන් ඉහ­ළම මැණික් වර්ගය වන්නේද දිය­ම­න්තිය. සුදු දිය­මන්ති හෙවත් අවර්ණ දිය­මන්ති ලෙස නම් දරන මේ වටිනා මැණික් විශේ­ෂය ශ්‍රී ලංකා පොළො­වෙන් නොලැ­බෙන එකම මැණික් විශේ­ෂ­යයි. ඕස්ට්‍රේ­ලි­යාව, දකුණු අප්‍රි­කාව, බ්‍රසී­ලය වැනි රට­වල් දිය­මන්ති හමු­වන රට­වල් ලෙස ප්‍රසි­ද්ධි­යක් උසු­ලයි.

    ‍මේ දිය­මන්ති මැණික සිකුරු ග්‍රහ­යාට අයිති මැණික් විශේෂ දෙකෙන් එකකි. සිකුරු ග්‍රහ­යාට අයිති අනෙක් මැණික වන්නේ සුදු නිල් මැණි­කයි. සුදු දිය­මන්ති හෙවත් අවර්ණ දිය­මන්ති මැණික සිකුරු ග්‍රහ­යා­ටම ආවේ­ණික වූවකි. අනා­දි­මත් කාල­යක සිට යුව­ල­කගේ මංගල මුදු සෑදීමේ දී දිය­ම­න්ති­යක් ඔබ්බවා සෑදීම සිදු වුණි. එසේ සෑදූ දිය­මන්ති මුදු­වක් පැළ­ඳී­මෙන් එම යුව­ලට විවා­හ­යෙන් පසු සතුට. ආද­රය, ප්‍රීතිය මෙන්ම ආශා­වද වර්ධ­නය වන බව පිළි­ගැ­නී­මයි. මේ දිය­මන්ති මැණිකේ බල­යෙන් විවාහ වු දෙ‍පළගේ කායික, මාන­සික ශක්ති­යද වර්ධ­නය වන බව පිළි­ගැ­නී­මයි.

    දිය­මන්ති මැණික් පැළ­ඳීමේ ක්‍රමය ජ්‍යෙති­ෂ­වේ­දීන් මෙන්ම අංක විද්‍යා­වේ­දීන්ද අනු­මත කර ඇත. එසේ වී ඇත්තේ දිය­මන්ති මැණික් පැළ­ඳීම විවාහ ජීවි­තය සාර්ථක කර වීමට අම­ත­රව ජන්මියා විශාල ආර්ථික හා සමා­ජීය දියු­ණු­වත් ලබා­දෙන නිසා­වෙනි. දිය­මන්ති මැණික් ගල් ඔබ්බ වූ ආභ­රණ පැළ­ඳී­මෙන් යාන වාහන, දේපොළ, ඉඩ­ක­ඩම්, වස්තුව ආදී දේ ද බහු­ලව ලැබී සාර්ථක ජීවි­ත­යක් උරුම කරයි.
    දිය­මන්ති මැණික් පැළ­ඳී­මෙන් ලැබෙන සුබ ප්‍රති­ඵල අනෙක් මැණික් පැළ­ඳී­මෙන් ලැබෙන සුබ ප්‍රති­ඵල වලට වඩා ඉක්මන් වෙයි.එය දිය­මන්ති මැණිකේ ඇති සුවි­ශේෂ බවයි.

    මිනි­සාට සෑම අතින්ම දියු­ණුව සල­සන මැණික ලෙස දිය­මන්ති මැණික ලොව පුරා විරු­දා­ව­ලිය ලැබු­වද එය පැළ­දීමේ දී බොහෝ සැල­කි­ලි­මත් විය යුතු බවද තරයේ සිත තබා ගත යුතුයි. දිය­මන්ති මැණික් එබ්බවූ ආබ­රණ පැළ­දී­මට පෙර උත්පත්ති භාව කේන්ද­රය, මැණික් ප්‍රති­ක­ර්මය සම්බන්ධ හසල දැනු­මක් ඇති දක්ෂ ජ්‍යෙති­ෂ­වේ­දි­යකු ලවා පරීක්ෂා කර ගත යුතු­මය. මිල මුදල් තිබූ පම­ණින්ම දිය­මන්ති මැණික් පැළ­ඳීම සිදු නොක­රන්න.

    ජන්මි­යාගේ උප්පත්ති භාව කේන්ද­රයේ සිකුරු ග්‍රහ­යාගේ බල දුබ­ල­තාව පරීක්ෂා කරන්න. සිකුරු ග්‍රහයා කේන්ද­රයේ දුබ­ලව  සතුරු හෝ භංග නොවන නීච­යක වේ නම් සිකු­රුට හිමි­කම් කියන දිය­මන්ති මැණික පැළ­ඳී­මෙන් වල­කින්න. යම් හෙය­කින් සිකුරු‍ගේ තත්ත්වය ඉහත ආකාර වී දිය­මන්ති එබ්බවු ආභ­රණ පැළ­ඳී­මෙන් සුබ­ඵල නොව අශුභ ඵල හිමි­වනු නිය­තය.

    උත්පත්ති භාව කේන්ද­රයේ සිකුරු ග්‍රහයා උච්ච , ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර බල­යෙන් වේ නම් එවැනි ජන්මීන්ට දිය­මන්ති මැණික් පැළ­ඳී­මෙන් ජිවි­තය වාස­නා­වන්ත කර ගත හැක‍. මේ සම්බ­න්ධව තව­දු­ර­ටත් පැහැ­දිලි කළ­හොත් සිකුරු ග්‍රහයා ජන්ම පත්‍රයේ තුලා, වෘෂභ යන රාශි­වල හෝ මීන රාශියේ වේ නම් සිකුරු ග්‍රහ­යාගේ බලය උප­රිම වශ­යෙන් පවතී. එවැනි ජන්මීන් දිය­මන්ති මැණික් පැල­දී­මෙන් ජිවි­තය සාර්ථක වී දියු­ණු­වෙන් දියු­ණු­ව­ටම පත්වනු ඇත.

    භාව කේන්ද­රයේ සිකුරු ග්‍රහයා මේෂ, කටක, සිංහ හෝ කන්‍යා යන රාශි­වල සිටීම සිකුරු ග්‍රහ­යාගේ බල නැත්ත­ටම නැති වී යන්නකි. එවැනි ජන්මීන් දිය­මන්ති මැණික් පැළ­ඳීම "කැලේ ඉන්න නයි ගෙට අරන් දා ගන්නවා" සේ ක්‍රියා­වකි.

    සිකුරු ග්‍රහයා සම්බන්ධ තවත් කරුණු බොහෝ­ම­යක් සොයා බැලිය යුතුය. සිකුරු ග්‍රහයා රවි ග්‍රහ­යාට ආස­න්නයේ ගමන් ගන්නා බැවින් නිතර අස්ථ වීම් වලට ලක්වේ. සිකුරු ග්‍රහයා භාව කේන්ද­රයේ පිහිටා ඇති අංශ­ක­යට, අංක 3කින් හෝ 4කින් රවි ග්‍රහයා පිහි­ටයි නම් එම රවිගේ රශ්මි­යෙන් සිකුරු අස්ථ වී ඇත. එවිට සිකුරු දුර්ව­ලය. එවැනි ග්‍රහ පිහි­ටී­මත් ඇති ජන්මීන් ද දිය­මන්ති පැළ­ඳීම නොකළ යුතුයි.

    යම් ජන්මි­යෙ­කුගේ 22වන දෙර්කා­නා­ධි­පති, 6,4 නවාං­ශ­කා­ධි­පති හෝ බාධක ග්‍රහයා සිකුරු වේ නම් එවන් ජන්මීන්ද දිය­මන්ති මැණික් පැළ­ඳී­මෙන් වැල­කිය  යුතුයි.
    ලග්න දොල­ස­කින් යුත් රාශි චක්‍රයේ ඒ ඒ ලග්න­ව­ලට දිය­මන්ති මැණික් පැළ­දී­මෙන් වන බල­පෑම

    මේෂ ලග්න හිමි­යන්ට සිකුරු ග්‍රහයා ජන්ම පත්‍රයේ බල­වත්ව පිහිටා ඇත්නම්, දිය­මන්ති මැණික් පැළ­ඳී­මෙන් ආර්ථික දියු­ණුව මෙන්ම විවාහ ජීවි­තයේ ප්‍රග­ම­නය හා කල්ගත වූ විවාහ ඉක්මන් කර ගැනී­මට හැකි­වනු ඇත.

    වෘෂභ ලග්න හිමි­යන්ට දිය­මන්ති මැණික පැළ­ඳී­මෙන් ප්‍රසි­ද්ධිය මෙන්ම කරන රැකි රක්ෂා­වල දියු­ණුව හා තරඟ වලින් ජය අත්පත් වීම සිදු වේ. තම රූපයේ ප්‍රිය­තා­ව­යන් ඇති කර ගැනී­මට ද ලාබාල පෙනුම ගෙන­දී­ම­ටද හේතු වේ.

    මිථුන ලග්න හිමි­යන්ට දිය­මන්ති මැණික් පැළ­ඳී­මෙන් විවාහ වූවන්ගේ විවාහ ජීවි­තයේ සතුට, සැන­සීම උදා­වන අතර විවාහ නොවු­න­වුන්ගේ ආදර සබ­ඳ­කම් ශක්ති­ම­ත්වීම මෙන්ම මංගල යෝග උදා­වීම ද සිදුවේ. දරු­වන් පිළි­සිඳ ගැනීම ද ඉක්මන් කර­වයි.

    ජ්‍යෙති­ෂ­වේ­දීනි, මංජුලා පුෂ්ප­රාං­ගනී පල්ලෙ­බැද්ද

    ඉතිරිය කියවන්න . . . . .
    මාර්තු 11 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.

    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: දිය­මන්ති මැණි­කක් පැළඳ විවාහ ජීවි­තයේ සතුට, උද්යෝ­ගය වර්ධ­නය කර ගන්න Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top