ගතිගාමී සත්ත්ව කොට්ඨාසයකි.දෙවියෝ මිනිසුන්ගේ ඇඟට නොරිංගයි.එහෙත් පන්සිල් රකින මිනිසුන්ට ගරු කරති.ජීවත්ව සිටියදී පිනක් දහමක් නොකොට පෙර පින් ද අහිමිව මිය ගිය ඥාතීහු තමන්ගේ ඉඩමට කඩමට දූ දරුවන්ට තණ්හා සිතින් ඒ ඒ දේපළ වස්තු හා පුද්ගලයන් ඇසුරු කොට ගෙන ප්‍රේතයින්ව උපදියි.
සමහර ප්‍රේතයෝ මිනිස් ලොව සිටින දූ දරුවනට අඹුවට උදව් කරන්නට යැයි ශාස්ත්‍ර කියන්නට වරම් දෙනවා යැයි ඇඟට රිංගාගෙන තමන් දන්නා දේ කියති.මෙවැනි තැන්වල "දේව වරමින් ශාස්ත්‍ර කියන ලැබේ. යැයි දැන්වීම් පුවරු පවා ප්‍රදර්ශනය කරති.
පෙර අකුසල විපාක ගෙවීම් වශයෙන් දුක් කරදරවලට පත් වූ මිනිස්සු එල්ලෙන්නට වැල් නැතිව මෙවැනි දේවාල කරා පැමිණෙති.එසේ පැමිණෙන ඔවුන් සමඟ ඔවුන්ගේ නිවෙස්වල සිටින ඥාති ප්‍රේතයන්ගෙන් තොරතුරු අසාගෙන ඔවුන්ගේ ගෙදර තත්ත්වය,රෝගීන්ගේ විස්තර පවසති.මෙන්න මේවාට "කිරිගහට ඇන්නා වගේ" කීවාය.බලාගෙන හිටියා වගේ කීවාය"යැයි කියති.එහෙත් ඒ විස්තරවලට එහා කියන දේවල් අනාගතය ගැන කියන දේවල් බොරුවේ.මේ ප්‍රේතයන් කරන්නේ තමන්ගේ ඥාතියාට උදව් කරමින් තමන් ද පුද පූජා භුක්ති විඳීම ය.ශාස්ත්‍ර කියන සාස්තරකාරයෝ ද මරණයට පත් වූ විට ඥාති ප්‍රේතයො තමන් සිටිනා තැන්වලට ඇදගෙන යන අවස්ථා ද බොහෝ ය.නුවණාත්තෝ මේවායෙන් පරිස්සම් වෙති.
රාජගිරියේ 'පුණ්‍යා' රාජ්‍ය මූල්‍යායතනයක රැකියාව කරන විසිහය හැවරිදි අවිවාහක යුවතියකි.ඇය රාත්‍රියේ නින්දෙන් බිය වී කෑගසාගෙන අවදි වෙයි.ශරීරික වේදනාවලින් පෙළෙයි.මේ දුක් කරදරවලින් මිදෙන්නට පුණ්‍යා ද දේවාලවල පිහිට පැතුවාය.මෙසේ දේවාල වලින් කියන පිළිවෙත් කරන විට ඇගේ නිවස තුළින් දුර්ගන්ධයක් ද හමන්නට විය.
මෙසේ දේවාල කරා ගොස් පුද පූජා තබා පිහිට පැතූ කිහිප තැනකින්ම කීවේ ඇයට දේව වරමක් ලැබෙන්නට ඇති බවත් මුන්නේශ්වරමට ගොස් ඒ වරම ලබා ගතයුතු බවත් ය.මේ වරම නොගත්තොත් ඇය බරපතල රෝගයකට ගොදුරු වී මරණය පවා සිදුවිය හැකි බවත් ය.ඒ වරමින් සාස්තර කියා විශාල මුදලක් උපයාගත හැකි බවත්ය.එහෙත් පුණ්‍යා තමන් කරන වැදගත් රැකියාව අතහැර සාස්තර කාරියක් වන්නට අකමැති වූවාය.ඒ නිසාම ඇය රෝගී වූ බව සිතා තව තවත් ආරක්ෂා විධි යෙදුවත් සුවයක් නොවීය.
මේ අතර ඇය රැකියාව කරන ආයතනයේ නිලධාරිනියක් "සෙත්මිණ"පත්‍රයේ පලවන නොපෙනෙන ලෝකය විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පිළිබඳ ඇය දැනුවත් කළාය.
ඒ අනුව පුණ්‍යා සිය මෑණියන් හා නැඟණිය සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ගොස් අධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණගැසී තම දුක් කරදර පිළිබඳ හෙළිදරව් කළාය.
ඇයට සවන් දුන් ගවේෂකවරයා ආරම්භක පරීක්ෂාව කරද්දී පුණ්‍යා ප්‍රලය වී අඬන්නට වූවාය.ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
'කවුද මේ ශරීරයට රිංගා ගෙන අඬන්නේ'
'මම පියසේන' යැයි භූතාත්මය පිළිතුරු දුන්නේය.
'කවුද පියසේන කියන්නේ'
'මම මේ දුවගෙ තාත්තා'
'කවදාද මැරුණේ'
'දැනට අවුරුදු පහකට කලින්' යැයි කී භූතාත්මය යළිත් අඬන්නට වූයේය.දිගින් දිගට අඬන්නට විය.මේ ඇඬිල්ල නතර නොවන බව වටහා ගත් ගවේෂකවරයා පුණ්‍යා ප්‍රකෘති සිහියට පත්කොට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන ලෙස ද ඒ බෝධි පූජා පැවැත්විය යුතු ආකාරයද පැහැදිලිකර දුන්නේ ය.
බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ.එදින ද ඇය ප්‍රලය වි අඬන්නට වූවාය.
ගවේෂකවරයා ප්‍රශ්නකිරීම ආරම්භ කෙළේය.
මතුගම මහින්ද විජේතිලක
ඉතිරිය . . . . .
මාර්තු 04 වෙනිදා සෙත්මිණ කියවන්න
0 comments:
Post a Comment