728x90 AdSpace

  • නවතම පුවත්

    2015-03-18

    බොරුකාරයන් පෙන්වන චන්ද්‍ර රේඛා

    සඳු සිසිල් ගුණයෙන් යුතුය. අත්ලේ ද සඳුට අයත් කොටසක් ඇත.
    ඔබේ අතේ සඳුට අයත් ස්ථානයේ පිහිටීම හා සළකුණු අනුව කියැවෙන්නේ කුමක් දැයි හඳුනා ගන්නා ආකාරය ඔබට අද කියා දෙන්නම්.
    සිකුරුගේ පර්වතයට ඉදිරිපසින් සුලැඟිල්ලට යට ප්‍රදේශයේ මැණික් කටුවට ආසන්නව පිහිටා ඇති කොටස සඳුට අයත් වේ. යමෙකුගේ යමක් වටහා ගැනීමේ ශක්තියත් ඉවසීමේ හැකියාවත් කාරුණිකභාවයත් සඳුට අයත් වූ ප්‍රදේශයෙන් පෙන්නුම් කෙරේ.

    මෙම කොටස අත්ලෙහි අනෙක් ග්‍රහයින්ට අයත් කොටස්වලට වඩා උසින් යුක්ත ‍නම් ශුභ ඵල ගෙන දේ. නමුත් අත්ලෙහි මැද ප්‍රදේශයට වන්නට උස්වීම පෙන්නුම් වේ නම් තමාට නොගැලපෙන අය ඇසුරට පත් වීමෙන් චරිතයට කැලැලක් එක් කරගනු ඇත.
    සඳුට අයත් ‍කොටස සාමාන්‍ය ප්‍රමාණයට උස්ව පිහිටා කිසිදු ආකාරයක අශුභ වූ සලකුණු පිහිටා නොමැති නම් ඉතා උසස් සිතුවිලිවලින් යුක්ත වෙයි. සිකුරුට අයත් ප්‍රදේශයත් සඳුට අයත් උස්ව පිහිටා තිබීම සතුටින් ජීවිතය ගත කිරීමට කැමති අයකු පිහිටයි.

    සඳුට අයත් ප්‍රදේශයත් සෙනසුරුට අයත් ප්‍රදේශයත් පමණක් උස්ව පිහිටා ඇත්නම් අඳින ඇඳුම ගැනවත් වැඩි සැලකිල්ලක් ‍නොදක්වන්නාවූ අලස ගතියෙන් කටයුතු කරන අපිරිසිදුවට ජීවත් වන්නකු වේ.
    සුලඟිල්ලට යටින් පිහිටා ඇති බුධට අයත් වූ කොටසක් සඳුට අයත් වූ කොටසක් උස්ව පිහිටා ඇත්නම් එම තැනැත්තා ධාරණ ශක්තියෙන් යුක්ත අයෙකි. උගත් රටේ ගෞරවය රකිමින් තරඟ විභාගවලින් උසස් ලෙස ජය ගන්නා බුද්ධිමත්ව හැසිරෙන නීතිගරුක තැනැත්තෙකුට මේ පිහිටීම ඇත.

    සඳුට අයත් කොටස අතින් තද කලවිට නැවතත් එලෙසම ඉහළට එවෙලේම ඉස්සේනම් එම හස්තය පිහිටා ඇති අය තමන් අදහන ආගමට පටහැනිව කටයුතු කරන තමා ගැන වැඩිපුර සිතමින් කටයුතු කරන අයකු වේ. සඳුගේ කොටස උස්ව මැණික් කටුව ආසන්නව ඇති කොටස බෑවුම් ලෙස පහත් වීද එම තැනැත්තා රාගයෙන් අධික පුද්ගලයකු වේ.

    සඳුට අයත් කොටස ඉතා පහත් ලෙස ගිලා බැස තිබීම අයහපත් ලක්ෂණයක්.



    ප්‍රවීණ ජ්‍යෙතිෂවේදි මෙ‍ලාන් වික්‍රමසිංහ
    ඉතිරිය කියවන්න . . . . .
    මාර්තු 18 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: බොරුකාරයන් පෙන්වන චන්ද්‍ර රේඛා Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top