728x90 AdSpace

  • නවතම පුවත්

    2015-03-18

    හෙට උපදින බබා ගැන අද කියන අනාවැකිය

    2015 මාර්තු 19 දා දහවල් 02.48 සිට 20 දා දහවල් 11.53 දක්වා උපදින කුමර කුමරියන්ගේ රහස් තැන් හි උපන් ලප පිහිටයි

    මාර්තු 18 උදේ 06.13 සිට සවස 05.37 දක්වා උපදින කුමර කුමරියන්
    රාක්ෂ ගණ, සිංහ දෙන යෝනි,සමදරා වෘක්ෂ,ස්ත්‍රී ලිංග,මධ්‍ය නාඩි,මයුර පක්ෂී, පළඟ ගෝත්‍ර,පංචම වර්ණ, ශිරෝ රජ්ජු,ආකාශ භූත සමඟ දෙනට නැකත උරුම කර ගනී.උපතේ සිට ඉදිරියට කුජ මහ දශාව පවතී.
    මේ කුමර කුමරියන්ට උණුසුම් සිරුරක් හිමි වේ.අත් පා දිගුය.යහපත් හැසිරීම් ඇති අය වෙති.අන් අයගේ සිත් දිනා ගන්නා වශීකෘත මිහිරි කට හඩක් උරුම වන අතර ප්‍රිය වඩන ලෙස කතා කරයි.අනුකම්පා සහගත ය. ත්‍යාගශීලීය.සංගීතය තදින් ප්‍රිය කරයි.විනෝදාත්මකය.යහමින් ධනය උපය යි.
    දරුවා උපන් පසු කතරගම දෙවියන් උදෙසා පූජාවක් තැබීම මැනවි.අඟහරුවාදා දිනයක හිරු නැඟෙනවාත් සමඟම රතුමල්, ගිලන් පස,බුලත්,අමු සහ වියළි ඖෂධ,ඇතුලත් බෝදී පූජාවක් පවත්වා කතරගම දෙවියන් ඇතුලු දෙවි දේවතාවුන්ට පින් අනුමෝදන් කීරීම මැනවි.දරුවා සමීපයේ සිට මව විසින් දිනකට දෙවරක් අභිසම්භිධාන පිරිත සජ්ජායනා කීරීමෙන් සෙත සැලසේ.

    මාර්තු 18 සවස 05.38 සිට මාර්තු 19 දහවල් 02.47 දක්වා උපත ලබන දූ පුතුන්
    රාක්ෂ ගණ,වෙළඹ යෝනී,කොලොන් වෘක්ෂ,නපුංසක ලිංග,පූර්ව නාඩී,මයුර පක්ෂී,කෘතු ගෝත්‍ර,සංකර වර්ණ,බාහු රජ්ජු,ආකාශ භූත සමඟ සියාවස නැකත උරුම කර ගනී.උපතේ සිට ඉදිරියට රාහු මහ දශාව පවතී.
    මේ කුමර කුමරියන්ට තරමක් දිගු නාසයක් පිහිටයි.තැන්පත් බුද්ධියකින් යුතු වේ.ඉවසන සුලු ගුණයෙන් පොහොසත් ය.නිසි කාලයේදී සමාජයේ ගෞරවය මෙන්ම ප්‍රසිද්ධිය ද නො අඩුව ලබා ගනී.දීර්ගායුෂ භුක්ති විඳී.ඉතා දක්ෂ කථිකයෝ වෙති.උගතුන්ට ආගම දහමට ගරු කරන අතර මොවුන් උසස් උගතුන් වේ.
    මොවුන්ට අනපේක්ෂිත ධන ලාබ විදේශ ගතවීමේ වරම ආදිය උපතින්ම හිමි වේ.මවුබිමට වඩා ඉන් පිටත දී වාසනාව උදා කර ගනී.
    දරුවා උපන් පසු සෙනසුරාදා දිනයක උදේ 08.45 ත් 10.00 ත් අතර ගෙවත්තේ නිරිත දිශාවේ වැටකේ පැළයක් රෝපණය කරන්න.මව විසින්

    එයට සාත්තු කීරීම මැනවි.දරුවා සිටින කාමරයේ ගණ දෙවි පිළිමයක් තැන්පත් කරන්න.බෝධි පූජාවක් පවත්වා වැටකේ මලක් පූජා කරන්න.කටක හෝ වෘශ්චික ලග්නය වී උපන්නේ නම් විශිෂ්ට උගතකු වේ.විශ්මිත මතක ශක්තියක්ද පිහිටයි.

    මාර්තු 19 දහවල් 02.48 සිට 20 දා දහවල් 11.53 දක්වා උපදින කුමර කුමරියන්
    මනුෂ්‍ය ගණ,සිංහයා යෝනී,මී අඹ වෘක්ෂ, පුරුෂ ලිංග,පූර්ව නාඩි,මයුර පක්ෂි,කෘතු ගෝත්‍ර,බ්‍රාහ්මණ වර්ණ,නාභී රජ්ජු,ආකාශ භූත සමඟ පුවපුටුප නැකත උරුම කර ගනී.උපතේ සිට ඉදිරියට ගුරු මහ දශාව පවතී.
    මේ කුමර කුමරියන්ගේ මුහුණ සහ ලිංගේන්ද්‍රියේ/රහස් ප්‍රදේශයේ උපන් ලප පිහිටා තිබෙනු දැකිය හැකිය.බුද්ධිමත් ය.ධනය වස්තුව නිතැතින්ම උරුම වේ.එමෙන්ම ශිෂ්ට සම්පන්න ය.උසින් වැඩි සිරුරක් හිමි වේ.ධාර්මික සමාජ සේවා කටයුතු ආදියට ඉතා කැමති අය වෙති.
    දරුවා ඉපදීමෙන් පසු උගත් මැදිවිය ඉක්ම වූ භික්ෂූන් වහන්සේ නමකට කහ පැහැති චීවරයක් පූජා කරන්න.අංග සම්පූර්ණ බෝධි පූජාවක් පවත්වන්න.බෙලි කොළ, බෙලි, කහ පාට මල්, පූජා කරන්න.මව විසින් දරුවා සමීපයේ සිට දිනකට දෙවරක් අභිසම්භිදාන පිරිත සජ්ජායනා කිරීමෙන් යහපත සැලසේ.

    කේ. සී ජේ. රත්නායක
    ඉතිරිය කියවන්න . . . . .

    මාර්තු 18 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: හෙට උපදින බබා ගැන අද කියන අනාවැකිය Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top