728x90 AdSpace

  • නවතම පුවත්

    2015-03-04

    ආවාහයට විවාහයට මනාලයන් මනාලියන් තෝරා ගැනිමේදී හඳහනේ ග්‍රහයෝ පිහිටා ඇති ආකාරය ගැන දැඩි ලෙස හිතන්න


    තෝරා ගැනීමේදී ඒ මනාලියගේ කේන්ද්‍රයේ ග්‍රහයෝ පිහිටි ආකාරය පිළිබඳව ද ස්ත්‍රීයක් නම් ආවාහයට පුරුෂයෙක් තෝරා ගැනීමේදී ඔහුගේ කේන්ද්‍රයේ ග්‍රහයෝ පිහිටි ආකාරය පිළිබඳ ද දැඩි ලෙස පරික්ෂා කරන්න.

    මනාලියගේ හා මනාලයාගේ කේන්ද්‍ර සටහන් වල ඒ ඒ ග්‍රහයින් සිටින ත්‍රිංශංශකයන් හෙවත් අංශක,කලා,විකලා පිළිබඳ ද කේන්ද්‍රවල හත්වැනි ස්ථානයට පිවිසුණු ග්‍රහයින් , හත්වැනි ස්ථාන අධිපති ග්‍රහයින් පිළිබඳව ද පරික්ෂා කිරීම අත්‍යාවශ්‍ය වේ.

    *ලග්නය,නවාංශකය ,ද්වාදශංශකය,ත්‍රිංශාංශක
    හත්වැන්නට පිවිසි ග්‍රහයින් රෝගස්ථානය හයවැන්න අධිපතියා සමඟ, අට වැන්න හෙවත් මාරකස්ථානාධිපතියා සමඟ පාපී කුජ ශනී, රාහු හෝ අව චන්ද්‍ර සමඟ හෝ සංයෝග සිටිත් දැයි හඳුනා ගන්න. සත්තම දෘෂ්ටි හෝ ත්‍රිකෝණ දෘෂ්ටි හෝ පවතින්නේද? වැඩි දුරටත් පරික්ෂා කර ගතයුතුය දික්කසාද යෝග වැන්දඹු යෝග, විෂ කන්‍ය යෝග මාරක ඇති විම් කෙබඳු දැයි නිවැරැදිව බැලිය යුතුයි. සරාගී අධිකාමයෝග සල්ලාලයෝග, උම්මත්තක යෝග තිබෙනවාද ? ග්‍රහයින් පිහිටි ත්‍රිංශාංශක අනුව පරික්ෂා කර ගත යුතුය. දළ ‍කේන්ද්‍ර ක්‍රමය, භාව කේන්ද්‍ර ක්‍රමය , ත්‍රිංශාංශක අනුව උපතින් ග්‍රහයින් සිටින අංශක කලා විකලා අනුව පරික්ෂා කළ යුතුය.

    *අධි කාමයෝග
    ශුක්‍ර හෙවත් සිකුරුට අයිති වෘෂභ හෝ තුලා හෝ අංශකයක ( ත්‍රිංශාංශකයක) කුජ හෙවත් අඟහරු පිහිටීමත් කුජට අයිති මේෂ වෘෂ්චික අංශයක (ත්‍රිංශාංශකයක ) ශුක්‍ර හෙවත් සිකුරු පිහිටීමත් අධිකාම යෝගවේ. උපන් ජන්ම කේන්ද්‍රරයේ එවැනි පිහිටීමක් පැවැතුණොත් ඉතාම අතෘප්තිකර රාගාධික අයකු වේ. එවැනි පිහිටීම ඇතොත් කාමයට බර පිවිතයක් ගෙවන චරිතයක් බව අවබෝධ කර ගන්න.

    *කුජ, චන්ද්‍ර, ශුක්‍ර
    මේ තිදෙනා ලග්න ,නවාංශක හා ද්වාදශාංශක, ත්‍රිංශාංශක කේන්ද්‍රවල ළගින්ම සංයෝගය වීතිබුණත්, කුජ,චන්ද්‍ර, ශුක්‍ර කෙලින්ම සත්තම දෘෂ්ටියක් හෝ ත්‍රිකෝණ දෘෂ්ටියක් හෝ ඇති වී තිබුණත් මේ දෙකම කාමාධික පිහිටීම්ය.

    *විවාහකස්ථානය
    ලග්න කේන්ද්‍රයෙන් හත්වැන්න නවාංශක කේන්ද්‍රයෙන් හත්වැන්න හෝ ද්වාදශාංශකයෙන් හත්වැන්න ත්‍රිංශාංශක කේන්ද්‍රයෙන් හත්වැන්න හෝ පාපී කුජ,චන්ද්‍ර,ශුක්‍ර ග්‍රහයින් සංයෝග වී සිටියදී ‍රවී හෙවත් සුර්යා සමඟ රාහු සංයෝග ය නව වැන්නේ එනම් භාග්‍යස්ථානය හෙවත් පුණ්‍යස්ථානයේ නම් ස්ත්‍රියක හෝ පුරුෂයකු අනියම් ඇසුරකට පෙළඹේ. එවැනි පිහිටීම් ඇතිව උපත ලබා තිබුණොත් පරස්ත්‍රී/ පුරුෂ සබඳතා ඇතිවන බව ජ්‍යොතිෂ්‍යයේ කියවී තිබේ.

    කේන්ද්‍රයක හත්වැන්නේ රවී සමඟ අව චන්ද්‍ර සංයෝගය ඇතිව අමාවක පෝදාක උපතක් ඇති වුවොත් කාම යෝගයකි. ඕනෑම දරුණු භයානක ක්‍රියාවක් කිරීමට ද මේ අය පසු බට නොවන බව සඳහන්ය.
    කේන්ද්‍රයක පාපී කුජ සමඟ ශුක්‍ර සංයෝග වුණෙත් එම පිහිටීම ඉතාම රාගාධික සරාගී ග්‍රහ පිහිටීමකි. ශුක්‍ර හෙවත් සිකුරු හිමි වෘෂභයෙන් හෝ ගුරු හිමි ධනුවෙන් හෝ ජනිත වීමෙන් කුජ සමඟ ශුක්‍ර සංයෝගය සිදුවුණු විටදීද තත්ත්වය එසේමයි. රාගයෙන් අධික කාමසැපවීදීම වෙනුවෙන්ම උමතු අයකුවේ. පාපී සුර්යා සම ඟ සිකුරු සංයෝගය අධික කාම සැප සම්පත් විදීමට ම උමතු වෙන පිරිමි සහ ස්ත්‍රීන් බිහි වෙන පිහිටීමකි.

    ජ්‍යෙතිෂවේදී කේ. ජී. ගුණරත්න බණ්ඩාර
    ඉතිරිය . . . . .

    මාර්තු 04 වෙනිදා සෙත්මිණ කියවන්න
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ආවාහයට විවාහයට මනාලයන් මනාලියන් තෝරා ගැනිමේදී හඳහනේ ග්‍රහයෝ පිහිටා ඇති ආකාරය ගැන දැඩි ලෙස හිතන්න Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top