728x90 AdSpace

  • නවතම පුවත්

    2015-03-11

    ඉරියව්වෙන් මිනිහා නොමිනිහා දැන ගන්න

    ගැහැණුන් - පිරිමින් කතා කරන වචන අනුසාරයෙන් ඔහු/ඇය කෙබඳු ද යන්න වටහා ගත හැක්කේ සමස්තයෙන් සියයට 15කටත් අඩු ප්‍රමාණයකි.

    එහෙත් ඔහුගේ /ඇ‍යගේ ශාරීරික ඉරියව් ආදියෙන් සියයට 80කට වැඩි ප්‍රමාණයක් අවබෝධ කොට ගත හැකිය. මෙය Body Language ලෙස බටහිර යුරෝපීය රටවල දියුණු විෂය ක්ෂේත්‍රයක් වී පවතී. ඔබ සමඟ සමාජයේ ගැටෙන මුණ ගැසෙන පුද්ගලයන් මේ වගේ දැයි බලන්න.

    *ඔබ සමඟ යම් පුද්ගලයෙකු දැඩි ඇඟෑලුම් කමක් මවා පාමින් ඕපා දූපයක් හෝ කේළමක් හෝ අතිශය පෞද්ගලික යමක් කියමින් සිටින්නේද...මඳක් සාවධානව අසා සිටින අනතුර ඔහුගේ / ඇයගේ දෑස් දෙස එක එල්ලේ බලන්න. එවිට ලැබෙන ශාරීරික ප්‍රතිචාරය මත එම පුද්ගලයා කව‍රෙක්ද යන බව වටහා ගත හැකිය.

    1) ඔහු /ඇය සැණෙකින් දෙනෙත් ඉවතට ගෙන ගියොත් එම පුද්ගලයා විශ්වාස කළ නොහැක.

    2)ඔහු/ඇය දෙනෙත් සමඟ ම මහුණද බිමට නැඹුරු කර ගතහොත් ඔහු මෙතෙක් ඔබ සමඟ පැවසූ දේ පිළිබඳව ඔහුටම විශ්වාසයක් නැති බව තේරුම් ගන්න.

    3)ඔබ ඔහුගේ දෑස් දෙක එක එල්ලේ බැලූ විට ඔහු වහාම කතාව නතර කිරීම හෝ වේගය බාල කොට හැකිළෙන ස්වභාවයක් පළ කළහොත් ඔහුගේ පෞරුෂත්වය ඔබට වඩා පහළින් තිබෙන බව තේරුම් ගන්න.

    4) ඔහුද එක එල්ලේ ඔබේ දෑස් දෙස බලමින් කතාව අඛණ්ඩව පවත්වාගෙන යන්නේ නම් හෙතෙම විශ්වාසයෙන් අවංකව කතා කරන පුද්ගලයෙකි.

    *යම් සභාවක හෝ සමුහයක් හෝ රැස්ව සිටියදී කථිකයකු සභාව අමතන විට යම් අයෙක් පපුව හරහා හරස් අතට දෑත් බැඳගෙන සිටින්නේ නම් ඔහු කථිකයාට එකඟ නොවන මානසිකත්වයක සිටින බව පෙන්වයි.මේ පුද්ගලයා දෑත් පමණක් නොව තම දෙපා ද ඉදිරියට විහිදුවා ඒ හරස් අතට පටලවාගෙන සිටින්නේ නම් ඔහු කථිකයා කෙරෙහි දැඩි ලෙස නොරුස්නා මානසිකත්වයක සිටී. ඔහු සභාවට නොගැළපෙන පුද්ගලයෙක් බව එයින් පෙන්නුම් කරයි.

    මාරියා සැන්ටෝස් ඇමෙරිකාවේ සිට

    ඉතිරිය කියවන්න . . . . .

    මාර්තු 11 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඉරියව්වෙන් මිනිහා නොමිනිහා දැන ගන්න Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top