මාර්තු 16 උපදින කුමර කුමරියන්ගේ
නාසයේ සහ රහස්තැන්හී උපන් ලප පිහිටයි
මාර්තු 11සිට 17දා දක්වා උපදින දරුවන් ගැන නොවරදින අනාවැකි
*2015 මාර්තු 11 දා බදාදා පෙරවරු 06.20 සිට මධ්‍යම රාත්‍රී 12.04 දක්වා උපදින කුමර කුමරියන්
රාක්ෂ ගණ - ව්‍යාඝ්‍ර දෙන යෝනි - නාභි රජ්ජු - සපු වෘක්ෂ - කාක පක්ෂි - තේජෝ භූත - අංගිර ගෝත්‍ර - ශුද්‍ර වර්ණ - ස්ත්‍රී ලිංග - අන්ත්‍ය නාඩි උරුම කොට ගෙන ගුරු හිමි විසා නැකැතෙන් උපත ලබයි.ගුරු මහ දශාව ඉදිරියට පවතී.
මේ පින්වත් දූ - පුතුන්ගේ සිරුරේ උදරය - දිව සහ ලිංගික ප්‍රදේශයේ උපන් ලප පිහිටා තිබෙනු ඔබට දකින්නට ලැබෙනු ඇත.මෙදින රාත්‍රී 8.00න් පසුව උපත ලබන කුමර කුමරියන් ජන්ම ඒරාෂ්ඨකය උපතින්ම රැගෙන එන්නේය.ආගමික පිළිවෙත් - ඉටු කිරීම මැනවි.
ඉහත කාල පරාශයේදී උපත ලබන දූ - පුතුන් සහජයෙන්ම තියුණු ඥානයක් රැගෙන එන අතර බොහෝ විෂය ක්ෂේත්‍රයන් හි විශාරදයන් බවට පත්විය හැකි උගතුන් වේ . කාරුණික-ශිෂ්ට සම්පන්න පෞරුෂයකට උරුමකම් කියයි.දීර්ඝායුෂ හිමිවේ.එහෙත් සුළු දෙයකින් පවා රෝගීවන සුළු හෙයින් සැලකිලිමත් වන්න.
දරුවා ඉපදීමෙන් පසු කහ පැහැති මල් පූජා කොට අංග සම්පූර්ණ බෝධි පූජාවක් පවත්වා මහ සඟ රුවනට කහ පැහැති චීවරයක් පූජා කිරීම මැනවි.
2015 මාර්තු 12 දා බ්‍රහස්පතින්දා පෙරවරු 06.18 සිට මධ්‍යම රාත්‍රී 01.06 දක්වා උපදින කුමර කුමරියන්-
දේව ගණ - මුව දෙන යෝනි - ඌරු රජ්ජු - මූනමල් වෘක්ෂ - කුක්කුට පක්ෂි- -වායෝ භූත - පුලස්ති ගෝත්‍ර - පංචම වර්ණ - ස්ත්‍රී ලිංග - මධ්‍ය නාඩි උරුම කොටගෙන සෙනසුරු හිමි අනුර නැකැතින් උපත ලබන්නේ සෙනසුරු මහ දශාවෙනි.
මේ කාල පරාශය ඇතුළත උපත ලබන දූ - පුතුන් ජන්ම ඒරාෂ්ඨකය මැද මෙලොවට බිහිවේ. ආගමික වත් පිළිවෙත් ඉටු කරනු මැනවි. මොවුන්ගෙන් බොහෝ දෙනෙකුට හිමි වන්නේ ශ්‍යාම වර්ණයයි. එය පැහැපත් දුඹුරු සමකි.
මේ දූ - පුතුන් බොහෝ විට තමා මූලික කොටගෙන තීරණ ගනී.කෙසේ හෝ තම අරමුණ ඉටුකර ගන්නා තැනැත්තෝ වෙති. ධනයට සහ බලයට ඉතා කැමතිවන අතර ඒවා හොඳින් හෝ නරකින් හෝ ලබා ගනී.ගැනීමට දෑතම දිගු කරන නමුත් දීමට නම් පෙළඹීම ඉතා අඩුය.ජීවිතයේ සියලු සැප සම්පත් විඳී.ඥානවන්තය. එමෙන්ම දක්ෂය.
2015 මාර්තු 13 දා සිකුරාදා පෙරවරු 06.16 සිට මධ්‍යම රාත්‍රී 01.30 දක්වා උපදින කුමර කුමරියන්
රාක්ෂ ගණ- මුවා යෝනි-පාද රජ්ජු-වැටකේ වෘක්ෂ-කුක්කුට පක්ෂි-වායෝ භූත-පුලස්ති ගෝත්‍ර-සංකර වර්ණ-පුරුෂ ලිංග-පූර්ව නාඩි උරුම කොට ගෙන දෙට නැකැතින් මෙලොව ජන්ම ලාභය දිනා ගනී.බුධ මහ දශාව ඉදිරියට පවතී.
මේ කුමර කුමරියන් ද ශ්‍යාම වර්ණයට හෙවත් පැහැපත් දුඹුරු සමකට උරුමකම් කියයි.මොවුන්ගේ උදර ප්‍රදේශයේ උපන් ලප පිහිටා තිබෙනු දකින්නට ලැබේ.ජන්ම ඒරාෂ්ඨකයක් ඇතිව උපත ලබා ඇති නමුත් කලබල විය යුතු නැත.නිල් මල් ,නිල් රෙදි-කළුතල-ගිතෙල් ආදියෙන් යුත් අංග සම්පූර්ණ බෝධි පූජාවක් තබා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. සෙනසුරාදා හිරු නැඟෙනවාත් සමඟ කපුටන් සඳහා තල-ගිතෙල් මිශ්‍ර කිරිබතක් පිළියෙළ කරන්න. දුගී -මගී යාචකයන් සඳහා නිවසේ පිළියෙළ කළ ආහාර දන් දෙන්න.
අභිසම්භිධාන පිරිත 7 වරක් දරවා සමීපයේ සිට සජ්ජායනා කරන්න. මවටත් දරුවාටත් සැප සෙත සැලසේ.
මේ දූ -පුතුන් නුවණැතිය.සමාජයේ ප්‍රකට වේ.ශක්ති සම්පන්න සිරුරකට උරුමකම් කියයි.වචනයෙන් ලොව වශී කරන තැනැත්තෝ වෙති.
2015 මාර්තු 14 දා සෙනසුරාදා පෙරවරු 06.16 සිට මධ්‍යම රාත්‍රී 01.10 දක්වා උපදින කුමර කුමරියන්
රාක්ෂ ගණ-සුනඛි යෝනි - පාද රජ්ජු-ඉඹුල් වෘක්ෂ-කුක්කුට පක්ෂි-වායෝ භූත-පුලස්ති ගෝත්‍ර-බ්‍රාහ්මණ වර්ණ - නපුංසක ලිංග පූර්ව නාඩි උරුම කොට ගෙන මූල නැකැතින් ජන්ම ලාබය දිනා ඇති අතර කේතු මහ දශාව ඉදිරියට පවතී.
උපතේ සිටම තරමක ජන්ම ඒරාෂ්ඨකයක් පවතින හෙයින් ආගමික පිළිවෙත් රැකීම සහ බෝධි පූජා පැවැත්වීම මැනවි.නිල් මල් - නිල් රෙදි පිළි- ආහාර පාන පූජා කරන්න. කපුටන් සඳහා ගිතෙල් මිශ්‍ර කිරිබත් දීම මැනවි.රාත්‍රී 8.00ත් 9.00ත් අතර දරුවාගේ මව විසින් දරුවා සමීපයේ හිඳ 7 වරක් අභිසම්භිධාන පිරිත සජ්ජායනා කිරීම ප්‍රශස්තය.
මේ කුමර කුමරියන් ඉතා යහපත් ගතිගුණ ඇති අයවේ.සමාජයේ ගෞරවයට පත්වේ.ධනය සහ වස්තු සම්පත් නිතැතින්ම උරුම වේ.ඥාති හිත මිත්‍රාදීන්ගෙන් ලාබ ප්‍රයෝජන හිමිකර ගනී.මොවුන් කරුණාවන්තය.එමෙන්ම හොඳ උගතුන්ය.සැප සම්පත් විඳීමේ පෙර පින් ඇත්තෝය.දරුවා කුඩා කල ආහාර ජීර්ණ පද්ධතියේ සුළු රෝගාබාධයකට ලක් විය හැකි අතර සැලකිලිමත් වන්න.
දරුවා ඉපදීමෙන් පසුව ගෙවත්තේ ඊසාන හෝ දකුණු දිසාවේ කෙසෙල් පැළයක් සිටුවා සාත්තු කරන්න. මව විසින් එම කටයුතු සිදු කිරීම මැනවි.නිවසේ මත්පැන් සාද පැවැත්වීමෙන් වළකින්න.ඊසාන-වයඹ-සහ උතුරු දිසා ඉතා පිරිසිදුව තබා ගන්න. හිරු බැස යෑමෙන් අනතුරුව කුණු කසළ පුළුස්සන්න එපා.
ඉතිරිය කියවන්න . . . . .
මාර්තු 11 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.

0 comments:
Post a Comment