මේෂ - ඔහු ඔබ දෙස බලාහිඳී
වෘෂභ - නොරිස්සීම් නොරුස්සයි
මිථුන- විචිත්‍ර කල්පනාකාරයෙකි
කටක- රහස් රැකීම සතුටකි
බටහිර ජ්‍යොතිෂ සිද්ධාන්ත ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට තරමක් ආගන්තුකය. අමෙරිකාවේ සිට සෙත්මිණට ලිපි සපයන මාරියා සැන්ටෝස් මේ උත්සාහ දරන්නේ බටහිර ජ්‍යොතිෂ අත්දැකීම් සිංහල පාඨකයා වෙත හඳුන්වා දීමටය. මේ ඔබට අලුත් අත්දැකීමක් වනු නිසැකය.ඔබ බිරිඳක් නම් ඔබේ සැමියා සතුව පවතින සැඟවුණු ආශාවන් හඳුනා ගැනීමෙන් සාර්ථක විවාහ දිවියකට ශක්තියක් සපයනු ඇත. ඔබේ සැමියා උපන් ලග්නය අනුව ඔහුගේ සිතැඟි කෙබඳු දැයි වටහා ගත්හ.
මේෂ ලග්නයෙන් උපන් සහකරු
මේෂ ලග්නයෙන් උපන් සැමියාගේ සිතැඟි තේරුම් ගැනීම පහසුය. ඔහුට හැම විටම මුලින්ම වුවමනා කරන්නේ ඔබ විසින් යමක් ආරම්භ කරනු දැකීමටය. අනපේක්ෂිත මොහොතක නිවෙසේ සාමාන්‍යයෙන් ඔවුනොවුන් මුණ නොගැසෙන තැනෙක ඔබගෙන් ලැබෙන ආදරණීය ඇරයුමින් ඔහු මහත් සතුටක් ලබනු ඇත.
වෘෂභ ලග්නයෙන් උපන් සැමියා
වෘෂභ ලග්නයෙන් උපන් සැමියා තම බිරිඳගෙන් නිතර අපේක්ෂා කරන්නේ පිරිසිදුව සොම්නසින් සහ ඔහු වෙනුවෙන් ඇය සැදී පැහැදී හැම විටම සූදානමින් සිටිනු දැකීමටය.
ඔබගේ ඉතා සුළු නොරුස්නා ස්වභාවයක්වත් ඔහු රුස්සන්නේ නැත. ඔහුට ඉඩ දෙන්න. එවිට ඔහු වඩාත් සතුටට පත් වන්නේය.
මිථුන ලග්නයෙන් උපන් සහකරු
නිදි යහනේදී මොහු විචිත්‍ර කල්පනා (Fantasy) සාගරයක කිමිදෙමින් සිටී. ඔහු ඔබ සමඟ රාගනිඃශ්‍රිත වදන් දෙඩීමට අතිශයින් රුචි කරන්නනේය. ඔබේ අඟර දඟරකම් ආදියෙන් ඔහු බෙහෙවින්ම සතුටට පත්වේ. මිථුන ලග්න සැමියා නිතරම රොමෑන්ටික් ලෝකයක ජීවත්වන බව ඔබ මැනවින් තේරුම් ගත යුතුය.
කටක ලග්නයෙන් උපන් සැමියා
කටක ලග්නයෙන් උපන් සැමියා හැකි සෑම විටම උත්සාහ ගන්නේ ඔහුගේ තදබල හැඟීම් තම බිරිඳගෙන් වසන් කොටගෙන ජීවත්වීමටය. එහෙත් ඔබගේ සියුම් ක්‍රියාකාරීත්වය මත එය ඉතා පහසුවෙන් අනාවරණය කර ගත හැකිය. ඔහු ප්‍රබෝධවත් කරන පමණට ඔබට ඔහුගේ සිතැඟි වටහා ගත හැකි වන්නේය. නිරතුරුව ඔහු වෙත විවිධ හැඟවුම් ලබාදී ඒවායින් වඩාත් ප්‍රමෝදයට පත් වන්නේ කුමකින්ද යන්න වටහා ගත්හ.
සිංහ ලග්නයෙන් උපන් සැමියා
සිංහ ලග්නයෙන් උපන් සහකරු දර්ශන මාත්‍රා යනාදියෙන් වහා ප්‍රබෝධයට පත්වේ. ඔබ දෙදෙනා එකිනෙකාගේ කැඩපත බවට පෙරළා ගනී. දකින දෙයින් ඔබ ප්‍රබෝධ වූ ඉරියව්වක් පළ කළහොත් ඔහු ද ප්‍රබෝධයට පත්වේ. ඔබ යම් දෙයකට ලැජ්ජාශීලී ගතියක් පෙන්නුවහොත් ඔහුද ලැජ්ජා වේ. සිංහ ලග්නයෙන් උපන් සහකරු වඩාත්ම සතුටට පත්වන්නේ තම සහකාරිය මත යැපෙමින් අගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එහෙයින් ඔහුගේ සතුට මුළුමනින්ම රඳා පවතින්නේ ඔබගේ සිතැඟි සහ ක්‍රියාකාරීත්වය මත බව වටහා ගන්න.
කන්‍යා ලග්නයෙන් උපන් සහකරු
කන්‍යා ලග්නයෙන් උපන් සැමියා හැම විටම අනුවර්ථනයට සහ නම්‍යශීලීත්වයට පත්වේ. මොවුන්ට බොහෝ විට තමන්ටම අනන්‍ය වූ සිතැඟි පවත්වා ගැනීම අසීරුය. ඔබ යම් දෙයකට ප්‍රිය කරන්නේ ද වහා ඔහු ඊට අනුගතව එය තමාගේම ප්‍රබෝධය පිණිස යොදා ගනී. ඔබගේ සිතැඟි මත ඔහුගේ ප්‍රබෝධය වරින් වර වෙනස් වේ.
මාරියා සැන්ටෝස් අමෙරිකාවේ සිට.
ඉතිරිය . . . . .
මාර්තු 04 වෙනිදා සෙත්මිණ කියවන්න

0 comments:
Post a Comment