728x90 AdSpace

  • නවතම පුවත්

    2015-03-11

    ඔහුගේ සිහින කුමරිය ඔබද?


    ඔබේ කේන්දරයේ සිකුරු ග්‍රහයා පිහිටා ඇති රාශිය සොයා ගන්නේ මෙසේය. මේෂ - වෘෂභ-මිථුන-කටක- සිංහ- කන්‍යා-තුලා-වෘශ්චික-ධනු - මකර-කුම්භ - මීන යනු රාශි චක්‍රයේ පිළිවෙළය. ඔබ උපන්නේ මිථුන ලග්නයෙන් නම් මිථුනය අංක එක ලෙස ගත යුතුය. ඉන්පසුව කටක සිංහ කන්‍යා ආදී වශයෙන් ගණන් කර ගන්න. නිදසුනකට මිථුන ලග්න හිමියකුගේ සිකුරු තැන්පත්ව ඇත්තේ ධනු රාශියේ නම් එය කේන්දරයේ 7 වැන්නය.

    සෑම පුරුෂයකුගේම සිත පතුළේ තමා වඩාත්ම ප්‍රිය කරන කාන්තාවක සැඟව සිටී. ඔහුගේ ආත්මීය පැතුම වන්නේ එවැනි ළඳක් විවාහ කර ගැනීමටය. එහෙත් ඒ වරම හිමි වන්නේ ඉතාම අතළොස්සකට පමණි. පුරුෂයකුගේ කේන්දරයේ සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටින රාශිය අනුව ඇගේ සිත පතුළේ සැඟව සිටින කාන්තාව හඳුනාගත හැකිය. මේ ලිපිය ඒ වෙනුවෙනි. ඔබේ සහකරු ඔබගෙන් අපේක්ෂා කරන්නේ කෙබඳු ගති ලක්ෂණද යන බව මෙයින් පහසුවෙන් අවබෝධ කොට ගත හැකිය.

    මේෂ රාශියේ සිකුරු තැන්පත් පුරුෂයා
    මේ පුද්ගලයාගේ සිහින කුමරිය (Fantasy Girl) වන්නේ පිරිමි ගති ලක්ෂණ මනාව පෙන්නුම් කරන පිරිමියකු බඳු (tomboyish) කාන්තාවකි. මලල ක්‍රීඩිකාවක මෙන් සවිමත් අඟ පසඟ සහිත උස මහත ස්ත්‍රීන් කෙරෙහි මොහු තදින් ආකර්ෂණය වේ.
    ක්‍රියාශීලී සෘජු ඇවතුම්- පැවතුම් ඔහු තම සහකාරියගෙන් හැම විටම අපේක්ෂා කරයි. නිදහස, විවෘත බව සහ ස්වාධීනත්වය ඇඟට ගත් රැඩිකල් පන්නයේ කාන්තාව මොහුගේ සිහින විජිතයේ රජ කරයි. පමණ ඉක්ම වූ නාරිලාලිත්‍ය, තොඳොල් වීම් බොළඳ පෙම්බස් දෙඩීම, යාදිනි, වැලපීම් සහ කඳුළු මොහු රුස්සන්නේ නැත. සාමාන්‍ය ස්ත්‍රී ගති ලක්ෂණ නොඉවසයි.

    වෘෂභ රාශීයේ සිකුරු තැන්පත් පුරුෂයා
    උඩ සහ යට සම වූ (Hourglass) වැලි පිරවූ කාල ගණක වීදුරුවක හැඩය ඇති සිරුරකින් යුත් කාන්තාවන් කෙරෙහි මොහු වහා ආකර්ෂණය වේ. නාරි ලාලිත්‍ය, සංසුන් බව සහ නියම ස්ත්‍රී ගති ඇති තැනැත්තිය අගය කරයි. උඩඟු - ආක්‍රමණශීලී ස්ත්‍රීන් රුස්සන්නේ නැත.සරල රාගාන්විත බව, මෘදු බව සහ සාමාන්‍ය කාන්තියකින් යුත් කාන්තාව මොහුගේ සිතේ රජ කරන තැනැත්තිය වේ.

    මිථුන රාශීයේ සිකුරු තැන්පත් පුරුෂයා
    මිථුන රාශියේ සිකුරු තැන්පත්ව සිටියදී උපත ලැබූ පුද්ගලයා නිරතුරුව අපේක්ෂා කරන්නේ බුද්ධිමත් සහ උනන්දුවෙන් පිරී ක්‍රියාශීලී ළඳකි. මලානික පෙනුමෙන් යුත් උදාසීන ගති ඇති කාන්තාවන් මොහුට අරුචිය මලල ක්‍රීඩිකාවක හෝ පිරිමි ගති ඇති ස්ත්‍රියක කෙරෙහි මොහු ද ආකර්ෂණය වේ. එහෙත් ඔහු සිහින් සිරුරැති යුවතියක නිරතුරුව සොයයි.

    කටක රාශියේ සිකුරු තැන්පත් පුරුෂයා
    මොහු නිරතුරුව සොයන්නේ යටහත් ගති ඇති සාම්ප්‍රදායික කාන්තාවකි. රූප සුන්දරියන්- නිරූපණ ශිල්පිනියන් අධි ක්‍රියාකාරී කාන්තාවන් මොහු රුස්සන්නේ නැත. සාම්ප්‍රදායික ස්ත්‍රී ගති ඇති සාමාන්‍ය කාන්තාව ඔහුගේ සිහින කුමරිය වේ. ඇය ඉතා අවිහිංසක පෙනුමෙන් යුතු නම් මොහු වහා ඇයට ආකර්ෂණය වේ. ‍

    සිංහ රාශියේ සිකුරු තැන්පත් පුරුෂයා
    සිංහ රාශියේ සිකුරු තැන්පත්ව සිටියදී උපන් පුරුෂයා නිරතුරුව තම සිහින කුමරිය සොයන්නේ මහේශාක්‍ය ලීලාවෙන් යුත් ඇඳුම්-පැළඳුම්, ආදියෙන් මනාව සැරසුණු අති විභූෂිත අලංකාරයෙන් සැරසුණු කාන්තාවන් අතරය. තම සහකාරිය සකල ස්වර්ණාභරණයෙන් සැරසී රූපලාවණ්‍ය සත්කාර ලබා රැජිණක ලෙස සිටිය යුතු බව මොහු සිතයි.

    කන්‍යා රාශියේ සිකුරු තැන්පත් පුරුෂයා
    සැරසිලි ආදියෙන් තොර සාමාන්‍ය චාම් කාන්තාවක් මොහුගේ සිතේ රජ කරයි. කායික හා මානසික බව තදින් අපේක්ෂා කරයි. මධ්‍යස්ථ ගති - මඳ සරාගී බව - සහ බුද්ධිමත් බව ඔහු ඇගෙන් නිරතුරුව අපේක්ෂා කරයි. පමණ ඉක්මවූ රූපලාවණ්‍ය කටයුතු සහ මෝස්තරකාරියන් මොහු රුස්සන්නේ නැත. ඔහු සොයන්නේ සරල එහෙත් නැණවත් කුමරියකි.

    තුලා රාශියේ සිකුරු තැන්පත් පුරුෂයා
    තුලා රාශියේ සිකුරු තැන්පත්ව සිටියදී උපන් පුරුෂයා වහා ආකර්ෂණය වන්නේ අංග සම්පූර්ණ ස්ත්‍රී රත්නයකටය. සරල බව,චාම් ගතිය, උසස් ගතිගුණ, ආචාරශීලීත්වය සහ ශෝභමාන පෙනුම ඔහු අගය කරයි. දළ දඬු ගොරෝසු ගති නොහික්මුණු ගති පැවතුම් ඇති කාන්තාවන් මොහු රුස්සන්නේ නැත.

    වෘශ්චික රාශියේ සිකුරු තැන්පත් නම්,
    වෘශ්චික රාශියේ සිකුරු තැන්පත්ව සිටියදී උපන් පුරුෂයාගේ සිහින කුමරිය මදක් කළු පැහැතිය. අභිරහස් පෙනුමකින් යුක්තය. එහෙත් ඇගේ සිරුරේ ආකර්ෂණීය කාන්දම් බලයක් ඇත. ගමේ වහරට කිවහොත් මොහු සොයන්නේ සිරියාවන්ත කළු එතනා කෙනෙකි. ඉංග්‍රිසියෙන් කිවහොත් ooze වර්ගයේ සිහින කුමරියකි. අන් අයට මැය අඳුරු අවතාරයක් ලෙස පෙනෙන්නට හැකි නමුත් මොහු ආකර්ෂණය වන්නේ ඇයටය.


    ඉතිරිය කියවන්න . . . . .
    මාර්තු 11 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඔහුගේ සිහින කුමරිය ඔබද? Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top