කරුමය
පල දෙන හැටි
පුදුමයි
ගුප්ත ශාස්ත්රයේ තවත් අභිරහසක් එසේ ඇයගේ ගෙල දෙකට වෙන්වීමට හේතුවී ඇත්තේ බරැති යම් දෙයක් ඒ මත වැටීම නිසා යැයි සැක පහළ කළ නමුත් කිසිදු ආයුධයක් සොයා ගැනීමට පොලිස් නිලධාරින් අපොහොසත් වී තිබිණි. ඇයගේ මරණය අතිශයින්ම අභිරහස් ලෙස සිදු වූ බව ඔවුහු තීරණය කළහ.
මරණයට පත් වූ තැනැත්තියක් ජීවත්ව සිටින අයෙකු මරා දමන්නේ කෙසේද යන්න කා හටත් ප්‍රශ්නයක් විය හැක.එහෙත් 1870 දී ඇමරිකාවේ සිදු වූ මේ අත්භූත මරණය අපරාධ ඉතිහාසයේ පොලිස් නිලධාරීන්ට විසඳිය නොහැකි වූ මිනීමැරුම් ගොන්නට එකතු වනු ඇත.
මෙහි එක් චරිතයක් වන්නේ ඒඩා ඩැන්ෆත් මෙනවියයි.ඇයගේ බාරයේ සිටින ෆැන්චොන් මොන්කෙයා නිතර නිතර ප්රන්සයේ සිට නිව්යෝක් නගරයට සංචාරය කිරීම පුරුද්දක් ලෙස කරන ලදී. ළදරුවකු වන ෆැනචොන් තමාගේ නිත්‍යානුකූල බාරයට පත්ව සිටින බවත් ඇයගේ දෙමාපියන් ගින්නකට හසු වී අකාලයේ මියගොස් තිබුණු බවත් එසේම ඇයට වයස 18 පිරුණු විට අති විශාල බූදලයකට හිමිකම් ලැබෙන බවත් ඒඩා එම ගමන්වලදී නැවේ හමුවන අයට නිතර පැවැසුවාය. ඒ දිනය එනතුරු මේ දරුවා හොඳින් බලා කියා ගැනීම තමාට නීතියෙන් පැවැරී ඇති වගකීමක් බවත් ඒඩා පැවැසුවාය.
ඔවුන් දෙදෙනා නිතර මෙසේ නැවෙන් ගමන් කරද්දී හුරතල් දැරිය නැවේ සිටින සෙසු මගීන් අතරට ගොස් සුරතල් වදන් පවසා මඳක් නටා ආපසු ඔවුන් දෙදෙනා සිටින කාමරයට වදිනුයේ කාගේත් සිත් දිනා ගනිමිනි.
එහෙත් කාමරයට ආ විගසින් ඒ සුරතල් දැරිය පැළඳ සිටි ළමා වෙස් මුහුණ ගලවා යක්ෂණියක් ලෙස පරුෂ වචනයෙන් ඒඩා ඩැන්ෆෙක්ට බැනවැදී හිරිහැර කරයි.
ඇත්ත වශයෙන්ම ෆැන්චොන් 43 හැවරිදි කළු මිටි කාන්තාවකි.ඇයගේ මුල් කාලය ගතවූයේ සර්කස් කණ්ඩායමක් සමඟ යි.එහි කුරුමිට්ටෙකු ලෙස ඈ රඟ දැක්වූවාය. දැන් ඇය සෙරකි.එසේම නීත්‍යානුකූල නොවන අයුරින් භාණ්ඩ රටින් පිට කරන අපරාධකාරියකි.
ෆැන්චොන් හා ඒඩා අතර කෙතරම් ගැටුම් පැවතුනද ඔවුන් දෙදෙනා ගේ අති සාර්ථක සබඳතාවයක් විය.මේ කුරුමිටි කාන්තාවගේ නියම නාමය වන්නේ 'එස්ටෙල් රිඩ්ලි' යන්නයි.රටට ඇතුල්වන විට මැය කුඩා බෝනික්කෙක් ද නටවමින් රේගු නිලධාරීන් ඉදිරියෙන් රඟමින් ගමන්කරන අතර ඒඩා නිත්‍යානුකූලව තම බඩු මල්ල ඔවුනට පෙන්වා සහතික කරගෙන පිටව යන්නීය.ෆැන්චොන්ගේ හුරතලය බලා සිටින රේගු නිලධාරීන් ඇය ගැන අවධානය අත්හැර දමන්නේ ඉතාම සෙනෙහසක් පෙන්වමිනි.
රේගුවෙන් පසු ඔවුන් දෙදෙනා කෙළින්ම යන්නේ නිවයෝක් නගරයේ චයින ටවුන් ප්රදේශයටයි. එහිදී ඔවුන් 'විංටෝ' නමැති චීන ජාතිකයා හමුවී ෆැන්චොන්ගේ බෝනික්කාගේ හිස ගලවා ඒ තුළ ඇති වටිනා මැණික් තොගය එළියට ගනියි.
මොවුන් දෙදෙනා නිරතුරුවම මේ ජාවාරමේ නියැලෙන අතර මේ වටිනා මැණික් නිවෙස්වලින් සොරකම් කරගනු ලබන ඒවා විය.
මේ ජාවාරම තව දුරටත් සාර්ථක වීමට බාධාවක් වූයේ ප්‍රේම සම්බන්ධයකි.ඩාට්නි ක්‍රොලි නමැති තරුණයා පිළිබඳව ෆැන්චොන් තුළ ප්‍රේමාන්විත හැඟීමක් පැවැතුණු නමුත් ඔහුගේ අවධානය යොමු වී තිබුණේ මැග්ඩා හැමිල්ටන් නමැති සුරුපී කාන්තාව කෙරෙහිය.මේ තරුණයා ලබා ගැනීමේ තරඟය ගැටුමක් බවට පත් වූ අතර ෆැනචොන් ගේ ජාවාරම දැන සිටි මැග්ඩා ඒ පිළිබඳ තොරතුරු රැසක් පොලිසියට දැන්වූවාය.
එහි ප්‍රතිඵලය වූයේ ෆැන්චොන්ගේ බෝනික්කා තුළ සඟවා තිබූ මැණික් පොලිසිය අතට පත්වීම යි.එසේම කුරුමිටි ෆැන්චොන්ට ජීවිතාන්තය දක්වා ටුම්බස් සිර ගෙදර ගතකිරීමට සිදුවීම යි.එසේම ඒඩාට ද 20 වසරක සිරදඬුවමක් හිමි විය.
මේ අතර මැග්ඩා ඩාට්නි ක්‍රෝලි සමඟ විවාය වූවාය.එහෙත් එම විවාහය වැඩි කලක් යාමට පෙර දික්කසාදයෙන් අවසන් වූ අතර මැග්ඩාට අති විශාල ධනස්කස්ධයක් ලබා දුන් ක්‍රෝලි කැලිෆෝනියාවේ පදිංචියට ගියේය.
නිව්යෝක් නගරයේ අවන්හලක් ඇරඹූ මැග්ඩාට කලකින් අතිශය ධනවත් කාන්තාවක් ලෙස සමාජයේ ඉහළ තැනක වැජඹීමට හැකිවිය.
එහෙත් ෆැන්චොන් ගේ නඩුවිභාගයේ දී දඬුවම් නියම වීමත් සමඟම උසාවි සංකීර්ණය දෙවනත් කරමින් ෆැන්චොන් කවදා හෝ පැමිණ මැග්ඩා මරා දමන බව මහ මඬින් කෑගැසුවා ය.පොලිස් නිලධාරීන්ට විනිශ්චයකරුවන්ට සාපකළ ඈ සිරගෙට යාමට පිටත් වූයේ කෙසේ හෝ තම අරමුණ ඉටුකරන බවට පොරොන්දු වෙමිනි.
කාලයක් ගත විය.මැග්ඩා හැමිල්ටන් සමාජයේ කැපී පෙනෙන ධනවත් කාන්තාවක් වූවාය.ඉතාම සැපවත් ජීවිතයක් ගතකරමින් සිටි ඇය දිනක් හදිසියේම නිව්යෝක් නගරයේ පොලිසියට කඩා වැදී පොලිස් නිලධාරීන්ට දොස් පැවරීමට පටන් ගත්තා ය.
මේ වනවිට ෆැන්චොන් පිළිබඳ මතකය සියලුදෙනාටම අමතකව ගොස් තිබූ නමුත් තමා මරා දමන බවට කළ තර්ජනය මැක්ඩාගේ සිතේ පැලපදියම් වී තිබිණි.
ටුම්බස් සිරගෙදරින් ෆැන්චොන් පැන ගිය බව තමාට නො දැන්වීම ගැන මැග්ඩා පොලිස් නිලධාරීන්ට මෙසේ දොස් පැවරීමට හේතුව විය.එසේ වූයේ ඇය තද නින්දේ පසු වෙමින් සිටියදී හිටි හැටියේ තිගැස්සී ඇහැරීමත් සමඟම ඇයට දැක ගත හැකි වූයේ ඇගේ සහනය ඉදිරිපිට කුඩා දැරියකගේ ඇඳුම් පැළඳුම් ගෙන බෝනික්කා තුරුලු කරගෙන ඈ දෙස රවාගෙන සිටින ෆැන්චොන් ගේ රූපයයි.
රෝහන ආරියරත්න
ඉතිරිය කියවන්න . . . . .
මාර්තු 18 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.

0 comments:
Post a Comment