නව නිවෙසක් ගොඩනැඟීමේදී අපට වාස්තු විද්‍යාව මෙන්ම ජ්‍යෙතිෂ්‍යයෙන්ද මහත්
පිටුවහලක් ලැබේ. මේ හා සමාන දූත ලක්ෂණ විද්‍යාව ද එකට බැඳී පවතී. මේ සියල්ල උපයෝගී
කර ගනිමින් අප එයින් ප්‍රයෝජන ලබා
ගන්නේ නම් මෙයින් අත්වන ප්‍රතිඵලය ඉමහත්ය. සමහර උදවිය මෙය කෝපි කාලෙ වැඩ යැයි සිතා බැහැර කළත් එයින් ලැබෙන ප්‍රතිඵලය අති විශාලය.
ගෙයක් සෑදීමට සියල්ල සූදානම් කර ගන්නා විට, ඊළඟට සිහියට නැගෙන්නේ මේ සඳහා හොඳ කාර්මිකයෙකු හෙවත් මේසන් බාස් කෙනෙක් සොයා ගැනීමයි. මේ කර්තව්‍යය ඉටු කර ගැනීමට කීප දෙනෙකුගේ සහාය ලබා ගැනීමට සිදු වේ. මෙයින් ප්‍රධාන තැනක් ගන්නේ නිවෙස ඉදි කරන මේසන් බාස්ය.
අප කොතෙක් වාස්තු දෝස මඟ හැර සැලැස්ම සකස් කර දුන්නත් එම නිවෙස ඉදි කරන කාර්මිකයා එය හරියාකාරව ඉටු නොකළොත් අත් වෙන ප්‍රථිඵලය භයානකය. මේ නිසා නිවෙසක් ඉදි කරන කවුරුත් දක්ෂ පළපුරුදු කාර්මිකයින් ( මේසන්, වඩුබාස්වරු) සොයා ගැනීමට උත්සාහ ගනී.
නිවෙස ඉදිකිරීමේ දී එසේ දක්ෂ පළපුරුදු අය මුණ නොගැසුනහොත්,
අනවශ්‍ය වියදම් දැරීමට සිදුවේ.නොයෙකුත් කරදර ආදියට මුහුණ දීමට සිදුවේ. බඩු බාහිරාදිය නාස්තිවේ. වැඩ ප්‍රමාද වේ. අතරමඟ වැඩය නතර කර දමා යෑම් සිදුවේ.
මෙවැනි අශුභවාදී සිද්ධීන් සිදුවන බව අප කොතෙකුත් දැක ඇත. මේ හේතුව නිසා දක්ෂ පළපුරුදු කාර්මිකයන් සොයා ගැනීම තරමක් දුෂ්කර කාර්යයක් වී තිබේ. සමහර අවස්ථාවලදී ඔබ එවැනි දක්ෂ අය මුණ ගැසීමට උත්සහ කළත් මුණ නොගැසෙන අවස්ථා තිබේ. මේ නිසා නිවෙස ගොඩනැඟීමට ඔබ යම් අධෛර්යය තත්ත්වයකට ද පත්වනු ඇත.
එහෙත් ඔබ මේසන් බාස් මුණ ගැසීමට යන මොහොතේ ඔබගේ පෙර මඟට මුණ ගැසෙන නිමිත්ත හෝ මුණ ගැසෙන අය අනුව කාරණයේ සාර්ථක අසාර්ථක බව හඳුනාගත හැක. රාහු කාලය මඟහැර මරුට පිටුපා ගමන් යෑමෙන් අනතුරු මඟහැරී බලාපොරොත්තු ද ඉටුවේ.
අපේ පැරන්නන් යම් අමුත්තෙක් මුණ ගැසීමට යෑමේ දී සුබ දෙයක් හෝ කෙනෙකු ඉදිරියට ගෙන්වා ගමන් යෑමට පුරුදුව සිටියහ. මේ සඳහා ඔවුන් බොහෝ දුරට උපයෝගී කර ගත්තේ තම බිරිඳ හෝ සොහොයුරිය යි. මේ ආකාරයට කටයුතු කර මේසන් බාස් මුණ ගැසුණු අවස්ථාවේ දී ඔහු ඔබ සමඟ සාදන නිවෙස ශුභ අශුභ තුළින් දැන ගන්න.
කතා කරන විට මේසන් බාස් ස්පර්ශ කරන ඔහුගේ ශරීරයේ ස්ථානය අනුව ඔබගේ නව නිවෙසට ගෙන දෙන ප්‍රථිඵල
පපුව - ඔබ සාදන නිවෙසේ රං රිදී පහළ වේ. ධනය අතින් මෙන්ම සියලු සැප පහසුකම් වලින් යුත් නිවෙසකි. නිවෙසේ වැඩ ඉක්මනින් අවසන් වේ.
උගුරු දණ්ඩ - නිවෙස හොඳින් ඵල ගෙන දේ. රැකියා ව්‍යාපාර දියුණුවේ. අතේ මුදල් නැතත් නිවෙසේ වැඩ කටයුතු සිදු කෙරේ.
නළල - හදිසි ධන ලාභ ඇතිවේ. බලාපොරොත්තු නැති වාසි අත්වේ. දරුවන්ගේ අවාහ විවාහ කටයුතු සාර්ථක වේ.
පයේ වළලුකර - යස ඉසුරු සම්පත් ලැබේ. ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබේ. විදෙස් රටකට යෑමට අදහස් කරගෙන සිටින්නේ නම් එය සාර්ථක වේ
ජ්‍යෙතිෂවේදී ප්‍රේමසිරි කහඳවලආරච්චි
ඉතිරිය කියවන්න . . . . .
මාර්තු 11 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.

0 comments:
Post a Comment